lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

උමා ඔය ව්‍යාපෘතිය ව්‍යසනයක් වුණේ ‘රාවණා උමඟට’ හානි වූ නිසාද?

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgරාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ට කෙසේවත් අමුතුවෙන් හඳුන්වාදිය යුතු තැනක් නොවෙයි. A 23 දරණ ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කිලෝමීටර් 06 ක පමණ දුරක් ගිය පසු රාවණා ඇල්ල වනජීවී රක්ෂිතය තුළ මෙම රාවණා ඇල්ල දැකගන්නට පුළුවන්. මෙය ජෛව විවිධත්වයෙන් අනූන වටිනා අගනා පාරිසරික කලාපයක්.

මුහුදු මට්ටමීන් අඩි 3445 ක  උසකින් පිහිටා ඇති රාවණා ඇල්ලේ උස අඩි 82 ක් පමණ වෙනවා. නමුත් අප මේ කීමට සැරසෙන්නේ එම රාවණා ඇල්ල ප්‍රදේශයේ මෙතෙක් සොයා නොගත් අභිරහස් පිළිබඳ රසවත් කතා පුවතක්.

 පුරාතන හෙළයේ රජකම් කළ සුවිශේෂ නරපතියකු වන රාවණා රජු විසින් රාම කුමරුගේ ප්‍රියම්බිකාව වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූ රාවණා ගුහාව මේ ඇල්ල ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ වගේම වළගම්බා රජු විසින් කරනවන ලදැයි පැ‍වසෙන මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත රාවණා ඇල්ල පුරාණ රජ මහා විහාරයත් මේ ප්‍රදේශයේ දී දැක ගන්නට පුළුවන්.මෙම ප්‍රදේශය සම්බන්ධ රාවණා රජුයේ පුරාවෘත්ත වලට අනුව රාවණා ගුහාව තුළ බොහෝ දුරක් දක්වා පොළව යටින් විහිඳුණු උමං මාර්ගයක් ඇති බවටයි ඇතැමුන්ගේ විශ්වාසය. ඌව පළාතට බරපතලම පාරිසරික හානියක් සිදු කළ උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ පෞරාණික භූගත උමං මාර්ගයට හානි පැමිණ ඇති බවටත් ප්‍රදේශයේ කට කතා පැතිර තිබෙනවා. මෙය රාවණා උමඟට හානි සිදුකිරීම නිසා ගුප්ත බලයකින් සිදුවූ විපතක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා. නමුත් මේවා තවමත් විද්‍යාත්මකව සනාථ කරගෙන නැහැ.එමෙන්ම රාවණා ගුහාව තුළ ඇති පොකුණක් පත්ලෙහි වසා දමා ඇති ගල්පර්වතයක් තුළින් එම උමං මාර්ගය ආරම්භ වන බවටත් කතා පැතිර තිබෙනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ආදි මානව නෂ්ඨාවශේෂ වශයෙන් සැලකිය හැකි ශිලා කර්මාන්ත රාශියක් දැකිය හැකියි. නමුත් රාවණා ගුහාව තුළ ඇතැයි සැලකෙන අභිරහස් උමඟ මේ දක්වා විධිමත් ගවේෂණයකට ලක්කොට නැහැ. ඊට හේතුව සාමාන්‍ය කෙනෙකුට ඊට පිවිසීමට ඇති අපහසුවයි.
නමුදු මේ පිළිබඳව විමසා බැලීම සඳහා විවිධ ප්‍රදේශ වලින් තරුණ කණ්ඩායම් පැමිණෙ බවත් ඒ අතර  භික්ෂූන් වහන්සේලා සිටින බවත් එම පිරිස් ඇතැම් විට ඉතා බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. 'ෆේස්බුක්' වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින්  මේ සඳහා ලැබෙන ප්‍රසිද්ධිය මෙම විමසුම් වැඩිවීමට බෙහෙවින් බලපා ඇති බව පැහැදිළියි.ඒ කෙසේ හෝ රාවණා ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සේම රාවණා ඇල්ල, රාවණා ගුහාව ඒ හා සම්බන්ධ ‘නිල් දිය පොකුණ’ සහ මෙතෙක් හෙළි නොවූ ‘උමං මාර්ගය’ පිළිබඳ විමසීමට පැමිණෙන පිරිස් ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන අතර ඒ නිසා එහි ඇති අවදානමද ඉහළ යන බව පැහැදිළියි.විශේෂයෙන් වැසි කාලයට සාපේක්ෂව පායනකාලයේ දී මෙහි හදිසි අනතුරු අවමවීම හේතුවෙන් මෙම පිරිස් මේ දින වල විශේෂ උනන්දුවකින් ක්‍රියා කරනු දකින්න පුළුවන්.

ඒ කෙසේ හෝ මෙවන් දුෂ්කර අත්දැකීම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් ආරක්ෂක හමුදා සාමාජිකයන් ජීවිතාරක්ෂක උපකරණ සහ වෛද්‍ය කණ්ඩායම් වලද සහය ඇතිව මෙම ගුප්ත පරිසරය අලලා විධිමත් විමර්ශනයක යෙදෙන්නේ නම් මේ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගතහැකි බවයි අපගේ විශ්වාසය.


සහන් සංකල්ප සිල්වා

 

 

 

වලපනේ පුරවරයේ සොබා අසිරිය

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgමෙතෙක් පළවූ ලිපි කීපයෙන් මේ ප්‍රදේශය ගැනත් එහි ඇති ආකර්ෂණීය ස්ථාන ගැනත් ඔබේ සංචාරයට අවශ්‍ය සියලුම පහසුකම් සපයන ඔස්ලින්ක් හෝටලය ගැනත් බොහෝදේ ඔබට අපි කීවෙමු.

පින්තූරයක් වචන දහසකට වඩා වටිනා බව අපි හැමෝම දන්නා බැවින් රූප රාමු පෙළකින් වලපනේ පුරවර අසිරිය මෙසේ එළිදක්වනු කැමැත්තෙමු.

එසේම මේ පින්තූර ඔබේ කරගන්න, රසවිඳින්න එන්න කියා ඔබට ඇරයුම් කර සිටිනු කැමැත්තෙමු.












වලපනේට දායාද වූ සොදුරු පාරාදීසය

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpg‘ඔස්ලින්ක්’ හෝටලය කාමර 35 කින් සමන්විතය. එයින් 30 ක්ම වායු සමීකරණය කර තිබේ. මේ හැම කාමරයක්ම විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉහළම ප්‍රමිතියට නිමකර ඇත. එසේම ඒවා සියලු උපාංග වලින් සහ පහසුකම් වලින් ද යුක්තය.

කාමර ඉල්ලුම් කිරීමේ දී ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔබගේ කාමරය වෙන්කරවා ගත යුතුය.

උඩුමහල් වල ඇති කාමර ප්‍රමාණයෙන් විශාල උපරිම පහසුකම් සහිත ඒවා වන අතර වැඩි පාරිසරික වට පිටාවක් දැකගත හැකි වන සේ සකස් වූ විශාල බැල්කනි වලින් ද සමන්විතය.

ගොඩනැගිල්ලේ ඇතුලත ඇති පොදු ඉඩකඩ ද වෙන් කර තබා ඇත්තේ ඕනෑම පිරිසකට නිදහසේ ගැවසීමටත්, වාඩිවී සතුටු සාමිච්චියේ යෙදීමටත්, හුදෙකලාව වට පිටාවේ සිරි නැරඹීමටත් අවශ්‍ය සියලු අවකාශ සංචාරක ඔබට ලබා දීමේ අපේක්ෂාවෙනි.

ඉහළ මහල් වලටත්, වහලය මත ඇති උයනටත් එහි සිට තවත් ඉහළින් පිහිටා ඇති නැරඹුම් මැදිරියටත් ළඟාවීමට පහසු වන සේ විදුලි සෝපානයක් සවිකර ඉදිකර ඇති අතර එම නැරඹුම් මැදිරිය අංශක 360 ක වටපිටාවක් කිසිම අවහිරයකින් හෝ බාධාවකින්  තොරව දැක බලාගැනීමට හැකි වන සේ නිමවා ඇත. උදෑසන හිරු උදාව බැලීමටත් , වලපනේ ප්‍රදේශය වටකරගෙන ඇති කඳු වැටි හොඳින් දැකබලා ගැනීමටත්, වලපනේ නගරය සහ එහි වටපිටාව හොඳින් දැකබලා ගැනීමටත්, දවසේ හිරු බැස යාම දැකීමටත්, රාත්‍රී කාලයේ අලංකාරය සහ නිහැඬියාව අත්විඳීමටත් මේ නැරඹුම් මැදිරිය තරම් අපූරු වූ තවත් තැනක් වලපනේ ඇතැයි මම නොසිතමි.


‘ඔස්ලින්ක්’ හොටෙල් උත්සව ශාලාව අමුත්තන් 300 කට වැඩි පිරිසකට එකවර පහසුවෙන් අසුන්ගත හැකි වන සේ ඉතාමත් විශාලව මෙන්ම අලංකාරව නිමකර ඇත. ප්‍රමිතිය අතින් ඉහළම තත්ත්වයේ ඇති මේ සුපිරි උත්සව ශාලාවද නිමකර ඇත්තේ සුවිශේෂ වූ ගෘහ නිර්මාණ ශිල්පකට අනුව වීම විශේෂත්වයකි. මෙහි විශාල පිරිසකට අවශ්‍ය සියලුම පහසුකම් අඩුපාඩුකින් තොරව සපයා ඇත.


‘ඔස්ලින්ක්’ හොටෙල් ආයතනයේ සේවය කරන ප්‍රධාන අරක්කැමි මහතාගේ මූලිකත්වයෙන් පිළියෙල කෙරෙන රස බොජුන් ඕනෑම අමුත්තකුගේ රස නහර පිනවීමට සමත්ය.

මේ උත්සව ශාලාවේ විවාහ මංගල්‍ය සහ අනෙකුත් උත්සව ගණනාවක්ම මේ වනවිටත් පවත්වා ඇති අතර  ඒ සියලු දෙනාගේම ලැබී ඇත්තේ වචනයෙන් විස්තර ‍කළ නොහැකි තරම් අගය කිරීම් හා සුභ පැතුම්ය.


ආයතනයේ ඇති අනෙකුත් පහසුකම් අතරට පිළිගැනීමේ කවුන්ටරය සහ තාවකාලිකව රැඳී සිටීමේ ශාලාව (ලොබි එක) නේවාසික අමුත්තන් සඳහා වූ භෝජනාගාරය, පොදුවේ පාවිච්චි කෙරෙන දෙවන භෝජනාගාරය, අවන්හල, ලොන්ඩ්රි පහසුකම්  ආදිය දැක්විය  හැකිය. එසේම රියදුරු මහතුන් සඳහා වෙන්කෙරුණු කාමර ද ආයතනය සතුය. මේ සමහරක් පහසුකම් කල් ඇතිව වෙන්කරවා ගත යුතු බැවින් කාමර ඉල්ලා සිටින අවස්ථාවේදීම සඳහන් කර සිටීම අත්‍යවශ්‍යය.


මෙහි පැමිණෙන ඔබට, සිංහල ක්‍රමයට හදපු කෑම මුළු දවස පුරාම රස විඳීමට පුලුවන් අතර බේකරි නිෂ්පාදනද එලෙසින්ම උණු උණුවේ රස බැලීමටත් පුලුවන. සංචාරක ඔබ වෙනුවෙන් ඔබගේ අවශ්‍යතාවයට සරිලන සේ විශේෂ ආහාර පාන සකස්කර දීමට අපේ ප්‍රධාන අකරක්කැමියා සූදානමින් සිටින අතර ඔබ කළ යුත්තේ කල් ඇතිව ඔබේ අවශ්‍යතාවය දන්වා සිටීම පමණි.

කන්ද උඩ පවත්වාගෙන යන, ‘ඔස්ලින්ක්’ හෝටලයට අයිති එළවලු කොටු වලින් නෙලාගෙන එන නැවුම් එළවලු උයා පිහා ඔබට පිළිගැන්වෙන අතර මෙහි දී ඔබ අනුභව කරන සමහර පලතුරු ද නැවුම් ලෙස ඔබට ලැබෙන්නේ මේ කොටු වලින්ය.


මේ වතුවල ඇති කිතුල් ගස් වලින් පැණි හකුරුත්, ගවයින් ගෙන් ලැබෙන කිරිත් ඔබට රස විඳීමට හැකි බව දක්වනු කැමැත්තෙමු.

මේ කන්ද උඩ ඇති බංගලාවේ නතරවීමට කැමති සංචාරකයින්ට ඒ පහසුකමද සපයා ඇති අතර බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී දින කීපයක් හෝ ඊටත් වැඩි කාලයක් ගත කිරීමට හිතන ඔබට මෙය කදිම තැනකි. කල් ඇතිව ඒ වෙනුවෙන් වෙන්කරවා ගැනීමේ පහසුකම ද ‘ඔස්ලින්ක්’ හෝටලය විසින් සකසා තිබේ.


මෙකී බොහෝ දෑත්, කඳුරට ඇති තවත් නොකී බොහෝ දේත් දැක බලා ගැනීමට සහ ඒ සුන්දරත්වය අත් විඳීමට කැමති ඔබට ‘ඔස්ලින්ක්’ හෝටලය වෙත පැමිණෙන ලෙස එහි අධිපතිතුමා සහ කාර්ය මණ්ඩලය ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටී. ‍

මේ ආකර්ෂණීය වටපිටාවත්, තමන්ගේ දෙයක් සේ පරිහරණය කළ හැකි පහසුකම් පෙළක් ඔබේ නිවාඩුව කුල්මත්ව ගතකිරීමට මඟසලසනු ඇත.


අංග සම්පූර්ණ සංචාරක හෝටලයක් වලපනේ ගොඩ නැගුණු පළමු අවස්ථාව මෙය වන අතර මේ  ආයතනය වලපනේ ජනතාවට දායාද කළ වෛද්‍ය අජන්ත සෙනෙවිරත්න මහතාට සහ එතුමාගේ පවුලේ සැමට අතිශයින්ම කෘතඥ වන බව පවසා සිටින්නේ ප්‍රදේශවාසීන්, ආගමික නායකයින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්, ප්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් ඇතුලු සියලු දෙනාය.



 

 

 

 

 

 

 

 

 



 

සොඳුරු වලපනේ සැබෑ අසිරිය අත්විඳ ගන්න

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgවලපනේ ප්‍රදේශයේ බොහෝ ආකර්ෂණීය ස්ථාන ඇති අතර ඒ අතරින් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා ස්ථාන කිහිපයක් ගැන ඔබට කීමට කැමැත්තෙමු.

කුරුඳුඔය දිය ඇල්ල වලපනේ නගරයට ඉතා ආසන්නයේ පිහිටි උස මීටර් 189 වන ලංකාවේ දෙවැනියට උස දිය ඇල්ලයි. වලපනේ නගරයට සැපයෙන්නේ මෙයින් ලැබෙන පිරිසිදු ජලයයි. එසේම මේ ජලය උපයෝගී කරගෙන විදුලිබලය නිපදවන බලාගාරයක්ද 2016 වසරේ  සිට  සක්‍රීයව පවතී.

‘ඔස්ලින්ක්’ හෝටලයේ සිට මේ දිය ඇල්ලට ළඟාවිය හැකි මාර්ග කිහිපයකි. ඒ සෑම මඟක්ම එකක් පරයා එකක් සුන්දරත්වයෙන් අග තැන්ය. මේ අතරින් වලපනේ නගරයට ඉහළින් පිහිටි කඳුගැටය නැග එතැන් සිට පහළට ගමන් කරන මාර්ගය වඩාත් සුන්දර බව සංචාරකයෝ පවසති.  කඳුගැටය නැගීමට තේ වතු මැඳින් වැටී ඇති මාර්ගයේ සමාන්‍ය වාහනයකින් ගමන් කළ හැකි වන අතර “Four Wheel Drive”   වාහනයකින් කෙළින්ම ඉහළට නැඟීමට ද පුලුවන.  පා ගමනින් මෙම කන්ද ජය ගැනීමට දක්ෂ කඳු නඟිනෙකු හට හැකියි.

කෙසේ හෝ මේ තැනට ළඟාවන ඔබට තිළිණ වන්නේ මනස්කාන්ත දර්ශන පෙළකි. ශ්‍රී ලංකාවේ අන් කිසිම තැනක දැක නැති මේ අපූරු ස්වභාව සෞන්දර්ය රසය විඳ, කැමරා කාචයේ  සටහනක් තබා තවත් කිලෝමීටරයක් පමණ දුරක් පහළට බැස යන ඔබට කුරුඳුඔය දිය ඇල්ල ඈතින් දිස්වේ. එහි පාමුල සිට රිසිසේ ආශ්චර්ය විඳින්නටත් එම වටපිටාවේ සුන්දරත්වය දැකබලා ගැනීමටත් ඔබට හැකිය. වසර මුලුල්ලේම කඩා හැලෙන සුදෝ සුදු මේ දිය දහර ඔබේ සිත වසඟ කර ගනු නියතය.

වලපනේ ප්‍රදේශයේ පිහිටා ඇති තවත් ඉතාමත් සුන්දර ස්ථානයකි  ‘ගොලුමලේ’; දේශීය හා විදේශීය සංචාරකයින්ගේ අතිශය ඇගැයීමට ලක්ව ඇති මේ ස්ථානයට ළඟාවීමට ‘ඔස්ලින්ක්’ හෝටලයේ සිට ගත වන්නේ පැය භාගයක පමණ කාලයකි. එහෙත් මේ ප්‍රදේශයට අතුලුවන ඔබට දැනෙන්නේ ඔබ සදාහරිත වනාන්තරයක් මැද්දට ගමන් කරන බවකි.

‘ගොලුමලේ’ කියන යන නම සෑදී ඇත්තේ ගගේ ඇති ජලය එහි මැද ඇති ගං ළිඳකට වැටී නොපෙනී ගොස් අනික් පැත්තේ ඇති කවුලුවකින් එළියට එන නිසාය. එම ක්‍රියාවලිය හොඳින් දැක ගන්න නම් ගගේ වතුර මට්ටම අඩු විය යුතුයි. අනික් වෙලාවට මේ සියල්ල වතුරෙන් යට වන නිසා මෙම දර්ශනය නොපෙනී යයි. මේ ගඟ පතුලේ ගං ළිං විශාල ප්‍රමාණයක් තිබේ.”
රි‍සි‍සේ පිරිසිදු මිරිදිය ජලයෙන් නා ගෙන, මෙතනදීම අප හෝ ගැමියන් පිළියෙල කර දෙන ආහාර පාන රස විඳ, ගල් තලාවේ සැතපෙන ඔබට රාත්‍රී කාලය ළඟා වන විට අට්ටාලයට නැගීමට අණ ලැබෙන්නේ මේ ප්‍රදේශයට රන්දෙනිගල වන රක්ෂිතයේ නිදහ‍සේ සැරිසරන අලි ළඟා වන නිසාය.

මේ ගගේ එක් පසෙක අලි නිදහෙස් ජීවත් වන අතර අනෙක් පස අපේ ගැමියෝ කුඹුරු කොටාගෙන, අල, බතල සහ එළවළු වගා කරගෙන සතුටින් ජීවත් වෙති. අපේ රටේ මෙවන් සාර්ථක සහජීවනයක් දක්නට ලැබෙන්නේ ද ඉතා කලාතුරකිනුයි.

මෙයට ගඟ දිගේ ඉඳිරිකර ඇති විදුලි වැටෙන් ලැබෙන පිටුවහල කියා නිම කළ නොහැකියි.

ගඟට සමාන්තරව තවත් පහළට පියනගද්දී ගඟ හරහා යාමට ඉදිකළ අත්වැල් පාලමට ළඟා විය හැකිය. එතනින් කන්ඳකැටියට (බදුල්ල දිස්ත්‍රික්කය) ඉතාමත් කිට්ටුයි. මේ පහළ ප්‍රදේශය ‘බොලගන්දාවෙල’ නමින් හැඳින්වෙයි. මෙහි ඇත්තේ දුටුවන් ‍සිත් පැහැරගන්නා සුන්දරත්වයකි.
වලපනේ නගරයට සහ සංචාරක හෝටලයට ඉතාමත්ම ආසන්නයේ පිහිටා ඇති තවත් ආකර්ෂණීය ස්ථානයක් ඇත. ඒ ජපන් සාම චෛත්‍යයයි. කන්දක උඩ ඉදිකර ඇති මේ චෛත්‍යයට ළඟාවීමට කිලෝ මීටර් භාගයක පමණ දුරක් පයින් ගොස් ගල් පඩි 400 ක් පමණ නැඟිය යුතුය. මේ දුරම ත්‍රීරෝද රථයකින් හෝ වෙනත් වාහනයකින් විනාඩි 10 කට අඩු කාලයකින් ගමන් කර එහි ළඟා වීමටත් ඔබට පුළුවන්.

ලංකාවේ ජපන් චෛත්‍යය හයක් 1984  වසරේ දී ඉදි කෙරුණු අතර මේ ස්ථානයේ පිහිටීම සහ සුන්දරත්වය මෙය ඉදිකිරීමට හේතු වූවා නොඅනුමානය. ඉහළින් දිස්වන කඳුත්, පහළින් දිස්වෙන වලපනේ නගරයත්, ඈතින් දිස්වන රන්දෙනිගල ජලාශය සහ තේ වතු ආදියත් මේ ස්ථානයේ ඇති නිස්කලංක පරිසරයත් සංචාරක ඔබේ සිත පිනවනු ඇත.

jp

ජපන් ජාතික ස්වාමීන් වහන්සේ මෙහි වාසය කරන දිනවල උදේ පාන්දරින් රබාන වයන්නා සේ වටාපතකට වැනි යමකට තාලයට ගසමින් ගාථා කියමින් වලපනේ නගරයට පිඬු සිඟා වඩිති. මෙය දන්නා නගරවාසීන් හීල් දානය සූදානම් කර පිළිගන්වන්නේ සැදැහැ සිතිනි.
පුංචි ලෝකාන්තය පිහිටා‍ ඇත්තේ වලපනේ නගරයට කිලෝ මීටර් කිපයක් ඈතිනුයි. මෙම ස්ථානය හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තයේ කුඩා ආකෘතියක් ලෙසද දිස්වෙන අතර මේ ස්ථානයට ළඟා වීමට විශේෂ ආයාසයක් දැරීමටද අවශ්‍ය නැත. ත්‍රීරෝද රථයකින් හෝ ඔබ ගමන් කරන වාහනයෙන් මෙතැනට ළඟා විය හැකිය.

මෙම පුංචි ලෝකාන්තය හෝටන් තැන්නට යා නොහැකි අයටත් ලෝකාන්තය දැකීමට ලැබෙන කදිම අවස්ථාවකි. මෙහි සිට ඈත බලන ඔබේ  දසුන මීදුමෙන් වැසී යාමට ඇති ඉඩ කඩද සාපේක්ෂව අඩුය.

මෙතැන් සිට පහළ බලන ඔබට සරුසාර මිටියාවතක් ඈතින් දිස්වේ. ‘ඉතා සමීපයට යාම අනාරක්ෂිත නිසා ඔබ ප්‍රවේශම් විය යුතුය.’

ඈත ක්‍ෂිතිජයේ දිස්වන කොල පාටින් වැසුණු කඳු වැටි ඔබ මවිත කරනු  ඇත. ඔබට අවශ්‍ය නම් ඒ ප්‍රදේශවලට ඔබව රැගෙන යාමට පහසුකම් සලසාදිය හැකිය. ඔබ කළ යුත්තේ ඔස්ලින්ක් හොටෙල් ආයතනයෙන් හෝ ගම්වැසියන්ගෙන් ඉල්ලා සිටීම පමණි.
මේ ලිපිය කියවන ඔබ තේ කෝප්ප කීයක් බී ඇත්දැයි මම නොදනිමි. එහෙත් ඔබ කවදා හෝ තේ කර්මාන්ත ශාලාවක ඇතුලේ තේ කොළ නිෂ්පාදනය කෙසේ සිදුවේ දැයි දැක බලාගෙන අත්දැයි ඇසීමට මට සිතේ. එසේ නැත්නම් “ලවර්ස් ලීප්” තේ  කර්මාන්ත ශාලාව ඒ වැඩේට කියාපු තැනකි. තේ දලු නෙලීමේ සිට තේ කොළ වර්ග කිරීම සහ පැකට් කිරීම දක්වා වූ සියලුම පියවරවල් විස්තරාත්මකව දැකගැනීමට මේ ස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් සියලු පහසුකම් සපයා ඇති බව ඔබට දක්වනු කැමැත්තෙමි.

මේ ස්ථානය ‘ඔස්ලින්ක්’ හෝටලයට කිලෝමීටර් 10 ක පමණ දුරකින් පිහිටා ඇති නිසා ළඟාවීමත් පහසුය.
වලපනේ කේන්ද්‍රකොට බොහෝ ආකර්ෂණීය ස්ථාන පිහිටා ඇති බව කඳුකරයේ සිතියමක් දෙස විමසිල්ලෙන් බලන ඔබට පෙනෙනු ඇත. (පහතින් ඇති සිතියම බලන්න) මෙහි සිට පැය එකහමාරක් පමණ දකුණු දිශාවට ගමන් කරන විට මහනුවරටත්, එම කාලයම නැගෙනහිර දිශාවට ගමන් කරන විට බදුල්ල දිස්ත්‍රික්කයේ දුන්හිඳ දිය ඇල්ල පිහිටි ප්‍රදේශයටත් ගමන් කළ හැකිය. එසේම වලපනේ සිට උතුරු දිශාවට ගමන් කරන විට පැයකට අඩු කාලයකින් නුවරඑළියට ළඟා විය හැකිය. මෙහි සිට නිරිත දිශාවට යනවිට මහියංගනයට යාමට ගතවන්නේ ද පැයකට අඩු කාලයකි. මහියංගනයේ සිට අපේ ආදිවාසීන් වෙසෙන දඹානට යාමට ගතවන්නේ පැය භාගයක් වැනි කාලයකි.
රන්දෙනිගල ජලාශයත් ඒ ආශ්‍රිතව ඇති වන සංරක්ෂිතය සහ වනජීවි ඒකකයත් වලපනේ ප්‍රදේශයේ ඇති සුන්දර ස්ථාන අතර සුවිශේෂ ස්ථානයක් ගනී. ජලාශයේ දිය නෑම, බෝට්ටු පැදීම, ආදී කටයුතක් වනසංරක්ෂිතයේ පක්ෂීන් ගවේෂණය කිරීම, වල් අලි නැරඹීම  සංචාරක ඔබට ලැබෙන අවස්ථායි.

මෙම ස්ථානය පසුකර බදුල්ල දෙසට ගමන් කිරීමේ දී දුන්හිඳ දිය ඇල්ලට පිවිසෙන ස්ථානයට ළඟා විය හැකි අතර එතැන් සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් කැලෑව ඇතුලට පියමන් කරන ඔබට දිය ඇල්ලට ළඟාවිය හැක. මේ මාර්ගයේ තැනින් තැන කුඩාවට තැණුනු ගිමන් නිවන ස්ථාන ඇති අතර එහි ඇති වෙළඳසල්වල ගෙදර හදපු සිංහල කෑම වර්ග පලතුරු සහ නොයෙක් වර්ගයේ බීම වර්ග අලෙවි කෙරේ. මෙම අඩිපාර වැටී ඇත්තේ විශාල ගස් වැල් වලින් වැසුණු වනාන්තරය මැදින් නිසා ගමන්  විඩාව තදින් දැනීමට ඉඩ කඩ ද අඩුය. මෙසේ ගොස් ළඟා වන දිය ඇල්ල ඉතාම මනස්කාන්ත එකක් වන බැවින් ඔබ සතුටින් උද්දාමයට පත්වනු ඇත.

මේ ස්ථානයට පිවිසෙන තැන සිට බදුල්ල නගරයට ඇත්තේ කිලෝමීටර් 15 ක පමණ දුරකි. බදුල්ලේ සිට ඇල්ලට පැය භාගයකින් පමණ ළඟාවිය හැකි අතර බදුල්ල සිට බණ්ඩාරවෙලට යාමට ගතවන්නේ පැයකට අඩු කාලයකි. එතැන් සිට හපුතලේට ද පහසුවෙන් ළඟාවිය හැකිය.

වලපනේ, රන්දෙනිගල, බදුල්ල, වැලිමඩ, නුවරඑළිය හරහා නැවත වලපනේට ළඟා වීමට පුලුවන.

වලපනේ සිට ලෝක ප්‍රසිද්ධ ආරුගම්බේ (Surfing Beach) ජල ක්‍රීඩා කරන ස්ථානයට යාමට ගත වන්නේ පැය තුන හමාරකි. මේ මාර්ගය මහියංගනය, බිබිල, මොණරාගල හරහා වැටී ඇති අතර බොහෝ සංචාරකයින් මේ මාර්ගයට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. මේ ප්‍රදේශවල ගමන් මාර්ග හොඳින් සකසා ඇති බැවින් ඉක්මණින් හා පහසුවෙන් ගමනාන්තයට ළඟා වීමට හැකිය.

වලපනේ සිට නුවරඑළියට යන මාර්ගය රාගල සහ කඳපොල හරහා වැටී ඇති අතර මේ යන ගමනේදී ඔබට තේ වතු, තේ කර්මාන්ත ශාලා, විශාල පරිමාණයේ එළවලු වගාවන් මෙන්ම ඈතින් දිස්වන කඳුවැටි, ජලාශ සහ අනෙකුත් ජෛව විවිධත්වයන්ද දැක ගත හැකිවේ. මේ මාර්ගය ද හොඳින් සකස් කර ඇති නිසා ගමනද පහසුය.

වලපනේ සිට කදු නැග කඳපොලට පිවිසෙන ඔබට ශිත සුළඟ ඇඟ දැවටෙන බව එකවරම දැනෙන්නට පටන් ගනී. මේ ශීතල ඇඟ‍ට සුවදායක මුත් එය දවස මුලුල්ලේම විඳීමට අකමැති අයෙකු නම් ඔබ පෙරලා වලපනේට පැමිණ රාත්‍රී කාලය ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ‘ඔස්ලින්ක්’ හෝටලයේ ඇති බව ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

ඔබේ විනෝදාංශය කඳු නැඟීම නම් වලපනේ ඔබේ අංක එකේ තේරීම කරගන්න. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක කඳු තරණයක පහසුකම් සැලසීමට ඔබෙන් අපට අවශ්‍ය වන්නේ කල් ඇතිව කෙරෙන ඉල්ලීමක් පමණි.

ඔස්ලින්ක් හෝටලයේ නතරවන ඔබට . නුවරඑළිය දිස්ත්‍රික් කාය සංවර්ධන සමිතියේ සභාපතිවරයාගේ විශේෂ උපදේශකත්වය යටතේ පවත්වාගෙන යන කාය සංවර්ධන වැඩමුලු වලට සහභාගී වීමටත් අනෙකුත් කායවර්ධන ව්‍යායාම් වල යෙදීමටත් අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ‘ඔස්ලින්ක්’ හෝටලයේ ‘ජිම්’ එක විවෘතව පවතී.

කඳු වලල්ලකින් වටවූ සදාහරිත නිම්නයක් වන වලපනේ ප්‍රදේශයට ඉතා ප්‍රසන්න කාලගුණයක් අවුරුද්ද මුලුල්ලේම පවතින අතර දවල් කාලයේ දී පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20 – 25 පමන වේ. රාත්‍රීයේ දී එය අංශක 15 ක් දක්වා පමන පහළ බසී. මැසි මදුරු හා අනෙකුත් කෘමි උවඳුරු මේ ප්‍රදේශයට ආවේනික ලක්ෂණයක් නොවේ.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න

 

නුවරඑළියට නොදුරෙන් සැඟවුණු ‘සොබා සොඳුරු පාරාදීසය’

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgනුවරඑළිය කියන්නේ අප රටේ සුපිරිතම සංචාරක කලාපයක්; දේශීය වගේම විදේශීය සංචාරයන්ගේ සුවදායක විවේක පාරාදීසයක් වන නුවරඑළිය ලෙස අප හඳුනාගෙන ඇත්තේ ඒ ආශ්‍රිත ස්ථාන කිහිපයක් පමණයි. නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති ඉතා වැදගත් ඵෙතිහාසික, පාරිසරික, සෞන්දර්යාත්මක වගේම සංස්කෘතික වශයෙන්ද  වැදගත් අප්‍රකට කලාපයක් පිළිබඳවයි අපේ මේ විමසුම.

වලපනේ යන නම බොහෝ දෙනෙක් අසා තිබෙනවා. නමුත් වලපනේ යාමට හෝ එහි ඇති ඉහත සඳහන් වැදගත් කම පිළිබඳව විමසීමට මෙතෙක් කිසිවෙකුත් උනන්දුවී නැහැ. සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව  කතා කරන රජයේ බලධාරීන් පවා මේ පාරිසරික කලාපය පිළිබඳව අමතක කොට තිබීම එක්තරා අන්දමක ඛේදනීය විශ්මයක්.

වලපනේ යන්නෙන් අදහස් වන්නේ වල+පනේ; කැලෑවෙන් පිරුණු ගම නැතහොත් වලක පිහිටි ගම යන්නයි. නමුත් අතීතයේ සිට ඉතා වැදගත් මානව ජනාවාස තිබූ මේ ගම් ප්‍රදේශය කැලෑවෙන් වට වී තිබූ බව පිළිගැනීම අසීරුයි. ඊට වඩා අපට පිළිගත හැක්කේ මෙය වලක පිහිටි ගමක් ලෙසයි. මුහුදු මට්ටමේ සිට අඩි 3000 ක පමණ උසකින් පිහිටා තිබෙන වලපනේ හාත්පස වූ කඳුවළල්ලකින් වට වූ ද්‍රෝනියක් වැනි භූමි භාගයක පිහිටි අපූරු ප්‍රදේශයක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වුවත් සදාහරිත පරිසරයකින් සේම සම ශීතෝෂ්ණ දේශගුණයකින් යුත් වලපනේ ප්‍රදේශය  කඳුරට තෙත් කලාපයේ වැදගත්ම පාරිසරික ඉසව්වක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

මහවැලි නදිය හා සම්බන්ධ රන්දෙණිගල ජලාශයට සුවිසල් දියවරක් නිති පතා නිකුත් කෙරෙන මේ ඉපැරණි ගම්වරය අනාදිමත් කාලයක සිට වී ඇතුළු කෘෂිකාර්මික බෝග වලින් පිරිපුන් සශ්‍රීක පෙදෙසක් බව කිවයුතුයි. විශේෂයෙන් මහනුවර රාජධානි යුගයේ දී දිශාවක් හෙවත් දිස්ත්‍රික්කයක් වශයෙන් හැඳින්වුණු වලපනේ රජවාසලේ පළමු අධිකාරම්ගේ පාලනය යටතේ පැවැති බව පැහැදිළියි.  ඊට හේතුව මෙම භූමියේ ඇති සරුසාර බව මහත් සශ්‍රීකත්වයකට මුල් වන බව ඔවුන් ද වටහාගෙන තිබීමයි.

වලපනේ නගරය ආසන්නයෙන් ඇද හැලෙන කුරුඳුඔය ඇල්ල තවමත් නොඉඳුල් දිය දහරාවන්ගෙන් සමන්විත මිල කළ නොහැකි මා හැගි සම්පතක් ලෙසයි හැඳින්විය හැක්කේ. සෙසු දිය ඇලි වලට සාපේක්ෂව තවමත් මේ ස්වභාදම් දිය ඇලි කොමළිය පරිසර සංහාරකයන්ගේ නොනිසි බලපෑම් වලට ලක් වී ඇත්තේම නැති තරම්.

නගරයට ඉහළින් පිහිටි තේවතු මැදින් වැටී ගත් බොහෝ අවස්ථාවල දේදුණු දර්ශනය වනු දැකිය හැකි ප්‍රදේශයේ උස්ම කඳු පියස මත නැගෙන ඔබට හාත්පස අතිශය චමත්කාර ජනක දර්ශන සිත් සේ රස විඳ ගත හැකියි. ඈතින් දිස්වන රිදී කඳක් වන් කුරුඳුඔය ඇල්ලේ අසිරිය ඇතුළු අංශක 360 වටපිටාවක් පුරා පැතිර ගත් නෙත් සිත් වසඟ කරන සොඳුරු දසුන් රැසක ආස්වාදය ලැබීමේ පින ඔබට මෙහිදී පළ දෙනු නියතයි.

අතීතයේ සිට රටට දැයට වැඩ දායක විශේෂ වීරවරයන්, පොදු ජන හිත කාමීන් රැසක් බිහිකළ වලපනේ ගම්වරයේ ඉපිද හැදී වැඩුණු ‘අජන්ත සෙනෙවිරත්න’ නම් තරුණයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබාගෙන ඉන් පසුව 2002 වසරේ එංගලන්තයටත් ඉනුත් පසුව 2006 වසරේ  ඕස්ට්‍රේලියාවටත්  පිටත් වන්නේ තම උපන් බිම වන වලපනේ සතුව ඇති මේ සියළු වටිනාකම් තම හදවතට තුරුළු කර ගනිමිනුයි. දැනටත් එහි විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන ඔහු හුදෙක් ව්‍යාපාරික අරමුණු වලින් තොරව තම උපන් ගමෙහි, මවුබිමෙහි ඵෙතිහාසික, සංස්කෘතික, පාරිසරික වටිනාකම දේශීය සහ විදේශීය සංචාරකයන් හට වටහා දීම පිණිස එහි වලපනේ ‘ඔස්ලින්ක්’ නැමති සංචාරක නිවහනක් 2010 වසරේ සිට තනා තිබෙනවා.

එයට ඔහු ‘ඔස්ලින්ක් (Auslink)’ යන නම යොදා ඇත්තේ ඕස්ට්‍රේලියානු සම්බන්ධතාවය සිහිපත් කිරීමටයි.

ඒ අනුව සුවිශේෂ වූ ගෘහනිර්මාණ ශිල්පයකට අනුව ඉහළම ප්‍රමිතියෙන් යුතු උපරිම ඉඩ කඩ සහිත සියළු සැප පහසුකම් වලින් යුතු මෙම නිවාඩු නිකේතනය වලපනේ ‘මෙතෙක් නොදුටු’ වලපනේ ස්වභා සිරිය දැක ගැනීමට එන ‍ඔබේ සිතටත් ගතටත් මහඟු සහනයක්, අස්වැසුමක් ලබා දෙන සුවබර නිවහනක් වනවාට සැක නැහැ.





‘සිරි ලක අන් කිසිදු තැනකින් දැකිය නොහැකි’ වලපනේ සොබා ‘සිරිය’ - බලාපොරොත්තු වන්න.

ඡායාරූප - වෛද්‍ය සුගත් විජේවර්ධන

හනුමා කරෙන් ‘උස්සන්’ ආ උස්සන්ගොඩට යමු

‘රාම රාවණා යුද්දෙදී රාම කුමාරයා මහ බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ තමයි රාවණාගේ සේනාව වෙතින් රාම කුමාරයාගේ සේනාවේ විශාල පිරිසක් මරණයට පත්වීම. මේ හින්දා මේ යුද්ධයෙන් රාම කුමාරයාට ලොකු අවාසියක් වුණා.’
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව  නොමැති දකුණු පළාතේ උස්සන්ගොඩ ජාතික උද්‍යානයට හැරෙන ස්ථානයේ ප්‍රධාන පාර අද්දර වෙළෙඳසලකදී අපට හමු වූ හුංගම ආර්.එන්. කේ. සීලවතී මහත්මිය එසේ කීවාය.  
අපි ඇයට තව දුරටත් කන් දුන්නෙමු.
‘ඊට පස්සේ රාම කුමරා මොකද කරන්නේ මැරුණු මිනිස්සුන්ට පණ දෙන්න තරම් බලයක් තියන ඉන්දියාවේ හිමාල වනයේ තියන මෘත සංජීව කියන මහා බලගතු ඖෂධ පැළැටිය හොයාගෙන  එන්න කියලා තමන්ගේ වානර සේනාවේ හනුමන්තාට නියම කළා. හනුමන්තත් මොකද කරන්නේ ඒ වෙලාවේම අහසින් ගිහින් ඒ පැළැටිය  හොයන්න පටන් ගත්තා. ඒත් හදිසියේ එහෙම දෙයක් කොහෙන් හොයන්නද? අන්තිමේ හනුමන්තත් මොකද කරන්නේ  හිමාල වනයේ අර මෘත සංජීව බෙහෙත තියන කඳුවැටියක්   කරෙන් උත්සාගෙන අහසින් ඇවිත් ඔතනට අත හැරියා. හනුමා උස්සාගෙන ආපු ගොඩ හින්දා තමයි මේකට උස්සන්ගොඩ කියන නම බැඳුණේ.’
සීලවතී මහත්මියගේ එම කතා ප්‍රවෘත්තියේ අද්භූත රසය සිත පුරා විඳගත් අපි ඉන් පසු එම සුවිශේෂ බිම් කඩට පිවිසියෙමු.
ඒ 3 දරන කතරගම හරහා වැටීගත් කොළඹ වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හුංගම පසු කළවිට හමුවන උස්සන්ගොඩ නම් මෙම අසාමාන්‍ය බිම්කඩ පිළිබඳව අදටත් බොහෝ  දෙනෙකු නොදැන සිටියද කලමැටිය අභය භූමියට  මායිම්ව වර්ග කිලෝ මීටර් 3.49 හෙවත් අක්කර 862 පුරා පැතිර ගත් භූමි භාගයක් වන මෙය ශ්‍රී ලංකාවේ විසි එක්වන ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ 2010 වසරේ දීය.
ශ්‍රී ලංකාවේ අතිශයින් දුලබ තද රතු පැහැති  පස්වලින් යුතු මෙය රාවණා රජතුමාගේ දඬුමොණරය නතර කළ අංගනය ලෙසටද ජනප්‍රවාද තිබේ. එමෙන්ම මානාභරණ හෝ මේඝ වර්ණ නම් රජ කෙනෙකු යුද්ධයට ගිය පසු ලැබුණු වැරදි තොරතුරක් පදනම් කරගත් බිසෝවරුන් සත් දෙනකු සම්බන්ධ  පුරාවෘත්තයක් සහිත මෙම උත්සන්ගොඩ කළුකුමාර වෘත්තාන්තයටද සම්බන්ධය. සමුද්‍රාසන්නයේ පිහිටි මෙම සුවිශේෂ බිම්කඩ පිළිබඳ ඓතිහාසික සහ සාහිත්‍ය මුලාශ්‍ර විමසා බලන විට  කහ කුරුලු සන්දේශය, මංහරහසල්ල, මහසෝන් සමයම, දෙවොල් මඩු ශාන්ති කර්මය වැනි මුලාශ්‍ර වෙත යොමුවීමට අපට සිදුවෙයි.
මෙම උස්සන්ගොඩ භූමි  භාගයේ ඇති තද රතු පැහැති පස පිළිබඳ විමසුම් කළ විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මීට වසර මිලියන දහයකට පමණ ඉහත මෙම ස්ථානයට අභ්‍යවකාශ වස්තුවක් කඩා වැටී ඇති බවය. එමෙන්ම උඩවලව අභය භූමියට අයත් ගිනිහල් පැළැස්ස, ඉඳිකොළ පළැස්ස යන ස්ථානවලත් වස්ගමුව ප්‍රදේශයෙන් මීට සමූහ පස් ඇතැයි කියනු ලැබේ.
ශීඝ්‍රයෙන් සමුද්‍ර ඛාදනයට ලක්වෙමින් පවතින මෙම උත්සන්ගොඩ භූමි භාගයේ මාතාභරණ රජතුමාගේ මාලිගාව තිබූ බවටත් දැනට වසර තිහ  හතළිහක් තෙක් එහි නටබුුන් දක්නට ලැබි දැන්  ඒවා මුහුදු කෑමට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
උස්සන්ගොඩ ජාතික උද්‍යානයේ දක්නට ඇති මෙම රතු පස් මත කඑඹ, එරමිණියා, පතොක් වැනි සිමිත ශාක කිහිපයක් හැරුණු කොට කිසිදු වෘක්ෂයක් දක්නට නොලැබිමද විශේෂත්වයකි. ඊට හේතු වශයෙන් ඇතැමුන් පවසනුයේ මෙම පසෙහි ප්‍රමාණවත් කැල්සියම් සංයුතියක් නොමැති වීම ඊට හේතුව බවය.
ඒ කෙසේ හෝ කොළඹ සිට කතරගම ආදී ප්‍රදේශ කරා යන එන ගමනකදී හෝ මෙම විස්මිත බිම් කඩට පිවිස එහි හෝරා කිහිපයක් ගත කිරීමට ඔබටත් හැකිනම් අප  රටේ තවත් සුවිශේෂ ස්ථානයක්  දැක බලා ගැනීමේ සතුට, ආත්ම තෘප්තිය නිසැක ලෙසම ඔබටද අත් විඳීමට හැකිවනු ඇත. 







 
දමයන්ති ගමගේ

කිරිගල්පොත්ත කන්ද නගිමුද?

කළු ගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නෙවෙයි හරකයි බර අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි නගින්නේ

Kiri3

මේ කිරිගල්පොත්ත කන්ද ගැන කියැවුණු කරත්ත කවියක්. කිරිගල්පොත්ත කන්ද අපි අඳුන ගන්නේ අපේ රටේ තියෙන දෙවැනි උසින් වැඩිම කන්ද හැටියටයි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් ඉහළින් පිහිටා තිබෙනවා. උසින් වැඩිම කන්ද වන පිදුරුතලාගල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 2524ක් ඉහළින්. මේ දෙක අතර වෙනස වන්නේ මීටර් 136ක් පමණයි.
කිරිගල්පොත්ත කන්ද අපට වැදගත් වෙන්නේ අපේ රටේ තියෙන උසින් වැඩිම දෙවැනි කන්ද ලෙස පමණක් නෙවෙයි. එය ඉතා සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙසත් පිළිගැනෙන ස්ථානයක්. ගමනේ ඇති දුෂ්කරතාවය නිසා බොහෝ දෙනෙක් මෙය තෝරාගැනීම තරමක් අදිමදි කරන බවක් පෙනෙනවා. කෙසේ නමුත් සුන්දර පරිසරය විඳ ගනිමින්, ඡුායාරූපගත කරන්නන්ටත්, වෙනස්ම ආකාරයක සංචාරක අත්දැකිමක් ලබාගන්නටත් කැමති අයට කිරිගල්පොත්ත කියන්නේ අපූරු ස්ථානයක්.

Kiri1


කිරිගල්පොත්තට යන මාර්ගය වැටී තිබෙන්නේ හොර්ටන් තැන්න හරහා යි. මේ නිසා හෝරටන් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ආදිය නැරඹීම ස`දහා සංවිධානය කරන විනෝද චාරිකාවේ ගමනාන්තය ලෙස කිරිගල්පොත්ත යොදා ගන්නට පුළුවන්. කෙසේ නමුත් කිරිගල්පොත්ත කරා යන ගමන බොහෝ දුෂ්කර බැවින් මේ සංචාරක කණ්ඩායම්වල සාමාජිකයන් ශරීර ශක්තියෙන් වගේම ආත්ම ශක්තියෙන් යුක්ත වීම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්.
කිරිගල්පොත්තේ ගමන් මාර්ගය හෝර්ටන් තැන්න හරහා වැටී ඇති නිසා හෝර්ටන් තැන්නට ළ`ගාවන තුරු මාර්ගය සඳහන් කිරීම කිරීම එතරම් වැදගත් වන්නේ නැහැ. හොර්ටන් තැන්නේ සිට  ඈතින් පෙනෙන කඳු වැටියකට එපිටින් කිරිගල්පොත්ත පිහිටා තිබෙනවා. මේ නිසා මෙම කන්ද හෝරටන් තැන්නට එතරම් හො`දින් දිස්වන්නේ නැහැ.
සාමාන්‍ය වේගයකින් ගමන් කරනවා නම් හෝරටන් තැන්නේ සිට පැය තුනකින් පමණ කිරිගල්පොත්ත කඳු මුදුනට ළ`ගා විය හැකියි. මේ සඳහා කිසිවකු විසින් සකස් කළ පැහැදිලි මාර්ගයක් නොමැති නිසා දකින්නට ඇත්තේ යන්තමින් දිස්වන අඩිපාරක් පමණයි. එමෙන්ම මේ ප‍්‍රදේශයේ බහුල වශයෙන් ගෝනුන් වාසය කිරීම නිසා ඔවුන් නිතර ගමන් කිරීමෙන් සෑදුණු අඩි පාරවල් ද බහුලව දකින්නට ලැබෙනවා. මේ මාර්ග ඔස්සේ ගමන් කිරීමෙන් පාර වැරදී වෙනත් ඉසව්වකට ඔබේ ගමන සිදුවන්නට ඉඩකඩ පවතින බව ද සිහියේ තබාගැනීම නුවණට හුරු දෙයක්. කඳු මුදුනට වැටුණු මාර්ගය වැටී ඇත්තේ ප‍්‍රපාතයක් ආසන්නයේ බැවින් ගමනේ දී අතිශය ප‍්‍රවේශම් විය යුතුයි. මඩ සහිත වීමත්, විටින් විට දැඩි ලෙස මීදුම ගළා එ්මත් නිසා ගමනේ යම් කිසි අනතුරුදායක බවක් තිබෙන බව ද තේරුම් ගත යුතුයි.

Kiri2
කිරිගල්පොත්ත තරණයේ දී මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ජලය ප‍්‍රමාණවත් තරමින් රැුගෙන යා යුතු බවයි. එයට හේතුව මේ ඇති ජල මාර්ග මඩ වී තිබීම නිසා පිරිසිදු ජලය ලබාගැනීමට ස්ථානයක් නොමැති වීමයි. වර්ෂාව ඇද හැලෙන්නට ඇති ඉඩ කඩ ඇති නිසා වැසි කබා තිබීම වාසිදායකයි.
අප රටට ආවේණික තුරු ලතා දැකගනිමින්, ගෝනුන් සහ අපට ආවේණික පක්ෂීන් නරඹමින් අප රටේ දෙවැනි තැනට උසින් වැඩි කඳු මුදුනේ මද වේලාවක් හෝ සැනසීමෙන් ගතකිරීමෙන් ජීවිතයේ මෙතෙක් නොවි`දි අපූරු සුන්දරත්වයක් වි`ද ගත හැකි බව නම් ඉඳුරාම පැවසිය යුතුයි.

Kiri4



- නිරංජන් චාමින්ද කරුණාතිලක

 

උඩරට ගැමි අසිරිය සිත් සේ විඳගත හැකි ගම් පියසක්

වලපනේ කියන නම අපි කවුරුත් අසා තිබෙනවා. වලපනේ යන්නට අරුත් දෙකක් ඉදිරිපත් කළ හැකියි. ‘‘වල’’ යන්නෙන් කැලය අදහස් වන අතර ‘‘පන’’ හෝ ‘‘පනේ’’ යන්නෙන් ගම අදහස් වෙනවා. වර්තමානයේ් පිටිසරබද ප‍්‍රදේශයක් වුවත් කන්ද උඩරට රාජධානි සමයේ මෙය දිසාවේ වරයෙකුගේ පාලනයට යටත් වූ වලපනේ දිසාව ලෙස ප‍්‍රකට වී තිබෙනවා. 
ඌව සහ මධ්‍යම පළාත් සීමාවේ ඇති මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයිති අතිශය පාරිසරික සහ සෞන්දර්යාත්මක වැදගත්කමකින් යුත් වලපනේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පහළ මායිමට අයත් වුවද මෙහි ඇත්තේ අන්තර් දේශගුණික කලාපීය ලක්ෂණයි. ශ‍්‍රී ලංකාවේ සුවිසල්ම හෙල්මලූ කුඹුරු යාය වන බොලගන්දාවිල කුඹුරු යාය මේ ප‍්‍රදේශයට ආභරණයක් වගේ. ඒ වගේම වලපනේ ආශ‍්‍රිත තිරිපැහැ, මඩුල්ල, මීරියබැද්ද යන ගම්මානත් සොබා සිරියෙන් අනූන බව අමුතුවෙන් කිව යුතු නැහැ. වලපනේ ආශ‍්‍රිත පහළ ගම්මානවල කොල්ලූ, කුරහන් ආදියෙන් යුත් හේන් වගා දැකගත හැකි අතර එහි ඉහළ කොටසේ වතු ජනාවාස ආශ‍්‍රිතව කැරට්, බෝංචි, බීට්රූට්, ලීක්ස් වැනි උඩරට එළවළු වගාවන් දැකගන්න පුළුවන්. 

වලපනේ ප‍්‍රදේශයේ පහළ මායිමේ මහනුවර වෙල්ලස්ස රජ මාවත අද්දර පිහිටි සැරසුම්තැන්න නම් ඓතිහාසික ගම්මානය රන්දෙණිගල ජලාශ ව්‍යාපෘතියට හසුවීම නිසා අද වන විට එය ජලාශය තුළ ගිලී ගොසින්. ඒ කෙසේ හෝ ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා තවලම භාවිත කෙරෙන ප‍්‍රදේශ අතරින් මේ වලපනේ ප‍්‍රදේශය ප‍්‍රධාන තැනක් ගන්නවා. 
අතීතයේ මුළුමනින්ම කෘෂිකාර්මික ජනාවාසයක්ව තිබූ වලපනේ ආශ‍්‍රිත ගම්මානවල ජීවත් වන වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් එම ප‍්‍රදේශවල අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහන ආදී පහසුකම් මඳ වීම මත රිකිල්ලගස්කඩ, හාරගම, තැන්නෙකුඹුර ආදී ප‍්‍රදේශ වෙත සංක‍්‍රමණය වී තිබෙනවා. ඒ අනුව දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ජනගහණය වැඩිවීමේ ශීඝ‍්‍රතාව මෙම ප‍්‍රදේශ කෙරෙහි බල නොපාන බවයි වාර්තා වන්නේ. 
ඒ අනුව මේ ප‍්‍රදේශයේ ශාන්ත සුන්දර ගැමි මිහිරියාව විඳීමට කැමති පරිසර ලෝලීන්ට සහ ශ‍්‍රී ලංකාවේ ගැමි සංස්කෘතිය පිළිබඳ හැදෑරීමට කැමැති සිසුන් ඇතුළු පරිසර හිතකාමී දේශීය සංචාරකයන් හමුවේ කන්ද උඩරට මෙම ගැමි අසිරිය විදහා දැක්වීමට ප‍්‍රදේශයේ ප‍්‍රජා ක‍්‍රියාකාරී ස්වේච්ඡා සංවිධානයක් වන ‘‘වලපනේ මිතුරෝ’’ සූදානමින් සිටිනවා. ඒ වගේම අප රටේ ගැමි සුන්දරත්වය විදහා පෑමට කැමති ටෙලි නාට්‍ය සහ සිනමාකරුවන්ට ඒ සඳහා මග පෙන්වීමටත් ඔවුන් සූදානම්. ඒ පිළිබඳ වැඩි විස්තර 071-8102478 අංකයෙන් ‘‘වලපනේ මිතුරෝ’’ සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ජානක වෙතින් දැනගන්නට පුළුවන්. 





 
සටහන - ශ‍්‍රියාණි කොඩිතුවක්කු
 
ඡායාරූප - වෛද්‍ය සුගත් විජේවර්ධන

අනුරපුර පුදබිම තුළ වනයෙන් වැසීගත් ඉපැරණි ආරාමයක්

මේ පොසොන් සමයේ අනුරාධපුරයට එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් හඳුනා නොගත් අප‍්‍රකට පුදබිම් කිහිපයක් තවමත් ඉතිරි වී තිබෙනවා. අනුරාධපුර කුට්ටම් පොකුණ අද්දරින් වැටීගත් ගල් පාලම පාරේ තරමක දුරක් ගිය විට හමුවන විජයාරාම වන පෙත ඉන් ප‍්‍රධානයි. මෙය පැරණි විහාරයක්.  විහාරයක් කීවාට මෙය වනයෙන් සැඟව ගත් පුරාවිද්‍යා නටබුන් සංකීර්ණයක් ලෙසයි අද අපට පෙනෙන්නට තිබෙන්නේ. නමුත් මේ පුරාණ පුදබිම අනුරාධපුර යුගයේ 8 - 9 සියවස්වලට අයත් පබ්බත විහාරයක් බව මේ වනවිට පුරාවිද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. 
අපේ රටේ පුරාවිද්‍යා ඉතිහාසය තුළ මෙතෙක් නිසි ගවේෂණයකට ලක් නොවූ පුදබිමක්ව පැවැති මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. බී. බෙල් මහතාගේ අවධානයට ලක් වූ බවට වාර්තා තිබෙනවා. නමුත් එතුමා වුවත් මේ පුරාවිද්‍යා නටබුන් අතරින් කිහිපයක නිර්මාණ ලක්ෂණ පිළිබඳව සටහන් තබා ඇතත් මෙම ආරාම සංකීර්ණය පිළිබඳව නිසි අධ්‍යයනයක් කොට නැහැ.
අනුරාධපුරයේ පුරාවිද්‍යා උරුමයන් මුල්කොට අසමසම මෙහෙවරක් ඉටුකළ ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ අනභිභවනීය විරුවාණන් සේ සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන්ගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතර පවා මෙම විජයාරාමය ගැන විශේෂ සඳහනක් නොතිබීම විශ්මයට කරුණක්. 
 
එ් කෙසේ හෝ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 93 ක් සපිරීම නිමිත්තෙන් එහි හිටපු සභාපති ජගත් සුමතිපාල මහතාගේ සංකල්පයකට අනුව ඇරඹූ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ වැඩසටහනේ දී මෙම මාහැඟි පුරාවිද්‍යා උරුමය පිළිබඳ ගවේෂණය කොට එය ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබුණා. 
එ් වනවිට එහි නටබුන් සියල්ල වනයෙන් වැසී තිබූ අතර එම වනගැබ තුළ සතුන්ට මරුවැල් පවා අටවා තිබුණා. එ් අනුව එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. සේවා සම්මානිත පුරාවිද්‍යා මහාචාර්ය ටී. ජී. කුලතුංගයන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ එම ගවේෂණ සහ කැනීම්වලින් පසුව එහි පැරණි ස්ථූපයක් ඇතුළු පුරාවිද්‍යා ස්මාරක 45 ක් පමණ සොයාගෙන තිබෙනවා. දැනට එහි ප‍්‍රධාන ස්ථූපය සංරක්ෂණය සිදු කොට ඇති අතර අක්කර 23 ක් පුරා පැතිර ගත් මෙම භූමිභාගය පාරිසරික පුරාවිද්‍යා උද්‍යානයක් ලෙස සංරක්ෂණය කෙරෙනවා. 
වියළි පරිසරයකින් යුත් අනුරාධපුර ප‍්‍රදේශය තුළ උස් තුරුවැල්වලින් සමන්විත ස්වභාවික වනපෙතක් වන මෙය තුළට පිවිසි පසු සිතේ ගතේ වෙහෙස මුළුමනින් නිවී යන බව අප නොයෙක් වර අත්දුටු දෙයක්. එ් අනුව මෙම පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන ඔබට මෙම නිසංසල පැරණි වනගත ආරාම බිමට පැමිණ එහි හෝරා කිහිපයක් ගතකොට ගිමන් නිවා ගැනීමේ පහසු ඉඩක් සැලසෙන බව කිවයුතුමයි. 
 




සහන් සංකල්ප සිල්වා

අලි බබාලා සූප්පුවෙන් පිටිකිරි බොන හැටි බලන්න ඇත්අතුරු සෙවණට යමු

දරු පැටවුන්ගේ සුරතල් බැලීමට කැමති අපි කවුරුත් අලි පැටවුන්ගේ සුරතල් බැලීමට ඒ තරමටම කැමැතියි. නමුත් එකම තැන එකම විටෙක අලි පැටවුන් හතළිස්  තුන් දෙනෙකුගේ සුරතල් බැලීමට අපේ  රට තුළ  ඇත්තේ එකම එක තැනක් පමණයි. ඒ තමයි උඩවලවේ ඇත් අතුරු සෙවණ.
වනයේදී විවිධ හේතූන් මත දෙමාපියන්ගේ රැකවරණ අහිමිව අතරමං වන අලි පැටවුන් ලොකු මහත් වි නැවත වනයට මුදාහැරෙන තෙක් ඔවුන් ආරක්ෂිතව රඳවා තබන මේ ඇත් අතුරු සෙවණ  ආරම්භ කොට දැනට අවුරුදු විසි එකක් වෙනවා.
1995 නොවැම්බර් 04 දා  යෙදුණු ලෝක මහ සත්ව දිනය මුල්කොට මේ ස්ථානය ආරම්භකොට ඇත්තේ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ සංකල්පයක්  අනුව එවකට වනජීවී විෂය භාර අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මුලදී වන්නි හත්පත්තුවෙන් සොයා ගත් කෝමලී නම් ඇත් පැටවාගෙන් ආරම්භ වූ මේ ඇත් අතුරු සෙවණේ අදවන විට දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් සොයාගත් අලි ඇත් පැටවුන් හතළිස් තුන් දෙනෙකු රැකවරණය ලබනවා. මෙහි රඳවා ඇති කුඩා අලි පැටවුන්ට  උණුසුම ලබාදෙන කාමර, රෝගී අලි පැටවුන් රඳවා තබන වාට්ටු අලි පැටවුන් හට සැත්කම් සිදු කෙරෙන ශල්‍යාගාර ආදී  පහසුකම් රැසකින් යුතු මෙහි අලි ඇතුන් නැරඹීම සඳහා වන වේදිකාවක් වගේම තොරතුරු මධ්‍යස්ථානයකුත් ස්ථාපිත කොට තිබෙනවා.
දිනපතා  පෙ.ව. 9.00 - මධ්‍යාහ්න 12 දක්වාත් නැවත ප.ව. 3.00 සිට 6.00 දක්වාත් මේ ඇත්අතුරු සෙවණේ අලි පැටවුන්ගේ සුරතල් දඟකාරකම් සිත්සේ  රස විඳින්න ඔබට පුළුවන්.

ඒ අතර මේ අම්මා අප්පා අහිමි වූ මේ අලි බබාල අලි සූප්පුවලින් පිරි කිරි උරා බොන දර්ශනය බලා සිටින විට අපේ සිත්වලට නැගෙන හැඟීම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.
මෙසේ ඇත් අතුරු සෙවණේ රැකවණය ලබන  අලි ඇත් පැටවුන් ප්‍රමාණවත් ලෙස වැඩුණු පසුව මුදා හැරින්නේ ඔවුන් උඩවලවේ ලුණුගම්වෙහෙරගාල මාදුරුඔය වැනි ජාතික වනෝද්‍යාන වෙත බවයි අපට මෙහිදි දැනගන්නට ලැබුණේ. මිනිසුන් අතරේ කුඩා කළ හැදුණු වැඩුණු අලි ඇත් පැටව් නැවත මුදා හැරීමෙන් නැවත වනජීවීන් කළ නොහැකි බවට එවක පරිසර සහ වනසත්වලෝලීන්ගෙන් සුවිසල් අභියෝග පැන නැගුණා. ඒ වගේම මේ ඇත් අතුරු සෙවණ සංචාරයට ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙසටත් ඇතැමුන් හඳුන්වා දී තිබුණි.
නමුත් ඇත් අතුරු  සෙවණේ හැඳි  වැඩී 1998 වසරේ මුදා හළ අනුරාධ, අනුෂා, කණ්ඩුල සහ ගාමිණී කියන ඇත් පැටවුන්  සිව් දෙනා ඇත් අතුරු සෙවණින් මුදා හල පසු වනයේ  අලි රංචු සමග එක්වීමත් සමග  ඇත්අතුරු සෙවණේ සාර්ථකත්වය ලොව හමුවේ අනාවරණය වුණා. ඊට පසුව තමයි බොහෝ දෙනකුට එහි සැබෑ වටිනාකම තේරුම් ගියේ කොළඹ සිට රත්නපුර හරහා  ඇඹිලිපිටිය දෙසට  යන ඒ 18 ප්‍රධාන මාර්ගයේ උඩවලව මංසන්ධියෙන් තණමල්විල දෙසට වැටි ඇති බි 427 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 03 ගිය විට හමුවන පී.ජී. ද සිල්වා මාවතේ තවත් මීටර් තුන්සියයක් පමණ ගියවිට උඩවලවේ ජලාශයට මායිම්ව ඇති මෙම ස්ථානයට පැමිණිය හැකියි. වැඩිහිටියකුගෙන් රුපියල්  විස්සක්ද  වයස අවුරුදු දොළහකට අඩු දරුවෙකුගෙන් රුපියල් දහයක්ද අය කෙරෙන අතර  කණ්ඩායම් වශයෙන් එන පාසල් සිසුවකුගෙන් අය කරන්නේ රුපියල් පහක් පමණයි.
ඒ කෙසේ හෝ මේ අලි පැටවුන් හතළීස් තුන්දෙනා රැක බලාගැනීම වෙනුවෙන් එක් දිනයක් සඳහා රුපියල් හැත්තෑපන්දහසක පමණ මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැය වන බවයි අපට එහිදී දැනගන්නට ලැබුණේ. ඒ නිසාම මෙම අලි පැටවුන් හට කැප කරු මාපියන් විමේ සහ ඔවුන්ට  බිමට කිරිපිටි සපයා දීමේ වරමක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඔබ සඳහාද උදාකර දී තිබෙනවා.  011- 2888585 අංකය ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අමතා වනජීවී සෞඛ්‍ය අංශය විමසුමක් කළහොත් ඔබට ඒ  කැපකරු මාපිය වැඩසටහන සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගන්නට පුළුවන්. 
ඒ වගේම ඒ ඇත් අතුරු සෙවණේ අලි බබාලාට පෙවීම සඳහා ලැක්ටෝජන් 02 ළදරු කිරි ඇත්අතුරු සෙවණට භාරදීමටත් ඔබට අවකාශ තිබෙනවා. නමුත් මේ එක අලි බබෙක් සඳහා එක දිනකට ග්‍රෑම් 400 ලැක්ටොජන් 02  පිටි පැකට්හයක්ම අවශ්‍ය වන බවත් මතක තබා ගන්න. මොකද ඒ අය සාමාන්‍ය බබාලා නොවන අලි බබාලා නිසා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා අතුරු සෙවණේ 047-2232147 දරන දුරකථන අංකය යොදා ගන්න පුළුවන්.
 




 
 
දමයන්ති ගමගේ

බොහෝ දෙනෙක් අදත් නොදත් රුහුණු රටේ කුරුළු රජදහන

ඒ ඒ 2 දරන කොළඹ - කතරගම මාර්ගය ඔස්සේ තංගල්ල පසුකොට අම්බලන්තොට දෙසට යන ඔබට  අදටත් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී නොමැති අපූරු සොබා රජ දහනකට පිවිසෙන්නට පුළුවන්. ඒ තමයි කලමැටිය, කුරුළු අභය භූමිය. කොළඹ - කතරගම මාර්ගයේ හුංගම සහ  නෝනාගම අතරින් දකුණට  හැරී මුහුද දෙසට  යන විට හෙක්ටයාර් 712 (අක්කර 1760 කින්) යුතු මේ මාහැඟි සමුද්‍රාසන්න ජලජීවී පරිසර පද්ධතියට පිවිසීමට ඔබට පුළුවන්.
මහා සමුද්‍රයට සහ ලුනම සහ කලමැටිය කලපු දෙකට සම්බන්ධ කඩොලාන ඇතුළු සමුද්‍රාසන්න ජලජීවී පරිසරයක් වන මෙය අතීතයේ සිටම ප්‍රකටව පැවැතුණේ අප රටේ විශාල වශයෙන් කරුල්ලන් දැක ගත හැකි  භූමි භාගයක් ලෙසයි. කුමන සහ බුන්දල තරමටම පක්ෂි ගහණයක් මෙහි දක්නට ලැබෙන බවට  වාර්තා තිබෙනවා. විශේෂයෙන් සෑම වසරකම අවසන් මාස  තුනෙන්  ඇරඹී ඊළඟ වසරේ මුල් මාස තුනෙන් ඇරඹී ඊළඟ වසරේ මුල් මාස තුණෙන් අවසන් වන සංක්‍රමණික පක්ෂීන්ගේ කාලයේදී මෙම කලමැටිය ප්‍රදේශයේ කුරුළු ගහනය දෙගුණ තෙගුණ වීමක් දක්නට පුළුවන්. 
 
ජලාශ්‍රිත පක්ෂීන් කලමැටිය පරිසර පද්ධතිය තමන්ගේ වාස භවනය සඳහා තෝරා ගැනීමට විශේෂ හේතු කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ  නොගැඹරු කලපු දිය පරිසර පද්ධතියක් වන මෙය මත්ස්‍යන් ඇතුළු  පක්ෂීන්ගේ ගොදුරු බහුල වීම. ඊට අමතරව කුරුල්ලන්ට කූඩු තනා ගැනීමට සුදුසු තුරුලතා පද්ධතියක් මෙහි පැවැතීමත් කලමැටියේ කුරුළු ගහණය  වැඩිවීමට හේතුවක් වී තිබෙනවා. 

විශේෂයෙන් අපේ රටේ දක්නට ලැබෙන කොකුන් සහ තාරාවුන් විශේෂ කිහිපයක් සිය දහස් ගණනින් දැක ගන්නට පුළුවන්. 
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ඔබට උදෑසන හිරු නැඟ එන හෝ සවස හිරු බැස යන අතරතුර  හෝරා දෙකක් පමණ මෙහි රැඳීසිටිය හැකි නම් මෙම අභය භූමියේ සැරිසරන පක්ෂීන් සේම ක්ෂීපායින්, උරගයන් සහ  සමනලුන් සෑහෙන ප්‍රමාණයක් ඔබේ නෙතට හෝ කැමරාවට ගොනු කර ගන්න  හැකි වන බවට සැක නැහැ.
මේ කලමැටිය සමුද්‍රාසන්න තෙත් බිම් පාරිසරික පද්ධතිය වන සත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ  අභය භූමියක් ලෙස මුල්වරට   ගැසට් කොට ඇත්තේ 1938 වසරේදීයි. ඒ වනවිට එහි මුලු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2520 හෙවත් අක්කර 6240ක්. නමුත් විවිධ බාහිර බලපෑම් හේතුවෙන් ඊට වසර අටකට පසු එනම් 1946 කලමැටිය තෙත්බිම් පාරිසරික පද්ධතිය මෙරට අභය භූමි ලැයිස්තුවෙන් ඉවත් කොට තිබෙනවා. නමුත් මිනිසාගේ පැවැත්ම  සඳහා සොබාදහමින් ලැබෙන මාහැඟි පිටිවහල පිළිබඳව මිනිස් චින්තනය වඩ වඩාත් යොමු වීම මත එය 1984 ජුනි 28 දා ශ්‍රී ලංකාවේ හතළිස් එක්වන අභය භූමිය වශයෙන් දැනට ඇති අක්කර  1760ක ප්‍රමාණයක් නැවත ගැසට් මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ  භාරයට පත් කොට තිබෙනවා. ඊට අමතරව අද වනවිට ආසියාතික කෙත්බිම් නාමාවලියට කලමැටිය අභය භූමිය ඇතුළත්ව තිබිම 
විශේෂත්වයක් ඓතිහාසික මානව විද්‍යාත්මක සහ පුරා විද්‍යාත්මක අගයකින් යුතු උස්සන්ගොඩ ආසන්නයේ පිහිටි කලමැටිය සොබාදම් රක්ෂිතය නවාතැන් හෝ කඳවුරු පහසුකම් නොමැති නිසා එය නැරඹීම සඳහා දහවල් කාලය යොදා ගැනීම අතිශය වැදගත් බව කිව යුතු අතර මේ මහඟු සොබාදම් දායාදය පාරිසරික දූෂණයට ලක් නොකිරිමත් අප සතු මහඟු යුතුකමක් හා වගකීමක් බවද අවසන් වශයෙන් කිව යුතු වෙනවා.





සහන් සංකල්ප සිල්වා

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 737

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 844

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3958

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2365

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1585

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 835

Please publish modules in offcanvas position.