Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අකුරු ලිවීම කියැවීම බැරි වුණත් සිතින් වේලාව කීමට හැකි දරුවෙක්

රජරට ගොවි පවුලක ඉපදුණු මිහිරංග වයස අවුරුදු තුන පමණ වනවිට සෙසු දරුවන් අතුරින් යම් යම් වෙනස්කම් පළකරන්නට විය. ඒ පැහැදිලිවම පෙනුණු බහ තේරීමේ ප්‍රමාදයක් සමගිනි. ඒ සමගම මුරණ්ඩු බව සහ අධික කෝපයද ඔහු කෙරෙන් දැකිය හැකිවිය. එහෙත් ඒ පිළිබඳව තැකීමක් නොකළ ඔහුගේ මාපියෝ ඔහු සාමාන්‍ය පාසලකට ඇතුළත් කළහ. නමුදු පන්තියේ සෙසු දරුවන් සියල්ලටම වඩා පැහැදිලි වෙනස්කම් මිහිරංග කෙරෙන් පළවිණි. සෙසු දරුවන් අකුරු එක දෙක ලියන අතරේ මුවින් අමුතුශබ්ද නැඟුනු විනා අඩුම තරමින් හරියට වදනක්වත් කතා කිරීමට මිහිරංගට නොහැකිවිය. ඒ ඔස්සේ සෙසු දරුවන් කෙරෙන් වෙන්වූ මිහිරංගට සිදුවූයේ පන්ති කාමරය තුළ හුදකලා අසරණ බවකට පත්වීමය. 
එහෙත් මෙම මුරණ්ඩු දරුවාගේ වගකීම තමන්ට දරාගත නොහැකි බව වටහාගත් පන්ති භාර ගුරුතුමිය ඒ සම්බන්ධයෙන් විදුහල්පතිතුමන්ද දැනුවත් කරන ලදී. මෙම කරුණ සම්බන්ධයෙන් මිහිරංගගේ දෙමාපියන් පාසලට කැඳවන ලද්දේ එබැවිනි. 
ඒ අනුව විදුහල්පතිවරයා විසින් දෙන ලද ලිපියක්ද රැගෙන මිහිරංගගේ දෙමාපියෝ ප්‍රදේශයේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට ගොස් එහි නිලධාරීහු හමුවූහ. එවිට ඔවුන් කියා සිටියේ මෙම දරුවාගේ මානසික තත්ත්වය මත ඔහු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසලකට ඇතුළත් කරවීම කෙරෙහි අවධානය යොමු කරන බවය. ඒ සමගම මිහිරංගගේ පාසල් ගමන නතර වූ මුත් එවැනි පාසල් එම ප්‍රදේශයේ නොමැති වීම මත එය ක්‍රියාවේ යෙදවීමට නොහැකිවිණි. 
මේ අතර යාඤා බලයෙන් රෝග සුව කරන බව පවසන කණ්ඩායමක් නිවසට පැමිණි විටෙක මිහිරංගගේ මාපියෝ මිහිරංග ඔවුන් වෙතද ඉදිරිපත් කළහ. එවිට ඔවුන් කියා සිටියේ යම් කාලයක් තිස්සේ තම යාඤා  මධ්‍යස්ථානයට පැමිණ දෙවියන්ට යාඤා කිරීමෙන් මිහිරංගට යම් සුවයක් ලැබෙන බවකි. එහෙත් මිහිරංගගේ ජීවිතයේ තිබූ නොහැකියාවන් මුල් කොට ඒ වන විට කිසියම් සුවිශේෂ කුසලතාවයක් මෝදු වෙමින් තිබිණ. ඒ තම පියා සතු ජංගම දුරකථනය සියතට ගත් පසු එහි සියලු අංග පිළිබඳ විස්මිත වැටහීමක් ඔහුට ලැබෙමින් තිබිමය. ඉංග්‍රීසි අකුරු හෝ ඉලක්කම් පිළිබඳ කිසිදු දැනීමක් නොතිබූ මිහිරංගට එම දුරකථනයෙන් ඇමතුම් ගැනීමට සේම ගුවන්විදුලියට සවන් දීම, වෙලාව බැලීම ආදී එහි ඇති සියලු ක්‍රියාකාරකම් වටහා ගැනීමට විස්මිත හැකියාවක් තිබිණ. එමෙන්ම වයස අවුරුදු දහය පමණ වන විට මිහිරංග කෙරෙන් එක්තරා විස්මිත හැකියාවක් ද පුබුදු විය. එනම් ඔර්ලෝසුවක් නොබලා හරියටම විනාඩියට වේලාව කීමට තිබූ හැකියාවය. 
දවසේ කුමන වේලාවක හෝ වරක්  වේලාව බැලූ පසු එය මතකයේ තබා ගෙන මුලු දවසේ ඕනෑම වේලාවක හරියටම වෙලාව කීමට ඔහු තුළ පැවැති මේ හැකියාව දකින අසන කාගේත් විස්මට හේතුවිය. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ මාපියන් යාඤාවට යොමු කළ කණ්ඩායමේ සාමාජිකයන් කියා සිටියේ එය ඔහුට දෙවියන් වහන්සේ දීඇති වරප්‍රසාදයකින් කොටසක් බැවින් එම සම්පූර්ණ වරප්‍රසාදයම ලබා ගැනීමට නම් මිහිරංගගේ දෙමාපියන් එම ආගමට ඇතුල්විය යුතු බවය. එහෙත් ඔවුන්ගේ මෙම ආගමික පණිවිඩය පිළිබඳව මිහිරංගගේ ඥාති මිත්‍රාදීන් අතර ප්‍රචලිත වත්ම ප්‍රදේශයේ ප්‍රභූන්ගෙන් ද ඒ සඳහා විවිධ ප්‍රතිචාර ලැබිණ. 
“ගුප්ත හාස්කම් බලයකින් අසනීප සුව කරන්න පුළුවන් නම් ඉස්පිරිතාල වහලා ඒ වෙනුවට යාඤා මධ්‍යස්ථාන විවෘත කරලා සෞඛ්‍ය සේවාවට  ආණ්ඩුවට වියදම් කරන මුදලින් සීයට අනූනවයක්ම ඉතුරු කර ගන්න පුලුවන්. ඒ හින්දා මේක දරුවාගේ මොළයේ කොටසක  අඩු වර්ධනයක් පෙන්නුම් කරද්දී තවත් කොටසක වැඩි වර්ධනයක් පෙන්නුම් කරන තත්ත්වයක් නිසා මේ ගැන මනෝ වෛද්‍යවරයකුගෙන් අහන්න” මිහිරංග මුල්කොට කිසියම් කණ්ඩායමක් ඔවුන්ගේ පවුල අයථා අන්‍යාගම්කරණය වෙත යොමු කිරීමට සැරසෙනු දුටු ප්‍රදේශයේ ප්‍රභූවරයකු වන දැන උගත් වැඩිහිටියෙක් කීය. මිහිරංගගේ මාපියන් ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරවන ලද්දේ ඉන් පසුවය. 
“මේක මේ දරුවාට සහජයෙන්ම උරුම වුණු මොළයේ ඓන්ද්‍රීය දුබලතාවයක්. ඒ කියන්නේ ඖෂධ හෝ වෙනත් ප්‍රතිකාර මගින් සුවපත් කරන්න බැරි තත්ත්වයක්; නමුත් මොළය කියන්නේ මොළ ෙසෙල අතිවිශාල සංඛ්‍යාවක් තියන කලාප කිහිපයකට බෙදා වෙන් කරන්න පුලුවන් ඉන්ද්‍රියයක්. මේ දරුවාගේ මොළයේ ෙසෙල විශාල ප්‍රමාණයක් නියමිත විදිහට වර්ධනය වෙලා නොතිබුණත් මොළයේ තවත් කලාපවල තියන ෙසෙලවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව තමයි අකුරු කියැවීමේ ලිවීමේ හැකියාව නැතත් සෙලියුලර් දුරකථනවල ක්‍රියාකාරිත්වය සහ වෙලාව මතක තබා ගැනීම වගේ දේවල් ගැන මේ විදිහට සුවිශේෂ දක්ෂතා පළ කරන්නේ මනෝ ෙදේ‍යවරයා කීය. “එතකොට පුතාට මේ වගේ අසාමාන්‍ය හැකියාවක් ඇති වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ මැදිහත්වීම හින්දය කියලා කියන එක වැරදිද ?” මහිරංග ගේ මව ඇසුවේ මහත් කුතුහලයකිනි. 
විද්‍යාව දියුණු වෙන්න කලින් අපි තුළ පුදුමයක් ඇති කරන මේ වගේ සිද්ධීන්ට දෙවියන්, යක්ෂයන් වගේ මනෝමය සංකල්ප මුල් කරගෙන ගුප්ත අර්ථකථන දීපු බව ඇත්ත. ඒත් දරුවන්ගේ මොළයේ ඇතිවන මේ වගේ අසාමාන්‍යතා ගැන හාන්ස් ඇස්පර්ජර් කියන ඕස්ට්‍රියානු ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා විශිෂ්ට සොයා ගැනීමක් කළා. ඔටිසම් (Autism) සහ රෝගී මනැස (Psychrpathy) කියන මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන්ගේ මොළයේ ඇතිවිය හැකි ව්‍යුහාත්මක වෙනස්කම්වලට අනුව සමහර දරුවන්ගේ මොළයේ සමහර කොටස් අධි ක්‍රියාකාරිත්වයෙන් යුක්ත වෙන්න පුලුවන් කියලා ඇස්පර්ජර් වෛද්‍යවරයා පෙන්වා දුන්නා. ඒ හින්දා ඒ ආශ්‍රිත රෝග ඇස්පර්ජර් පරාසයට Asperger spectrum අයත් රෝග හැටියට අද ලෝකයා හඳුනාගෙන තියෙනවා” වෛද්‍යවරයා කීය. 
කෙසේ හෝ දරුවන්ගේ මොළයේ ගැබ්ව ඇති විශේෂිත හැකියාවක් හඳුනා ගත හැකි නවීනතම ක්‍රම ඇති මුත් ඒවා තවමත් අපේ රට තුළ ව්‍යාප්තව නොමැති බව පැවසූ වෛද්‍යවරයා දරුවා විශේෂිත දක්ෂතා පළ කරන අංග නිවැරදි හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමෙන්ද ඔහු යම් යම් ක්ෂේත්‍රවලින් සාමාන්‍ය දරුවන්ටත් වඩා ඉහළ දක්ෂතා පළ කළහැකියැයි කීය. එමෙන්ම එවන් දරුවන් සඳහා විශේෂිත අධ්‍යාපන ක්‍රම සහිත සීමිත පාසල් ඇති බවද ඔහු මිහිරංග ගේ මාපියන්ට පහදා දුන්නේය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන - දමයන්ති ගමගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 1470

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 3203

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 3354

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 3157

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 6301

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 5591

Please publish modules in offcanvas position.