Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අමනුෂ්‍ය ගඳක් සිත තුළට ගත් මවක්

දිනුජිගේ සහ අකලංකගේ ආදරයට දිනුජිගේ මාපියන් කෙසේ වෙතත් අකලංකගේ මාපියෝ දැඩිසේ විරුද්ධ වූහ. ඊට හේතුව වූයේ දිනුජිගේ පවුලට සාපේක්ෂව අකලංකගේ පවුල සතුව සැලකිය යුතු වත්කමක් තිබිමය. එමෙන්ම එම පවුල් දෙක අතරේ සැලකිය යුතු සමාජමය පරතරයක්ද තිබිණ.
ඒ කෙසේ හෝ තම දෙමාපියන් වෙතින් එල්ලවන විරෝධය පිළිබඳව කිසිදු තැකීමක් නොකළ අකලංක දිනුජි හා විවාහ වූයේ තම දෙමාපියන් විසින් තමන් පවුලෙන් නෙරපන බව හොඳාකාරවම වටහා ගනිමිනි. විවාහයෙන් පසු දිනුජිගේ නිවසේ පදිංචියට පැමිණි අකලංක ඉන්පසු තම මාපියන් හමුවට නොයා සිටීමට තීරණය කළේය. ඒ ඔවුන්ගේ දැඩි කෝපය ඒ වනවිටත් තමන්වෙත එල්ලවෙමින් පවතින බව විශ්වාස කළ නිසාය.
එහෙත් දිනුජිගේත් අකලංකගේත් විවාහයෙන් වසරක් ඇවෑමෙන් මාපිය පදවි හිමිකර ගැනීමේ මහඟු වරම ඔවුන් වෙත  උදා කරමින්  දූ සිඟිත්තිය  ඔවුන්ගේ පවුලට එක් වූවාය. තම පුතු කරගත් හිතුවක්කාර තීරණය කෙරෙහි දැඩිව කිපී සිටි අකලංකගේ මාපියන්ගේ සිතු තුළ සිඳී යමින් තිබූ දරු කැක්කුම පසු කාලීනව යළි මඳින් මඳ ලියලන්නට වූ අතර තමන්ගේ කුළුඳුල් මිනිපිරිය මෙලොව එළිය දුටු බව දැනගත් පසු  ඔවුන්ගේ එම දරු කැක්කුම පිටාර ගලන්නට විය.
තම පැරණි අමනාපකම් සියල්ල දුරු වී ඇති බැවින් අලුත උපන් මිනිපිරිය බැලීමට කැමැති බව දන්වා අකලංකගේ මව ඔහු වෙත පණිවුඩයක් යවන ලද්දේ එම බිලිඳිය ඉපදී සති කිහිපයක් ඉක්ම ගිය පසුවය. අකලංකගේ මාපියන් තුළ එතෙක් පැවැති කෝන්තරය තම සිඟිති දියණියගේ උපතත් සමග දුරු වී යාම පිළිබඳව දිනුජිගේ සිතට මහත් සැනසුමක් දැනුණු අතර එම දෙමහල්ලන්ගේ පැමිණීම පිළිබඳව දිනුජිගේ මාපියෝද මහත් සේ සතුටට  පත් වූහ.
කලින් නියම කරගත් දිනයක අකලංකගේ මව පියා සහ  අවිවාහක වැඩිමල් සොයුරිය අලුත උපන් බිලිිඳිය බැලීමට එම නිවසට පැමිණි අතර එම බිලිඳිය දකිත්ම අකලංකගේ මවගේ දෙනෙතින් උණු කඳුළු රූරා හැලෙනු කාටත් පෙනිණ. ඉන්පසු  එම බිලිඳිය වඩාගෙන මඳ වේලාවක් සුරතල් කළ තම මව හිසෙන් සියුම් ඉඟියක් කොට තමන් කැඳවනු අයුරු අකලංකට පෙනිණ.
‘පුතේ දැන් ඉතින් අපේ හිතේ තිබුණු තරහ මරහ සේරම හේදිලාම ගියා. මම තාත්තත් එක්ක කතා කරලා අපේ තියන දේවල් ටික ඉක්මනටම අක්කටයි පුතාටයි බෙදලා දෙන්නම්. එසේ කී  අකලංකගේ මව ඉන්පසුව නාස්පුඩු හකුළමින් වටපිට බලන්නට වූවාය.
‘ඇයි අම්මේ?’ ඉන් මඳක් විස්මයට පත් වූ අකලංක ඇසීය.
‘නෑ පුතේ, මේ ගේ පුරාම මහා අමනුස්ස ගඳක් දැනෙනවා. ඒ කියන්නේ මේ ගෙවල්වල ඉස්සර ජීවත් වුණු මිනිස්සු පව් කරලා මැරිලා මේවට අරක් අරගෙන ඉන්නවා පුතේ. ඒ වගේ අමනුෂ්‍ය  ගඳවල් මට හොඳට දැනෙනවා.’ අකලංකගේ මව කීයේ  තරමක් බියපත් ලෙසිනි.  එසේම තම වැඩිමල් සොයුරිය සඳහා මනාලයන් බැලීමට ගිය අවස්ථා කිහිපයකදීම මව මෙලෙස එම නිවෙස්වල පැවැති අමනුෂ්‍ය ගන්ධයන් පිළිබඳව පැමිණිලි කළ අයුරුත් ඉන්පසුව එම  විවාහයන්  සියල්ල වැළකී ගිය අයුරුත් අකලංකට සිහිපත් විය. කෙසේ හෝ තම නැන්දණියගේ මෙම අසාමාන්‍ය කතාව තම මාපියන් වැඩිහිටියන් සමග කීමට දිනුජිද බිය වූවාය. එමගින් මේ වනවිට යාන්තමින්  ‘හා වෙමින්’ පවතින එම පවුල් දෙකේ ඥාතීත්වය යළි කැඩී බිඳී යා හැකියැයි ඇය බිය වූ අතර ඊට බලපෑ දෙවන හේතුව වූයේ එවැනි ගුප්ත විශ්වාස සිත දරා ගැනීමෙන්  තම දෙමාපියන් අනවශ්‍ය පීඩනයකට පත් වීමට හැකි බවට ඇය  තුළ වූ විශ්වාසයයි.
ඒ කෙසේ වෙතත් අකලංක විසින්  කිහිපවරක් කරන ලද ඉල්ලීමකට අනුව මනෝ වෛද්‍යවරයකු හමු වී තමන් තුළ පවතින මෙම තත්ත්වය කියා පෑමට ඔහුගේ මව එකඟ වූවාය.
එහිදී තම මවගෙන් විවිධාකාරයෙන් කරුණු විමසූ මනෝ වෛද්‍යවරයා එම  විශේෂිත ගන්ධය දැනෙන අවස්ථාවන් සියුම් ලෙස නිරීක්ෂණය කිරීමටද සමත් විය. ඒ සියලු නිරීක්ෂණයන්ගෙන් ඔහුට වැටහී ගියේ ඇය  තුළ හටගන්නා මානසික  ආතති මට්ටමක් තුළ දී මෙම ගන්ධය දැනෙන බවකි. නිදසුනක් ලෙස තම දියණියට සහකරුවකු සෙවීම පිණිස ඔහුගේ නිවසට යන මවක තුළ මෙය  තම දියණියට කොතෙක් දුරට සුදුසු ස්ථානයක්වේදැයි අවිනිශ්චිත බව ඇති විය හැකිය. එමෙන්ම  තමන්ගේ භාරයෙන්  පිටත ස්ථානයක හැදෙන වැඩෙන කළුඳුල් මිනිපිරිය ගේ මතු යහපැවැත්ම සම්බන්ධයෙන් තමන්ට ප්‍රමාණවත් යුතුකමක් ඉටු කිරීමට ඇයට නොහැකියාව සම්බන්ධයෙන්ද එම තත්ත්වය පැන නැගීමටද පුළුවන. එවන් අවස්ථාවලදී ඇය තුළ ඇතිවන අධිසංවේදී බව ඔස්සේ  හාත්පස ඇති යම් යම් විශේෂිත ගන්ධයන් අමනුෂ්‍ය ගන්ධයන් ලෙස අර්ථ දැක්වීමට එම මව පුරුදුව සිටින බව වෛද්‍යවරයා කීය.
ඒ හැරුණු කොට යම් පුද්ගලයන්ට මනෝභ්‍රාන්තිමය අත්දැකීම් වශයෙන්ද ප්‍රකෘතිය හා සබැඳියාවක් නොමැති මෙබඳු ආස්‍රාණයන් දැනීමට හැකිබව කී වෛද්‍යවරයා ඒවා  සයිකෝසීය මානසික රෝග සහ මොළය අභ්‍යන්තරයේ ඇතිවන විවිධ අර්බුද වල රෝග ලක්ෂණ ලෙස මතුවන අවස්ථාද තිබිය හැකි බව කී වෛද්‍යවරයා මෙය එවැන්නක් නොවන බව පවසා ඇයට ප්‍රතිකාර නියම කළේය.
අකලංකගේ මවගේ සිත තුළට වරින් වර පිවිසි ව්‍යාජ අමනුෂ්‍ය ගන්ධය ඉවත්වූයේ ඉන් පසුවය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන - දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 2650

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2649

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 5664

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3361

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2004

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2846

Please publish modules in offcanvas position.

Web Analytics