lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

යැන්ග්සි ගම්මානයේ කුරු මිනිසුන්ගේ කතාව

අපි අද ජීවත් වන්නේ, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව ඉතා ඉහළ යැයි පැවසෙන සමාජ වටපිටාවකය. එහෙත් මිහිතලය මත තවමත් පවතින ඇතැම් රහස් හෙළිකරගන්නට එකී විද්‍යාවේ හෝ තාක්ෂණයේ දියුණුවට තවමත් නොහැකිවී ඇතිසේය. මා එසේ කියන්නේ, විද්‍යාව කොපමණ දියුණු වුවද විවරණය කරගන්නට බැරි කාරණා බොහොමයක් මේ මිහිමත පවතින හෙයිනි. මේ කියන්නට යන්නේද එවැනි කාරණාවක් පිළිබඳවය.
සාමාන්‍යයෙන් ගම්මාන අමුතු නැත. එහෙත් මේ කියන ගම අමුතු ය. මේ කතාබහට මුල්වන ගම්මානය පිහිටියේ නිරිත දිග චීනයේ සිවුවාන් ප්‍රාන්තයේය. එහි පිහිටි යැන්ග්සි ගම්මානය ඉතා දුෂ්කර ගම්මානයකි. එමෙන්ම එය එහි ජීවත්වන අමුතු මිනිසුන් නිසා ලෝක ප්‍රකටවූ ගමක් ලෙසද අපට හැඳින්විය හැකිය.
යැන්ග්සි ගම්මානයේ මුළු පදිංචිකරුවන් සිටින්නේ අසූ දෙනෙකු පමණි. එය අමුතුම ආකාරයේ ගම්මානයක් වන්නේ ඒ නිසාම නොවේ. එහි ජීවත්වන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් හරි අඩක් පමණ වන මිනිසුන්ය. කෙටියෙන් කිවහොත් අඟුටුමිට්ටන්ය. සංඛ්‍යා දත්ත අනාවරණය කරන පරිදි, ගමේ සමස්ත ජනගහනයෙන් සියයට හතළිහක පිරිසකගේ උස පවතින්නේ අඩි තුනත් අඩි දෙකත් අතර පරතරයකිනි. එමෙන්ම මෙහි වාසය කරන්නේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කුරු මිනිසුන් නොවේ. මේ කියන පිරිස යැන්ග්සි ගම්මානයේ ඉපිද, ඒ ගමේම හැදී වැඩුණු පුද්ගලයන්ය.
යැන්ග්සි හි ජීවත් වන කුරු මිනිසුන් පිළිබඳව කතාකරන්නට පටන්ගෙන ඇත්තේ, අද ඊයේක සිට නොවේ. 1911 දී ද මෙහි මිටි මිනිසුන් වෙසෙන බවට තොරතුරු හෙළිවී ඇත. විවිධ මානව විද්‍යාඥයන් මේ කුරු බවට හේතු අනාවරණය කර ගන්නට විවිධ පර්යේෂණ ද කර ඇති බවට ඉතිහාසය සාක්ෂි සපයයි. එහෙත් මෙහි වන විශේෂත්වය වන්නේ, එකී කිසිදු පර්යේෂණයකින් ඊට බලපෑ නිශ්චිත හේතුවක් මතෛක් අනාවරණයවී නොතිබිමයි. එමෙන්ම පර්යේෂණ පවත්වා ඇති විද්‍යාඥයන් සියලුදෙනා දේශීය පර්යේෂකයන්ය. ඊට හේතුව වී ඇත්තේ, විදේශීය විද්වතුන්ට මෙහි පැමිණ පර්යේෂණ කරන්නට චීන රජය අවකාශ සලසා නොදීමය.
කෙසේ වතුදු විද්‍යාවෙන් මීට හේතුවක් සොයාගන්නට නොහැකිවූවාට මේ සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ නම් ඕනෑ තරම් කතා පවතී. ඉන් එක් ජනප්‍රවාදයක් වන්නේ, කාලයකට ඉහත ගිම්හානයේ රැයක යැන්ග්සි ගම පුරා අත්භූත රෝගයක් පැතිර ගොස් ඇත. රෝගයට ගොදුරු වූවෝ, අවුරුදු පහත් හතත් අතර වයස්වල පසුවුණු දරුවෝය. පසුව රෝගය සුව වුවද, ඒ හේතුවෙන් දරුවන්ගේ ශාරීරික වර්ධනය නැවතුණු බව ගම්මුන්ගේ අදහස ය. ශරීර වර්ධනය බාල වූවා පමණක් නොව, ඇතැම් දරුවන් අංගවිකල බවට පත්වූ බවට ද රාවයක් පවතී.
ඒ සම්බන්ධයෙන් වන තවත් කතාවක සඳහන් වන්නේ, නරක ආත්මයන්ගේ බලපෑමක් නිසා තම ගම්වැසියන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවකි. නිසියාකාරව වතාවත් නොපවත්වා, මුතුන් මිත්තන්ගේ අවසන් කටයුතු සිදුකිරීම නිසා, ඔවුන්ගේ ශාපයකින් මෙවන් විපත්තියකට මුහුණදී ඇති බව ඔවුහු පවසති.එක්තරා කැස්බෑවෙකු මරා ආහාරයට ගත් නිසා මෙම කුරු බව තමන්ට උරුමවූ බව කියවෙන තවත් කතාවක්ද මේ අතර වෙයි. එනම්, එක්තරා පිරිසක් විකෘති ස්වභාවයකින් යුතු  කැස්බෑවෙකු මරා පුළුස්සා කෑ බවත්, ඉන් අනතුරුව ගම පුරා අමුතුම රෝගයක් පැතිර යන්නට පටන්ගෙන ඇති බවත්, ජනප්‍රවාදයේ සඳහන්වේ. රෝගයට හේතුව එකී ශාපය බවත්, ඒ නිසා ගම්වැසියන් උසින් නොවැඩෙන බවත්, ජනතාව විශ්වාස කරති.
කෙසේවතුදු, යැන්ග්සි ගම්මානයේ කුරු මිනිසුන් ඉපදීම තවමත් විසඳා ගත නොහැකිවූ ගැටලුවකි. මේ පිළිබඳව ජනප්‍රවාද කොතෙකුත් වෙතත්, එය විද්‍යාත්මකව පහදා දෙන්නට හැකි පර්යේෂණයක් කෙරෙන තුරු සියල්ලෝ දෑස් දල්වා බලා හිඳිති.

ගයාත්‍රි ගීගනආරච්චි

 
IMAGE

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1045

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2557

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1791

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2725

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3746

බඩ වැඩි නිසා කැච් අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා

IMAGE 2017 Jun 20 09:58
ශ්‍රී ලංකාවේ තාමත් භාවිතා කරන්නේ 1960 ගණන්වල ව්‍යායාම බවත්, බඩට කරවන ව්‍යායාම තවමත් 75-80 කාලවල කළ...
Views - 4254

Please publish modules in offcanvas position.