lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

පිළිකාවෙන් මා මිය ගියේ නැත

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍ය ගමගේ පිළිකා රෝගය සඳහා රසායන ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...
 
2017 ජුනි 18  ලක්බිම ඉරිදා සංග‍්‍රහයේ ‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ ශීර්ෂය යටතේ මා ලියූ 14 වන ලිපිය පළ විය. එහි මාතෘකාව වූයේ ‘පිළිකා රෝගීන් සම`ග කණ්ඩායම් සාකච්ඡුාවකට සහභාගි වුණෙමි’ යන්නයි. එම ලිපිය සමග මහරගම අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ ප‍්‍රධාන හෙද නිලධාරිනි කුසලා රණතුංගගේ ඡුායාරූපයක්ද පළ වී තිබුණි. 
එම ලිපිය කියවන ලෙස කුසලා හෙද සොහොයුරියට දැනුම් දීමට සිතා මම ඇයට දුරකථන ඇමතුමක් ගතිමි.
‘’සුබ උදැසනක් කුසලා’’
‘‘සුබ උදැසනක් සර්’’
‘‘අද ඉරිදා ලක්බිමේ ලිපිය කියෙව්වාද? ඔයාගේ පින්තූරෙත් ඒකේ ලස්සනට දාලා තියෙනවා’’
‘‘අනේ සර් මගෙ පින්තූරය නම් පත්තරේ වැටුණේ නැතත් කමක් නැහැ. මම හරි දුකින් හිටියේ.සර් ගැන බොරු කතාවක් හැම තැනම පැතිරෙනවා. ඒ ගැන මට හරි දුකයි’’
‘‘මොකද්ද මං ගැන පැතිරෙන බොරු කතාව?’’
ඇය එය කීමට අදිමදි කරය.ි
‘‘අනේ මන් දන්නේ නැහැ මේක සර්ට කොහොම කියන්නද කියලා. සර් ගැන හරිම කනගාටුදායක ආරංචියක්.... සර් අපේ ආයුෂත් අරන් අරන් ජීවත් වෙන්න  ඕනේ’’
‘‘ආ... මම මැරුණා කියන ආරංචියද?’’
‘‘අන්න හරි, මම ඒක දැනගත්ත ගමන් සර්ගේ හොස්පිටල් එකට කෝල් එකක් දුන්නා. ඒ අයගෙන් දැන ගත්තා සර් හොඳින් ඉන්න බව. සර් මාපලගම වෛද්‍ය සායනයක් පවත්වන්න ගිය බවත් ඔබතුමා වෙනුවෙන් සංවිධානය කර ඇති පිරිත් පිංකමකට සහභාගි වීමට ගිය බවත් දැන ගන්න ලැබුණා. ඒක අහල මම හරිම සතුටට පත් වුණා’’
‘‘අපෝ මම මැරුණා කියන කතාව පරණ කතාවක්නේ’’
මම ඇයට මාගේ මිය යෑම පිළිබඳ අතීත කතාව විස්තර කර දුනිමි.
දිනය - 2017 පෙබරවාරි 9
මම මගේ අවසන් (6 වන) කීමෝතෙරපි ප‍්‍රතිකාරය සඳහා මහනුවර රෝහලේ 48 වාට්ටුවට ඇතුළත් වී, කීමෝතෙරපි ප‍්‍රතිකාරය අන්තර් ශිරා මගින් ශරීරගත කරගනිමින් සිටියෙමි.
මාගේ සහයට පැමිණි ඥාති පුත‍්‍ර සම්පත් සහ මා මිත‍්‍ර අජිත් කලබලයෙන් මා වෙත පැමිණ යම් බැරැුරුම් දෙයක් කියන්නට තනන බව පෙනුණි. 
‘‘බාප්පේ මේකට මොනවා හරි ඉක්මනට කරන්න වේවි’’ සම්පත් පැවසුවේය. 
‘‘මොකටද? ඇයි මොකක්ද වෙලා තියෙන්නේ’’
‘‘බාප්පා අන්ත‍්‍රාවෙලා කියලා හැම තැනම බොරු කටකතාවක් පැතිරෙනවා. දැන් මටත් අජිත්ටත් කෝල් ගණනාවක්ම ආවා, බාප්පගේ තත්වය ගැන විමසලා...’’
එම කතාව අසා මමද කලබලයට පත් වුණෙමි. 
සතුටක්ද දැනුණි. 
සිනහවක් ද මැවුණි. මක්නිසාද යත් මා මියගොස් නැති බැවිනි. 
මෙය කටකතාවකි...
‘‘කටකතා කුහකයන් විසින් නිර්මාණය කරන අතර මෝඩයන් විසින් පතුරවයි, බූරුවන් විසින් පිළිගනී’ මෙවැනි පෝස්ටරයක් මුහුණු පොතේ දැක ඇත්තෙමි. එමෙන්ම ‘ගින්නක් නැතිව දුමක් නොනැගේ’ කියාද පිරුළක් ඇති බව සිහියට නැගුණි. 
මා උදේ පාන්දර මහනුවර රෝහලට එන විට නිවසේ සිට කොළඹ නුවර පාර දක්වා වූ ‘පාලේගොඩ පාර’ නම් වූ මාවතේ සුදු කොඩි එල්ලා තිබුණි. කොළඹ නුවර පාරට එම මාවත වැටෙන තැන විශාල සුදු කොඩියක්ද විය. මිය ගිය තැනැත්තා මගෙන් ප‍්‍රතිකාර ගත් අයෙකි. ඔහු ගමේ පුද්ගලයෙක් නොවේ. ඇල්පිටිය ප‍්‍රදේශයේ සිට තම සොහොයුරා වෙත පැමිණි අවිවාහක පුද්ගලයෙකි. එබැවින් ගමේ උදවිය එම පුද්ගලයා ගැන දැන සිටියේ නැත. සුදු කොඩි එල්ලා තිබුණා මිස මිය ගිය පුද්ගලයාගේ නමක් සඳහන් කොඩියක් හෝ පත‍්‍රිකාවක් වත් දකින්නට නොතිබුණි. එබැවින් පාලේගොඩ පාරේ මිය යාමට සුදුසුකම් ලත් පිළිකා රෝගයෙන් පෙළෙන මා මිය ගියා යැයි යම් කිසි කුහකයෙකු විසින් බොරු කතාවක් නිර්මාණය කරන්නට ඇත. එය මෝඩයන් විසින් පතුරවමින් පවතින බව පෙනේ. සමහර බූරුවන් විසින් එය පිළිගන්නටද ඇත. එහෙත් බුද්ධිමතුන් විසින් මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට දුරකථන පණිවුඩ දෙමින් උත්සුක වන බව පෙනේ.
දැන් මා ගත යුතු පියවර කුමක්ද? මොහොතක් කල්පනා කළෙමි. 
‘‘සම්පත් ගන්න මගේ ෆොටෝ එකක්’’
මම මගේ සෙල්ෆෝනය සම්පත් වෙත දිගු කළෙමි. මා සිනාසෙමින් එයට මුහුණ දුන්නෙමි. ඉන්පසු මා විසින් මුහුණුපොතේ පවත්වාගෙන යන ‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ පෝස්ටයේ 40 වැන්න නිර්මාණය කළෙමි. එය මෙසේ ය. 
‘මා මිය ගියේ නැත.
හොඳ සුවයෙන් සිටිමි.
මේ අවස්ථාවේද මම මහනුවර රෝහලේ 48 වාට්ටුවේ අවසාන කීමෝතෙරපිය ලබමින් සිටිමි. 
ගින්නක් නැතිව දුමක් නොනැෙ`ග් යැයි කතාවක් තිබේ. මා මිය ගියා යැයි කටකතාවක් ශීඝ‍්‍රයෙන් පැතිරීමට ප‍්‍රධාන හේතුව නම් අපේ ගමේ ගම්වැසියෙක් මිය යෑම නිසා මාගේ නිවසට යන පාලේගොඩ පාරේ සුදු කොඩි ඇදීමයි. 
පිළිකාවක් හැදුණු විට සාමාන්‍ය ජනතාව සිතන්නේ ඔහු ටික දිනකින් මිය යාවි කියා ය. ඒ අනුව බලන කල මා හට පිළිකාව ඇති වී මාස හතරක් පමණ ගත වී තිබේ. මිය යාමට කාලය හරිය. 
එහෙත් පිළිකාවක් කල්තියා හඳුනාගෙන ප‍්‍රතිකාර කළහොත් එය නිට්ටාවට සුව කළ හැකිය. ඒ බව දන්නේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් පමණි.’
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

10 වන කොටස - ප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

11 වන කොටස -  පිළිකාවට හේතුව යකැදුරෙකුගේ සාපයක් බවට මතයක්

12 වන කොටස - අප්‍රාණික වූ දකුණු අතට සුවය ගෙන ආ භෞත චිකිත්සක ප්‍රතිකාර

13 වන කොටස -  විකිරණ ප්‍රතිකාරයෙන් පසු පිළිකාව පලා යයි

14 වන කොටස - ආගමික පූජා මගින් පිළිකාව සුව කළ හැකිද? 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 433

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1866

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3747

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2722

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3375

Please publish modules in offcanvas position.