lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

විකිරණ ප්‍රතිකාරයෙන් පසු පිළිකාව පලා යයි

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැළඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍ය ගමගේ පිළිකා රෝගය සඳහා රසායන ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...
 
තෙවැනි කීමෝතෙරපියෙන් පසු පෙට් ස්කෑනයක් කිරීමට තීරණය කළේ මාගේ ශරීරයේ කිනම් තැන්වල ලිම්ෆෝමා පිළිකාව පැතිර තිබේදැයි ස්ථීරවම දැනගැනීම සඳහාය. 
ලංකාවේ පෙට් ස්කෑන් යන්ත‍්‍රයක් මේ වන විට තිබෙන්නේ කොළඹ ප‍්‍රධාන පෞද්ගලික රෝහලක පමණි. පෙට් ස්කෑන් යන්ත‍්‍රය සහ පෙට් ස්කෑන් කිරීම පිළිබඳ විස්තරයක් පසුව සටහන් කරන බැවින් ඒ පිළිබඳව වැඩි විස්තර මෙහි නොලියමි. 
පෙට් ස්කෑන් පරීක්ෂණයට අනුව පිළිකාව පෙනෙන්නට ඇත්තේ දකුණු කිහිල්ලේ පමණි. කිහිල්ලෙන් පිටත හෝ පපුව, උදරය හෝ ශ්‍රෝණි ප‍්‍රදේශයේ කොහේවත් පිළිකා ෙසෙල නැත.  එය ඉතාමත් සතුටුදායක ආරංචියකි.  
කෙසේ වෙතත් කිහිල්ලේ ඇති ලිම්ෆෝමා පිළිකාව සෙ.මී. 5.4 x 3.9 x 3.5cm පමණ විශාල වූවකි. එය උරයේ සිට අත දක්වා ගමන් කරනු ලබන ස්නායු ජාලයේ පහළ කෙළවර තෙරපෙන බව පෙනුණි. 
දැන් මා සතුව පෙට් ස්කෑන්, සී.ටී. ස්කෑන් සහ එම්.ආර්.අයි. ස්කෑන් වාර්තා තුනක්ම ඇත. ඒවාද රැගෙන ගොස් මාගේ මිත‍්‍ර පිළිකා රෝග විශේෂඥයන් වන මහනුවර රෝහලේ පිළිකා රෝග විශේෂඥ සේනක කන්දෙගෙදර සෙලින්කෝ පිළිකා රෝහලේ ප‍්‍රධාන පිළිකා රෝග විශේෂඥ  සරත් අබේකොන්ම හරගම පිළිකා රෝහලේ සේවය කළ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහරගම පිළිකා රෝහලේ සේවය කළ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා 
මහරගම රෝහලේ ප‍්‍රධාන පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රියන්ත මඩවල එක්සත් රාජධානියේ ලන්ඩන් හි සේවය කරන රක්තවේදය පිළිබඳ විශේෂඥ ෆිනෙලා බි‍්‍රටෝ බබාපුල්ලේ (ෆේස් බුක් සහ ඊ මේල් මගින්)  යන අය සමග එ්වායේ රෝගී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළෙමි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය රත්නායක මහතා නිවාඩුවක් සඳහා ලංකාවටම පැමිණ සිටි අවස්ථාවේද කොළඹ හිල්ටන් හෝටලයේදී හමුවුණෙමි. 
මේ අතරින් වෛද්‍ය සරත්, ජයන්ත, සේනක සහ බි‍්‍රටෝගේ තීරණය වූයේ කීමෝතෙරපි දෙන ගමන්ම කිහිල්ලේ ලිම්ෆෝමාව විනාශ කිරීම සඳහා විකිරණ ප‍්‍රතිකාර හෙවත් රේඩියේෂන් තෙරපි ලබා දිය යුතු බවයි. එහෙත් වෛද්‍ය මහේන්ද්‍ර, මඩවල සහ රත්නායක යන අයගේ අදහස වූයේ පළමුවෙන් කීමෝතෙරපි 6ක් දී අවසන් කොට ඉන් පසුව පෙට් ස්කෑන් පරීක්ෂණය කොට බලා තවදුරටත් ලිම්ෆෝමා පිළිකාව කිහිල්ලේ ඉතිරි වී තිබේ නම් පමණක් එය විනාශ කිරීම සඳහා විකිරණ ප‍්‍රතිකාරය ලබා දිය යුතු බවයි. 
විකිරණ ප‍්‍රතිකාර හෙවත් රේඩියේෂන් තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ කරන්ට් ඇල්ලීම හෙවත් ලයිට් ඇල්ලීම ලෙසය. කෙසේ වෙතත් සේනක කන්දෙගෙදර මහතාට ඔහුගේ ගුරුවරයකු වූ ජයන්ත බලවර්ධන මහතා ලබා දුන් උපදෙස් අනුව මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ අංශයේ හොඳ පළපුරුද්ද ඇති පිළිකා රෝග විශේෂඥ ස්කන්ධරාජා මහතා වෙත ලිපියක් මගින් මා යොමු කරන ලදී. 
මහරගම රෝහලට ගොස් විශේෂඥ වෛද්‍ය ස්කන්ධරාජා මහතා හමු වී විකිරණ ප‍්‍රතිකාර කිරීමට පෙර ඒ සඳහා මා සූදානම් කිරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු (සිමියුලේෂන්) සැලසුම් කිරීම සඳහා මා හට දිනයක් දෙන ලදී.
මෙතැන් සිට මා විස්තර කරන්නට යන්නේ විකිරණශීලි ප‍්‍රතිකාර මගින් සිදුවන්නේ කුමක්ද යන්නයි. 
විකිරණ නැත්නම් රේඩියේෂන් යනු එක්ස්-රේ ගැනීමේ දී භාවිතා කරන කිරණම වේ. එහෙත් එහි ශක්තිය සාමාන්‍ය එක්ස් කිරණවලට වඩා ඉතාමත් ප‍්‍රබල වන අතර එය ලබා දෙන කාලය ද එක්ස්-රේ ගැනීමේදී මෙන් තත්පරයකට වඩා අඩු නොව විනාඩි කිහිපයකි. විකිරණ ප‍්‍රතිකාරයෙන් පසු විකිරණශීලීතාවය ශරීරය තුළ රැඳෙන්නේ නැත. ඒ නිසා කිරණ ප‍්‍රතිකාර දීමෙන් පසු ඔවුන් අසල සිටින අයට අනතුරක් නැත. 
විකිරණ ප‍්‍රතිකාරයේදී සිදු වන්නේ වේගයෙන් වැඩෙන ෙසෙලවල න්‍යෂ්ටියේ ඇති DNA අණු විනාශ කිරීම ය. එවිට එම ෙසෙල මියයයි. පිළිකා ෙසෙල නැවත නොවැඬේ. එහෙත් ඒ අවට ඇති විනාශ වූ ස්වභාවික ෙසෙල නැවත වැඬේ. එබැවින් විකිරණ ප‍්‍රතිකාරය හරියටම පිළිකාවට පමණක් ලබා දීම සඳහා කිරණ භාවිතා කළ යුතු වේ. අවට සාමාන්‍ය ෙසෙල නැවත වර්ධනය වීමට අවස්ථාව  සැලසීම සඳහා දිනකට විනාඩි කිහිපය බැගින් දින ගණනාවක් තිස්සේ විකිරණ   ප‍්‍රතිකාර ලබා දීම කරනු ලැබේ. 
 
සුඵ කිරණ ප‍්‍රතිකාරවලදී අතුරු ආබාධ ඇති නොවුවත් සති කිහිපයක් දිනපතා ප‍්‍රතිකාර කළහොත්, කිරණ ඇල්ලූ ප‍්‍රදේශයේ සම පිළිස්සුන ස්වභාවයක් ඇති වී ඇගේ දුබල ගතියක් ඇති වීම, ඔක්කාරය, බඩ බුරුලට යෑම, රක්තහීනතාවය සහ රුධිරයේ සුදු  රුධිරාණු අඩු වී ආසාදනවලට ලක්වීම සිදුවිය හැකිය. රුධිර පට්ටිකා අඩු වුවහොත් හම යට රුධිර ලප හට ගැනීම සහ විදුරුමසේ හෝ නාසයේ හෝ තුවාල වුවහොත් වැඩිපුර රුධිර ගලනය සිදුවිය හැකිය.
මාගේ පිළිකාව දකුණු කිහිල්ලේ පිහිටි බැවින් කොඳු ඇට පෙළ, පෙනහළු සහ හෘදය වැනි වැදගත් ඉන්ද්‍රියන්ට තරමක් ඈතින් පිහිටා ඇත. එබැවින් විකිරණ මගින් ඒවාට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ අඩුය. එබැවින් විකිරණ ප‍්‍රතිකාරවලට යෑම මා හට එතරම් ගැටලූ සහගත තත්ත්වයක් නොවීය. 
පස් වන කීමෝතෙරපියෙන් පසු රුධිරයේ සුදු රුධිරාණු අධික ලෙස පහළ බැසීම නිසා මා හට වෛරස් උණක් සහ දෙවනුව නියුමෝනියා (පෙනහඵ ආසාදන) ඇති වී රෝහල් ගත වීමට සිදු විය. එබැවින් විකිරණශීලි ප‍්‍රතිකාරය කල් දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කරන ලදි. 
විකිරණශීලි ප‍්‍රතිකාර ලබා දෙන ක‍්‍රම කිහිපයකි. මා හට විකිරණශීලි ප‍්‍රතිකාර ලබා දීමට සැලසුම් කළේ බාහිරයේ සිට කිරණපත එල්ල කිරීමෙනි. එහිදී ලීනියර් ඇක්සිලරේටර් නම් එක්ස්-රේ යන්ත‍්‍රය මගින් අධි මෙගාවෝල්ටේජ් විකිරණ කිරණ විශේෂයක් පිළිකාව වෙත එවනු ලැබේ. එය සිදුකරනු ලබන්නේ විශේෂ ආරක්ෂිත කාමරයක් තුළය. ප‍්‍රතිකාර ලබන්නා පමණක් කාමරයක් තුළ රඳවා, ප‍්‍රතිකාර කරන්නා කාමරයෙන් පිටත සිට කොම්පියුටර් තිර උපයෝගී කර ගනිමින් එම ප‍්‍රතිකාරය දෙනු ලැබේ.
සමහර පිළිකා සඳහා විකිරණ ප‍්‍රතිකාර කරනු ලබන්නේ පිළිකාව ඇති ස්ථානයට විකිරණශීලි ද්‍රව්‍යයක් ඇතුළු කිරීමෙනි. උදාහරණයක් ලෙස ගර්භාෂ ගෙළේ පිළිකාව, මූත‍්‍රාශයේ පිළිකාව සහ යෝනි මාර්ගයේ පිළිකාව දැක්විය හැකිය.
දිවේ හා පියයුරු පිළිකාවලට ප‍්‍රතිකාර කීරීමේදීද සමහරවිට මෙම ක‍්‍රමය භාවිතා කරනු ලැබේ. 
විකිරණශීලි අයඩින් උරා ගන්න තයිරොයිඞ් ග‍්‍රන්ථියට පමණක් නිසා තයිරොයිඞ් පිළිකා සඳහා විකිරණශීලි අයඩින් මුඛයෙන් පෙති ලෙස හෝ නික්ෂේපණ ලෙස දෙනු ලැබේ. මේ අයුරින්ම විකිරණශීලි ස්ටෙ‍්‍රන්ටියම් පුරස්ථි ග‍්‍රන්තියේ පිළිකා සඳහා දෙනු ලැබේ. 
මා හට කීමෝතෙරපි හයක් ලබාදීමෙන් පසුව කරන ලද පෙට් ස්කෑන් පරීක්ෂණයෙන් පෙනී ගියේ කිහිල්ලේ පිළිකාව සම්පූර්ණයෙන් වියැකී ගොස් නොමැති බවය. එබැවින් මා හට රේඩියෝතෙරපි හෙවත් විකිරණ ප‍්‍රතිකාර ලබා දීම කරන ලදී. 
දින 22ක් තිස්සේ (සති අන්තයේ හැර) ලබා දුන් කිරණ ප‍්‍රතිකාරය අවසානයේ කිහිල්ලේ ඇති පිළිකාව අතුරුදහන් වී ඇති බවක් දැනේ. එහෙත් එය ස්ථිරවම දැන ගත හැක්කේ විකිරණ ප‍්‍රතිකාර අවසන් වී මාස දෙකක් ගත වීමෙන් පසු කරනු ලබන ස්කෑන් පරීක්ෂණයකිනි.
මා හට ලබා දුන් විකිරණ ප‍්‍රතිකාර මාලාව අවසන් වුණේ මැයි මස 7 වෙනිදාය. එබැවින් විකිරණ ප‍්‍රතිකාර මගින් ගෙඩිය වියැකි ඇත්දැයි බලා ගත හැක්කේ ජූලි මස 7 වෙනිදායින් පසුව කරනු ලබන ස්කෑන් පරීක්ෂණය මගිනි.
ජුනි මස 29 වෙනිදා සිට අගෝස්තු මස 18 වෙනිදා දක්වා මා ඇමෙරිකාවේ සහ  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බැවින් එම පරීක්ෂණය ඇමෙරිකාවේ දී හෝ  ඕස්ටේ‍්‍රලියාවේදී කර ගැනීමට බලාපොරොත්තු වෙමි.
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

10 වන කොටස - ප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

11 වන කොටස -  පිළිකාවට හේතුව යකැදුරෙකුගේ සාපයක් බවට මතයක්

12 වන කොටස - අප්‍රාණික වූ දකුණු අතට සුවය ගෙන ආ භෞත චිකිත්සක ප්‍රතිකාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 433

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1866

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3747

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2722

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3375

Please publish modules in offcanvas position.