lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

අප්‍රාණික වූ දකුණු අතට සුවය ගෙන ආ භෞත චිකිත්සක ප්‍රතිකාර

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍ය ගමගේ පිළිකා රෝගය සඳහා රසායන ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...
 
දැඩි සත්කාර ඒකකයේ සිටිය දී මා හට ඇති වූ ප‍්‍රධානතම ගැටලූව නම් දකුණු අතේ හට ගත් වේදනාව සහ ඇඟිලි ඉදිමී හිරිවැටී පණ නැති වීම යි. දැන් මා හට කිසිවක් දකුණු අතින් ඇල්ලීමට හෝ ලිවීමට නො හැකිය. වැලමිටෙන් සහ උරහිසින් නම් නැවිය හැකි ය. ඒ පිළිබඳව ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරිය වෙත දන්වන ලදී. ඇය පැමිණ පරීක්ෂාකොට සැත්කමෙන් ගෙඩිය ඉවත් කළ ප‍්‍රදේශයේදී ගෙළේ අවසාන කොඳු ඇටයෙන් එළියට එන (C8) ස්නායුව සහ උරස් කොඳු ඇට පෙළේ පළමු කොඳු ඇටය දිගේ එළියට එන (T1) ස්නායු තෙරපෙන බව නිගමනය කළාය. එය ස්ථිර කිරීම සඳහා ඇය විසින් Nerve Conduction Study(ස්නායු සන්නායක අධ්‍යයනයක්) සඳහා මා මිත‍්‍ර මහාචාර්ය විජිත වීරසිංහ වෙත යොමු කරන ලදී. ඔහුගේ පරීක්ෂණ ප‍්‍රතිඵල අනුව ස්නායු රෝග වෛද්‍යවරියගේ නිගමනය ස්ථීර විය. 
 
අතේ හට ගත් අධික වේදනාව සඳහා ගැබාපෙන්ටින්, ප‍්‍රී ගැබලින්, ස්ටීරොයිඞ්, මෝෆීන්, පෙතිඩින් වැනි වේදනානාශක ඖෂධ ලබා දුන්නත් ඒවායින් වැඩි සහනයක් ලැබුණේ නැත. අතේ වේදනාවට අමතරව මාගේ සිතේ වේදනාව අධික වීමට හේතු වූයේ මගේ දකුණු අතේ ඇඟිලි අප‍්‍රාණික වීමයි. 
මා දකුණත්කරුවෙක්මි. දක්ෂ චිත‍්‍ර ශිල්පියෙක්මි. සුළු සැත්කම් කිරීමට දක්ෂයෙක්මි. පුවත්පත්වලට ලිපි සපයන්නෙක්මි. පොත්පත් ලියන්නෙක්මි. ඒවා කිසිවක් දැන් මට කළ නොහැක. අනාගතයේ දී මා හට ඒවා කිසිවක් කිරීමට නොහැකි වේවිද? හිතට දැනෙන්නේ මහත් බියකි. මා මෙය කෙසේ හෝ සුව කර ගත යුතුමය.
අනාගතයේ දී අත ප‍්‍රකෘති තත්ත්වයට ගැනීමට නම් දැන් සිටම අතට ව්‍යායාම දෙමින් එය කොර වීම වැළැක්විය යුතු ය. එබැවින් වහාම භෞත චිකිත්සාව හෙවත් පිසියොතෙරපි ආරම්භ කළ යුතුය. මා ඒ පිළිබඳව වාට්ටුවේ වෛද්‍යවරුන් සමග සාකච්ඡුා කළෙමි. ඔවුන් වහාම පේරාදෙණිය රෝහලේ පිසියොතෙරපි දෙපාර්තමේන්තුවට දන්වා මාගේ අතට ව්‍යායාම හෙවත් පිසියොතෙරපි දීමට භෞත චිකිත්සකවරයෙකු හෙවත් පිසියොතෙරපිස්ට් කෙනෙකු සූදානම් කළේය.
දින දහයක් දැඩි සත්කාර එ්කකයේ ප‍්‍රතිකාර ලබා ඉන් ඉවත් වන විට මා ඇඳ ඉහපතේ අත්සන තැබිය යුතු වේ. එහෙත් මා හට එය කළ නොහැකි විය. මා අත්සන වෙනුවට මාපටඟිලි සලකුණ තබන විට මාගේ ඇස් දෙකේ පමණක් නොව අත්සන ලබා ගැනීමට පැමිණි හෙදියගේ ඇස්වලින්ද කඳුළු ගලා ගියේය. 
දැඩි සත්කාර ඒකකයේ සිට නිවසට පැමිණ දා සිට දිනපතා මාවනැල්ල රෝහලේ භෞත චිකිත්සක තුෂාර ඒකනායක මහතා සවස් යාමයේ නිවසට පැමිණ පිසියොතෙරපි හෙවත් භෞත චිකිත්සාව, ඉලෙක්ටි‍්‍රකල් ස්ටිටියුලේෂන් හෙවත් විද්‍යුත් උත්තේජන ප‍්‍රතිකාර ලබා දුන්නේ ය. ඊට අමතරව ධාන්‍ය ඇට කුප්පියකට දැමීම, පෑන අල්ලා ගෙන තනි රූල් පොතක රවුම් සහ කොටු ඇඳීමට ඔහු විසින් හුරු කරන ලදී. මාස දෙකක් පමණ යන විට මා හට පෑන ඇල්ලීමට හැකි වූ අතර අකුරු යන්තමින් කුරුටු ගාන්නට හැකි විය.
දැන් මාගේ සිතට දැනෙන්නේ විශාල සතුටකි. කුරුටු අකුරෙන් හෝ ලියන්නට හැකි වීම එම සතුට හේතුව යි. 
වේදනාව අඩු වීම සඳහා මාස 3 ක් පමණ ප‍්‍රි ගැබලින් නැමති ස්නායු වේදනා නාශක ඖෂධය ලබා ගැනීමට සිදු විය.  
මේ අතරතුර අත පණ නැති වීම හේතුව හරියට දැන ගැනීම සඳහා තවත් ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු හමු වීමට මම ගියෙමි. එනම් මහනුවර ස්නායු වෛද්‍ය විශේෂඥ ඉඳුනිල් විජේවීර, කුරුණෑගල ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ඞී. එම්. ඩබ්ලිව්. ධර්මකීර්ති මහතා සහ මා මිත‍්‍ර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් ගුණතිලක යන අය ය. මහාචාර්ය සමන් ගුණතිලක සහ මා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්තේ එකම වසරේ ය. 
ඔවුන්ගේ අදහස වුණේ මාගේ කිහිල්ලේ සහ උරයේ MRI ස්කෑනයක් කර බැලිය යුතු ය යන්නයි.
චුම්බක ක්ෂේත‍්‍රයක් මගින් ක‍්‍රියාත්මක වෙන Magnetic Resonance Imaging නමැති MRI ස්කෑනය මගින් මාගේ උරහිසේ සිදු වී ඇති දෙය පැහැදිලිව දැක ගත හැකි විය.
විකිරණශීලී විශේෂඥ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවට අනුව මාගේ කිහිල්ලේ පිළිකා ගෙඩි දෙකක් තිබී ඇත. ශල්‍යකර්මය මගින් ඉවත් කර ඇත්තේ එකකි. අනික මාගේ අත වෙත ගමන් ගන්නා ස්නායු ජාලය (Brachial Plexus) තෙරපයි. එම පිළිකාව ස්නායු ජාලය තුළට ද ස්නායු වට කරගනිමින් වැඞී ඇති බව පෙනේ. 
කෙසේ වෙතත් දැන් මාගේ අතෙහි ක‍්‍රියාකාරිත්වය සෙමින් සෙමින් දියුණු අතට පත් වීමෙන් පෙනෙන්නේ එම ලිම්ෆෝමාව කීමෝතෙරපි මගින් ලබා දුන් රසායනයන් නිසා හැකිලෙමින් පවතින බවයි. දියවෙමින් පවතින බවයි. තවත් ටික කලත් යන විට අතෙහි පණ නැති ගතිය පහ වී සාමාන්‍ය තත්වයට හෝ සාමාන්‍ය තත්ත්වයට ආසන්න මට්ටමකට පත්වේය යන්න ස්නායු වෛද්‍ය විශේෂඥයන්ගේ නිගමනය විය.  
කීමෝතෙරපි අවසානයේ දී කරන ලද CT/PET ස්කෑන් පරීක්ෂණයෙන් පෙනී ගියේ කිහිල්ලේ තිබූ පිළිකාව සම්පූර්ණයෙන් වියැකී ගොස් නැති බවයි. එබැවින් වහාම මහරගම රෝහලට ගොස් විශේෂඥ වෛද්‍ය ස්කන්ධ රාජා මහතා හමු වී රේඩියෝතෙරපි හෙවත් කිරණ ප‍්‍රතිකාර ආරම්භ කළෙමි. 
කිරණ ප‍්‍රතිකාර මගින් පිළිකාව හැකිලි යන බව පෙනුණි. දැන් ඉතිරිව ඇත්තේ මුල දී තිබුණ අප‍්‍රාණිකතාවයෙන් 10% ක් පමණ ප‍්‍රමාණයකි.
චෙක් පත්වල කතිරයක් ගසා ඇඟිලි සලකුණ තැබූ මා හට දැන් හොඳින් අත්සන තැබීමේ හැකියාව ලැබී තිබේ.
මේ ලිපිය ලියන අවස්ථාව (2017 මැයි 20) වන විට මා හට හොඳින් අකුරු ලිවීමේ හැකියාව තිබේ. එහෙත් වතුර ජෝගුවක් වැනි ලොකු බරක් දකුණු අතින් එසවිය නොහැක. 
මේ වන විට සුළු සැත්කම් රෝහල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව කරගන යාමේ හැකියාව ලැබී තිබේ.
මෙම ලිපිය පරිගණක ගත කරන ශ්‍යාමලී මෙනවිය පසුගිය දින විවාහ පත් විය. ඇයගේ පාර්ශ්වයෙන් විවාහය සඳහා සාක්ෂියට අත්සන් තැබුවේ ද මා විසිනි.
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

10 වන කොටසප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

11 වන කොටස -  පිළිකාවට හේතුව යකැදුරෙකුගේ සාපයක් බවට මතයක්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1233

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1020

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 4635

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2687

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1715

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 888

Please publish modules in offcanvas position.