lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

පිළිකාවට හේතුව යකැදුරෙකුගේ සාපයක් බවට මතයක්

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍යගමගේ පිළිකා ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...
 
මා විසින් නිර්මාණය කරන ලද සූර සරදියෙල් ගම්මානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතා ජනප‍්‍රිය විය. සරදියෙල් ගම්මානය නරඹා අවසානයේ දී බොහෝ දෙනෙකු අසනු ලබන පොදු ප‍්‍රශ්නයක් වේ. එ්
‘‘කවුද මේ නිර්මාණය කළ පුද්ගලයා?’’
‘‘එයාගේ තොරතුරු දැන ගන්නේ කොහොමද?’’
‘‘එයා ගැන ලියවුණු පොතක් එහෙම නැද්ද?’’
 
සූර සරදියෙල් පිළිබඳව සිංහලෙන් ලියවුණු පොත් සංඛ්‍යාව 20 කි. ඉංග‍්‍රිසියෙන් ලියවුුණ පොත් සංඛ්‍යාව 5කි. දෙමළෙන් ලියවුණ පොත් සංඛ්‍යාව 1කි. එහෙත් සරදියෙල් ගම්මානය නිර්මාණය කළ තැනැත්තා ගැන ලියවුණු පොතක් එකල නොවීය. එහි අවශ්‍යතාවය තේරුම් ගත් මා මිත‍්‍ර, නවනැලියේ විජේතුංග ‘විශ්වකර්ම වෛද්‍යවරයා’ නමින් පොතක් ලියන්නට තීරණය කළේය. ඒ දැනට වසර තුනකට පමණ පෙරය. පොත දොරට වැඞීමේ උත්සවය මාගේ 64 වන උපන් දිනයේදී කරන්නට තීරණය කරන ලද්දේ දැනට වසර දෙකකට පමණ පෙරය. එහෙත් එම දිනය එළඹෙන විට මා හට පිළිකාව වැළඳී මාස දෙකක් ගත වී තිබුණි. මාගේ පිළිකා රෝගය, පොත දොරට වැඞීමේ උත්සවයට බාධාවක් කර නොගන්නා ලෙස මම නවනැලියේ විජේතුංගට දන්වා සිටියෙමි.
‘‘එහෙනම් අපි පොත දොරට වැඞීම උපහාර උළෙලක ආකාරයට කරමු’’ කතුවරයා යෝජනා කළේය. මම එයට එකග වුණෙමි. 
මා විවාහ වී සිටින්නේ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නැගණිය සමගය. උපහාර උළෙලේ මූලාසනය දැරුවේ ඔහුය. ලක්බිම පුවත්පතින් සුන්දර හා තිස්ස පේ‍්‍රමසිරි යන මිතුරන් සහභාගි විය.
ප‍්‍රධාන දේශනය සුන්දරගෙනි. ඊට අමතරව මහින්ද කුමාර දඵපොත ද ‘විශ්වකර්ම වෛද්‍යවරයා’ පොත පිළිබඳව විග‍්‍රහයක් කළේ ය.
සියලූම කථිකයෝ මාගේ ගුණ වර්ණනා කරමින් කතා කළෝ ය. සමහර අය මා විසින් ලියනු ලබන ස්වයං චරිතාපදානයක අවශ්‍යතාවය පෙන්වා දුන්නෝ ය. මාගේ කතාවේදී මා කතා කළේ අන් කිසිවක් ගැන නොව මා හට වැළඳී ඇති පිළිකා රෝගය ගැනය. එහි වෛද්‍ය විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳවය. 
පොත දොරට වැඞීමේ උත්සවය දින වන විට මා කීමෝතෙරපි 3 ක් අවසන් කර තිබුණි. ඒ වන විට කොණ්ඩයෙන් හතරෙන් තුනක් පමණ ගොසිනි. කෑම අරුචිය නිසා ඇග තරමක් වැහැරි තිබුණි. එහෙත් ප්‍රෙඞ්නිසෙලෝන් නැමති ඖෂධය මිලිග‍්‍රෑම් 100 ක් දවසකට ගනිමින් සිටි නිසා ඇ`ගට එතරම් අපහසුතාවයක් දැනුණේ නැත. ඇත්ත වශයෙන්ම ඇඟට ශක්තියක් සහ ප‍්‍රබෝධ ගතියක් දැනුණි.
මා මැවනැල්ල ප‍්‍රදේශයට පැමිණියේ එහි සෞඛ්‍ය නිලධාරිවරයා ලෙසය. ඉන් පසු කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය කටයුතු භාර වෛද්‍යවරයා ලෙස ද, එහි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළෙමි. වසර දහතුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කළ මා ඊළඟ වසර පහ සේවය කළේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසය. ඉන්පසු මම ඉන් ඉවත් වී බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් මාවනැල්ලේ ‘ගමගේ ආරෝග්‍යශාලාව’ නමින් පෞද්ගලික රෝහලක් ආරම්භ කළෙමි. මේ අනුව මා මාවනැල්ල ප‍්‍රදේශයට පැමිණ දැනට වසර 38 ක් පමණ ගත වී තිබේ. ඒ කාලය තුළ රාජකාරි කටයුතුවලට අමතරව බොහෝ සමාජසේවා කටයුතුවල නිරත වුණෙමි. කලක් බෙලිගම්මන ගොවි සමාජයේ සහ ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ධුරය ද දැරුවෙමි. සෑම ග‍්‍රාම නිලධාරී වසමකම ග‍්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදි කළෙමි. සෞඛ්‍ය ස්වෙච්ඡුා සේවක සේවිකාවන් පුහුණු කළෙමි. 
සූරසරදියෙල් ගම්මානය නිර්මාණය කිරීමට හැකි වූයේ ද මා මාවනැල්ල ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක් ජීවත් වූ බැවිනි.
මා විසින් ආරම්භ කළ අලූත් ම ව්‍යාපෘතිය නම් කොළඹ - නුවර මාර්ගයේ හි`ගුල ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සරදියෙල් පොළයි. සරදියෙල් පොළ ඉදි කිරීමට යන භූමියෙහි පැරණි ළිඳක් තිබේ. එහි රන් උ`ඵ කැට හතරක් සහිත නිධානයක් තිබේ යැයි මිනිසුන් අතර විශ්වාසයක් පවති. එම රන් උ`ඵ කැට ගන්නට යන අය විවිධ රෝගාබාධවලට පත් වේය යන මතයක් ද පවති. 
මා එම ඉඩම බද්දට ගත්තේ එහි ඇති රන් උළු කැට නිධානය ගැනීමට යැයි කට කතාවක් ද ඒ අවට ප‍්‍රදේශයේ පැතිර ගොස් ඇති බව එහි වැඩ කරන සේවක මණ්ඩලයෙන් දැන ගන්නට ලැබුණි.
මම සෑම දෙයක් දෙසම විද්‍යාත්මකව බලන තැනැත්තෙක්මි. මිත්‍යාවට විරුද්ධව කතා කරන්නෙක්මි. මිත්‍යාවෙන් ජනතාව මුදා ගැනීම සඳහා ක‍්‍රියාකරන්නෙක්මි. 
ශ‍්‍රී ලංකාවේ රන් ආකර නොමැත. එබැවින් රනින් කෙරූ පිළිම හෝ උළු කැට හෝ කිසිවක් නොමැත. ඒ බව පසු ගිය දිනක ශ‍්‍රී ලංකා රූපවාහිනිය මඟින් ප‍්‍රචාරය කරනු ලබන ‘යථාරූප’ වැඩසටහනකට පැමිණි පුරා විද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සහ ආචාර්යවරුන් විසින් පැවසූ අතර නිදන් හෑරීම නිෂ්ඵල කටයුත්තක් බව ද ප‍්‍රකාශ කරන ලදි. 
එහෙත් මිනිසුන් අතර නිදන් පිළිබඳව පමණක් නොව පිළිකාව පිළිබඳව ද පවතින්නේ මහා මිත්‍යාවකි. 
මා ගාල්ල - මාතර ප‍්‍රදේශයෙන් පැමිණි පුද්ගලයෙක් නිසා මන්තර ගුරුකම් විශ්වාස කරන බවත්, එම ප‍්‍රදේශයෙන් ගෙන්නා ගත් මන්තරකරුවන් ලවා නිධානය ලබාගත් බවත් ඒ සඳහා නිසි පුද පූජා හා  ශාන්තිකර්ම සිදුනොකිරීම නිසා ඇති වූ ශාපයෙන් මා හට පිළිකාව ඇති වූ බවත් මිනිසුන් අතර පැතිර ගිය එක් කට කතාවකි.
පසු ගිය දිනක යථාරූප වැඩසටහනකට බදුල්ල ප‍්‍රදේශයෙන් ගුප්ත බලයෙන් ලෙඩ රෝග හඳුනා ගන්නා තැනැත්තෙක් පැමිණයේය. ඔහුට රෝගීන්  පස්දෙනෙකු ලබා දුන්නත් ඔවුන්ට වැළඳි තිබූ රෝග හඳුනා ගැනීමට නොහැකි විය. ඒ වැඩසටහනට මා ද සහභාගි විය’ ඔහු විසින් කරන ලද්දේ වැරදි රෝග විනිශ්චයන්  බව පරීක්ෂණය සහ නිරීක්ෂණය පදනම් කර ගනිමින් ඔප්පු කළෙමි. එවිට ඔහුට ඇති වූ අපහාසය නිසා ඔහු විසින් කරන ලද ශාපයකින් මා හට පිළිකාව වැළඳුනා යැයි තවත් කටකතාවක් පැතිර තිබුණි.
මාගේ පෞද්ගලික රෝහලේ භික්ෂු වාට්ටුවක් සහ බුදු මැදුරක් තිබේ. එය ඉදිකරන ලද්දේ මාගෙන් වසර විස්සක් පමණ ප‍්‍රතිකාර ලබාගත් ස්වාමින්වහන්සේ කෙනෙකු විසිනි. උන්වහන්සේ විවිධ ශාන්තිකර්ම කරන, පූජා පවත්වන සහ අණවින කොඩිවින කපන තැනැත්තෙකි. උන්වහන්සේගෙන් සේවා ලබා ගැනීම සඳහා කොළඹ වැනි දුර බැහැර ප‍්‍රදේශවලින් ධනවතුන් පැමිනේ. එබැවින් උන්වහන්සේට මුදල්හදල්වලින් අඩුපාඩුවක් නැත. මාගේ රෝහලේ භික්ෂු වාට්ටුවක් සහ බුදු මැදුරක් තැනුවේ ද උන්වහන්සේ පැමිණි විට නතර වී ප‍්‍රතිකාර ලබා ගැනීමටය. මාගේ පිළිකාව ඇති වී මාස දෙකක් පමණ ගත වූ පසු උන්වහන්සේ ද අපවත් විය. එම මිය යෑම හදිසියේ වූවක් නොව දශක දෙකක් තිස්සේ උන්වහන්සේ ට වැළඳී තිබූ දියවැඩියාව සහ හෘදයාබාධය නිසා ඇති වූවකි. එහෙත් උන්වහන්සේ අපවත් වීම සම්බන්ධකොට තවත් කටකතාවක් පැතිර ගියේ ය. එනම් අර හිගුලේ නිධානය ගැනීමට අවශ්‍ය පූජා කටයුතු කළේ අපේ ස්වාමින්වහන්සේ බවත් එම නිධානය ගැනීමේ කටයුතු නිසි ලෙස නොකළ නිසා උන්වහන්සේ ද අපවත් වූ බවත් ය. 
පිළිකාව පිළිබඳව සමාජයේ පවතින මිත්‍යාවන් කොතරම් විචිත‍්‍ර දැයි දැන් ඔබට පෙනෙනවා ඇත.
පිළිකාවක් ඇත්ත වශයෙන් ඇති වන්නේ අප පිළිසිඳ ගත් දා සිට දෙගුණ වෙමින් වැඩෙන සෛල තුළ ඇති ජාන හෙවත් ෘභ් අනුවල ඇති වන විපර්යාසයක් නිසා බවත් එයට පරිසර සාධක බලපාන ආකාරයත් මා මින් පෙර ලියන ලද ලිපියකින් 
පෙන්වා දී ඇත.
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

10 වන කොටස - ප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

 
IMAGE

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 51

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 207

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1154

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 2510

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 964

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 3131

Please publish modules in offcanvas position.