lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍යගමගේ පිළිකා ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට... 
 
මහනුවර රෝහ‍ලේ පිළිකා සඳහා ප්‍රතිකාර කරන අංශයක් තිබේ. එහි පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක් සේවය කරති. විශේෂඥ වෛද්‍ය සේනක කන්දෙගෙදර එක් අයෙකි. ඔහු ඉතාමත් කරුණාවන්ත නිවුණු ගති පැවතුම් ඇති තැනැත්තෙකි. මහනුවර රෝහ‍ලේ සිට පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කන්දෙගෙදර මා පරීක්ෂා කිරීමට පැමිණෙන තුරු මාගේ බිරිඳ මානෙල් ද මා අසල රැඳී සිටියේ ඔහු සමග සාකච්ඡා කොට මගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සැලසුම් කරගැනීම සඳහාය. මා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සේවය කරන කාලයේ වෛද්‍ය කන්දෙගෙදර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන තිබේ. එම නිසා ඔහු මා කල් තියාම දැන සිටියේය. අප හමුවන අවස්ථාව වන විට වෛද්‍ය කන්දෙගෙදරට මාගේ රෝගය, රෝගයේ අවස්ථාව සහ ශල්‍යකර්මය නිසා ඇති වුණ සංකූලතාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ්ය. 
ඩෆියුස් ලාර්ජ් සෙල් ලිම්ෆෝමා කියන්නේ වේගයෙන් පැතිරෙන පිළිකාවක්. හැබැයි ඉමියුනෝතෙරපිවලට සහ කිමෝතෙරපි හොඳින් ආන්සර් කරනවා. ඒ නිසා අපි හෙටම ඉමියුනෝතෙරපි පටන් ගෙන අනිද්දාට කිමෝතෙරපි පටන් ගමු. වෛද්‍ය කන්දෙගෙදර යෝජනා කළේය.
මා හට දෙනු ලබන ප්‍රතිකාර මාලාවට කෙටියෙන් R- CHOP(ආර්චොප්) යනුවෙනි. ඒ නම තැනී ඇත්තේ දෙන ඖෂධවල මුල් අකුරු එක් කිරීමෙනි.
 
R-Rituximab (Mabthera) Immunotherapy 
C-Cyclophosphamide
H- Hydroxydaunomycin (Doxoroubicin)
O-Oncovin (Vincristine) 
p-prednisolone (Steroid) 
 
Rituximab හෙවත් Mabthera 
යනු මොනොක්ලෝනල් ඇනටිබොඩි නම් වූ ප්‍රතිදේහ විශේෂයකි. එය ලිම්ෆෝමා පිළිකා ෙසෙල විනාශ කරන විශේෂ වූ ප්‍රතිශක්ති ඖෂධයකි. එය ඉමියුනෝතෙරපි ඖෂධයක් ලෙස හැඳින්වූයේ එබැවිනි. එය දියරයක් ලෙස (සේලයින් මෙන්) ශිරාගත කරනු ලැබේ. මෙම ඖෂධය සොයා ගනු ලැබුවේ මැතකදීය.
අනෙක් C-H-O ඖෂධ තුන අයත් වන්නේ ෙසෙල නාශක රසායනික හෙවත් කිමෝතෙරපි කාණ්ඩයටය. එම ඖෂධයන්ද සිරුරේ ශිරාවකට ඇතුළු කළ කැනියුලාවකින් දියර ලෙස (සේලයින් මෙන්) දෙනු ලැබේ. මෙම ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම දැනට වසර 50කට වැඩි කාලයක් තිස්සේ කරගෙන යනු ලැබේ. 
 
පේ‍රඩ්නිසොලොන් යනු ස්ටීරොයින්ඩ් කාණ්ඩයට අයත් පෙති විශේෂයකි. එය මගින් පිළිකා නාශක ඖෂධ නිසා ඇති විය හැකි ආසාත්මිකතාවන්ද අවම කරනු ලැබේ.
ඉමියුනෝතෙරපි සහ කීමෝතෙරපි ඖෂධ සඳහා මාගේ සිරුරේ මොන ආකාරයක ප්‍රතිචාරයක් දක්වයි දැයි නොදත් නිසා ඉමියුනෝතෙරපි 
ඖෂධය වන රිටොක්සිමැබ් හෙවත් මැබ්තෙරා පළමු දිනයේදීත් ඉතිරි (C-H-O) ඖෂධ තුන දෙවන දිනයේදීත් ශරීරගත කිරීමට විශේෂඥ වෛද්‍ය කන්දෙගෙදර තීරණය කළේය. 
 
පසුදින උදේම මහනුවර රෝහ‍ලේ පිළිකා ප්‍රතිකාර අංශයට පැමිණ අදාළ ඖෂධ රැගෙන විත් එය මා හට දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන මෙන් වෛද්‍ය කන්දෙගෙදර මානෙල්ගෙන් ඉල්ලීමක් කළේය. එය ඒ අයුරින්ම සිදුවිය.
රිටොක්සිටැබ් දීමට පෙර ප්‍රති අසාත්මික ඖෂධ (පිරිටන් හයිඩේ‍රාකෝටිසෝන්) විද්දේ එමගින් ඇති විය හැකි ආසාත්මිකතාවන් ඇති වීම වැළැක්වීමටය. වාසනාවකට මෙන් කිසිදු ඖෂධයකට මාගේ සිරුර තුළින් ආසාත්මිකතාවක් හට ගත්තේ නැත. 
දෙවන දිනයේදී ඉතිරි ඖෂධ තුන (සයික්ලොසොෆොපමයිඩ්, ඩොක්සොරුබසින් වින්ස්ක්‍රිස්ටින්) ශරීරගත කළ අතර ෆේ‍රඩ්නිසොලොන් දිනකට මි.ග්‍රෑම්. 100 බැගින් දින පහක් දුන්නේය.
පළමුවෙන්ම විශේෂඥ වෛද්‍ය කන්දෙගෙදර තීරණය කළේ සති තුනකට වරක් බැගින් කීමෝතෙරපි 8ක් දීමටය. ටික දිනකින් මා දැඩි සත්කාර ඒකකයේ සිට නිවසට යන බැවින් ඊළඟ කීමෝතෙරපි ප්‍රතිකාර ගැනීම සඳහා මහනුවර රෝහ‍ලේ 48 පිළිකා වාට්ටුවට එන ලෙස දන්වා සිටියේය. 
දිනපතා මාගේ රෝගී තත්ත්වය පිළිබඳ මගේ ලොකු දුව වෛද්‍ය වීණා සහ බෑණා කැළුම්, ලොකු අයියා බන්දු සහ ඔහුගේ බිරිඳ වෛද්‍ය අශෝකා විමසුවේය. ඔවුන් සිටියේ ඕස්ට්‍රේලියාවේය. මා සමග කොළඹ වෛද්‍ය පීඨයේ එකට ඉගෙන ගත් එංගලන්තයේ ජීවත් වන රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෆිනෙලා බ්‍රිටෝ බබාපුල්‍ලේ සහ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජීවත්වන වෛද්‍ය පූජිත එගොඩගේ මුහුණු ‍පොත හරහා සහ ඊ මේල් මගින් මා සමග සාකච්ඡා කළෝය. ඔවුන්ගේ අදහස වූයේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තයේ සහ ඇමෙරිකාවේ ද ලිම්ෆෝමා පිළිකාව සඳහා දෙන ප්‍රතිකාරය R- CHOP බවය. ඒ අනුව මා හට ලැබිය යුතු හොඳම පිළිකා නාශක ප්‍රතිකාරය ශ්‍රී ලංකාවේ මහනුවර රෝහලෙන්ද ලැබෙන බව දැන ගත් මම මහත් සතුටට පත් වුණෙමි. 
 
ප්‍රතිශක්තිකරණය හෙවත් ඉමියුනෝතෙරපි ලෙස දෙන රිටොක්සිමැඩ් (අ) මගින් කරනු ලබන්නේ ලිම්ෆෝමා පිළිකාවේ ෙසෙලවල බිත්තියේ පිහිටි ප්‍රතිදේහජනක සමග එක්වී එම ෙසෙල තවදුරටත් බෙදීම නැවැත්වීමය. 
අනෙකුත් කීමෝතෙරපි (C-H-O) විසින් කරනු ලබන්නේ වේගයෙන් වැඩෙන පිළිකා ෙසෙල විනාශ කිරීමය. එහෙත් මෙහිදී තවත් සිරුරට අහිතකර කාරණයක් සිදුවේ. එනම් සිරුරේ ඇති වේගයෙන් අනෙකුත් පිළිකා නොවන ෙසෙල වන කෙස්, මුඛයේ ශ්‍ලේෂමල ෙසෙල, බඩවැ‍ලේ බිත්තියේ ෙසෙල මුත්‍රාශයේ ෙසෙල වැනි ස්වාභාවික ෙසෙලද විනාශ වී යාමයි. කෙසේ වෙතත් එම ස්වාභාවික ෙසෙල නැවත වර්ධනය වේ. පිළිකා ෙසෙල නැවත වර්ධනය වන්නේ නැත. 
 
කීමෝතෙරපි දී දින කිහිපයක් යන විට මා හට පළමුවෙන්ම ඇති වූ අතුරු ආබාධය නම් ආහාර අරුචියයි. ඊළඟට පිහිටි කෙස් ගස් හැලෙන්නට විය. මීට අමතරව තවත් බොහෝ දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවිය. කීමෝතෙරපි දුන් අවසාන මාස දෙකේදී මාගේ රුධිරයේ තිබූ සුදු රුධිරාණු නැත්තටම නැති වී ගිය නිසා ශරීරයේ විෂ බිජවලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව නැති වී ගොස් නියුමෝනියාවද වැළඳුනේය. ඒ පිළිබඳ වැඩි විස්තර අපි ඊළඟ සතියේදී කතා කරමු. 
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

 
IMAGE

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1048

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2558

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1792

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2725

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3747

බඩ වැඩි නිසා කැච් අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා

IMAGE 2017 Jun 20 09:58
ශ්‍රී ලංකාවේ තාමත් භාවිතා කරන්නේ 1960 ගණන්වල ව්‍යායාම බවත්, බඩට කරවන ව්‍යායාම තවමත් 75-80 කාලවල කළ...
Views - 4254

Please publish modules in offcanvas position.