lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි.
අද එතැන් සිට... 
 
දකුණු කිහිල්ලෙන් ඉවත් කරන ලද ගෙඩිය වසා ගැටිතිවල හෙවත් කුද්දටිවල ඇති වෙන ලිම්ෆෝමා වර්ගයට අයත් පිළිකාවක් බව දැනගැනීමෙන් පසුව මම ඒ පිළිබඳව තොරතුරු සෙවීමට උත්සුක වුණෙමි. ඒ සඳහා මා හට පිහිට වූයේ මා විසින් භාවිත කළ ස්මාට් ෆෝනයයි. මා එය මිලදී ගත්තේ මාගේ ලොකු දුව සහ ඇයගේ පවු‍ලේ උදවිය බැලීමට ඕස්ට්‍රේලියාවට ගිය විට ටැස්මේනියා දූපතේදීය. ගූගල් අන්තර්ජාලය, යූ ටියුබය හරහා තොරතුරු වෙත ඉතා ඉක්මනින් ළඟා විය හැකි එම ෆෝනය වචනයේ පරිසමාප්තියෙන්ම “ස්මාට් ෆෝනයකි.” විද්‍යාව හා තාක්ෂණයේ අතිවිශිෂ්ට නිර්මාණයකි. 
අප සිරුර තැනී ඇති සෑම පටකයකම පාහේ පිළිකා ඇති විය හැකිය. මේ අනුව පිළිකා වර්ග සිය ගණනක් හඳුනාගෙන තිබේ. පිළිකාවන් වර්ග කරනු ලබන්නේ එසේත් නැතිනම් නම් කරනු ලබන්නේ ඉන් කපා ගත් කොටසක් අන්වීක්ෂය  තුළින් පරීක්ෂා කිරීම   මගිනි. එය කරනු ලබන්නේ ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් (පැතලොජිස්ට්) විසිනි. 
පේරාදෙණිය රෝහ‍ලේ ඇඳ ඉහපත් අංක 63398/16 යටතේ වාට්ටු අංක 1 සිට යවන ලද මාගේ කිහිල්ලෙන් ලබාගත් ගෙඩියේ නිදර්ශකය පිළිබඳ ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය එස්. විජේතුංග විසින් 2016 ඔක්තෝබර් 26 වෙනි දින නිකුත් කරන ලද වාර්තාවේ මෙසේ සඳහන් වේ. 
 
බාහිරින් නිදර්ශකය පෙනෙන අයුරු
 
සෙ.මී. 5*5 5*3 ප්‍රමාණයේ නිදර්ශකය තුළ වසා ගැටිති රොත්තක් තිබුණු අතර එය වටා මේදය තැන්පත් වී තිබුණි. එය දෙකට කැපූ විට මැද ඝන ස්වරූපයක් පෙන්වූ අතර එය තරමක් ලා දුඹුරු වර්ණයෙන් දිස් විය. 
 
අන්වීක්ෂයට පෙනෙන අයුරු 
 
නිදර්ශකයෙන් කපා වෙන් කොට ගත් කොටස අන්වීක්ෂයෙන් බැලූ විට වසා ගැටිති තුළට පිළිකාව පැතිර ඇති අයුරු පෙනේ. එම පිළිකාව තුළ විශාල න්‍යෂ්ටියක් සහිත ලිම්ෆොයිඩ් ෙසෙල (වසා ෙසෙල) සහ ප්ලාස්මාව දක්නට ලැබුණි. න්‍යෂ්ටිය තුළ වර්ණදේහ ‍පොකුරු දක්නට ලැබුණ අතර එම ෙසෙල ස්ථර පේලි ලෙස සංවිධානය වී තිබුණි. ෙසෙල වේගයෙන් බෙදෙන බව පෙනේ. පිළිකාව වසා ගැටිත්තට ඔබ්බෙහි වූ මේද පටකය තුළටද පැතිරෙන බව පෙනේ.
 
ඉමියුනෝ හිස්ටො කෙමිස්ට්‍රි (පිළිකා ෙසෙලවල ප්‍රතිශක්ති රසායනය)
 
CD 20, CD 79+ CD3+BC16+ CD10+CD138- BC12 සයිටෝ ප්ලාස්මික+ 
 
නිගමනය 
 
නිදර්ශකයෙන් පෙනෙන්නේ
ඩිෆියුස් ලාජ් බි ෙසෙල ලිම්ෆෝමා - Diffuse Large B Cell Lymphoma ‍
පොලිකියුලර් සෙන්ටර් සෙල් ඔරිජින්- Fullicular Center Cell Origin 
 
Ki-67දර්ශකය දෙවනුව වාර්තාවක් ලෙස ලැබෙනු ඇති බව වාර්තාව අවසානයේ සටහන් කර තිබුණි. ඒ සඳහා නිදර්ශකය අප හට පෞද්ගලිකව කොළඹ ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණාගාරයකට භාර දීමට සිදුවිය. එය පරීක්ෂා කර ඇත්තේ මහාචාර්ය එල්.ආර්. අමරසේකර විසිනි. 
 
ඔහුගේ වාර්තාවට අනුව මාගේ කිහිල්ලෙන් ඉවත් කළ ලිම්ෆෝමාවේ Ki-67 නමැති ප්‍රතිදේහය, පිළිකා ෙසෙලවලින් 70ක දක්නට ලැබුණි. 
 
මා මේ තොරතුරු ටික සිංහලයට හැකි අයුරින් පරිවර්තනය කළේ පාඨකයාට පිළිකාවක් හඳුනාගන්නා හැටි පැහැදිලි කිරීමටය. එය ඉතාමත් විද්‍යාත්මක වූ මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා වූ පිළිකා වර්ගීකරණය කිරීමේ ක්‍රමයකි. පිළිකාවක් සඳහා ප්‍රතිකාරය රඳා පවතින්නේ එහි වර්ගීකරණය, එහි ස්වරූපය සහ ස්වභාවය අනුවය. එසේ නැතිව එයට අත තියා බලා එහි ස්වභාවය ප්‍රමාණය හා එය පැතිරී ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් පමණක් නොවේ. මේ අනුව බලන කල පිළිකාවලට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වූ එකකි. එය අතිශයින්ම විශේෂඥ වූ විෂයකි. එම විෂය හඳුන්වනු ලබන්නේ “ඔන්කොලොජි” යනුවෙනි. එම විෂය හදාරන පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා හඳුන්වනු ලබන්නේ “ඔන්කොලොජිස්ට්” යන නමිනි. 
පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට නැතහොත් ඔන්කොලොජිස්ට් ප්‍රතිකාර මාලාව සැලසුම් කිරීමට හැකි වන්නේ පිළිකාව නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුවය.
ඒ අනුව මාගේ පිළිකාව Diffuse Large B Cell Lymphoma - Follicular Center Cell Origin හෙවත් කෙටියෙන් DLBCLලෙස හඳුනාගෙන තිබේ. 
 
රසායනික ද්‍රව්‍යයක් වන වල්නාශක, කෘමිනාශක සහ කෘත්‍රිම ‍පොහොරවලට නිරාවරණය සහ ප්‍රතිශක්තිය හීන වන අවස්ථාවක ලිම්ෆෝමාවක් ඇති වීමේ අවදානම් සාධක ලෙස හඳුනාගෙන ඇතත් ලිම්ෆෝමාවක් ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයන් නිවැරදිව මතෛක් හඳුනාගෙන නොමැත. 
 
‍පොතපතට අනුව ලිම්ෆෝමාවේ රෝග ලක්ෂණ මෙසේය. 
 
1. කුද්දටි ඉදිමීම- බෙල්ල, කිහිල්ල සහ ඉකිලිවල 
2. ඒවා වේදනාවෙන් තොරවීම 
3. වරින් වර උණ ගැනීම
4. රාත්‍රී කාලයේදී අධික ලෙස දහඩිය දැමීම 
5. ඇඟ කෙට්ටු වීම 
6. බඩේ පුරවා දැමීම හෝ වේදනාව.
උදරයේ ලිම්ෆෝමාව ඇති වූ විට  
7. කොන්ද කැක්කුම 
8. සමේ ඇති වෙන රතු ලප හෝ ගැටිති 
9. ඛිෙට ග්‍රන්ථිවල ඉදිමීම 
10.ඇස් ඉදිරියට නෙරා ඒම මොළයේ ඇතිවූ ලිම්ෆෝමාවක් නිසා සිදුවිය හැක. 
 
1,2,4, හැරෙන්න අනිත් කිසිදු රෝග ලක්ෂණ මා හට තිබුණේ නැත. එයට හේතුව රෝගය දුර දිග යාමට පෙර කල් තියා මා එය හඳුනාගත් නිසාය. 
මාගේ රෝගය හරියටම හඳුනාගත්තේ එහි පටක කොටස් අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමෙන් සහ විශේෂිත පටක පරීක්ෂණ (Immuno Histo Chemistry) මගිනි. 
ඊට අමතරව X කිරණ, අල්ට්‍රා සවුන්ඩ්, CT  ස්කෑනින්, MRI ස්කෑනින් සහ පෙට් (PET) ස්කෑනින් මගින් ලිම්ෆෝමා රෝගය කිනම් තත්ත්වයක පවතිනවාද යන්න තීරණය කළ හැකි විය. 
රෝගය ඇට මිදුළුවලට පැතිර ඇත්දැයි දැනගැනීම සඳහා Bone Marrow Biopsy හෙවත් ඇට මිදුළු පරීක්ෂාව කරනු ලැබිණි. මෙම පරීක්ෂාවන් පිළිබඳව වෙන වෙනම සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කිරීමට බලා‍පොරොත්තු වෙමි. 
 
මා හට වැලඳුණ ලිම්ෆෝමාව ශීඝ්‍රයෙන් පැතිරෙන දරුණු ගණයේ එකක් වුවද ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර කිරීම මගින් සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට හැකිවනු ඇතැයි මා තුළ විශ්වාසයක් ඇති විය. 
 
ලිම්ෆෝමා පිළිකාව සඳහා දෙනු ලබන ප්‍රතිකාර වර්ග මෙසේය. 
 
1. කිමෝ තෙරපි (පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර)
2. ඉමියුනො තෙරපි (ප්‍රතිශක්තිය මගින් පිළිකා සුව කරන ඖෂධ ප්‍රතිකාර) 
3. රේඩියෝ තෙරපි (විකිරණ ප්‍රතිකාර)
4. ශල්‍යකර්මය 
 
මාගේ පිළිකා තත්ත්වයෙන් මිදීමට නම් දැන් මා කළ යුත්තේ හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීමය. විශේෂඥ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමය. 
වෛද්‍ය ගල්කැටිය හා මාගේ බිරිඳ මානෙල් මා හට වැලදී ඇති පිළිකාව පිළිබඳව සාකච්ඡා කරන විට අන්තර්ජාලයෙන් ලබාගත් දැනුම නිසා ඒ පිළිබඳව හොඳ අවබෝධයක් මා හටද තිබුණි. එබැවින් පිළිකාව නිසා මා නොබෝ කලකින් මියයනු ඇත යන හැඟීම මා තුළ නොවීය. මා, කෙසේ හෝ පිළිකාව සුවකරගෙන තවත් දශක කිහිපයක් ජීවත් විය යුතුය යන හැඟීම මගේ සිත තුළ තදින් කා වැදී තිබුණි. එබැවින් ලිම්ෆෝමා පිළිකාවට ප්‍රතිකාර ගැනීම මා  හට පැවරුණු නවතම අභියෝගය ලෙස භාරගතිමි. ඒ බව උදේ‍යා්ගයෙන් සහ සිනාමුසු මුහුණින් දන්වා සිටියෙමි. 
“ඔබට වැලඳී ඇති රෝගී තත්ත්වය පිළිබඳව දැනටමත් මම පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කන්දෙගෙදර මහතා සමග සාකච්ඡා කරලයි තියෙන්නේ. අද ඔබ බලන්න ඔහු ඒවි. ඔහු සමග සාකච්ඡා කරලා ප්‍රතිකාර සැලසුම් කරගන්න. 
වෛද්‍ය ගල්කැටිය මටත් මානෙල්ටත් උපදෙස් දුන්නේය. අපි එයට එකඟ වුණෙමු.
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1233

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1020

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 4635

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2687

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1715

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 888

Please publish modules in offcanvas position.