lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාව බලා‍පොරොත්තුවෙන් සිටී

අද එතැන් සිට...

දැඩි සත්කාර ඒකකයේ ගත කළ දෙවන රාත්‍රියේදී මගේ සෙල්ෆෝනයට මහාචාර්ය මොහාන් සිල්වාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ සිහිනෙන් මෙනි.
ගුඩ් ඊවිනිං ආරි
ගුඩ් ඊවිනිං මොහාන්
දැන් කොහොමද
අතේ කැක්කුම තමයි ඉවසන්න බැරි. වේදනාව අඩුවෙන්න මෝෆින් පෙතිඩීන් එහෙම දෙනවා ආරිගේ කිහිල්‍ලේ අයින් කරපු ලම්ප් එකේ බයොප්සි රි‍පෝට් එක ඇවිත් තියෙනවා.  මගේ කුතුහලය ඇවිස්සිණි. කටින් වචන පිට වෙන්නේ නැත. තොල කට වේලි ගියා සේ දැනේ. වුවමනාවෙන් ඇහුම්කන් දුනිමි.
බයොප්සි රි‍පෝට් එක එකට අනුව ඒක ලිම්ෆොමා එකක් නොන් හොප්කින් ලිම්ෆෝමාවක් මැලිග්නන්සි (පිළිකා)එකක්
මම මානෙල්ට කිව්වා මේ තොරතුරු ආරිට කියන්න කියලා. ඒත් එයා ඒක කියන්න බය වුණා. බය වෙන්න දෙයක් නැහැ ආරි. ලිම්ෆෝමාවලට ප්‍රතිකාර තියෙනවා. නියම විදියට ප්‍රතිකාර ගත්තම රෝගය සුව කර ගන්න පුළුවනි.
මොහාන් අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සභාපතිවරයාය. විවාහ වී සිටින්නේ මගේ නෑනා සමගය. අප වෛද්‍ය පීඨයේ එකම අවුරුද්දේ ඉගෙන ගත් අයය. එබැවින් එම අසුබ ආරංචිය මා හට පැවැසීමේ සුදුසුම තැනැත්තා හැටියට මානෙල්, මොහාන්ව තෝරා ගන්නට ඇත.
පිළිකාව මාරාන්තිකය.
පිළිකාවට ප්‍රතිකාර නැත.
පිළිකාව නිසා රෝගීන් මියයන්නේ බොහෝ දුක් විඳලාය.
මේ පිළිකාව පිළිබඳව සමාජගත වී ඇති මතයයි. එවන් වාතාවරණයකදී රෝගියා පිළිකාව පිළිබඳ මොන විදියේ ආකල්පයක් දරනවාදැයි ඔහුගේ  පවු‍ලේ ඥාතීන් සහ හිත මිත්‍රාදීන් දන්නේ නැත. එබැවින් ඒ පිළිබඳ රෝගියා දැනුවත් කළ යුත්තේ පරිස්සමිනි. පිළිකාවක් වැනි භයානක රෝගයක් වැළඳුන විට රෝගියා දැනුවත් කිරීමේ කලාවක් තිබේ. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ Breking News (බ්‍රේකින් නිවුස්) කියලාය.
කවදා හෝ දිනක මා හට පිළිකාවක් ඇති වේ යැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි. වයස් ගතවීමත් සමග ඇති වන හෘදයාබාධයකින් අංශභාගය හෝ දියවැඩියාවේ වෙනත් සංකූලතාවකින් මියයනු ඇතැයි මම කල්පනා කළෙමි. මා දියවැඩියාව සහ අධි රුධිර පීඩනය මනා සේ පාලනය කරන බැවිනුත් නිතිපතා ව්‍යායාම කරමින් උසට ගැළපෙන බර පවත්වාගෙන යන නිසාත් මාගේ පියාගේ සහ මවගේ පාර්ශ්වයේ පවු‍ලේ සාමාජිකයන් දිගු කලක් ජීවත් වන නිසාත් මාද අවුරුදු 85ක් පමණ ජීවත් වනු ඇතැයි නිතර කල්පනා කළෙමි. මාගේ ජීවිතය මා සැලසුම් කළේ අවුරුදු 85ට ගැළපෙන අයුරිනි.
මාගේ භාර්යාව වෛද්‍යවරියකි. ලොකු දුව වීණා වෛද්‍යවරියකි. ඇය විවාහවී සිටින්නේ වෛද්‍ය කැලුම් සමගය. දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ජීවත් වෙති. චූටි දුව, සිතාරා දන්ත ශල්‍ය වෛද්‍යවරියකි. ඇය විවාහ සිටින්නේද විශේෂඥ          දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වන අසිපත් සමගය. ඒ දෙදෙනා ජීවත් වන්නේද ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේය.
දරුවන් දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාවි යැයි මා කිසි දිනක අපේක්ෂා කළේ නැත.
අවුරුදු 20ක් තිස්සේ ගොඩනැගූ මා හට අයත් ගමගේ ආරෝග්‍ය ශාලාව වීණා සහ කැලුම්ට භාරදී සමාජ සේවා කටයුතු හා ‍ලේඛන කටයුතු කරමින් විශ්‍රාම සුවයෙන් සිටීම මගේ අපේක්ෂාව විය.
සිතාරා දුව පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක වූ අතර අසිපත් පුතා එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු විය. ඔවුන් දෙදෙනාට මාවනැල්‍ලේ දන්ත වෛද්‍ය රෝහලක් තැනීම සඳහා මානෙල් මාවනැල්ල නගරයේ පිහිටි ඇයගේ වෛද්‍ය සායනය තට්ටු තුනක ගොඩනැගිල්ලක් බවට පත් කළාය. එහෙත් ඒ අතරතුර අසිපත්ට බෙන්ඩිගෝහි සේවය කිරීම සඳහා හොඳ අවස්ථාවක් උදා වුණ නිසා ඕස්ට්‍රේලියාවට යන්නට තීරණය කළේය. ඔවුන් ඕස්ට්‍රේලියාවේ ගත කරන ජීවිතය දෙස බලන විට නැවත ලංකාවට පැමිණ අප විසින් කරගෙන ගිය වෛද්‍ය සේවාවන් භාරගෙන කටයුතු කරාවි යැයි සිතීම අපහසුය.
එබැවින් මාගේ ආරෝග්‍ය ශාලාව වැඩිහිටි සාත්තු නිවාසයක් බවට අනාගතයේදී පරිවර්තනය කළ යුතු යැයි සිතුවෙමි. මා හට අයත් ගමගේ ආරෝග්‍ය ශාලාවේ කාර්ය මණ්ඩලය 20ක් පමණ වේ. හෙදියන් 14 දෙනෙකි. ඔවුන් සියල්ලම මට වඩා අවුරුදු 10-15කින් බාලය. එබැවින් අප වයෝවෘද්ධ වූ විට ඔවුනට අප රැක බලා ගත හැකිය. ඒ සඳහා මනා පුහුණුව ද ඔවුන්ට තිබේ. කළ යුතුව ඇත්තේ ආරෝග්‍ය ශාලාවේ කාමර තවත් සැප පහසු අයුරින් ගොඩනගා විශ්‍රාමික සාත්තු නිවහනකට අවශ්‍ය අනෙකුත් අංගෝපාංග එකතු කිරීම පමණි.
වරක් මා ඇමෙරිකාවේ නිව්යෝක්  නුවරට ගිය විට එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ රිච්මන්ඩ් විද්‍යාලයේ මා සමග ඉගෙන ගත් මා කළ්‍යාණ මිත්‍ර ප්‍රසාද් කාරියවසම් ද (අද ඔහු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාය.) මාගේ විශ්‍රාමික සාත්තු නිවාස සංකල්පය අනුමත කළේය.
විශ්‍රාම ගියාට පස්සේ මටයි, කාන්තිටයි ඇවිත් ආරිගේ විශ්‍රාමික සාත්තු නිවාසයේ නවතින්න පුළුවන් නේ ප්‍රසාද් පැවැසුවා මතකය.
මගේ ලොකු අයියා බන්දු සිය පවු‍ලේ සාමාජිකයන් සමග දැනට දශක තුනකට පමණ පෙර නවසීලන්තයට සංක්‍රමණය විය. ගෞරව උපාධිධාරියෙකු වූ ඔහු ලංකාවේදී සේවය කළේ බැංකු කළමනාකරුවකු ලෙසය. එහෙත් නවසීලන්තයට ගිය පසු ඔහු සේවය කළේ පරිගණක මෙවලම් තනන කර්මාන්තශාලාවක
තාක්ෂණික නිලධාරියෙකු ලෙසය. ඔහුගේ භාර්යාව අශෝකා වෛද්‍යවරියකි. ඇය මා සමග කොළඹ වෛද්‍ය පීඨයේ එකම වසරේ ඉගෙන ගත්තාය. ඔවුනට දරුවන් දෙදෙනෙකි. දුව ජීව වෛද්‍ය ඉංජිනේරුවරියකි. පුතා
විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු විවාහ වී සිටින්නේ පෘතුගීසි වෛද්‍යවරියක් සමගය. ඔවුන් ජීවත් වන්නේ එංගලන්තයේය. දැනට වසර පහකට පමණ පෙර බන්දු අයියා සහ අශෝකා නංගී නවසීිලන්තයේ සිට ඕස්ට්‍රේලියාවේ රැකියාව සඳහා පැමිණියෝය. දැන් අශෝකා වික්ටෝරියා ප්‍රාන්තයේ ඊඩන්හෝප් නම් ප්‍රදේශයේ රෝහල භාරව ප්‍රධාන වෛද්‍යවරිය ලෙස කටයුතු කරන්නීය.
ඔවුන්ටද විශ්‍රාම ගිය පසු මාගේ වැඩිහිටි සාත්තු නිවාසයේ ජීවත් විය හැකිය. මා නවසීිලන්තයට ගිය විට අයියාගේ යහළුවන් බොහෝ දෙනෙක් මාගේ වැඩිහිටි සාත්තු නිවාස සංකල්පය අනුමත කරමින් එහි නතරවීමට බලා‍පොරොත්තු වන බව පවසා සිටියෝය.
එහෙත් දැන් මා හට පිළිකාවක් වැළඳී තිබේ. අවුරුදු 85දී මියයාමට සැලසුම් කළ මා ඊට අවුරුදු 20කට පෙරාතුව මරණයේ කට ළඟට පැමිණ සිටින්නෙමි.
කඳුළු පිරි දෙනෙතින් යුතුව නැවතත් මා කල්පනාවට වැටුණෙමි.
මාගේ වයස අවුරුදු 65ක් වුණත් මේ වන විට අවුරුදු 100ක පමණ විවිධාකාර කටයුතු වෛද්‍යවරයකු විශ්වවිද්‍යාල ගුරුවරයකු, ‍ලේඛකයකු, කලාකරුවෙකු, නිර්මාණ ශිල්පියෙකු සහ සමාජ සේවකයකු ලෙස කර තිබේ. එහෙත් අත්දැකීම් බහුල ප්‍රවීණයෙකු වූ මා හිටිවනම මියගියහොත් අපේ පවු‍ලේ ඥාති හිතමිත්‍රාදීන්ටත් වඩා රටට සිදු වන්නේ පාඩුවකි. මක්නිසාද යත් මතෛක් කල් මා ලැබූ අත්දැකීම් හා දැනුම තවකෙකුට ලබාගැනීම සඳහා තවත් බොහෝ කාලයක් ගතවෙන බැවිනි.  
දරුවන් දෙදෙනා විවාහ වී රැකියාවල යෙදෙමින් නිදහසේ ජීවත් වේ. භාර්යාවද ඇයගේ වෛද්‍ය මධ්‍යස්ථානය සාර්ථකව පවත්වාගෙන යයි. එහෙත් මා විසින් ආරම්භ කළ වැදගත් කටයුතු තුනක් නිම කළ යුතුව තිබේ. ඒවා නම් උතුවන්කන්ද සූර සරදියෙල් ගම්මානය, හිඟු‍ලේ සරදියෙල් ‍පොළ සහ බෙලිගම්මන ගමගේ ආරෝග්‍ය ශාලාව සාත්තු නිවාසයක් බවට පත් කිරීම යනාදියයි. එම කටයුතු කිරීම සඳහා මා අඩු තරමින් තවත් අවුරුදු පහක්වත් ජීවත් විය යුතු වේ.
මොහාන්ගේ දුරකථන පණිවුඩයෙන් පසු මාගේ සිත හරහා ගලා ගිය සිතුවිලි ධාරාවන්ගෙන් සමහරකි ඒ.

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

 

IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2626

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1071

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8833

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3897

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.