Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සෙලාන් බැංකුව සහ සමූහය 2017 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන මාස 06ක කාලය තුළ ඉතා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. සෙලාන් සමූහය බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 2,310ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ මෙම කාල පරිච්ජේදයට සාපේක්ෂව 32ක වැඩි වීමක් බව බැංකුව පවසයි.

සෙලාන් බැංකුව 2017 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන මාස 6ක කාලයක් තුළදී පසුගිය වසරේ පළමු භාගයේ ලද රුපියල් මිලියන 1,755ක ප්‍රමාණය 2.87ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 1,805ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
බැංකුවේ වර්ෂයෙන් වර්ෂයට බදු ගෙවීමෙන් පසු ලාභයෙහි වර්ධන වේගය 21කට වඩා වැඩි වීමට හැකියාව ඇති නමුත් එසේ නොවීමට බලපෑ හේතුව වනුයේ වන්දි ගෙවීමේ විනිශ්චය සභාව සහ තවත් ඇප ලත් ණය හිමියකු විසින් වත්කම් ඈවර කිරීම මගින් නියමිත ගෙවීම් කිරීමේ ඇති ප්‍රමාදය නිසා අක්‍රිය වත්කම් බොල් ණය ලෙස කපාහැරීමට සිදුවීම බව බැංකුව සඳහන් කරයි.
2017 ජුනි මස 30 වනදා වනවිට බැංකුවේ ශුද්ධ ‍පොලී ආදායම රුපියල් මිලියන 6,147 සිට රුපියල් මිලියන 7,265 දක්වා 18.19ක ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර තෝරාගත් අත්තිකාරම් වැඩි වීම හා ඵලදායී මිල නියම කිරීමේ උපාය මාර්ගයන් මේ සඳහා ඉවහල් වී ඇත.

ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට  Ube Singapore Pte. Ltd  ආයතනය නියෝජනය කිරීම සඳහා නම් කළ අධ්‍යක්ෂවරයා ලෙස ජපන් ජාතික සුසුමු අන්දෝ මහතා පත්කර ඇති බව සමාගම පවසයි. මෑතකදී Ube Singapore Pte. Ltd විසින් ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සිය කොටස් හිමිකාරීත්වය 10කින් ඉහළ නැංවීමත් සමගම සිංගප්පූරු සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ තනතුර හොබවන සුසුමු අන්දෝ මහතා ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට නම් කර තිබේ.
ජපානයේ ක්යෝතෝ හි සුප්‍රසිද්ධ රිත්සුමෙකන් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධරයකු වන අන්දෝ මහතා 1997 දී  Ube Industries සමාගම් සමූහයට එක්ව ඇති අතර එහි සිමෙන්ති, ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහ සකස් කළ (Ready Mix) කොන්ක්‍රීට් යන අංශවල තනතුරු ගණනාවක් දරමින් සිය දායකත්වය ලබාදී ඇත.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී"ඞී.පී. කුමාරගේ මහතා විසි වසරක අභිමානවත් සේවාවකින් පසු පසුගියදා විශ‍්‍රාම ගත්තේය. පීපල්ස් ලීසිං සමාගමේ සාර්ථකත්වයට හා ප‍්‍රවර්ධනයට සේම සමස්ථ ලීසිං ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් අසමසම සේවයක් සිදු කළ කුමාරගේ මහතාගේ විශ‍්‍රාමගැනීම නිමිත්තෙන් සංවිධානය කළ සමුදීමේ උත්සව රැසක් පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ හා සෙසු කාර්යාලවලදී පසුගියදා උත්සවශී‍්‍රයෙන් පැවැත්විණ.

1995දී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක ලෙසින් පීපල්ස් ලීසිං සමාගම අරඹන විට මෙරට මූල්‍ය සේවා සැපයීමේ වැඩි වෙළෙඳ කොටස හිමිවූයේ රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවලටය. නමුත් එයින් 6වසරකට පසු පීපල්ස් ලීසිං සමාගම මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අතරින් ප‍්‍රමුඛ ස්ථානයට පත්කිරීමට හා අඛණ්ඩව 15වසරක් එම ස්ථානය රැකගනිමින් සාර්ථක ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යෑමට ඞී.පී. කුමාරගේ මහතා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනු ලැබීය. ඔහු 1997දී පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී තනතුරට පත්ව විශ‍්‍රාම යනතුරුම එම තනතුරෙහි උපරිම කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කළේය.

ඞී.පී. කුමාරගේ මහතාගේ සේවා කාලයෙහි සුවිශේෂත්වය වන්නේ ඔහු පීපල්ස් ලීසිං සමාගමේ උන්නතිය වෙනුවෙන් කළ කාර්යභාරයට අමතරව එහි සේවක ජීවිත ප‍්‍රවර්ධනය"සමස්ත ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනයට ලබාදුන් දායකත්වය"මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයට උරදීම හා සමාජ සත්කාරක වැඩසටහන් මගින් මෙරට ජන ජීවිතය නගා සිටුවීමට කැපවීමයි. එම අංශවල සාර්ථකත්වයට ඔහු විසින් ගනු ලැබූ විශේෂිත හා අභියෝගාත්මක තීරණවල වැදගත්කම කැපී පෙනේ. උදාහරණයක් ලෙසින් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වර්ධන ලබාදීමේ සාමාන්‍ය පරිපාටියවන වාර්ෂික වැටුප් වර්ධක වෙනුවට"පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන්ට කි‍්‍රයාකාරීත්වය පදනම් වූ සංස්කෘතියක් එම සමාගමට හඳුන්වාදුන්නේ සෙසු රාජ්‍ය ආයතනවලට ආදර්ශයක් සපයමිනි. එම හඳුන්වාදීමෙන් පසු පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන් තුළ ඇති වූ දැඩි උනන්දුව"කැපවීම හා සියුම් තරගකාරීත්වයක් මගින් එම සමාගමේ සාර්ථකත්වය සහතික කෙරුණි. එමෙන්ම ඞී.පී. කුමාරගේ මහතා විසින් පීපල්ස් ලීසිං සමාගමට හඳුන්වාදුන් ව්‍යාපාරික ප‍්‍රතිපත්තිය වූයේ ලාභ ලැබීමට වඩා පාරිභෝගිකයාට සහන සළසමින් ඔහු සාර්ථකකත්වයට පත්කරමින් ව්‍යාපාරික ජයග‍්‍රහණ අත්පත් කරගැනීමයි. ඞී.පී. කුමාරගේ මහතා හඳුන්වාදුන් මෙම ව්‍යාපාරික ප‍්‍රතිපත්තිය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ක්ෂේත‍්‍රය ඇති වූ  කදිම පිබිදීමෙන් නව ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහිවීම සුවිශේෂී සිදුවීමකි. විශේෂයෙන්ම පීපල්ස් ලිසිං සමාගම මෙරට පෞද්ගලික බස්රථ හිමියන්ට විශේෂ ණය යොජනා ක‍්‍රම හඳුන්වාදීම මත මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විශාල ප‍්‍රවර්ධනයක් ඇතිවිණ. කුමාරගේ මහතා සිදු කළ එම අභියෝගාත්මක වෙනස හේතුවෙන් වර්තමානයේ පවා පෞද්ගලික බස්හිමියන්ගේ පි‍්‍රයතම ලීසිං සමාගම වන්නේ පීපල්ස් ලීසිං සමාගමය.

පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙසින් සේවය කළ විසි වසරක කාලය පුරා සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන් නව මගකට යොමු කළ ඞී.පී. කුමාරගේ මහතා"ප‍්‍රමුඛ වශයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වැඩිදියුණු කිරීමට අමතරව"දිවයින පුරා ග‍්‍රාමීය පාසල් හා රෝහල් සංවර්ධනය හා පරිසරය සුරැකීමේ වැඩසටහන්වලට දායකත්වය ලබාදුන්නේ මෙරට ජනජීවිතය නගාසිටුවීමට කැපවෙමිනි. එයට අමතරව යුද සමයෙන් පසු උතුරෙහි පිබිදෙන ජනදිවියට සවියක් ලෙසින් කොඩිකාමම් දුම්රියපල හා මැදවච්චිය බස්නැවතුම්පල  පහසුකම් සහිතව මහජන බැංකුව සමඟඑක්ව අලූතෙන් ඉදිකිරීම සිදු කෙරුණි.

මේ දිනවල රූපවාහිනී නාලිකාවන් තුළින් දක්නට ලැබෙන සුවිශේෂී මෙන්ම නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීමක් ලෙස හැඳින්විය හැකි යුනිලිවර් ශ‍්‍රී ලංකාහි ලා ඕජී තේ වෙළෙඳ දැන්වීම සුවහසක් ශ‍්‍රී ලාංකිකයන්ගේ ඇගයීමට ලක් වෙමින් පවතින්නකි. ශ‍්‍රී ලාංකේය ජාතික සමගිය, සංහිඳියාව හා ජාතීන් අතර ඇති බැඳීම පමණක් නොව ආදරය යනාදී කාලෝචිත තේමාවක් තුළින් ජනතා හදවත ස්පර්ශ කරන්නට එම නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම සමත්ව ඇත. සෑම ආගමකම අන් අයට ආදරය කිරීම පිළිබඳ ඉගැන්වීම් දක්නට ඇති නිසාම ඊට කදිම අඩිතාලමක් සැපයීමට මෙම ලා ඕජී වෙළෙඳ දැන්වීම සාර්ථක උත්සාහයක් ගෙන ඇති බව සඳහන් කළ හැකිය.

සිංහල තරුණයකු සහ මුස්ලිම් තරුණියක අතර සිදුවන විවාහය ලාංකේය සමාජය තුළ අසම්මතයක් ලෙස සැළකීම සාමාන්‍ය තත්වයකි. ඒ සම කුල හෝ සම ජාති විවාහයන් පිළිබඳ මුල් බැස ගෙන ඇති සංස්කෘතික සාධකයන් හේතුවෙනි.

වෙළෙඳ දැන්වීම ඇරඹෙන්නේ මුස්ලිම් තරුණිය සිංහල තරුණයාගේ අතෙහි මෙහෙන්දි රටා අඳින දර්ශනයකිනි. ඔවුන් කතා කරන්නේ ලැබෙන්නට සිටින දරුවා පිළිබඳවය. ඒ අතරම වාහනයක ශබ්දයක් ඇසී මුලින් තරුණයාද ඉන් පුසුව තරුණියද නැගී සිටියි. පැමිණෙන්නේ තරුණයාගේ දෙම්පියන්ය. තරුණයා තරුණිය දෙස බලා ‘තාත්තා’ යනුවෙන් පවසන්නේ තරමක් බිය සුලූ බවකිනි. සිය ලේලියට දරුවකු පිළිසිඳගෙන ඇති බව දැන ගන්නා තරුණයාගේ මව්පියන් ඇයව බැලීමට පැමිණෙන්නේ සිංහල සංස්කෘතියේ ඇති වගකීම, යුතුකම වැනි සාධකයන්ද තීව‍්‍ර කරමිනි. තරුණයාගේ මව නිවසට පැමිණියද, පියා නිවස තුළට නොපැමිණෙයි. ඒ පිළිබඳව තරුණයා මවගෙන් විමසන්නේ තාත්තා... යනුවෙන් පමණකි. මව පවසන්නේ පියාගේ සිතෙහි වූ අමනාපය තවමත් එලෙසම පවතින බවයි. මේ කතා බහ අතරතුර මුලූතැන්ගෙයට ගොස් තරුණිය තේ පිළියෙළ කරයි. ඇය ඊට යොදන්නේ ලා ඕජී තේකහටයි. තරුණිය පසුපසින් මුලූතැන්ගෙට යන තරුණයාගේ මව තමන් ගෙන ආ පාර්සලය තබන්නේ ගෙවත්තේ හැදුණු පළතුරු වලට දුව කැමති ඇති නේදැයි අසමිනි. තරුණිය හ්ම් යනුවෙන් පිළිතුරු දෙයි. පුතණුවන්ගේත් ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය තරුණයාගේ මවට මනාව වැටහෙන්නේ නිවස තුළ ඇති ඔවුන්ගේ ඡුායාරූප කිහිපයක් දැකීමෙනි. තේ කෝප්ප දෙකක් පිළියෙල කර බන්දේසියක තබා මවට පිළිගන්වයි. මව තමන්ගේ තේ කෝප්පය ගෙන අනෙක් තේ කෝප්පය සකස් කර තරුණිය දෙස බලන්නේ පියාගේ තේ කෝප්පය පිළිගැන්වීමට අවස්ථාව සළසාදෙමිනි. තරුණිය තරුණයා දෙස බලා තේ බන්දේසියද රැුගෙන නිවසෙන් එළියට විත් හෙමින් පඩිපෙළ බසිනඅතරතුර පය පැකිලී කෙඳිරිලි හ`ඩක් නගයි. එය ඇසෙන තාත්තා ඉදිරියට දුවවිත් තේ කෝප්පය ගෙන එය රස බලමින් තරුණිය පිටුපසින් නිවසේ ආලින්දයට පැමිණ පුටුවක වාඩිවන්නේ ඉක්මන් ගමන්වලට තමන් අකමැති බවටත් හෙට දිනයේ මඳක් නැවතී යන්නට පැමිණෙන බවටත් පවසමිනි. ඉන් සියලූ දෙනා සතුටට පත්ව සිනාසෙයි. වෙළෙඳ දැන්වීමෙහි තත්පර 120ක්පුරා දිවෙන්නේ ඒ කතාවයි.

තේ යනු මුලූ මහත් ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාවගේ පොදු පානයකි. ඊට ජාති, ආගම් හෝ කුල භේද නැත. අමුත්තුට තේ කෝප්පයක් පිළිගැන්වීම ශ‍්‍රී ලාංකිකයන්ගේ පොදු ලක්‍ෂණයකි. අමුත්තන්ට ඇති බැඳීම, ආදරය කියා පාන්නේ එසේ පිළිගන්වනු ලබන තේ කෝප්පයෙහි ප‍්‍රනීත බවෙනි. වෙළෙඳ දැන්වීම තුළ එය මනාව යොදාගෙන ඇත්තේ ලා ඕජී වෙළෙඳ නාමයද ජාතික සංහිඳියාවේ සුවිශේෂී සන්නාමයක් බවට පත් කරමිනි. වාණිජ නිෂ්පාදනයක් වෙනුවෙන් මේ ආකාරයේ තේමාවක් යොදා ගැනීම අභියෝගාත්මක කරුණක් වුවද ඒ තුළින් ලබන සාර්ථකත්වය වාණිජමය වටිනාකමකට වඩා ඉතාමත් ඉහළය.

එහි වැදගත් බව හා වටිනාකම නිසාම මේ වන විටත් ඒ වෙනුවෙන්ම වූ නරඹන්නන් 848,000 ක ප‍්‍රමාණයක් මෙන්ම මිලියන 1.2ක  වාර ගණනක් මෙම වෙළෙඳ දැන්වීම සමාජ මාධ්‍ය තුළ නරඹා තිබීමද විශේෂත්වයකි. යුනිලිවර්හි සන්නාම අතුරින් මේ දක්වා ෆේස් බුක් සමාජ ජාලය තුළ ශ‍්‍රී ලංකාවේ ඉක්මණින්ම මිලියන 2.5ක පිරිසක් නරඹා ඇත‘ වෙළෙඳ දැන්වීම ලෙසද ඊට අත්වන වටිනාකම ඉතා ඉහළය.


මේ පිළිබඳව අදහස් දැක්වූ යුනිලිවර් ශ‍්‍රී ලංකාහි පාන අංශ ප‍්‍රධානී මිහිර කුලතුංග මහතා ‘‘යුනිලිවර් සමාගම ලෙස අපි ශක්තිමත් අලෙවිකරණ සම්මිශ‍්‍රණයක් සමග සාර්ථක සන්නාමයක් නිර්මාණය පිළිබඳ නිරන්තරයෙන් විශ්වාස කරනවා. ලා ඕජී නවතම වෙළෙඳ දැන්වීම ඊට දැවැන්ත පියවරක් ලෙස සඳහන් කළ හැකියි. වාර්ගික එකමුතුව සහ සබඳතා තේමාව කර ගත් එය අපගේ අපේක්‍ෂාවන් ඉහළ නංවමින් විශාල කතාබහක් ඇතිකිරීමට සමත්ව තිබෙනවා. මේ තුළ වාණිජ අරමුණකට එහා ගිය සමාජ පණිවිඩයක් ඇති බව මා පෞද්ගලකවද විශ්වාස කරන දෙයක්. මෙම ලා ඕජී වෙළෙඳ දැන්වීම අනෙකුත් සියලූ තේ වෙළෙඳ දැන්වීම් අභිබවා යමින් පාරිභෝගික හදවත් ආදරයෙන් වැළඳගනු ඇති අතර එය ඔවුන්ගේ වාර්ගික විරෝධයන් මුලිනුපුටා දැමීමටද හේතුවක් වනු ඇති. වෙළෙඳ දැන්වීම කෙතරම් සරල වුවත් ඉන් ලබා දෙන පණිවිඩය ඉතා විශේෂයි. එබැවින්ම මෙය යුනිලිවර්හි සාර්ථකම වෙළෙඳ දැන්වීම් අතරින් එකක් බවට පත්ව ඇත. ඇත්තමට එය විශිෂ්ට නිර්මාණයක්. ඒ සඳහා කැප වූ න්‍උඔ නිර්මාණ කණ්ඩායමට මේ මොහොතේ ස්තුතිය පුද කිරීමට කැමතියි.’’ යනුවෙන් පැවසීය.

මෙම සුවිශේෂී දැන්වීම් නිර්මාණය පිළිබඳ අදහස් දැක්වූ එහි නිර්මාපකයා වන ජේ. වෝල්ටර් තොම්සන්ස් හි ප‍්‍රගීත් මාහියන්ගම ‘‘නවතම ලා ඕජී වෙළෙඳ දැන්වීම තුළින් හදවතට දැනෙන පොදු සමාජ පණිවිඩයක් ලබා දෙමින් නව මානයක් සනිටහන් කිරීමට හැකියාව උදා වී තිබෙනවා. ජනප‍්‍රිය රෝසා වෙළෙඳ දැන්වීම තුළින් ජනතා ආකර්ෂණය හිමි කරගත් ලා ඕජී සන්නාමය තව දුරටත් ඉදිරියට යමින් බැඳීම් පෝෂණය කිරීම සඳහා සමීප දායකත්වයක් දැක්වීමට මේ වෙළෙඳ දැන්වීම හරහා අවස්ථාව උදා වී තිබෙනවා. ජාති, කුල, ආගම්, වයස් භේද වැනි සියලූ විවිධත්වයන් අතර කවුරුත් ලා ඕජී තේ ප‍්‍රිය කරන බව නිර්මාණ කරනයේදී අප ලබා දිය යුතු පණිවිඩයයි. මේ වෙළෙඳ දැන්වීම තුළින් එය මනාව නිර්මාණය කිරීමට අපට හැකියාව උදා වූ බව පැවසිය යුතුයි..’’යනුවෙන් පැවසීය.

වසර 45ක් තිස්සේ ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය තහවුරු කළ සන්නාමයක් වන ලා ඕජී ශ‍්‍රී ලංකාවේ කඳුකරයේ සාරයන් තුළින් තත්වයෙන් උසස් තේ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයා අතට පත්වෙයි.

Sony International (Singapore) සමාගම සිය බෙදාහරින්නා වන CameraLK පුද්ගලික සමාගම එක්ව නවතම Sony ඩිජිටල් ඡායාරූප ප්‍රදර්ශණාගාරයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරයි.

වර්ග අඩි 2000ක පමණ පුළුල් පරාසයක විහිදුනු මෙම නවතම ප්‍රදර්ශනාගාරය Sony Camera Flagship Store  ලෙස හඳුන්වයි. කොළඹ 5, හයිලෙවෙල්පාරේ අංක 263දරන ස්ථානයේ මෙම ප්‍රදර්ශනාගාරය පිහිටුවා තිබේ. Alpha digital කැමරා මාදිලි සියල්ලක්ම මෙහිදී අලෙවි කරන අතර Sony camera bags, flash units සහ batterygrips ආදී සියලුම කැමරා උපාංග එකම වහලක් යටදී  පහසුවෙන් ලබාගැනීමෙට මෙහිදී අවස්ථාව සලසා තිබේ.

ඡායාරූපකරණ උපාංග වලට අමතරව  Sony headphones, Bluetooth speakers සහ Playstation 4 gaming console,මෙන්ම  games සහ අමතර උපාංගද මෙම ප්‍රදර්ශනාගාරයේදී මිලදී ගත හැකිය.

මෙම සමාර්ම්භක අවස්ථාවට එක්වෙමින් CameraLK  පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා සඳහන් කළේ  CameraLK හා Sony එක්ව ආරම්භ කළ මෙම නවතම මධ්‍යස්ථානය  ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙස සලකන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුෂ්ක ගුණසිංහ මහතා පෙන්වා දුන්නේ  Sony හි ඩිජිටල් ඡායාරූපකරණ නිෂ්පාදන මිළදී ගැනීමේදී  සහ බෙදාහැරීමේදී නව තාක්ෂණික  විශේෂඥ දැනුම ලබාදීමට ද මෙහිදී අවස්ථාව හිමිවන බවයි. මෙම නව මධ්‍යස්ථානය මෙරට ඡායාරූප ලෝලීන්ගේ අවශ්‍යතා සියල්ල  එකම වහලක් යටදී සපුරාලන අනගි අවස්ථාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Sony South East Asia (A Division Company Of Sony Electronics (Singapore) Pte. Ltd.) හි ප්‍රාදේශීය වෙළඳ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති මසාකි මට්සුමේ  මහතා පෙන්වා දුන්නේ CameraLK හා එක්ව සිටින  කැමරාලෝලීන් වෙත මෙය කදිම අවස්ථාවක් වන බවයි. Sony හි අර්ථය වන “Kando” යන්නෙන් හැඟවෙන විත්තවේගී මැදිහත්වීම සහ චිත්තවේගී ප්‍රතිචාර දැක්වීමේ බලය මෙමඟින් මැනවින් තහවුරු වන බවයි. විශ්මය ඇතිකරවන නිෂ්පාදන පෙළක්  සමඟ නව්‍ය අත්දැකීමක් පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමට මෙම නව මධ්‍යස්ථානය යටතේ හැකිවනු ඇති බවට හෙතෙම විශ්වාසය පල කළේය.

මෙම නවතම මධ්‍යස්ථානයේදී  කැමරා සහ ලෙන්ස් ආදී නවීනතම කැමරා උපාංග අත්හදා බැලීමට සහ පරීක්ෂා කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන අතර එමඟින් ඡායාරූප ශිල්පීන්ට සිය කුසලතා වැඩිදියුණු කර ගැනීමටද අවස්ථාවක් හිමිවෙයි. Sony Digital Workshop  හි පැවැත්වෙන පාඨමාලා වලදී මූලික අදියරේ සිට  උසස්තම ඡායාරූප තාක්ෂණය දක්වා  අධ්‍යයනය කිරීමට ද අවස්ථාව හිමිවෙයි.

මෙම නවතම Sony Camera Flagship Store  දිනපතා පෙරවරු 9.00සිට පස්වරු 07.00දක්වා විවෘතව තැබෙන අතර සති අන්ත දිනවල පෙරවරු 9.00සිට පස්වරු 3.00දක්වා විවෘතව තැබෙයි.

රජය විසින් නිවේදනය කරනු ලැබූ විදුලි සංදේශන බදු සංශෝධනයට සමගාමීව, සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ජංගම සහ ස්ථාවර ග්‍රාහකයන්ට විශේෂ දීමනාවක් ලෙස අන්තර්ජාල පැකේජ, කාඩ් සදහා 10% අමතර ඩේටා ලබාදීමට කටයුතු කර ඇත. 
 
එමෙන්ම අප රටේ ජනතාව වෙත ඩිජිටල් ලෝකය වඩාත් සමීප කරමින් තැබූ මෙම පියවර, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දක්වා යන ගමනේ තැබූ විශාල පියවරක් ලෙස සැලකිය හැකියි.   
 
මෙම අමතර අන්තර්ජාල දීමනාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය මත, විදුලි සංදේශන සේවා බදු ලිහිල් කිරීමට සමගාමීව 2017 සැප්තැම්බර් 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Page 2 of 5

IMAGE

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 501

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 787

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 559

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 6367

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 2936

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1627

Please publish modules in offcanvas position.