Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි.  ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ලබාදීමට  Huawei එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමෙන් සිය සන්නාමය  ක්‍රිකට් තරමට ශ්‍රී ලාකේය හදවත් වෙත සමීප කරවීමට  Huawei අපේක්ෂා කරයි.

Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර මෙම ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වයට අත්සන් තැබීම සහ එම ගිවිසුම් හුවමාරු කරගැනීම පසුගියදා සිදුකෙරිණ.

මෙම අවස්ථාවට එක්වෙමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ  මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei, ශ්‍රී ලංකා  ක්‍රිකට් හා අත්වැල් බැඳ ගැනීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්  වෙත සහයෝගය දැක්වීමට අවස්ථාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද හෙතෙම සඳහන් කළේය.  ප්‍රජාවට සිය සිහිනයේ  බලය  අවබෝධ කර ගැනීමට  ඉඩ සැලසීම Huawei හි අරමුණ බවද හෙතෙම සඳහන් කලේය.   සන්නාමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වර්ධනය කිරීම මෙන්ම  ලොව විවිධ සංස්කෘතින් වල විවිධ ජන කොටස් වලට අයත් පාරිභෝගිකයා  වෙත සමීප වීමට  Huawei සමත් වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.   විවිධ ජන සමාජ වල විවිධ ශක්‍යතා හඳුනා ගනිමින් ඒවාට අනුග්‍රහය ලබාදීමට ඉදිරියේදී Huawei සැලසුම් කර ඇති බවද  Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Huawei ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර Huawei හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වන්නේ ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී  ය. Huawei සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන Huawei යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ඕසනියාව ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

Huaweiලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFLකණ්ඩායම සමඟ ද Huaweiඅත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012 සිට NRLහි Canberra Raider කණ්ඩායම වෙත දHuaweiසිය දායකත්වය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, Pay Tv ජාලය වන Dialog Television තම ප්‍රේක්ෂකයින්ගේ ටෙලිවිෂන් රසාස්වාදය වෙනුවෙන්, වෙළෙඳ දැන්වීම් නොමැතිව පන්දුවෙන් පන්දුවට ICCශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබේ. ලන්ඩන් හි පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය වෙළෙඳ දැන්වීම් රහිතව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකයින්ට හිමිවන්නේ ප්‍රථම වතාවටය.

වෙළෙඳ දැන්වීම් රහිතවීම හේතුවෙන් ක්‍රීඩා පිටියේ කිසිදු සිදුවීමක් අතපසු නොවන අයුරින් පන්දුවෙන් පන්දුවට නැරඹිය හැකි වන අතර, එය ඔබට ප්‍රේක්ෂකාගාරයේ සිට තරගය නරඹනවා හා සමාන අත්දැකීමක් ලබා දෙනු ඇත. මෙසේ වෙළෙඳ දැන්වීම් රහිතව තරග නැරඹීමට Star Sports 1 සහ Sports HD 1 චැනල් මගින් අවස්ථාව හිමිවේ.

මෙම චැනල් ඇක්‍ටිවේට් කරගැනීම ඔබට පහසුවෙන්ම සිදු කරගත හැකිය. ඒ සඳහා Google Playstore හෝ Appstore වෙත පිවිස Dialog Self Care App එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් හෝ ON (හිස්තැනක්) Dialog Tv ගිණුම් අංකය (හිස්තැනක්) චැනල් අංකය සදහන් කර ඔබේ Dialog මොබයිල් එකෙන් නම් 679 ට හෝ වෙනත් ජංගම දුරකථන ජලයකින් නම් 0770679679 ට SMS කරන්න. Star Sports 1චැනල් අංක 73 සහ වඩාත් සුපැහැදිලි HD දසුන් සමගින් Sports HD 1චැනල් අංක 130 ඔස්සේ ඔබට නැරඹීමේ හැකියාව ඇත. ඔබ Post Paid පාරිභෝගිකයෙක් නම් මාසයකට රු 99/- සහ බදු පමණක් ගෙවා මෙම චැනල් ඇක්ටිවේට් කර ගත හැකි අතර, ඔබ per Day TV පාරිභෝගිකයෙක් නම් දිනකට රු 9/- සහ බදු ගෙවා Sports HD 1චැනලය ද, දිනකට රු 4 සහ බදු ගෙවා Star Sports 1චැනලය ද ඇක්‍ටිවේට් කරගත හැක.

ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට ලොව ප්‍රමුඛ පෙළේ රූපවාහිනී චැනල් නැරඹීමේ අවස්ථාව උදා කරමින් Dialog Television තම පාරිභෝගිකයින් වෙත උසස් වින්දනයක් ලබාදීමට කටයුතු සිදු කරයි. 850,000 අධික පාරිභෝගික සංඛ්‍යාවක් වෙත තම සේවා අත්දැකීම් ලබාදෙන Dialog Televison වෙතින් රු 549/- වැනි අවම මාසික ගාස්තුවක සිටPostpaid පැකේජ ලබාගත හැකි අතර, දිනකට රුපියල් 12/- වැනි සුළු මුදලකට Per Day TV  පැකේජය හදුන්වා දී ඇත. HD  චැනල් 9 ක් ඇතුළුව ක්‍රීඩා, සිනමා, අධ්‍යාපනික සහ විනෝදාත්මක චැනල් 130 කට වඩා වැඩි ප්‍රමාණයක් Dialog Television වෙතින් රසවිඳීමේ හැකියාව පාරිභෝගික ඔබට හිමිවේ.

Nokia ජංගම දුරකථනවල මහ ගෙදර වන HMD Global, ඔවුන්ගේ පළමු Nokia ස්මාර්ට් ෆෝන් පෙල හඳුන්වා දෙයි. Nokia 3, Nokia 5 සහ Nokia 6 යන ෆෝන් පෙල මොබිටෙල් ශාඛා, තෝරාගත් නියෝජිතයන්ගෙන් සහ Nokia 3310 දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන් මිලදී ගත හැකිය. මේ වසර මුල බාසලෝනා නුවර පැවති Mobile World සමුලූවේ දී Nokia ස්මාර්ට් ෆෝන් පෙල නවීන ඇන්ඩ්‍රොයිඞ් අත්දැකීමක් සමගින් ලොවට හඳුන්වාදෙන ලදි.
 
ශී‍්‍ර ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමග එකතු වී Nokia ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ෆෝන් පෙල ශී‍්‍ර ලංකාවට නිල වශයෙන් හඳුන්වාදෙන ලදි. මෙහිදී මොබිටෙල් සමාගම නිල සන්නිවේදන සහකරු ලෙස කි‍්‍රයාකරයි. පහත සඳහන්  ඕනෑම දුරකථනයක් මිල දී ගන්නා විට මොබිටෙල් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා නොමිලේ ඇමතුම් සහ දත්ත (Data) ඇතුලත් විශේෂ දීමනාවක්.
 
Nokia 6 ස්මාර්ට් ෆෝන් දැන් කලූ(මැට්), සිල්වර්(රිදී), නිල්(ටෙම්පර්ඞ්) සහ තඹ(කොපර්) පාටවලින් මිල රු. 35,990 කට මිලදී ගත හැක. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා විශේෂ දීමනාවක්. මසකට රු.150/- බැගින් මාස 3 කට නොමිලේ ඇමතුම් සහ මසකට 2GB බැගින් මාස 6කට නොමිලේ දත්ත.
 
Nokia 5 ස්මාර්ට් ෆෝන් දැන් කලූ(මැට්), සිල්වර්(රිදී), නිල්(ටෙම්පර්ඞ්) සහ තඹ(කොපර්) පාටවලින් මිල රු. 29,990 කට මිලදී ගත හැකි. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා විශේෂ දීමනාවක්. මසකට රු.150/- බැගින් මාස 3 කට නොමිලේ ඇමතුම් සහ මසකට 2GB බැගින් මාස 6කට නොමිලේ දත්ත.
 
Nokia 3 ස්මාර්ට්ෆෝන් එක දැන් කලූ(මැට්), සිල්වර්(රිදී), නිල්(ටෙම්පර්ඞ්) සහ තඹ(කොපර්) පාටවලින් මිල රු. 21,990 කට මිලදී ගත හැකි. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා විශේෂ දීමනාවක්. මසකට රු.150/- බැගින් මාස 3 කට නොමිලේ ඇමතුම් සහ මසකට 2GB බැගින් මාස 4කට නොමිලේ දත්ත.
 
සැමවිටම 100% ක් ඇන්ඩ්‍රොයිඞ්
 
සියලූම Nokia ස්මාර්ට් දුරකථන සමගින් ස්මාර්ට් දුරකථන එකක උපරිම ඇන්ඩ්‍රොයිඞ් ඇත්දැකීම අත්විඳීමට ඔබට හැකි වනු ඇත. මාසිකව ඇති security updates නිසා දුරකථන එකට උපරිම ආරක්‍ෂාවක්, දුරකථන එක සැමවිටම up-to-date සහ භාවිතය ඉතා පහසුවීම නිසාම පාරිභෝගිකයාගේ සිත ඇද බැඳ තබාගන්නා ස්මාර්ට් දුරකථන එකක්වනවා නිසැකයි. එහි ඇති නවීනතම ඇන්ඩ්‍රොයිඞ් අංග නිසා දුරකථනය සාක්කුවක හෝ බෑගයක් තුළ තිබුණත් බැටරි කාලය ඉතිරිකරයි. අලූත්ම Nokia ස්මාර්ට් දුරකථන වල Google හඳුන්වාදී ඇති නවීනතම සොයාගැනීමවන Google Assistant අංගය ද සතුවීම තවත් සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකි. Google Assistant අංගය භදනස් ස්මාර්ට් දුරකථන වල කිසිම බාධාවකින් තොරව 100% ක් නිවැරදිව කි‍්‍රයාත්මකවන බව තහවුරු කිරීමට අප කණ්ඩායම එකා මනේ වෙහෙස මහන්සි වී වැඩ කළෝය.
 
Nokia 3310 දැන් රතු(warm) සහ කහ gloss නිමාවෙන්, තද නිල් සහ අලූ (මැටි) නිමාවෙන් මිල රු. 7,990 කට මිලදී ගත හැකි. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා නොමිලේ ඇමතුම් සහ sms ඇතුලත් විශේෂ දීමනාවක්.

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී  ගංවතුර සහ නාය යාම් වලින් විපතට පත් ජනතාවට සහන සේවා රැසක් ක්‍රියාත්මක කරයි. මේ යටතේ මාතර , රත්නපුර, කලුතර, ආදී දිස්ත්‍රික්ක වල පානීය ලිං  පිරිසිදු කිරීම් කටයුතු සඳහා කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයක් යොදවනු ලැබීය. එම කටයුත්ත සඳහා අවශ්‍ය උපකරණ ආදී සියල්ල සහිත මෙම කණ්ඩායම් විපතට පත් ප්‍රදේශවල ලිං නොමිලේ පිරිසිදු කරදෙනු ලැබීය.

විපතට පත් ජනතාවට ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වීම සඳහා සහය දැක්වීමට වියළි ආහර, සනීපාරක්ෂක ද්‍රව්‍ය  පාර්සල් බෙදාදීමක් ද මීට සමගාමීව සිදුකෙරිණ. මීට අමතරව සිංගර් හි තාක්ෂණික කණ්ඩායම් විසින්  විපතට පත් ප්‍රදේශවල ගංවතුරින් සහ නාය යාම් වලින් හානියට පත්ව තිබු විදුලි උපකරණ අළුත්වැඩියා කිරීමේ සේවාවක්ද නොමිලේ පවත්වනු ලැබීය. මේවා අළුත්වැඩියාව සඳහා දැනට පවතින සිංගර් සේවා ස්ථාන වලට අමතරව  දෙනියාය, නිවිතිගල, බුලත්සිංහල  ආදී ප්‍රදේශ වල තාවකාලික සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටද සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු යොදනු ලැබීය.

මීට අමතරව සිංගර් විදුලි උපකරණ නොමිලේ අළුත්වැඩියාකිරීම් සිදුකරන අතර  අමතර කොටස්  සඳහා 50%විශේෂ මිල අඩුකිරීමක් ද ක්‍රියාත්මක වෙයි. අළුත්වැඩියා කළ නොහැකි විදුලි උපකරණ නැවත ලබාගැනීමේ දී 20%ක විශේෂ වට්ටමක් ද සිංගර් විසින් ක්‍රියාත්මක කරයි.

සිංගර් සමාගමේ සේවක මඩුල්ල ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී හානියට පත් ප්‍රදේශ පිරිසිදු කිරීම් සහ යළි පදිංචි වීමේ කටයුතු සඳහා විවිධාකාරයෙන්  සහය දැක්වීය. අයහපත් කාළගුණයෙන් විපතට පත් සිංගර් සේවක සේවිකාවන් වෙත ද සිංගර් සමාගමින් සහ සේවක මඩුල්ලේ දායකත්වයෙන් ආධාර පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරිණ. මෙරට ප්‍රජා සත්කාරක සේවා වලදී සිංගර් සමාගම නිරතුරුවම පෙරමුණ ගන්නා අතර ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම සඳහා සහය වීම සිංගර් සමාගමේ ප්‍රමුඛ කාර්යයකි.

පරිගණක ආරක්ෂාව සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෘදුකාංග නිපදවීමෙහි යෙදෙන ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක්වන Sophos (සො‍පොස්) සිය නවතම Crypto Guard ආරක්ෂිත මෘදුකාංගය මෙරට වෙළෙඳ‍පොළට හඳුන්වා දී ඇත.
 
යමෙක් දත්ත සොරාගැනීමේ ව්‍යායාමයක යෙදෙන බව තත්ත්පර ගණනක් තුළදී හඳුනාගෙන එම අවදානමෙන් පරිගණකය මුදාගැනීමේ හැකියාව Crypto Guard සතුව තිබේ. පරිගණක සර්වරයේ (Server) ආරක්ෂාවද මෙමගින් තහවුරු වේ.
 
ඊමේල්, වබේ අඩවි, පරිගණක පද්ධති යන පරිගණක තාක්ෂණයට අයත් සියලු අංශ එක්ව සාමූහිකව ක්‍රියාකාරිවීමේදී ඇතිවිය හැකි විනාශකාරී සහ ආරක්ෂිත බවට තර්ජනයක් විය හැකි අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පරිගණක පද්ධතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නිමැයුම් රැසක් Sophos (සො‍පොස්) මේ වන විට වෙළෙඳ‍පොළට හඳුන්වා දී ඇත.
 
සර්වරයේ (Server) ආරක්ෂාව පිණිස Crypto Guard යොදා ගැනීමෙන් දත්ත ලබාගැනීමට තොරතුරු ලෙස හෝ අමුත්තන් ලෙස හෝ ආරාධිතයින් ලෙස හෝ සමීප වී එම කටයුතු කරගැනීමට වෙහෙසවුන්ගෙන් පරිගණක පද්ධතිය බේරා ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
මෙවැනි කුමන දුර්වලතාවක් තුළින් වුවද දුරස් පරිගණකයක් හරහා දත්ත සොරා ගැනීම වළක්වා ගැනීමට මෙම Crypto Guard උපකාර වන බව Sophos සමාගම පවසයි. තමන්ගේ පරිගණක පද්ධතීන්ගේ ආරක්ෂාවටත් දත්ත මැකීයාමේ අවදානමෙන් මිදීමටත් ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක් තුළ පරිගණක භාවිත කරන මිලියන සියයකට අධික පිරිසක් මෙම මෘදුකාංග භාවිත කරති.

2017වසරේ පළමු කාර්තුවේදී ස්මාර්ට්ෆෝන් මිලියන 34.55ක් අපනයනය කළ බව Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහය නිවේදනය කරයි. ඒ අනුව Huawei ස්මාර්ට්ෆෝන් අපනයනයේ වසරින් වසර වර්ධනය 21.6කින් ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර වෙළද දර්ශකයක් වන IDC හි වාර්තා වලට අනුව ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සැපයුම්කරුවන් තිදෙනා අතර වන වෙළඳ පළ ප්‍රතිශයෙහි Huawei සතුව පැවති ප්‍රමාණය 9.8%කින් ඉහළ යාමකි.

2017පළමු කාර්තුව තුළදී ලොව පුරා රටවල් රැසක Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. රටවල් 52වෙත Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය කරන අතර එම අපනයන ප්‍රතිශතය 50%කින් ඉහළ යාම කැපී පෙනෙන්නකි.ඒ අතරින් රටවල් 32ක් වෙත  Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය කිරීම 100%කින් ඉහළ ගොස් තිබේ. චීනය සහ යුරෝපය වෙත පමණක් Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය 20%ක් සහ 15%ක් ලෙස වාර්තා වී  ඇත.මේ අතර අග්නිදිග ආසියාව සහ දකුණු පැසිෆික් කලාපයේ රටවල් වෙත Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය 70%කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව ඉහළ පරාසයේ Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ද විශේෂත්වයකි. Huawei P9මාදිලියේ සහ Huawei Mate 9මාදිලියේ ස්මාර්ට්ෆෝන් අලෙවිය ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ගොස් තිබේ. මේ අනුව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් ‍වෙළඳ පළ තුල තවදුරටත් ස්ථාවර වීමට Huawei සමාගම සමත්වී තිබේ. පසුගිය වසරේ පළමු කාර්තුව තුළදී ද Huawei හි ඉහළ හා මධ්‍යම පරාසයේ ස්මාර්ට්ෆෝන් (2000 RMB or above $300) අලෙවිය 11%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ජාත්‍යන්තර ඉහළ පරාසයේ එනම් ඇමරිකානු ඩොලර් 500ට ඉහළ වටිනාකමකින් යුත්  ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුළ 9.7%ක වෙළද පල ප්‍රතිශතයක් හිමිකර ගැනීමට 2017වසරේ පෙබරවාරි මාසයේදී  Huawei සමත් වූ බව GfK වාර්තා පෙන්වා දෙයි.  චීනය,ස්පාඤ්ඤය, තායිලන්තය, මලයාසියාව, දකුණු අප්‍රිකාව  සහ පෝලන්තය ආදී ප්‍රමුඛ වෙළඳ පළ රාසක් හිමි රටවල් 9ක ස්මාර්ට්ෆෝන් වෙළඳ පළින් 10%ක ප්‍රතිශතයක හිමිකාරීත්වය දරන්නේ Huawei සමාගමයි.

2017පෙබරවාරි 26වන දින  නිකුත් කරන ලද  නවතම Huawei P10ස්මාර්ට්ෆෝනය මේ වනවිට  ලොව පුරා වෙළඳ පළ 30කට අධික සංඛ්‍යාවකදී අලෙවි වෙමින් පවතියි. එම ස්මාර්ට්ෆෝනය සතුව පවතින ඡායාරූපකරණයෙ සුවිශේෂිතාව නිසා මේ වනවිට ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වන ස්මාර්ට්ෆෝනය බවට Huawei P10පත්ව තිබේ.

මීට අමතරව ටැබ්ලට් වෙළඳ පළ තුළ ද Huawei කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ව්‍යාපාරික සහ පාරිභෝගික අවශ්‍යතාවට සරිලන පරිදි නිපදවෙන Huawei ටැබ්ලට්  අපනයනය වසරින් වසර 70%කට අධික ප්‍රමාණයකින් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Page 4 of 5

IMAGE

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 501

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 787

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 559

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 6369

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 2936

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1627

Please publish modules in offcanvas position.