Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Huawei Y කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය ලෙස Huawei Y7 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. නවීන විශේෂතා රැසක් සමඟින් එන Huawei Y7 කාර්යක්ෂමතාව අතින් ද ඉහල ස්මාර්ට්ෆෝනයකි. ස්මාර්ට්ෆෝනය  දිගු කළක් සක්‍රියව තබාගැනීමට සහ කාර්යයන් රාශියක් සඳහා භාවිත කිරීම සඳහා වන පාරිභෝගික නිදහස සුරකිමින් මෙම නවතම  Huawei Y7   ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ. නවතම පෙනුම සහ ස්මාර්ට් පවර් සේවින්ග් තාක්ෂණය සහිත 4000mAh බැටරිය, උසස් තත්වයේ කැමරාව ආදී දිගු කළක් සක්‍රියව තබාගැනීමේ විශේෂතා රැසකින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත  වෙයි.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ  Huawei ශ්‍රී ලංකා හි  වෙළඳ කළමණාකාර රුවන් ගමගේ මහතා සඳහන් කළේ  ශ්‍රී ලාංකේය ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා වලට සරිලන  සියලු පහසුකම්  නවතම  Huawei Y7 හි අන්තර්ගත බවයි. ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන පාරිභෝගිකයින්ට සිය දෛනික ජීවිතය පහසු කරවීම සඳහා වන විශේෂාංග රැසක්  Huawei Y7 හි  අන්තර්ගත වන බව ද  හෙතෙම සඳහන් කළේය.

ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන පරිදි නිමවා ඇති Huawei Y7 ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා නිමවා ඇත. මෙහි කෙළවර  මද වක්‍රාකාර ස්වරූපයක් ගැනීම නිසා ඊට නව පෙනුමක් හිමි ව තිබේ. ලෝහමය නිමාවකින් යුතු මෙම Huawei Y7 ස්මාර්ට්ෆෝනය 5.5” පුළුල් HD තිරයකින් යුක්ත වෙයි. එම නිසා විචිත්‍රවත් වර්ණ සහ ග්‍රැෆික්ස්  නැරඹීමේ පහසුකම් වලින් ද යුක්ත වෙයි. අගනා බාහිර පෙනුමකින් යුක්ත මෙම  Huawei Y7 ස්මාර්ෆෝනය  ක්‍රීඩා, වීඩියෝ, සහ ඡායාරූප යන සියලු කාර්යයන් සඳහා යෝග්‍ය වෙයි.

4000mAh බැටරිය සහ Huawei ස්මාර්ට් පවර් සේවිං තාක්ෂණය නිසා දිගු වේලාවක් ස්මාර්ට්ෆෝනය සක්‍රියව තබාගැනීමට හැකියාව  ලැබෙයි. මෙමඟින් පැය ගණනාවක් වුව සංගීතය රස විදින අතර වීඩියෝ ක්‍රීඩා කිරීමේ පහසුකම් ද සහිත වෙයි. Qualcomm Octa-core ප්‍රොසෙසරය ,  2GB RAM සහ  16GB ROM  නිසා Huawei Y7 ස්මාර්ට්ෆෝනය   ඉක්මන් සහ වේගවත් ක්‍රියාකාරීත්වයකින්  යුක්ත වෙයි.

Huawei Y7 හි ඇති 12MP පසුපස කැමරාව සහ 8MP F2.0 ඉදිරිපස කැමරාව නිසා සුපැහැදිලි ඡායාරූප ගැනීමේ  හැකියාවෙන්  ද යුක්ත වෙයි.

කළු සහ රන්වන් පැහැයෙන් වෙළඳ පළට එන Huawei Y7 ස්මාර්ට්ෆෝනය රුපියල් 25,900 ක් වැනි මුදලකට දිවයින පුරා පිහිටි  සිංගර් ශ්‍රී ලංකා  අලෙවි සැල් සහ Huawei මධ්‍යස්ථාන වලින් මිලට ගත හැකිය.

2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව හොඳම සන්නාම 100 අතර 47 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ Huawei විසිනි. එමෙන්ම Interbrand’s හි ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම සන්නාම අතර 70 වන ස්ථානයට පත්ව ඇත්තේ Huawei සන්නාමයයි. තවද GfK වාර්තා වල පුළුල්තම වෙළඳ පළ ප්‍රතිශතයක් හිමි  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ලෙස  Huawei හඳුන්වා තිබේ.

ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයන් සඳහා SAP Business Oneඔස්සේ අති නවීන මෘදුකාංග හා විසඳුම් හඳුන්වාදීමේ නිරතව සිටින Pristine Solutionසමාගම තම නවතම මෘදුකාංග විසඳුම හඳුන්වාදෙන ලදිSAP Business Oneහි මෙම නිර්මාණශීලී ව්‍යාපාර කළමනාකරණ මෘදුකාංගය වර්ධනය වන කි‍්‍රයාශිලී ව්‍යාපාරික ආයතන වෙනුවෙන් සැලසුම් කොට තිබේ. රටවල් 150කට අධික සංඛ්‍යාවක සමාගම් 55,000කට අධික සංඛයාවක විශ්වාසය දිනූ මෙම ඒකීය විසඳුම, ගිනුම්කරණය, පාරිභෝගික සබඳතා කළමනාකරණ, සැපයුම් දාම කළමනාකරණ, නිෂ්පාදන සහ මිලදී ගැනීම් ආදී මූලික ව්‍යාපාරික කි‍්‍රයාකාරකම් මනාව සංවිධිත කරනු ලබයි.

මෙම මෘදුකාංග විසඳුම මගින් තනි පරිමාණීය පද්ධතියක් මගින් සමස්ත ව්‍යාපාරික තොරතුරු ග‍්‍රහණය කිරීම, ඒකීයකරණ ව්‍යාපාරික බුද්ධිය සම්බන්ධ සංකීර්ණ ගැටලූ සඳහා පිළිතුරු සෙවීම, සේවකයින්ට ජංගම දුරකථන යෙදුමක් (App) එකක් ඔස්සේ ඉතා පහසුවෙන් මෘදුකාංගය වෙත ප‍්‍රවේශවීම, කෙටි කාලයක් තුළ ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ලබාගත හැකි වීම ආදිය සඳහා පහසුකම් සලසා තිබේ.

මේ මෘදුකාංග විසඳුම හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගි වූ SAP Business Oneහි කලාපීය ප‍්‍රධානී නිතින් පරන්ජාපේ මහතා මෙසේ සඳහන් කළේය. ”අද අප බොහෝ දෙනා ඇතැම් තොරතුරු සොයන්න ecommerceක‍්‍රියාකාරකම් වල නිරත වෙන්න, තැනක් සොයා ගැනීමේ අදහසින් අන්තර්ජාල සිතියම් භාවිතා කරන්න, මේ ආදී බොහෝ දේ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මෙහිදී අපි ගනුදෙනු කරන්නේ ඩිජිටල් ලෝකය සමගයි. ලෝකයේ සියලූම වයස් කාණ්ඩවල, තරාතිරම්වල ජනයා අතර ඩිජිටල් අත්දැකීම අද පොදු දෙයක් බවට පත්ව ඇති අතර ඒ අනුව අපේ භෞතික ලෝකය නිරන්තරයෙන්ම ඩිජිටල් ලෝකය සමග අන්‍යොන්‍ය ලෙස සම්බන්ධ වී තිබෙනවා. මෙහිදී සමාගම් තම ගනුදෙනු කාර භවතුන්, සේවකයන් හා පාර්ශ්වකරුවන් සමග ඩිජිටල් හා භෞතික මිශ‍්‍රණයක නිරත වෙමින් කටයුතු කිරීම පුදුමයක් නෙමෙයි මේ තමයි ෆිජිටල් (physical+digital)යුගය. ”

ව්‍යාපාර සම්පත් සැලසුම් (ERP) ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛයෙකු වන SAP Business Oneවසර 2009දී ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙන ලද්දේ Pristine Solutionපුද්ගලික සමාගම විසිනි. එදා සිට මේ දක්වා ශී‍්‍ර ලංකාවේ සමාගම් 100කට අධික ප‍්‍රමාණයක් සහ භාවිත කරුවන් 4000කට අධික සංඛ්‍යාවක් SAP Business Oneහි ප‍්‍රතිලාභ ලබති. ගෝලීය වශයෙන් සමාගම් 55,000කට අධික සංඛ්‍යාවක් මෙම මෘදුකාංග භාවිතා කරන අතර වර්තමානයේ සමාගම ලොව ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ව්‍යාපාර සම්පත් සැලසුම් විසඳුම් සපයන සමාගම් අතරින් එකකි.

ආසියානු කලාපයේ වඩාත් කාර්යක්ෂම ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින Pristine Solutionපුද්ගලික සමාගම අන්තර්ජාතික වෙළෙඳපොළ කීපයකටම තම සේවාවන් හා මෘදුකාංග සැපයීමේ නිරතව සිටී. එහි උසස් ගුණාත්මක බවින් යුත් මෘදුකාංග නිර්මාණයන් ජාතික වශයෙන් විශිෂ්ටතම මෘදුකාංග සඳහා සම්මාන පිරිනැමීම්වලදී ඇගයීමට පාත‍්‍රවී තිබේ. මෙරට ආර්ථිකය සඳහා තම දායකත්වය ලබා දීමට අමතරව Pristine Solutionසමාගම ආයතන සමාජ වගකීම් වලද නිරත වෙමින් කුඩා සමාගම් වල සේවකයන්ට හා සිසුන්ට තාක්ෂණය සහ ඩිජිටල් ව්‍යාපාරික මොඩලයන් පිළිබඳ නොමිලේ දැනුම ලබා දෙමින් ඔවුන් අනාගතයේ කුසලතා පූර්ණ වෘත්තිකයන් බවට පත් කිරීමේ මෙහෙයකද නිරතව සිටි.

මෙම නව හඳුන්වාදීම පිළිබඳ තම අදහස් දැක්වූ Pristine Solutionපුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පි‍්‍රයන්ත කුමාරගේ මහතා මෙසේ පැවැසීය. ”මෙය සමස්ත ව්‍යාපාරයටම පැහැදිලි දෘශ්‍යතාවයක් ලබා දෙමින් මෙහෙයුම්වල සෑම අංශයක්ම පාලනය කරනු ලබන තනි ඒකීයකරණ විසඳුමක්. ක්ෂණික ප‍්‍රවේශයක් තුළින් තීරණාත්මක ව්‍යාපාරික තොරතුරු ග‍්‍රහණය කිරීමේ හැකියාවක්ද සහිත එය සමාගමකට අවශ්‍ය මූලික ව්‍යාපාරික ඉසව් කළමනාරණය කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම සැලසුම් කිරීමටද සමත්. ව්‍යාපාර එකිනෙකට වෙනස් වන නිසා SAP Business Oneසැලසුම් කොට ඇත්තේ ඒ සෑම ව්‍යාපාරයකටම ගැලපෙන ලෙසයි. SAP HANA®සහ Microsoft SQLසර්වර් වේදිකා ඔස්සේද කි‍්‍රයාත්මක වන නිසා ඔබට  ඕනෑම තැනක සිට  ඕනෑම වෙලාවක  ඕනෑම ජංගම දුරකථනයක් ඔස්සේ ඊට ප‍්‍රවේශ වීමේ හැකියාව තිබෙනවා.”

මෙම අවස්ථාව සඳහා Pristine Solutionකළමනාකාර  අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාරගේ,SAP Business Oneකලාපීය ප‍්‍රධානී නිතින් පරන්ජාපේ, ඉන්දීය උප මහද්වීපය සඳහා LPEසමුහයේ ප‍්‍රධානී සතිශ් කුමාර මොව්වා සහ නිශාන් විජේගුණවර්ධන, Pristineඋපදේශකයන් වන ප‍්‍රගීත් වනිගසූරිය සහ අකිල කුමාර මහත්වරු ඇතුළු පාර්ශ්වකාර සමාගම් රැසක නියෝජිතයන්ද සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි වූහ.

මෝටර් රථවාහන ක්ෂේත්‍රයේ  ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන ෆෝඩ් මෝටර් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයින් වන සොෆ්ට්ලොජික් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම  සහ JEN (Japan Emergency NGO) හා එක්ව  කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ව්‍යාපෘති  තුනක් සාර්ථකව නිම කරයි.

යුද ගැටුම් පැවති සමයේ  අවතැන් වූ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණ. මේ යටතේ  එම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය  නඟා සිටුවීම සඳහා  ප්‍රමුඛ  තැනක් ලබාදී තිබුණි. එම පළාත්වල ගොවීන්ට වසර පුරාම කෘෂිකර්මාන්තයෙන්  ආදායම්   ලැබිය හැකි තත්වයක් උදා කරලීම මෙම ව්‍යාපෘතීන්වල අරමුණ විය. ෆෝඩ් හි Global Giving programme යටතේ මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර Global Giving 2007වසරේ දී ෆෝඩ් හා සම්බන්ධ වූ  ව්‍යාපෘතියකි. මෙම සබඳතාව නිසාම  වසර 2014දී ෆෝඩ් සමාගම ලොව වඩාත්ම ආචරධර්මීය සමාගම ලෙස Ethisphere විසින් නම් කර තිබේ. තවද ඇමරිකාවේ සමාගම් හා සමාජ වගකීම් සම්බන්ධ සඟරාවක් විසින් ලොව හොඳම ආයතනික පුරවැසියන් 100අතරට ෆෝඩ් සමාගම ද පත්කර තිබේ.

“ යහපත් ලොවක් සඳහා ෆෝඩ්  මෙහෙයුම “  යන තේමාවෙන් යුක්තව  කෘෂි ලිං සැකසීම සහ සත්ව පාලනය වැඩිදියුණු කිරීම සඳහා සහය වීම මුලික වශයෙන් මෙරට ක්‍රියාත්මක කළ අතර 2016මාර්තු මාසයේ  සිට  ෆෝඩ් සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෘහ ඒකක  55ක් වෙත  සහන සැලසීම අරඹන ලදී.  මේ යටතේ කරච්චි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනයිවිලුන්දාන් ග්‍රාම නිලධාරි  වසමේ සහ   පච්චෙයි පල්ලෙයි  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තම්පකාමම් ග්‍රාම නිලධාරි  වසමේ කෘෂි ලිං 27ක් ඉදිකෙරුණි. එම ළිං ඉදිකිරීමෙන් පසුව  එම ගොවීන් වෙත බීජ වර්ග , පැළ වර්ග, කෘෂි උපකරණ, වතුර පොම්ප සහ කෘෂිකර්මාන්තයට අදාල අනිකුත් පහසුකම් ද සපයන ලදී.  දිගු කාලීන භෝග වගාව, එළවලු සහ පළතුරු වගාව, නිසි ආකාරයට අස්වනු නෙලාගැනීම ආදී කටයුතු  සඳහා එම ජනතාව හුරු කරවීම එහි අරමුණ විය. මීට අමතරව   කිලිනොච්චියේ තම්පකාමම්, ආනයිවිලුන්දාන්,  සහ මුලතිව් හි තන්ඩුවාන් , අම්පකාමම් යන ග්‍රාම නිලධාරි  වසම්  සඳහා වැසි ජල ටැංකි 4ක් බෙදාදීම ද මීට සමගාමීව සිදු කෙරිණ.

ෆෝඩ් හි සහන වැඩසටහනේ ජාත්‍යන්තර මාසය යටතේ ක්‍රියාත්මක වූ  දෙවන ව්‍යාපෘතිය යටතේ  තම්පකාමම් ග්‍රාම නිලධාරි වසම සදහා ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීම සිදු කෙරිණ. JEN හි කෘෂි සමූපකාර සමිතිය සහ කාන්තා කණ්ඩායමක් විසින් මෙම ප්‍රජා මධ්‍යස්ථානය තුළ  ඇඹරුම් හලක් ස්ථාපිත කර පවත්වාගෙන යන්නේ අමතර වටිනාකමක් එක් කරමිනි.මෙහි ඉදිකිරීම් සඳහා ෆෝඩ් කණ්ඩායම ද ස්වේඡාවෙන් දායක විය. .තුන්වන ව්‍යාපෘතිය “වඩා යහපත්  ලොවක් සඳහා ෆෝඩ් මෙහෙයුම 2016 “ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ අතර  ඒ අනුව ගෘහස්ථ මට්ටමින් ජලය අරපිරිමැස්ම  සඳහා ප්‍රජාව හුරුකරවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. මෙහිදී ජලය අරපිරිමැස්ම සඳහා නිර්මාණශිලී   අදහස් හා යෝජනා සඳහා තරඟයක් පැවැත්වූ අතර ඒ අතරින් වඩා ප්‍රායෝගික අදහස් ඇතුළත් කරගනිමින් පොතක් ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරින.මෙහි විශේෂත්වය වන්නේ එම ප්‍රජාව විසින්ම මේ සඳහා නව අදහස් සම්පාදනය  කිරීමයි.

මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රදාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ  JEN විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා සේවා සඳහා ෆෝඩ් හා  එක්ව දායක වීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවයි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට යළි සිය ගම් බිම් වල පදිංචි වීමේදී සිය ජීවනෝපාය ගොඩනඟාගැනීමට සහය වීම උතුම් කාර්යයක් වනවා සේම එය මීළඟ පරපුරට ආදර්ශයක්  වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

JEN වෙනුවෙන් අදහස් දැක්වූ මනාමි මොචිසුකි කියා සිටියේ සිය ආයතනය වසර ගණනාවක් තිස්සේ  GlobalGiving හා එක්ව කටයුතු කරන බවයි.මෙම සහයෝගීතාව තුළින් ලොව බොහෝ රටවල ව්‍යාපෘති රැසක් සාර්ථකව අවසන් කර ඇති  බව ද සඳහන් කළේය. ෆෝඩ් හා එක්ව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව ප්‍රසාදය පළ කළ හෙතෙම ස්වාභාවික ජලය ආරක්ෂා කරගැනීම වැනි වටිනා ආකල්පමය වෙනසක් වෙත ජනතාව යොමු කිරීමට ලැබුන අවස්ථාව  සුවිශේෂි වන බව ද  පෙන්වා දුන්නේය.

වසර ගණනාවක් පුරා ෆෝඩ් සමාගම මෙරට විවිධ ප්‍රජා ව්‍යාපෘති සඳහා සහයෝගය දක්වමින් සිටියි. පසුගිය වසරේදී වර්ල්ඩ් විෂන් ලංකා හා එක්ව මඩකලපුව වාකරෙයි ප්‍රදේශයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් දියත් කළේය. මීට අමතරව ෆෝඩ් හි “පරිසර ආරක්ෂණ වැඩසටහන “යටතේ   සිවිල් සංවිධාන සහ විවිධ කණ්ඩායම් දැනුව් තිරීමේ ව්‍යාපෘතින් රැසක් දියත් කර තිබේ. එහි කොටසක් ලෙස 2014වසරේදී  ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යාව හදාරන කණ්ඩායම (FOGSL)  වෙත ඇමරිකානු ඩොලර් 20000ක  මුදලක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. මේ අතර වසර 2013දී ශ්‍රී ලංකා වෘක්ෂලතා සංගමය  සහ වනසරණ තුරුලතා ස්වේච්ඡා සංගමය වෙත ඩොලර් 15000ක ආධාර පිරිනමා තිබේ. 2012දී නක්ලස් රක්ෂිතය ගින්නෙන් ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති තරඟයක ජයග්‍රාහකයින් වෙත ඩොලර් 10000ක ත්‍යාගයයක් ෆෝඩ් සමාගම විසින් පිරිනමන ලදී.

Japan Emergency NGO හෙවත්  JEN  සරණාගතයින් සහ අභ්‍යන්තර අවතැන්වූවන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පිහිටවූ සංවිධානයක් වන අතර පෙර  යුගොස්ලාවියාව කේන්ද්‍ර කර ගනිමින් මෙම සංවිධානය  1994වසරේදී පිහිටවාගනු ලැබිණ.  වසර කිහිපයක් තුළදී ස්වාභාවික විපත්,  හෝ අනිකුත් විපත් සහ හදිසි අවස්ථා රැසකදී මෙම සංවිධානය සිය සහන සේවා දියත් කර තිබේ. “ජීවත් වීමේ බලය සඳහා සහය වීම“ යන්න තේමා කරගනිමින් Japan Emergency NGO හෙවත්  JEN  කටයුතු කරයි.  2000වසරේදී මෙම සංවිධානය ජපානයේ ටෝකියෝ නගරයේ ෂින්ජුකු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් NPO JEN නමින්  රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස යළි ස්ථාපිත කරන ලදී.

Huawei හි Super Charge තාක්ෂණය සඳහා  TÜV Rheinland සහතිකය හිමිවූ බව Huawei ව්‍යපාර සමූහය නිවේදනය කරයි. Huawei හි  Super Charge තාක්ෂණය පිළිබඳව  සුවිශේෂි වූ පරීක්ෂණ රැසකින් පසු ලොව ප්‍රමුඛතම ආරක්ෂක උපාංග ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයින් වන TÜV Rheinland විසින්  මෙම සහතිකය පිරිනමා තිබේ.  Adapters, IC circuits සහ  charging cable යනාදී බැටරි ආරෝපන ක්‍රියාවලියට සම්බන්ධ සියලු අංග මෙහිදී පරීක්ෂාවට ලක් කර  තිබේ. low temperature සහ thermal shock ආදී පරීක්ෂා රැසකින් පසු TÜV Rheinland සඳහන් කර ඇත්තේ  එම සියලු අංග නිසි ප්‍රමිතියට පවත්වාගෙන යමින්  Huawei විසින් වේගවත් ආරෝපණයක් පමණක් නොව වඩාත් ආරක්ෂාකාරී ආරෝපණයක් සිය පාරිභෝගිකයා වෙත සපයන බවයි.

ලොව පුරා  පාරිභෝගික භාණ්ඩ වල ආරක්ෂාකාරීත්වය පිලිබඳව වසර 145කට අධික කාලයක් කටයුතු කරමින් සිටින බව TÜV Rheinland හි විදුලි  නිෂ්පාදන ක්ෂේත්‍රයේ උප සභාපති කල්යාන් වර්මා ප්‍රකාශ කලේය. වත්මන් යුගයේ අවශ්‍යතාවක් වන ස්මාර්ට්ෆෝනයේ  බැටරි ආරෝපණය වේගවත්ව සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී Huawei සමාගම එම කාර්යය අකුරටම ඉටු කරන  බව තහවුරු වූයේ යැයි ද එ මහතා පෙන්වා දුන්නේය. තම ආයාතනය පාරිභෝගික ආරක්ෂාව ප්‍රධාන කොටම සලකන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ ස්මාර්ට්ෆෝන් අංශයේ උප සභාපති බෘස් ලි  මහතා පෙන්වා දුන්නේ තම සෑම නිෂ්පාදනයක් තුලින්ම පාරිභෝගිකයා අපේක්ෂා කළ විශේෂාංග හඳුන්වා දීමට අපේක්ෂා කරනවා මෙන්ම සිය තරඟකරුවන්ට ද අත්දැකීමක් ලබාදීමට කටයුතු කරන බවයි. TÜV Rheinland හා සම්බන්ධ වීමෙන් පසු වේගවත් හා ආරක්ෂාකාරී  ආරෝපණයක් ලබාදීම පමණක් නොව ව්‍යාපාරික තරඟකරුවන්ට සම කළ නොහැකි ආරක්ෂාව පිළිබඳ සහතිකයක්  ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Huawei හි  Super Charge තාක්ෂණය යටතේ ස්මාර්ට්ෆෝනය හා චාර්ජරය අතර අඛණ්ඩ  සන්නිවේදනයක් පවතී, එම සන්නිවේදනයට අනුව සවංක්‍රියවම නිසි වෝල්ටීයතාවට අනුව  බැටරිය  ආරෝපණය  කරයි. මෙහිදී සෑම ආරෝපණය කිරීමක්ම  නිරීක්ෂණය කෙරෙන අතර වැඩිපුර යෙදෙන බලය ප්‍රයෝජනවත් ආකාරයට යෙදවීම සඳහා ස්වයං ක්‍රියාවලියක්  ක්‍රියාත්මක වෙයි. 4.5V/5Alow ධාරිතාවයක  වේගයෙන් ආරෝපණය වන   Huawei හි  Super Charge තාක්ෂණය තුළින් ආරෝපනය වීමේ දී  ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂා කාරීත්වය වැඩි දියුණු කරවයි.

මීට අමතරව සෑම  Huawei නිෂ්පාදනයක්ම  විදුලි බලය බිඳ වැටීමකදී ,වැනි තත්වයන් වලදී ආරෝපනය වීම ස්වංක්‍රියවම ක්‍රියා විරහිත වන ආකාරයට නිපදවා තිබේ. මේ නිසා හදිසි ගිනි ගැනීම් වැනි අනතුරු වලින්ද ආරක්ෂාව තහවුරු කර තිබේ.

ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5වනදා සිට 15වනදා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පවත්වන මෙම පොත් අලෙවිය මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම Big Bad Wolf Books  නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ යැප් මහතා සහ ProRead Lanka (Pvt) Ltd  අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24පුරාම විවෘතව පැවතීමයි. පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම පොත් අලෙවිය පැය 255ක්  විවෘතව තැබීමට නියමිතය. මෙම නිසා ඕනෑම වයසක පසුවන්නකුට සිය කැමැත්ත පරිදි පොත් තෝරා ගැනීම සඳහා කාලය ගැටළුවක් නොවනු ඇත. නවතම ඉංග්‍රීසි පොතපත සඳහා 60%සිට 80%දක්වා විශේෂ වට්ටම් මෙහිදී ලබාගත හැකිය. උසස් තත්වයේ නවතම ඉංග්‍රිසි පොත් පත් රැසක් මෙහිදී අලෙවි කීරිමට අපේක්ෂිත ය.  අඩු මිලකට හොඳ පොත් පත් මිලට ගැනීමට පාඨකයාට අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව මෙම පොත් අලෙවිය  ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලාංකිකයන් තුළ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ පොත පත කියවීමේ වටිනාකම ප්‍රචලිත කිරීම ද මෙහි තවත් අපේක්ෂාවකි.

විවිධ පොත පත රැසක් එකම වහලක් යටදී අඩුම මිලකට මිලදී ගැනීමට ලැබෙන හොඳම අවස්ථාව ලෙස මෙම අවස්ථාව හැදින්විය හැකිය.  ලොව පුරා අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි පොත් 20000ක් ද ඇතුළුව  විවිධ ෂානරයන්ගෙන් යුත්  මිලියන 1.5කට අධික පොත්පත් ප්‍රමාණයක් මෙහිදී අලෙවි කෙරේ.  චරිත කථා, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, සාහිත්‍ය, ඉවුම් පිහුම්, ළමා පොත් වැනි කුඩා පොත පත සහ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ ළමයින්ට වැදගත් වන අධ්‍යාපනික පොත පත ද ඒ අතර වෙයි.  ඉතා දුර්ලභ සීමිත පිටපත් සංඛ්‍යාවලින් යුතු පොතපත එකතු කරන්නන්ට ද මෙම අවස්ථාව කදිම අවස්ථාවකි. දේශීය පොතපත අලෙවි කරුවන්ටද මෙම අලෙවියෙහි අවකාශයක් වෙන් කර දී ඇති අතර DVD සහ  Blu-Ray චිත්‍රපට මිලදී ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙයි.

මෙම පොත් අලෙවිය පිළිබඳව අදහස් දැක්වූ ProRead Lanka (Pvt) Ltd  අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රී මහතා පෙන්වා දුන්නේ Big Bad Wolf පොත් අලෙවිය මෙරට පැවැත්වීමට අවස්ථාව හිමිවීම මහත් භාග්‍යයක් කොට සලකන  බවයි. මේ ආකාරයේ පොත් අලෙවියක්  කලක පටන් මෙරට  පාඨකයින්ගේ අවශ්‍යතාවක් ව පැවැති බව ද හෙතෙම සඳහන් කළේය. පැමිණෙන සෑම පුද්ගලයෙකුටම වැදගත් වන පොත් මෙම අලෙවියෙන් ලබාගත හැකිවීම විශේෂත්වයක් බවද වාසලතන්ත්‍රී මහතා පෙන්වා දුන්නේය. ඉදිරියේදී ද මේ ආකාරයේ ප්‍රජාව අතර දැනුම හුවමාරුකරගැනීමේ  වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව ද නිශාන් වාසලතන්ත්‍රී මහතා අවධාරණය කළේය.

Big Bad Wolf හි මලයාසියානු සහකරු වන දීපක් මාධවන් මහතා මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගැනීමට සියලු දෙනා දැඩි උනන්දුවක් දක්වන බවයි. එම අපේක්ෂාවන් ඉටුකරගැනීම  සඳහා මෙම පොත් අලෙවිය කදිම අවස්ථාවක් සලසන බව ද හෙතම කියා සිටියේ ය. මෙම අවස්ථාව පොතපත පාඨකයින්ට පමණක් නොව සමස්ථ පවුලටම ප්‍රයෝජනවත් පවුලේ අවස්ථාවක් බවද මාධවන් මහතා සඳහන් කළේය. Big Bad Wolf පොත් අලෙවිය වෙත පැමිණ එම වෙනස වටහාගන්නා හැටියට තමන් සමස්ථ ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. පොත පත කියවනන්ට මෙය කදිම අවස්ථාවක්  වන බවත්,තරුණ සහ වැඩිහිටි ආදී වශයෙන් විවිධ වයස් කාණ්ඩවල පිරිස් වෙත තම දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම කුසලතා වර්ධනය කර ගැනීමට ද මෙහිදී අවස්ථාව හිමිවන බව හෙතෙම සඳහන් කළේය.

වසර 2009දී  මැලේසියාවේ  සේලන්ගර් හි Dataran Hamodal  හි දී ඇරඹි මෙම Big Bad Wolf පොත් අලෙවිය ඉතා කෙටි කලක් තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ සංකල්පයකි.කෙටි කාලයක් තුළ අසල්වැසි රටවල් වන ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් වෙත මෙම Big Bad Wolf පොත් අලෙවිය  ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකාව මෙම දැවැන්ත පොත් අලෙවිය පවත්වන  හතරවන රට ය.

පහත සඳහන් සබැඳිය ඔස්සේ Big Bad Wolf Book Sale හි නිල වෙබ් අඩවියට පිවිසීමෙන් Wolf Pack සමාජිකත්වය හා ලියාපදිංචි වී මෙම පොත් අලෙවියේ දී විශේෂ වරප්‍රසාද ලබාගත හැකිය.

https://www.bigbadwolfbooks.com/lk/register/english.

Tata PRIMA 2528.K Scoop  මාදිලියේ ටිපර් රථ 4ක්  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන NEM කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම වෙත භාර දීම පසුගියදා සිදුකෙරිණ. සීමාසහිත  ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා අතින්   NEM කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ  සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රාජා නානායක්කාර මහතා වෙත මෙම ටිපර් රථ  භාරදීම පසුගියදා සිදුකෙරිණ. මෙම අවස්ථාවට  ඩීමෝ සමූහ ප්‍රධාන විධායක නිලධාරි  ගහනාත් පණ්ඩිතගේ, ඩීමෝ අධ්‍යක්ෂ විජිත බණ්ඩාර, ටාටා වෙළද වාහන අංශයේ සාමාන්‍යාධිකාරි නලින්ද කුරුකුලසූරිය, ටාටා වෙළඳ වාහන සේවා අංශයේ සාමාන්‍යධිකාරි මහේෂ් කරුණාරත්න, ටාටා මෝටර්ස් සමාගමේ ශ්‍රී ලංකා කළමණාකාර මධු සිං යන මහත්වරු එක්ව සිටියහ.

Tata PRIMA රථ පෙළ ඉදිරිකීරීම් හා කැනීම් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වර්ධනය කෙරෙන ආකාරයට නිමවා ඇති මාදිලියකි. නවීන තාක්ෂණය , සුපිරි උපකරණ, සමඟ ඉලක්ක හඹා යාමේදී වැදගත් වන සියලු අංගෝපාංග වලින් සමන්විත මෙම රථ පෙළ ඉදිකරීම් හා කැනීම් ව්‍යාපෘති සඳහා බෙහෙවින් යෝග්‍ය වේ. ක්ෂේත්‍රය තුළ සෑම අවශ්‍යතාවක් සඳහාම යොදාගත හැකි ආකාරයට නිමවා ඇති මෙම රථ පෙළ අශ්වබල 280 - 380  පරාසයක් සහිත Tata PRIMA රථ පෙළ  ZF ගියර් පද්ධතියකින් සහ , heavy duty Hub Reduction Axles, Bogie Suspension, special 12x24 mining tyres ආදියෙන් සමන්විත වෙයි. තවද HVAC, මෙන්ම දිශා 9කට වෙනස් කළ හැකි අසුන් වලින්ද සමන්විත Tata PRIMA රථයේ රියදුරු කුටිය  රියදුරු තොරතුරු පද්ධතියකින් සහ මනා ඉඩ පහසුකම් වලින් යුක්ත වෙයි.

මෙම ටිපර් රථ භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ  සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ  ඉන්දියාවේ ට්‍රක් රථ කර්මාන්තයේ ප්‍රමුඛයින් වන ටාටා විසින් හඳුන්වා දෙන PRIMA රථ පෙළ  මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මහත් පෙරළියක් ඇති කරනු ඇති බවයි.

කියුබික් මීටර් 16ප්‍රමාණයෙන් යුත් ගල් වැනි ඝන ද්‍රව්‍ය පැටවිය හැකි  ට්‍රක් රථ 4ක්  NEM කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම වෙත භාරදීම මෙහිදී සිදුකෙරුණි. මීට අමතරව කියුබික් මීටර් 18ප්‍රමාණයේ ටිපර් රථ ද ටාටා විසින් නිපදවන අතර 6x4 configuration  පහසුකම් වලින් යුක්ත මෙම ට්‍රක් රථ විශේෂයෙන් පස් ප්‍රවාහනය සඳහා සුදුසු වෙයි. ටාටා විසින් නිපදවන කියුබික් මීටර් 20ප්‍රමාණයේ ටිපර් රථය 8x4 configuration  පහසුකම් වලින් යුත් අධි බර පැටවිය හැකි තවත් ටිපර් රථයකි.

1980වසරේදී මෙහෙයුම් ආරම්භ කරන ලද NEM කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. පස් ඉවත් කිරීම සහ හෑරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, ජල සම්පාදන, කාණු පද්ධති, වාරිමාර්ග,සහ ඉඩම් සංවර්ධන යන ක්ෂේත්‍රවල  කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කරන  NEM කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම  මෙරට සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගමකි. තවද මෙම සමාගම ICTAD වර්ගීකරණය අනුව ISO 9001: 2008තත්ව සහතිකයෙන් පිදුම් ලැබූ සමාගමකි.

ඉන්දියාවේ ටාටා මෝටර්ස් හා ඩීමෝ  අතර වසර 56ක වෙළඳ සබඳතාවක් ඇති අතර ටාටා වාහන ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේදී පුළුල් මෙහෙවරක් ඉටු කරයි. ඩීමෝ හා ටාටා එක්ව ටාටා වාහන අලෙවිය, සේවා පහසුකම් සහ අමතර කොටස් මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා සඳහා දිවයින පුරා ශාඛා 40 කට අධික සංඛ්‍යාවකින් යුතු ශාඛා ජාලයක් පවත්වාගෙන යනු ලබයි.

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 1942

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1271

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 642

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1656

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5280

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3243

Please publish modules in offcanvas position.

Web Analytics