Coss Ear2
lakbima.lk
COSS Ear 1

සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ

සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන වන ‘සෙලාන් පැහැසර’ වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්” එම වැඩසටහන යටතේ ස්ථාපිත කරන ලද 150 වන පුස්තකාලය පසුගියදා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර
විද්‍යලයේදී සිසු අයිතියට පත්කෙරිණි.එදින එම විද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය පොත් මෙන්ම පරිගණකද පරිත්‍යාග කරන ලද අතර ඒ අනුව සිසුන්ට තොරතුරු තාක්ෂණය භාවිතයෙන් විද්‍යුත් පොත්පත් බාගත කරගැනීම මෙන්ම අනෙකුත් නවීන ඉගෙනුම් ක‍්‍රම පූර්ණ අධ්‍යාපනයට උපයෝගී කරගත හැකි අයුරින් බහුමාධ්‍ය ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක්ද  කෙරිණි.
සියලූ අභියෝග ජයගනිමින් ප‍්‍රශස්තව පෙරට පැමිණි සෙලාන් බැංකුව විසින් සිය බැංකුකරණයේ 25 වන සැමරුමට සමගාමීව ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන තේමාපාඨයට අනුව පියවර නගමින් 2013 මාර්තු මස 01 වැනිදා අනුරාධපුර ප‍්‍රදේශයේදී සෙලාන් පැහැසර වැඩසටහන දියත් කරන ලදි. මේ යටතේ ඉදිකෙරුණු 100 වැනි පුස්තකාලය 2016 මාර්තු 29 වන දින මොරටුව වීර පුරන් අප්පු ආදර්ශ පාසලේදී විවෘත කෙරිණි. මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රසාදයද හිමිවී ඇති අතර දිවයින පුරා දරුවන් වෙත නැණ නුවණ තිළිණ කිරීම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වෙයි.
‘‘සෙලාන් බැංකුව යනු කවදත් තම ගනුදෙනුකරුවන්ට උසස් මට්ටමේ සේවාවක් සලසන අතරම ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් වෙමින් සමාජ-ආර්ථිකමය සංවර්ධනයට දායක වන බැංකුවක්. සෙලාන් පැහැසර වැඩසටහන අපගෙ
් ආයතනික ප‍්‍රජා සත්කාර ක‍්‍රියාවලියේ ඉතාමත් වැදගත් අංගයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ඔස්සේ පහසුකම් අඩු පාසල් වල පුස්තකාල පහසුකම් දියුණු කරමින් දහස් ගණනක් දරුවන් වෙත උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ නවීනතම පහසුකම්
සමීප කරවීමට අපට හැකියාව ලැබී තිබෙනවා.” සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසී ය.
‘‘2019 වසර වනවිට පුස්තකාල 250 සීමාවට ළඟා වීම අපගේ ඉලක්කයයි’ ඒ වගේම පසුගිය වසරවලදී විවෘත කරන
ලද පුස්තකාල නැවත නැවත බැහැදකිමින් එ්වායේ යටිතල පහසුකම් නගාසිටුවීමටත්, පොත්පත් ලබාදීමටත් අප කටයුතු කරමින් සිටින නිසා මෙය දීර්ඝකාලීනව සිසුන්ට යහපත සලසමින් සමස්තයක් ලෙස රටේ අනාගතය වඩාත් යහපත්
කිරීමට විශාල දායකත්වයක් ලබාදෙන වැඩසටහනක් බවට පත්වේවි’” ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙම වැඩසටහන යටතේ කලාපීය හා ප‍්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල සමග අත්වැල් බැඳගනිමින් රටේ සෑම දිස්ත‍්‍රික්කයම පාහේ
අඩුපහසුකම්ලාභී පාසල්වල පුස්තකාල වලට පහසුකම් සැලසීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.
‘‘ජාත්‍යන්තර ප‍්‍රවණතා වලට සමගාමීව දරුවන්ට නවීනතම තාක්ෂණය සමීප කරවීම Smart Classroom සංකල්පයට මුල්තැනක් දීමට අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
සෙලාන් බැංකුව තම ආයතනික ප‍්‍රජා සත්කාරය සඳහා තෝරාගෙන ඇති පරිශ‍්‍රයත් එම වැඩපිළිවෙළට සහය වීම සඳහා හොඳින්ම ගැළපෙන මෙහෙයුම්
භූමිකාවක් බව මගේ අදහසයි.” සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (වාණිජ) පී.ඞී. වීරසිංහ මහතා පැවසී ය. ශ‍්‍රී ලාංකික සිසුන් අධ්‍යාපනය තුළ විශිෂ්ට දක්ෂතා දක්වමින් රටට වැඩදායී පුරවැසියන් පිරිසක් බවට පත්වනු දැකීම සෙලාන් බැංකුවේ
අරමුණ වේ. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ‘සෙලාන් පැහැසර’ ඔස්සේ සිසුන්, දෙමාපියන්, පාසල් බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් යනාදී සියලූම පාර්ශ්වයන් එකට මුණගස්වමින් ඔවුන්ව පොදු අරමුණක් ඔස්සේ ක‍්‍රියාකාරී සාමාජිකයන් කරවීමට පොදු වේදිකාවක් නිර්මාණය කිරීමට සෙලාන් බැංකුව නිතැතින්ම සමත් වී ඇත.

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4001

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2648

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3726

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2240

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7443

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4594

Please publish modules in offcanvas position.