Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නත්තල් සමය වෙනුවෙන් විශේෂ Y5 සහ Y7 ස්මාර්ට්ෆෝන් Huawei වෙතින්

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත Y5 2017 සහ  Y7 ස්මාර්ට්ෆෝන් විශෞෂ මිලකට හදුන්වා දෙයි.  නත්තල් සමය සහ අළුත් අවුරුද්ද වෙනුවෙන් Huawei වෙතින් පාරිභෝගිකයා වෙත මෙම ස්මාර්ට්ෆෝන් තිළිණ කිරීමට නියමිතය.

Huawei හි ජනප්‍රියතම Y Series යටතේ හදුන්වා දෙන මෙම ස්මාර්ට්ෆෝන් දෙක අතුරින් Huawei Y7  ස්මාර්ට්ෆෝනය මනරම් නිමාවකින් යුක්ත වැඩි ආයු කාලයක් සහිත 4000 mAh බැටරියකින් සමන්විත වෙන අතර  smart power-saving  තාක්ෂණයෙන්  සහ ඉතා හොඳ තත්වයේ කැමරාවකින් ද සමන්විත වෙයි.දිවයින පුරා පිහිටි සිංගර් අලෙවි සැල් සහ  බලයලත් නියෝජිත ජාලය ඔස්සේ  සහ Huawei මධ්‍යස්ථාන වලදී මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් අලෙවි සැල් වලින්  මෙම ස්මාර්ට්ෆෝනය මිලදී ගත හැකිය. 5.5” large HD තිරයකින් සමන්විත  Huawei Y7  ස්මාර්ට්ෆෝනය සුපැහදිලි වර්ණ රටා වලින් සමන්විත ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහිත ස්මාර්ට්ෆෝනයකි.  වක්‍ර හැඩැති 2.5වීදුරු තිරයකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය  රුපියල් 25900/= ක මිලකට මිලදී ගත හැකි නිසා උත්සව සමයේ ත්‍යායක් ලෙස වුව පිරිනැමීමට සුදුසු ස්මාර්ට්ෆෝනයකි.

Huawei Y5 2017  ස්මාර්ට්ෆෝනය මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝනයක් ලෙස හඳුන්වා දෙන අතර 3සහ  4G  යන ආකාර දෙකින්ම මිලදී ගැනීමේ හැකියාව පවතියි.  උත්සව සමය සඳහා මෙහි විශේෂ  මිළ  රුපියල්  16450/= ක් සහ 18900/=  ක්  වෙයි.

Huawei Y5 2017 මූලික මට්ටමේ ස්මාර්ට්ෆෝනයක් වුව විශේෂතා රැසකින් යුතු ස්මාර්ට්ෆෝනයකි.  1.4GHz quad-core MediaTek MT6737T  ප්‍රොසෙසරයකින් යුතු මෙම ස්මාර්ට්ෆෝනය 2GB RAM සහ  16GB ගබඩා පහසුකම් වලින් සමන්විත වන අතර මෙම ධාරිතාව microSD card භාවිතයෙන් 128GB  දක්වා පුළුල් කිරීමේ පහසුකම සහිත ස්මාර්ට්ෆෝනයකි. අඟල් 5ක් දිග පුළුල් තිරයකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය HD (720p) resolution  සහ  සෙල්ෆි ඡායාරූප සඳහාම වන   5MP ඉදිරිපස කැමරාවකින් සහ 8 MP පසුපස කැමරාවකින් සමන්විත වෙයි. EMUI 4.1 ආවරණය කරමින් Android Marshmallow 6.0  මෙහෙයුම් පද්ධතියකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය ඉවත් කළ නොහැකි 3000mAh බැටරියකින් ද සමන්විතය. මෙම උත්සව සමයේදී තෑගි බෝග තෝරා ගැනීමේදී  මෙම ස්මාර්ට්ෆෝන්  සහ විශේෂ දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන්  Huawei සිය පාරිභෝගික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2754

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4040

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4583

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5392

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3226

Please publish modules in offcanvas position.

X

Right Click

No right click