Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හෝම් ලෑන්ඩ් ස්කයිලයින් සමාගමේ  නවතම සුපිරි නිවාස සංකීර්ණය වන  Aurum Skyline Residencies හි ඉදිකිරීම් ඇරඹෙයි. මෙම අවස්ථාව සදහා හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා, අධ්‍යක්ෂිකා හර්ෂණී හේරත් මහත්මිය, සෑන් පයිලිං පුද්ගලික සමාගමේ  කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන ගුණතිලක මහතා,  හෝම් ලෑන්ඩ් ස්කයිලයින් හි පිරිවැය උපදේශක, වරළත් ප්‍රමාණ සමීක්ෂක නිශාන්ත වික්‍රමසිංහ, ආකෘති ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු, ව්‍යාපෘති ප්‍රධානි හිරාන් ගුණසේකර සහ ජ්‍යෙෂ්ට කළමණාකරු දේපළ වෙළඳාම් දුමින්ද මෙන්ඩිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

Aurum Skyline Residencies හි පයිලිං කටයුතු ආරම්භ කරමින් මෙහි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ඇරඹුන අතර එහි පයිලිං කටයුතු සිදුකරන්නේ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමට අනුබද්ධිත සමාගමක් මෙන්ම මෙරට පයිලිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන සෑන් පයිලිං පුද්ගලික සමාගම විසිනි. ගුණාත්මක බවින් ඉහළ සේවා සැපයීම තුලින් එම සමාගම අත්පත් කරගෙන සිටින කීර්ති නාමය හේතුවෙන් හෝම් ලෑන්ඩ් ස්කයිලයින් සමාගම සිය ඉදිකිරීම් කටයුතු සඳහා සෑන් පයිලිං සමාගම තෝරා ගෙන තිබේ.

හෝම් ලෑන්ඩ් ස්කයිලයින් සමාගමේ 8 වන නිවාස  සංකීර්ණය ලෙස ඉදිවන මෙම Aurum Skyline Residencies කොළඹ 5, ජාවත්ත ප්‍රදේශයේ ඉදි කෙරේ. මෙහි නිර්මාණ කටයුතු මෙරට සම්මානලාභී විශේෂඥ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන තුසර වෛද්‍යස්කර මහතා විසින් සිදු කර තිබේ. මෙම Aurum Skyline Residencies නිවාස සංකීර්ණය සුපිරි නිවාස ව්‍යාපෘතියක් පමණක් නොව විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් ද වෙයි.

තත්වයෙන් උසස් , සුපිරි, පිරිමැසුම්දායක, සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් සිය පාරිභෝගිකයින් වෙත පිරිනමමින්  ඉදිවන  Aurum Skyline Residencies සියලු සුපිරි පහසුකම් සහිතව ක්‍රමෝපාය  වශයෙන් වැදගත් වන ස්ථානයක පිහිටා තිබීම ද විශේෂත්වයකි. බුලර්ස් පාර, හැව්ලොක් පාර, ඇල්විටිගල මාවත, නාවල, කිරුලපන පාර සහ බම්බලපිටිය යා කෙරෙන මාර්ගයක පිහිටි Aurum Skyline Residencies ප්‍රමුඛතම පාසැල් වන විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය,සිරිමාවෝ බාලිකා විද්‍යාලය,  ආදී පාසැල් වෙත පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක පිහිටා තිබේ.  මීට අමතරව සාප්පු සංකීර්ණ, රෝහල්, පමණක් නොව විනෝදාස්වාදය, විලාසිතා සහ ආහාර පාන ආදී සියලු පහසුකම් වෙත පහසුවෙන් ළගාවිය හැකි ස්ථානයක Aurum Skyline Residencies ඉදිවෙයි.

සුපිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් වෙත ඉක්මනින් සමීප විය හැකි ක්‍රමෝපාය වශයෙන් වැදගත් ස්ථානයක ඉදිවන Aurum Skyline Residencies අගනුවරදී අත් විඳිය හැකි ඉහළම පහසුකම් වලින් සමන්විත වෙයි. අසමසම ජීවන රටාවකට ගැලපෙන ආකාරයට නිමවන Aurum Skyline Residencies අසාමාන්‍ය ජීවන අත්දැකීම් රැසක් තිලිණ කරදෙයි. Aurum Skyline Residencies මඟින් සුපිරි ජීවිතයක් පමණක් නොව නිදහස සහ ජීවන තත්වයටද කදිමට ගැලපෙන ආකාරයට නිමකෙරෙයි..  Aurum Skyline Residencies හි දොරටු ඔබ වෙත විවර වීමෙන් සුපිරි බව සහ නිදහස් බව පමණක් නොව සාඩම්බර ජීවන තත්වය ද පෙන්නුම් කරයි. මහල් 9ක් පුරා විහිදුන නිවාස ඒකක 45 ක් Aurum Skyline Residencies සතු වන අතර  පළමු මහල සහ බිම් මහල අතර මහලක් සහ මහල් 3ක් වාහන නවතා තැබීම සඳහා වෙන් කෙරෙයි. මෙම නිවාස සංකීර්ණයේ නිවැසියන්ට තම සිතැගියාව පරිදි එක් වාහනයක් හෝ දෙකක් නවතා තැබීම සඳහා අවස්ථාව ලබාගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇත.

ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය මැනවින් තහවුරු කරමින් ඉදිකෙරෙන Aurum Skyline Residencies අත්තිවාරමේ සිට විශිෂ්ඨත්වය සහ ගුණාත්මක සුරැකෙන පරිදි ඉදිකිරීමට හෝම් ලෑන්ඩ් ස්කයිලයින් සමාගම අපේක්ෂා කරයි. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා හෝම් ලෑන්ඩ් ස්කයිලයින් සමාගම විසින් මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබේ. සෑන් පයිලිං පුද්ගලික සමාගම පයිලිං කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම ගුණාත්මක භාවයේ ආරම්භය සංකේතවත් කරයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 159

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1480

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2271

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2207

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 5070

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4668

Please publish modules in offcanvas position.