Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

අමානා තකාෆුල් කිරි ගොවි සත්කාර රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් උසස් මට්ටමේ රැකවරණයක් සලසා දෙන දේශීය ජන ජිවිතය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව රක්ෂණ විසඳුම් රැසක් හදුන්වා දී තිබෙන අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය නවතම රක්ෂණාවරණය වන කිරි ගොවි සත්කාර රක්ෂණ සැලසුම බත්තරමුල්‍ලේ පිහිටි අපේ ගම ජනකලා කේන්ද්‍රයේදී පසුගියදා (06) හඳුන්වා දෙනු ලැබිය.
දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 03 කට අධික කිරි ගොවීන් වෙනුවෙන් ඔවුන්ගේ රැකියා කටයුතු සඳහා යහපත් පදනමක් සපයා දීමේ අරමුණින් හඳුන්වා දුන් කිරි ගොවි සත්කාර රක්ෂණාවරණය සුවිශේෂී ප්‍රතිලාභ රැසකින් සමන්විත වන බව අමානා තකාෆුල් රක්ෂණ සමාගම පවසයි. රක්ෂණය ලබාගන්නා කිරි ගොවීන් සඳහා ජීවිත රක්ෂණයක් මෙන්ම ස්වභාවිකව වූ අනතුරකින් ගවයන් මියයන අවස්ථාවකදී වන්දි රක්ෂණයක් ද හිමිවීම මෙම රක්ෂණාවරණයේ විශේෂත්වයකි.
කිරි ගොවි සත්කාර රක්ෂණාවරණය හදුන්වා දීමේ අවස්ථාවට එක්වූ අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෆසාල් ගෆුර් මහතා පැවසුවේ ශ්‍රී ලාංකික ජනතාවගේ ‍පෝෂණය වෙනුවෙන් විශාල දායකත්වයක් සපයමින් අමිල මෙහෙවරක් ඉටුකරන කිරි ගොවීන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ රැකියාවන්ද මෙම රක්ෂණාවරණය මඟින් සුරැකෙන බවය. මෙරට ජන සමාජයේ කිරි ගොවීන් වෙත ඉටු විය යුතු සත්කාරයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවද ඔහු කියා සිටියේය.
කිරි ගවයන් ස්වාභාවිකව හෝ අනතුරකින් මියයන අවස්ථාවකදී වන්දි රක්ෂණයක් හිමිවීම, හිමිකරු සඳහා රුපියල් ලක්ෂයක ජීවිත රක්ෂණයක් පිරි නැමීම සහ හිමිකරු සඳහා අවමංගල්‍යාධාර වියදම් වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දීමද කිරි ගොවි සත්කාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ අතර වේ.
මහා පරිමාණ කිරි නිෂ්පාදනාගාරවල සිට තනි පුද්ගල සුඑ ව්‍යාපාර සඳහාද මෙම රක්ෂණ ක්‍රමය හා එක්වීමට අවස්ථාව උදාකර දී තිබෙන බවත්, රක්ෂණය ලබාගත් පසු අමානා තකාෆුල් සමාගම ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් ඉතා ඉහළ ප්‍රතිලාභ හිමිකර ගත හැකි බවත් ෆසාල් ගෆුර් මහතා වැඩිදුරටත් කියා සිටියේය. කිරි ගොවි සත්කාර රක්ෂණාවරණය දිවයින පුරා පිහිටි ඕනෑම අමානා තකාෆුල් රක්ෂණ ශාඛාවකින් හෝ එම නියෝජිතයකු ඇමතීමෙන් ලබා ගත හැකිය.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 3886

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 1766

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1014

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 1045

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 3503

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3988

Please publish modules in offcanvas position.