lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

A/L හා 5 ශිෂ්‍යත්වයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන්ට ජනපති අතින් සිංගර් ලැප්ටොප්

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී  මෙරට සිසු දරුවන් දිරිගැන්වීමේ  වැඩපිළිවෙල යටතේ මෙවර ද   උසස් පෙළ හා ශිෂ්‍යත්වය ඉහළින්ම සමතුන් වෙත  නවතම සිංගර් ලැප්ටොප් 26ක් පිරිනැමීය.

මෙම ලැප්ටොප් බෙදාදීමේ අවස්ථාව ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 28වනදින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා ද එක්ව සිටියහ. සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙනුවෙන් මෙම අවස්ථාව සඳහා එහි  සමූහ ප්‍රධාන විධායක අසෝක පීරිස් මහතා, සිංගර් හි මූල්‍ය අධ්‍යක්ෂ ලලිත් යටිවැල්ල මහතා සහ  එම සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු (ඩිජිටල් මීඩියා) සහන් පෙරේරා මහතාද එක්ව සිටියහ.

5වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  ඉහළම ලකුණු  ලැබූ මුල් 12දෙනාට සහ අපොස උසස් පෙල විභාගයේ එකිනෙකට වෙනස් විෂය ධාරා 7කින්  විශිෂ්ට දස්කම් දැක්වූ  සිසුන් 14දෙනෙකුට  මෙලෙස ලැප්ටොප් පිරිනමනු ලැබීය. මෙලෙස පිරිනමන ලද ලැප්ටොප්   Intel Core i5 with 7th Generation Processor powered by genuine Windows 10 Operating System, 4GB RAM, 1TB Hard Disk, 15.6” HD Display,Integrated HD Web Camera, enhanced Intel graphics support, Wi-Fi and Bluetooth යන පහසුකම් වලින් යුක්ත වෙයි.

මෙම අවස්ථාවට එක්වූ සිංගර් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ  ඉගෙනුම් ඉලක්ක ජයගන්නා මෙරට දරුවන්  වසර ගණනාවක් තිස්සේ අගය කිරීමට අවස්ථාව හිමිවීම මහත්  භාග්‍යයක් කොට සලකන බවයි. අධ්‍යාපනයේ ඉහළටම යාම සඳහා අවශ්‍ය සම්පත් සහ උපකරණ සැපයීමක් ලෙස මෙම අවස්ථාව හැඳීන්විය හැකි බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

DELL සහ සිංගර් ලැප්ටොප්  දිවයින පුරා අලෙවි කරනු ලබන්නේ සිංගර් ශ්‍රී ලංකා විසිනි. සියලු දෙනාටම ලැප්ටොප් එකක් හිමිකර ගැනීමේ අවස්ථාව ලබා දෙමින් සිංගර් විසින් හදුන්වා දුන් Singer Duo ලැප්ටොප් මෙහිදී විශේෂ තැනක් ගනී. එය ලැප්ටොප් එකක් මෙන්ම ටැබ් එකක් ලෙසද භාවිත කළ හැක. යොවුන් පරම්පරාවේ දැනුම බෙදාගැනීම සහ අධ්‍යාපනය ලබාගැනීම  ඉලක්ක කර ගනිමින්  Singer Duo නිපදවා තිබේ. දිවයින පුරා පිහිටි සිංගර් අලෙවි සැල් වලින් සිසුන් සඳහා  විශේෂ මිළගණන් යටතේ  මෙම ලැප්ටොප් මිළදී ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ලොව ප්‍රමුඛ සන්නාම රැසකින් යුත් SISIL, Samsung, Hitachi, TCL, Beko, Sony, Huawei, Sharp සහ  Mitsubishi ආදී සන්නාම වලින් යුත්   නිෂ්පාදන පෙළක් සිංගර් විසින් මෙරට පාරිභෝගිකයා වෙත පිරිනමයි.  සිංගර් සමාගම සතු දිවයින පුරා විහිදුනු  400කට අධික  ප්‍රදර්ශනාගාර ජාලය සහ  ඊට සමගාමීව පිහිටුවා ඇති අලෙවියෙන් පසු සේවා ජාලය නිසා පාරිභෝගිකයාට ඉතා සමීප සේවාවක් සැපයීමට සිංගර් සමාගමට හැකිවී තිබේ. පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, විශේෂ වරප්‍රසාද, අලෙවි වට්ටම්, නොමිලේ දීමනා සහ විශේෂ ක්‍රෙඩිට් කාඩ් දීමනා රැසක් ද සිංගර් විසින් ක්‍රියාත්මක කර තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2625

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1068

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8830

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3895

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1453

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.