lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් වෙතින් නවතම ව්‍යායාම උපකරණ පෙළක්

ව්‍යායාම උපකරණ අලෙවි ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් (Eser Marketing International (Pvt) Ltd) සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වා ගැනීම සඳහා උපකාරී වන නවීනතම ව්‍යායාම උපකරණ පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත. යුරෝපයේ ප‍්‍රමුඛතම ව්‍යායාම උපකරණ වෙළෙඳ නාමය වන BH Fitness නිෂ්පාදනයන් වන Treadmill, Cross Trainer ,Exercise Bike,Benches සහHome Gym යන ව්‍යායාම උපකරණ මෙම නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. ශරීරයේ හැඩය සහ නිරෝගී බව රැුකගැනීමට ඉවහල් වන ආකාරයෙන් නිෂ්පාදිත, පාරිභෝගික අවශ්‍යතාව අනුව තෝරාගත හැකි මාදිලි රැුසකින් මෙම ව්‍යායාම උපකරණ වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති බව සමාගම පවසයි.
‘‘වර්තමානයේ බොහෝ දෙනා ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක් බැවින් ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිසි පරිදි ස්වභාවිකව ලැබෙන්නේ නැහැ. එය සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, ශරීරයේ හැඩය අවලස්සනවීම ඇතුළු හානිදායක තත්ත්වයන් රැසකට හේතු වෙනවා. කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට වුවද ශරීරයට අවශ්‍ය ව්‍යායාමයන් නිවසේදීම ලබාගත හැකි පරිදි නිපදවා ඇති මෙම නවතම ව්‍යායාම උපකරණ පෙළ අද වනවිට බොහෝ අය මුහුණ දෙන එම ගැටලූවලට කදිම විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකියි’’ යනුවෙන් එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ ශ‍්‍රී කාන්ත ද සිල්වා මහතා පැවැසීය. ඇතැම් ආයතන හඳුන්වා දෙන ප‍්‍රමිතියෙන් අඩු, අනුකාරක නිෂ්පාදන (Copy Products) මිලදී ගැනීම නිසා විශාල ලෙස මුදල් සහ කාලය අපතේ යාම, විවිධ අතුරු ආබාධ ඇතිවීම සහ උපකරණ ඉක්මනින් ක‍්‍රියා විරහිතවීම වැනි අහිතකර ප‍්‍රතිඵලවලට පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවන බවත් එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් හඳුන්වා දෙන, ලොවම පිළිගත්, ඉහළම ප‍්‍රමිතියෙන් යුතු BH වෙළෙඳ නාමය යටතේ එන මෙම ව්‍යායාම උපකරණ මිලදී ගැනීමෙන් එබඳු කිසිදු අපහසුතාවකට මුහුණ දීමට සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එ්සර් මාර්කටින් (පුද්ගලික) සමාගම හඳුන්වා දෙනTreadmill, Cross Trainer ,Exercise Bike ,Benches සහHome Gym භාවිතයෙන් ශරීරයේ සියලූම මාංශපේශී සඳහා අවශ්‍ය ව්‍යායාම ලබාගත හැකිය. ව්‍යායාම කිරීමේදී ශරීරයට කිසිදු අපහසුතාවක් සිදුනොවන පරිදි, නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම ව්‍යායාම උපකරණ නිෂ්පාදනය කර තිබේ.
BH වෙළෙඳ නාමය යටතේ එන මෙම Treadmill, Cross Trainer,Exercise Bike, Benches සහ Home Gym සඳහා මවු සමාගමෙන් ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ වගකීම් සහතිකයක් එ්සර් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගමෙන් ලබාගත හැකිය. BH ව්‍යායාම උපකරණ මිලදී ගත හැකි වන්නේ එ්සර් මාර්කටින් නාමය යටතේ ඇති  ඕනෑම තැනකින් නොව එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් ප‍්‍රදර්ශනාගාරවලින් පමණක් වන අතර, එම  ඕනෑම ප‍්‍රදර්ශනාගාරයකින් ව්‍යායාම උපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ව්‍යායාම පුහුණුව ලබාගන්නා ආකාරය පිළිබඳ දැනුම නොමිලේ ලබාදීම එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සපයන සුවිශේෂී සේවාවකි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 0714440555 සහ 0718880999 යන දුරකථන අංක විවෘත කර තිබේ. www.esermarketing.lk සහ www.eser.lk යන වෙබ් අඩවි ඔස්සේද සමාගම වෙළෙඳ පොළට හඳුන්වා දෙන නවතම නිෂ්පාදන පිළිබඳ දැනුවත්වීම සහ ඇනවුම් කිරීම සිදුකළ හැකිය. 997/9, කෝට්ටේ පාර, වැලිකඩ, රාජගිරිය (පීසා හට් අසල* දරණ ලිපිනයේ එ්සර් මාර්කටින් ඉන්ටර්නැෂනල් ප‍්‍රධාන ශාඛාව පිහිටා ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 396

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 795

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1242

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 733

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 700

Please publish modules in offcanvas position.