lakbima.lk
2017-01-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.44 , විකුණුම් මිල රු.183.57 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.31 , විකුණුම් මිල රු.162.31 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.62 , විකුණුම් මිල රු.151.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.04 , විකුණුම් මිල රු.116.49 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.83 , විකුණුම් මිල රු.114.78 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.16 , විකුණුම් මිල රු.106.97 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2905 , විකුණුම් මිල රු.1.3395 |

සිංගර් වෙතින් උලුක්කුලමට ජල පිරිපහදු ඒකකයක්

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ   ප්‍රමුඛයින් වන  වන සිංගර් ශ්‍රී ලංකා සමාගම  මෙරට සීඝ්‍රෙයන් පැතිර යන වකුගඩු රෝගය මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයට දායක වෙමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උලුක්කුලම ගම්මානය සඳහා ජල පිරිපහදු ඒකකයක් පිහිටුවයි. රුපියල් මිලියන 4ක් පමණ වන මෙම ව්‍යාපෘතිය  සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම ආධාර සපයා ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් පුද්ගලික සමාගමේ තාක්ෂණික දායකත්වය ඇතිව, ජලසම්පාදන මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය පිහිටුවා තිබේ.

වකුගඩු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින ගම්මානයක් ලෙස අනුරාධපුර උලුක්කුලම ගම්මානය සිංගර් විසින් තෝරා ගෙන ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් පුද්ගලික සමාගම හා එක්ව එම ප්‍රදේශයේ ජල පිරිපහදුකරන ඒකකයක් ඉදිකළ යුතු බව තාක්ෂණිකව තහවුරු කරගෙන  තිබේ. මේ අනුව 1600ක පමණ ජනතාවක් වාසය කරන අනුරාධපුර උලුක්කුලම ගම්මානය සඳහා මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවා තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රීලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ එකම රටක ජීවත්වන  පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විදීම සම්බන්ධයෙන් සිය සමාගමේ අවධානය දැඩි ලෙස යොමු වූ බවයි.ඒ අනුව මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවීමට කටයුතු කළ බවත්,එතුළින් වකුගඩු රෝගය ඇතිවීමේ අවධානම යම් මට්ටමකින් අවම කිරීමට හැකිවනු ඇති  බව ද හෙතෙම කීය. මෙම ක්‍රියාවලිය අනිකුත් ආයතන විසින්ද ආදර්ශයට ගෙන මෙම අසරණ ජනතාවට පිහිටක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

අළුතින් ඉදිකළ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය මඟින් බෙදාහැරීමේ ස්ථාන 9ක දී ජනතාව වෙත පිරිසිදු ජලය නිකුත් කෙරේ. මෙම පිරිපහදු ඒකකය මඟින් දිනකට ජලය ලීටර් 10,000ක් නිපදවනු ලබයි.මෙම පිරිපහදු කළ ජලය ලීටරයක් රුපියලක් වැනි මුදලකට ජනතාව වෙත සැපයෙන අතර එම මුදල් මෙම ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුතු සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ.

පසුගිය කාලය පුරාම පැවැත්වූ පර්යේෂණ හා සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ උතුරු මැද පලාතේ සීඝ්‍රෙයන් වකුගඩු රෝගය පැතිරයාමට හේතුව ජලය බවයි. මෙම පිරිපහදු ඒකකය පිහිටවූ උලුක්කුලම ගම්මානයේ  වකුගඩු රෝගීන් 65දෙනෙකු ජීවත්වන අතර රෝගයට ගොදුරුවීමේ අවධානමට ලක්වූ 1600ක පමණ පිරිසක් ජීවත් වෙති.අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමට ලක්වූවන් 400,000ක් පමණ ජීවත් වෙති. උතුරු මැද පළාතේ මේ වනවිට හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 25,000කට අධික වෙයි.

මේ පිළිබදව ගැඹුරින්  සොයාබැලීමේදී තහවුරු වී ඇත්තේ පිරිසිදු ජලය භාවිත කරන්නේ නම් වකුගඩු රෝගීන් ගෙන් 15%කට අධික පිරිසක් ඉන් බේරාගැනීමට හැකියාව පවතින බවයි.මේ සඳහා පානය කිරීමට සුදුසු පිරිසිදු ජලය ඔවුන් වෙත සැපයීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුවිය. සිංගර් ශ්‍රී ලංකා සමාගම එම අවශ්‍යතාව වටහාගනිමින් මෙරටින් වකුගඩු රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව මෙම ජල පිරිපහදුකරන වැඩපිළිවෙල අරඹා තිබේ.

2016වර්ෂයේ මැද භාගයේ සිංගර් ශ්‍රී ලංකා සමාගම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා රුපියල් මිලියන 7.5ක් වටිනා රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර 3ක්  ජාතික රෝහල් වෙත පිරිනමන ලදී. සිංගර් “Thirst for Life”  ව්‍යාපෘතිය යටතේ මෙම CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර පිරිනැමීය. ඒ අනුව  සිංගර් විසින් මෙරට රෝහල් සඳහා ලබාදී ඇති CRRTයන්ත්‍ර සංඛ්‍යාව 6කි.

මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතය හා සම්බන්ධවෙමින් සිංගර් ශ්‍රී ලංකා විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා සිය සහය දක්වමින් සිටියි. අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය සහ පරිසර සංරක්ෂණය ආදී විවිධ කර්තව්‍යයන් සඳහා ද සිංගර් සිය සහයෝගය දක්වා තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2541

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3445

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3317

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 3925

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා...

IMAGE 2017 Jan 04 09:58
හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා...
Views - 4567

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 9781

Please publish modules in offcanvas position.