lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සිය සේවක පිරිසෙහි වටිනාකම මැනවින් වටහා ගනිමින් ඔවුන්ට සතුටු සිතින් සේවය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන ඩීමෝ සමාගම මෙරට හොඳම සේවක සත්කාර සපයන සමාගම් 25අතරට මෙවර ද නම් කෙරෙයි. අඛණ්ඩව පස්වන වරට  මෙම සම්මානය ඩීමෝ සමාගම විසින් හිමිකර ගැනීම විශේෂත්වයකි. මෙරට  සේවය කිරීමට සුදුසු  සේවා ස්ථාන ඇගයීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන Great Place to Work Awards 2017සම්මාන උළෙලේ දී ඩීමෝ සමාගම මෙලෙස ඇගයීමට පාත්‍ර වූ අතර මීට අමතරව මෙහිදී තවත් විශේෂ සම්මාන 4ක් හිමිකරගැනීමටද ඩීමෝ  සමාගම සමත් වී තිබේ. ඒ අතර සේවය කිරීමට සුදුසු  හොඳම පීඑල්සී සමාගමට හිමි රන් සම්මානය දිනාගැනීම සහ මහා පරිමාණ ව්‍යවසාය අංශයේ රිදී සම්මානය යන සම්මාන හිමිවීම ද විශේෂත්වයකි.

ආචාර ධර්ම අගයන වගකිවයුතු සමාගමක් වන ඩීමෝ තම සේවක පිරිස සහ අනිකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගීව කටයුතු කරන සමාගමකි. ඩීමෝ තම සමස්ත සේවක පිරිසෙහි ආරක්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන අතරම සේවක පිරිස සමඟ සහයෝගයෙන් කටයුතු කරන සමාගමකි. සියලුම සේවකයින් වෙත වෛද්‍ය පහසුකම් සැපයීමේ වැඩපිළිවෙල සහ වරින් වර සංවිධානය කෙරෙන සෞඛ්‍ය  වැඩසටහන්  ආදිය ඊට සාක්ෂි දරයි. මෙම ක්‍රියාකාරකම් අගයමින් Great Place to Work Awards 2017සම්මාන උළෙලේ දී  ඩීමෝ ආයතනය වෙත හොඳම සෞඛ්‍ය වැඩසටහනට හිමි සම්මානය ද පිරිනැමිණ. තවද පුද්ගල කේන්ද්‍රිය පුහුණු හා සංවර්ධන කටයුතු වෙනුවෙන් පිරිනැමෙන සම්මානය ද ඩීමෝ ආයතනය විසින් හිමිකර ගැනීම මෙහිදී කැපී පෙනුණි.  සිය සේවකයින් විශේෂඥයින් සහ වෘත්තිකයින් බවට පත්කරලීම සඳහා දිරිමත් කිරීම ඩීමෝ හි ප්‍රමුඛතම කාර්යයකි. කුමන ධාරිතාවකින් යුතු වුව ද, කුමන තරාතිරමේ රැකියාවක නිරත වුව ද සිය සේවකයින් නිරන්තර විශේෂ පුහුණු වැඩසටහන් සහ සහතික පත් පාඨමාලා  සඳහා යොමු කිරීම මෙහිදී සිදුවෙයි. එමෙන්ම නායකත්ව සංවර්ධනය විශේෂ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන ඩිමෝ සමාගම සිය සේවක පිරිසෙහි නායකත්ව කුසලතා වර්ධනයට ද දිරි දෙයි. මෙම සියළු  වැඩසටහන් සඳහා අධ්‍යයන කාර්යයන් ඩිජිටල් තාක්ෂණය තුළින් සිදුකෙරෙන අතර  ප්‍රායෝගික ක්‍රියාකරකම් රැසක් සමඟ එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.

තමන් සම්බන්ධවන කාර්යන් හොඳම ආකාරයෙන් නිමා කරලීමට සේවකයින් හුරු කරවන අර්ථාන්විත ධාරිතා සංවර්ධන  වැඩසටහන් රැසක් ද ඩීමෝ ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් ආයතනික ක්‍රියාකාරීත්වය සඳහා සිය සේවකයින්ගේ දායකත්වය උපරිම මට්ටමින් ලබාගැනීමට ඩීමෝ ආයතනය සමත් වී  තිබේ.

මානුෂිය ගුණාංග රැසකින් යුතුව සිය ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙනයාමේ  වගකීම ඩීමෝ විසින් තම සියලු කොටස්කරුවන්  වෙත පවරා තිබේ. ගතවූ වසර 5තුළ ඵලදායිතාවයෙන් හා ස්ථාවර ලෙස සේවක පහසුකම් නැංවීම තුළින් ඩීමෝ සමාගම “සේවය කිරීම සඳහා හොඳම ස්ථානයක් බවට “ පත්ව එම තත්වය ඉදිරියට පවත්වාගෙන ගොස් තිබේ.

ලංකා බැංකුවේ 78 වන සංවත්සරය නිමිත්තෙන් මහරගම ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාව විසින් සංවිධානය කළ සැමරුම් උත්සවයක් හා ලේ දන්දීමේ කඳවුරක් අද (01) පෙරවරුවේ එම බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහරගම ලංකා බැංකුව අධිශේණි ශාඛාවේ කළමණාකාරිනී නිරෝෂා අබේසුන්දර මහරගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා, මහරගම නගර සභාවේ ලේකම් විනීතා ඈපා, මහරගම පිළිකා රෝහලේ රෝහල් කමිටු සභාපතිනි මානෙල් අයිලප්පෙරුම, යන මහත්ම මහත්මීන් ද මහරගම වෙළඳ සංගමයේ සභාපති කරු සමරතුංග මහතා ඇතුළු වෙළඳ ව්‍යාපාරිකයින්ද ලංකා බැංකු කාර්ය මණ්ඩලයද මීට සහභාගී වූහ.



සටහන හා ඡායාරූප - තුෂාර අතපත්තු

චීනයේ ගුවාන්ක්ෂි සහ ශ‍්‍රී ලංකාව අතර වෙළෙඳ ගනුදෙනු පුළුල් කිරීමට සහ දෙරට අතර ද්වී පාර්ශ්වික ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතාව වර්ධනය කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් 'The Belt and Road' සංකල්පය නිර්මාණය කිරීම සඳහා ගුවාන්ක්ෂි ෂුවාන්ග් ස්වයං පාලිත ප‍්‍රදේශය විසින් සංවිධානය කරනු ලබන 2017 චීන ගුවාන්ක්ෂි නිපැයුම් ප‍්‍රදර්ශනය ජූලි මස 14 සිට 16 දින දක්වා ඉතා සාර්ථක අන්දමින් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශය සහ සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
 
මෙය ගුවාන්ක්ෂි රජය විසින් ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ ප‍්‍රදර්ශනයක් පවත්වනු ලබන ප‍්‍රථම අවස්ථාවයි. මේ සඳහා ප‍්‍රදර්ශන කුටි 30ක් තම නිපැයුම් ඉදිරිපත් කරන අතර ඉන් 27ක්ම ගුවාන්ක්ෂි ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ නිපැයුම් අපනයන සමාගම් වේ. ප‍්‍රදර්ශනය ඉලෙක්ට්‍රොනික් නිපැයුම්, ඉදිකිරීමේ අමුද්‍රව්‍ය සහ යන්ත‍්‍ර සූත‍්‍ර, ආහාර සහ තේ කොල, රෙදි පිළි සහ එදිනෙදා ගෘහ අත්කම් යන කාණ්ඩ 5 යටතේ පැවැත්වෙන අතර එ් සඳහා ඉදිරිපත් කෙරෙන උසස් ප‍්‍රමිතියේ නිෂ්පාදන වලින් ගුවාන්ක්ෂි ප‍්‍රදේශයේ විශිෂ්ට නිපැයුම් ධාරිතාව පිළිඹිබු වනු ඇත.
 
වෙරළ, දේශ සීමා, ගංගා ආදී සීමාවන් අතර පැතිර පවතින ගුවාන්ක්ෂි, ආර්ථික අතින් චීනයේ ඉතා වැදගත් ප‍්‍රදේශයක් වන අතර එය ඉතා වැදගත් ආර්ථික චක‍්‍රයක් වන ASEAN දකුණු චීනය, සහ නිරිත දිග චීනය අතර පැතිර පවතී. වර්ග කිලෝ මීටර් 2,37,600ක ප‍්‍රදේශයක් පුරා පැතිර පවතින මෙම ප‍්‍රදේශයේ ජනගහණය මිලියන 55.79ක් වේ. 2016 වසරේ ගුවාන්ක්ෂි හි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 274.68 ක් වූ අතර එහි අපනයන හා ආනයන වෙළෙඳ අගය ඩොලර් බිලියන 47.9 ක් විය. ගුවාන්ක්ෂි අධික ඛනිජ සම්පත්, කෘෂි කර්මාන්තය, වන සම්පත, සංචාරක, සාගර ආදි සම්පත් වලින් ඉතා පොහොසත් භූමි ප‍්‍රදේශයකි. ඉතා වැදගත් කර්මාන්ත මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන එය නිරිත දිග චීනයේ පිහිටි එකම සාගර වරායද වන්නේය. 
වර්තමානයේ චීන රජයේ සහාය ලබමින් ගුවාන්ක්ෂි 'The Belt and Road' සංකල්පය ශක්තිමත් කිරීමේ ද්වාරයක් වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින අතර එමගින් ශ‍්‍රී ලංකාව සහ ගුවාන්ක්ෂි අතර නව ඉසව් කීපයක් වෙනුවෙන් සහයෝගිතාවක් ඇතිකර ගැනීම සඳහා මං විවර වනුු ඇත. මෙම සහයෝගිතාව ඔස්සේ විශිෂ්ට අවස්ථාවන් රැුසක්ද බිහිවේ. ශ‍්‍රී ලංකාව ඉතා වැදගත් වෙළෙඳ පාර්ශ්වකරුවකු ලෙස ගුවාන්ක්ෂි සලකනු ලබන අතර එ් අනුව මෙම ප‍්‍රදර්ශනය මගින් ගුවාන්ක්ෂි සහ දකුණු ආසියාව අතර නව වෙළෙඳ මාවතක්ද බිහිවනු ඇත.
 
මෙම ප‍්‍රර්ශනය විවෘත කිරීමේ උළෙල සඳහා ගුවාන්ක්ෂි හි වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කවුන්සල්වරයා වන ක්ෂියොන් ජියාජුන්, ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත සහ වෙළෙඳ කටයුතු අමාත්‍ය රිෂාඞ් බද්යුද්දීන්, ශ‍්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා, ශ‍්‍රී ලංකා චීන වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩල සහ කර්මාන්ත සම්මේලනයේ ප‍්‍රධානීන්, ශ‍්‍රී ලංකා චීන ව්‍යාපාරික කවුන්සලය ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් සඳහා Huawei විසින් මෙම අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ දේශිය ක්‍රිඩාලෝලීන් අතර සිය සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණිනි.

මෙම අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිලඇඳුම  Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද  සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එක්දින තරඟ නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්  සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් ද එක්ව සිටියහ.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම  පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  මහතා සඳහන් කළේ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු  බවට පත්වීමට හැකිවීම Huawei සමාගම ලද ගෞරවනීය අවස්ථාවක් වන බවයි. මෙම සහයෝගීත්වය සමඟ  Huawei හි සන්නාම වටිනාකම දිවයිනේ සෑම ප්‍රදේශකම පාහේ ව්‍යාප්ත කිරීමට අවස්ථාව හිමිවන බවත් සිය සන්නාමයේ තේමාව වන "Make it Possible" යන්නඒ ඔස්සේ තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමීප වීමට ලද හොඳම අවස්ථාවක් ලෙස මෙම අනුග්‍රාහකත්වය සලකන  බවද හෙතෙම මෙහිදී කීය.

මෙම අවස්ථාව සමරමින්  Huawei විසින් ක්‍රිකට් ලෝලීන්  සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කෙරිණ. මේ යටතේ ජුලි 17වනදා සිට සැප්තැම්බර් 9වනදා දක්වා GR3 2017, GR5 2017හෝ  GR5 Premium ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම් කර තිබේ.ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්සන් සහිත සමරු  ක්‍රිකට් පිති දිනාගැනීමට අවස්ථාව සලසා තිබේ.

මීට අමතරව මධ්‍ය පරාසයේ  Huawei ස්මාර්ට්ෆෝන් වන GR3 2017සහ  GR5 2017මිළදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම බැක් පැක් එකක් සහ  GR5 2017 Premium ස්මාර්ට්ෆෝනයක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු වෙත පවර් බෑන්ක් එකක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

Huawei ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර Huawei හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වශයෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී කටයුතු කළේය. Huawei සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන Huawei යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ඕසනියාව ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

Huawei ලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFL කණ්ඩායම සමඟ ද Huawei අත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012සිට NRL හි Canberra Raider  කණ්ඩායම වෙත ද Huawei සිය දායකත්වය ලබාදී තිබේ.

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් තවත් නවීනතම නිෂ්පාදනයක් සිය නිෂ්පාදන අතරට එක් කරමින් Singer Epic 4K Ultra HDSmartTVපෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.  මෙම හඳුන්වාදීමේ අවස්ථාව සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සහ සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

මෙරට ප්‍රමුඛතම රූපවාහිනී සන්නාමයක් වන සිංගර් දිනෙන් දින  වර්ධනය වන සිය පාරිභෝගිකයා වෙත නවතම තාක්ෂණයෙන් යුතු උසස් නිෂ්පාදන තිලිණ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටියි.  ඒ යටතේ මෙරට රූපවාහිනී තාක්ෂණයේ නව මානය ලෙස රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවට සරිලන, නවීන තාක්ෂණයෙන් යුතු විශේෂාංග රැසකින් සමන්විත මෙම නවතම රූපවාහිනිය හඳුන්වා දී තිබේ. නවතම  Singer Epic 4K Ultra HDSmartTVපෙළ අසමසම මිලකට, වසර 3ක වගකීමක් සහිතව සහ අලෙවියෙන් පසු සිංගර් සේවා පහසුකම් ද සමඟ  ප්‍රේක්ෂකයින් වෙත නව්‍ය අත්දැකීමක් තිළිණ කරන බව  සහතික ය.

Singer Epic 4K Ultra HDSmartTVවිශාලත්වය අතින්  49”, 55”, 60”, 65”, 75” යන ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිය. HDR මඟින් වර්ණ සංයෝජනයේ අපූර්වත්වය මැනවින් අත්විඳිය හැකි මෙම රූපවාහිනිය මඟින් අති පැහැදිලි රූප නැරඹීමේ අවස්ථාව හිමිවෙයි. මෙම නවතම රූපවාහිනී මාදිලිය මඟින් ගෘහස්ථ සිනමා (හෝම් තියටර් )අත්දැකීම විඳගත හැකිවන අතර ඒ සඳහා  උසස් තත්වයේ  Dolby Digital ශබ්ද පද්ධතියකින් මෙම රූපවාහිනිය සමන්විත වෙයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ සෑම  අවස්ථාවකම තාක්ෂණයෙන් උසස්තම භාණ්ඩ සිය පාරිභෝගිකයා වෙත පිරිනනමමින් පාරිභෝගික අත්දැකීම පුළුල් කිරීමට සමාගමක් වශයෙන් අප කටයුතු කර ඇති බවයි. නවතම  Singer Epic 4K Smart TVමඟින් විනෝදාස්වාදය පමණක් නොව අධ්‍යාපනයේ ද  විශේෂ  පරිච්ඡේදයක් සටහන් කරමින් පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් තිලිණ කිරීමට සිංගර් සමාගමට හැකිව ඇති බව ද හෙතෙම මෙහිදී පැවසීය.

SingerEpic 4K Smart TVමාදිලිය ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාව සමඟ කෙලින්ම සම්බන්ධ කළ හැකි අතර  ඒ ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි ආකාරයට නිපදවා තිබේ. මේ හරහා ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ක්‍රීඩා රැසක් සමඟසම්බන්ධ වීමට, චැට් පහසුකම්, සජීවී වීඩියෝ විසුරුවා හැරීම සහ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීමේ  පහසුකම් , ක්ෂණික පුවත් දැනගැනීමේ පහසුකම්, කාලගුණ වාර්තා ලබාගැනීමේ  පහසුකම්  Singer Epic 4K Smart TVහි ඇති විශේෂතා අතර මුල් තැනක් ගනියි. මීට අමතරව අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පවත්වාගෙන යන අන්තර්ජාල ඉගෙනුම් ක්‍රමවේදයක් වන  e-තක්සලාව  හා සම්බන්ධ වීමේ විශේෂ පහසුකම් ද Singer Epic 4K Smart TVඔස්සේ සලසා දී ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද e-තක්සලාව මගින් 1වසර සිට 13වසර දක්වා අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා පාසැල් විෂය නිර්දේශයට අනුකූල ඉගැන්වීම්  සිදුකරයි.

නවතම Singer Epic 4K Smart රූපවාහිනී රුපියල් 125,000/=සිට මිළදී ගත හැක.  දිවයින පුරා පිහිටි සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස් හිදී මෙම Singer Epic 4K Smart රූපවාහිනිය මිලදී  ගැනීමට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව දිවයින පුරා පිහිටි 420කට අධික සිංගර් අලෙවිසැල් වෙතින් ද මෙම රූපවාහිනිය මිලදී ගත හැක. විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ලෙස මෙම Singer Epic රූපවාහිනියක් මිලදී ගැනීමේදී  ඩයලොග්  හා එක්ව බ්‍රොඩ්බෑන්ඩ් සබඳතාවක් නොමිලේ පිරිනැමෙයි.

සිංගර් සතු  දිවයින පුරා විහිදුන  420 කට අධික අලෙවි සැල් ජාලය සහ අලෙවියෙන් පසු සේවා ජාලය පාරිභෝගිකයින්ගේ කටයුතු වඩාත් පහසු කරවයි. මිලියන ගණනක් වූ සිය පාරිභෝගිකයින්ගේ දෛනික ජීවිතය සමඟ සම්බන්ධ වෙමින්  ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලීමට උර දෙන සිංගර් ශ්‍රී ලංකා අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වැනි සමාජයීය ක්‍රියාකාරකම් රැසකින්ද මෙරට ජන ජීවිතය හා සම්බන්ධ වෙයි.

හෝම් ලෑන්ඩ්ස් හි දේපළ වෙළඳාම් අංශය  මෙන්ම  මෙරට  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ  ප්‍රධාන පෙළේ හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින්  තවත් සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කරයි. සුපිරි නිවාස සංකීර්ණ රැසක නිවාස ඒකක 727කහිමිකාරීත්වය දරන හෝම්ලෑන්ඩ්ස් ස්කයිලයින් සමාගම ඇතැම් ව්‍යාපෘති අවසන් කර පාරිභෝගිකයින් වෙත භාර දී අවසන් කොට තිබේ. සිය 8 වන සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ලෙස අරඹා ඇති නවතම ව්‍යාපෘතිය “Aurum Skyline Residencies” ලෙස නම් කර ඇති අතර එය කොළඹ 5 ජාවත්ත ප්‍රදේශයේ තිඹිරිගස්යාය පාරට මුහුණලා ඉදිකිරීමට යෝජිතය.

බුලර්ස් පාර, හැව්ලොක් පාර, ඇල්විටිගල මාවත, නාවල, කිරුලපන පාර සහ බම්බලපිටිය යා කෙරෙන මාර්ගයක පිහිටි “Aurum Skyline Residencies” ප්‍රමුඛතම පාසැල් වන විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය,සිරිමාවෝ බාලිකා විද්‍යාලය,  ආදී පාසැල් වෙත පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක පිහිටා තිබීම විශේෂත්වයකි. මීට අමතරව සාප්පු සංකීර්ණ, රෝහල්, පමණක් නොව විනෝදාස්වාදය, විලාසිතා සහ ආහාර පාන ආදී සියලු පහසුකම් වෙත පහසුවෙන් ළගාවිය හැකි ස්ථානයකAurum Skyline Residencies ඉදිවෙයි . මේ අයුරින් කොළඹ නගරයේදී අත්විඳිය හැකි සියලු පහසුකම් වෙත ඉතා පහසුවෙන් සමීප විය  හැකි ස්ථානයක පිහිටි මෙම “Aurum Skyline Residencies” සුපිරි නිවාස සංකීර්ණය සුඛෝපබෝගී ජීවන රටාවට කදිමට ගැලපෙයි. උදෑසන ගොල්ෆ් ක්‍රීඩා කිරීමට හෝ නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම සඳහා ඇවිද යාමට පහසු ස්ථානයක මෙම නිවාස සංකීර්ණය ඉදි කිරීමට නියමිතය.

හෝම් ලෑන්ඩ්ස්  සමූහයේ සභාපති නලින් හේරත්  මහතා මෙම නවතම නිවාස සංකීර්ණය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ  Aurum Skyline Residencies ඉසුරුමත් සුඛෝපභෝගී ජීවිතයක සැබෑ අත්දැකීම විඳ ගැනීමට කදිම අවස්ථාවක් බවයි. කොළඹ නගරයේ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන සියලු පහසුකම් වලට සමීප ස්ථානයක මෙම නිවාස සංකීර්ණය පිහිටීම නිසා මෙය සුවපහසු සුපිරි ජීවිතයක් ගත කිරීමට ලැබෙන අවස්ථාවක් පමණක් නොව වටිනා ආයෝජනයක් බව ද සඳහන් කළේය. සරලව ගතහොත් ආඩ්ම්බර විය හැකි ලිපිනයක්  අත්පත් කරගත හැකි කදිම අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

විශිෂ්ඨතම අසල්වාසීන් සමඟ සුපිරි ජීවිතයක් ගතකිරීමට කැමති ඕනෑම අයෙකු විසින් සිය අනාගතය වෙනුවෙන් ගනු ලබන හොඳම තීරණය ලෙස Aurum Skyline Residencies හැඳින්විය හැකිය. අසමසම ජීවන රටාවකට අනුව ජීවත් වීමට අවශ්‍ය සියලු පහසුකම් වලින් අනූන Aurum Skyline Residencies ජීවිතයේ සුපිරිතම  කාලය ගත කිරීමට සුදුසුම ස්ථානයයි.  Aurum Skyline Residencies හි දොරටු ඔබ වෙත විවර වීමෙන් සුපිරි බව සහ නිදහස් බව පමණක් නොව සාඩම්බර ජීවන තත්වය ද පෙන්නුම් කරයි. මහල් 9ක් පුරා විහිදුන නිවාස ඒකක 45 ක් Aurum Skyline Residencies සතු වන අතර  පළමු මහල සහ බිම් මහල අතර මහලක් සහ මහල් 3ක් වාහන නවතා තැබීම සඳහා වෙන් කෙරෙයි.මෙම නිවාස සංකීර්ණයේ නිවැසියන්ට තම සිතැගියාව පරිදි එක් වාහනයක් හෝ දෙකක් නවතා තැබීම සඳහා අවස්ථාව ලබාගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇත.

මුළු පවුලටම අවශ්‍ය සුපිරි ජීවිතයක් ගතකිරීම සඳහා විශිෂ්ට පහසුකම් සහිත  මෙහි නිවාස නිර්මාණය කර ඇත්තේ අනර්ඝතම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ය. සාමකාමී සහ නිදහස ආරක්ෂා වන ආකාරයට සියලු අභ්‍යන්තර ගෘහ සැලසුම් සකස් කර තිබේ. සුවිශාල ජනේල සහ විශේෂ බැල්කනි සහිතව විසිත්ත කාමරය සැලසුම් කර  ඇති අතර මනස්කාන්ත හාත්පස දර්ශණය මැනවින් දැකබලා ගත හැකි වන ආකාරයට එය සකසා තිබේ. මෙහි ජීවත් වීමේදී අහසේ පියාඹන කුරුල්ලකු සේ නිදහස අත්විදීමට  අවකාශය උදාකරගත හැකිය.

Aurum Skyline Residencies හි නිදන කාමර මනරම්  අභ්‍යන්තර සැලසුමකින් යුක්ත වන අතර සුවපහසු බව සහ නිදහස් බව මැනවින් ආරක්ෂා වන පරිදි ඒවා නිමවා තිබේ. සිය ජීවිතයේ සිහින සැබෑවන අවස්ථාව Aurum Skyline Residencies හිදී අත්විඳිය හැකි වන අතර සුවිසාල ජනේල ඔස්සේ හාත්පස සුන්දරත්වය විඳිමින් සුපිරි නින්දකට අවකාශ සලසා දෙනු නොඅනුමානය.

නාන කාමර සහ මුළුතැන්ගෙය ද ලොව හොඳම නිෂ්පාදන වලින් සමන්විත වන අතර ඔබේ දෛනික අවශ්‍යතා වලට  සරිලන ආකරයට සකසා තිබීම විශේෂත්වයකි. ලොව ඉහළ තත්වයේ නාන කාමර උපාංග වලින් සමන්විත නාන කාමරය ජීවිතයේ සුවපහසු බව තවදුරටත් වර්ධනය කරයි. උණු ජලය ආදී සියලු පහසුකම් වලින් අනූන ඔබේ අදහසට ගැලපෙන අංග සම්පූර්ණ නාන කාමර වලින් මෙම Aurum Skyline Residencies සමන්විත වෙයි.

සම්පූර්ණයෙන් සකසා ඇති මුළුතැන්ගෙයි පැන්ට්‍රි කබඩ් පද්ධතිය  කුකර් සහ කුකර් හුඩ් සහිතව සකසා ඇති අතර  ඉවුම් පිහිම් කටයුතු වලට අවශ්‍ය නිදහස් අවකාශය සහිතව නිමවා ඇති අතර ඉවුම් පිහිම් කලාවක් ලෙස අත්විඳීමේ අවස්ථාවද හිමිකරදෙයි.

සම්පූර්ණ උපකරණ සහිතව කාය වර්ධන මධ්‍යස්ථානයකින් ද සමන්විත Aurum Skyline Residencies නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ පිහිටි උද්‍යානය නිවැසියන්ගේ නිදහස උපරිම ආකාරයෙන් විදීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වෙයි. ඉහළම විවෘත මහලේ ඇති පිහිනුම් තටාකය  සුඛෝපභෝගී දිවියේ  සතුට සහ වින්දනය තීව්‍ර කරන අතර මනස සහ සිරුර සැහැල්ලුවෙත් තබා ගැනීමට උපකාරී වෙයි. සිකුරාදා රාත්‍රියේ හිතමිතුරන් හා එක්වී බාබක්‍යු සාදයක් හෝ මිතුරු හමුවක් පැවැත්වීමට අවශ්‍ය ඉඩකඩ ඉහළම විවෘත මහලේ  වෙනම පරිශ්‍රයක් වෙන්කර ඇති අතර  නගරයේ අසිරිය නරඹමින් එම ප්‍රිය සාදය අත්විදීමට අවශ්‍ය අවකාශය මෙහිදී හිමිවෙයි.

Page 1 of 3

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 737

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 843

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3958

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2365

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1585

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 835

Please publish modules in offcanvas position.