lakbima.lk

2019 පෙබරවාරි මාසය ඔබට කොහොමද?

මේෂ ලග්නය

අතිරේක ආදායම්

පවු‍ලේ සාමාජිකයන් සමගද අර්බුද ගොඩ නැගෙන අතර ඔවුන්ගෙන් ඒවා සමනය කර ගැනීම සඳහා ඉමහත් සහයෝගයක් ලැබේ. රැකියා කටයුතුවලදී අනපේක්ෂිත ගැටලු සහ හිතවතුන් සමග අමනාපකම් ඇතිවේ. ආදායම්වල වර්ධනයක් සිදුවේ. අතිරේක ආදායම් මාර්ග විවෘත වේ. නොසැලකිලිමත් බව සහ අහිතකර  ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවීමට ඉඩ තිබේ. සෙම ආශ්‍රිත රෝග වලට අවස්ථාව වැඩියි.

වෘෂභ ලග්නය

මානසික විවේකය

නිහඬතාවය සහ විවේකය අගය කරන මානසික ස්වභාවයක් පවතී. පවු‍ලේ සාමාජිකයන්ගෙන් මෙම තත්ත්වයට බාධා එල්ල වන නිසා ඔවුනොවුන් අතර අමනාපකම් ගොඩනැගේ. නිදහස්ව රැකියා කටයුතු කරගෙන යාමේ සහයෝගය හා ආශීර්වාදය  හිතවතුන්ගෙන් ලැබේ. ආදායම් සහ වියදම් සුපුරුදු ආකාරයෙන් පවතී. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි අවධානයක් ඇතිවන අතර යහපත් ප්‍රතිඵල ලබා ගැනීමටද හැකිවේ. සෙම සහ උදරය ආශ්‍රිත  රෝගවලට පවතින ප්‍රවණතාවය වැඩිය.

මිථුන ලග්නය

යහපත් සෞඛ්‍යය

ආවේගශීලී ස්වභාවය සමගම මානසික පීඩාකාරී තත්ත්වයන්ද ඇතිවෙයි. මේවා සමනය කර ගැනීම සඳහා පවු‍ලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබේ. රැකියා  කටයුතුවලදී සුළු කරදරකාරී තත්ත්වයන් ඇති වුවත්  ප්‍රධානීන්ගේ සහ හිතවතුන්ගේ දයාව අනුකම්පාව ලැබිම නිසා ඒවා යටපත් කර ගත හැකිවේ. ආදායම් සම තත්ත්වයෙන් පවතින අතර  නිෂ්ඵල වියදම්වල ඉහළ යාමක් සිදුවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි අවධානයක් ඇතිවන අතර හොඳ ප්‍රතිඵල  ලබා ගැනීමටද හැකිවේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

කටක ලග්නය

නිෂ්ඵල වියදම්

සිතිවිලිවල අධික කැළඹිලි ස්වභාවයක් සහ පීඩාකාරී තත්ත්වයක් ඇතිවේ. මේ නිසා පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග අමනාපකම්ද ගොඩනැගේ. මේ මානසික ස්වභාවය නිසා රැකියා කටයුතුවලදීද ප්‍රධානීන් සහ හිතවතුන් සමග මතභේද සහ  ගැටලු ඇතිවේ. ආදායම් දුර්වල වීමත් සහ නිෂ්ඵල වියදම්වල වැඩිවීමක්  සිදුවේ. අයහපත් ආශ්‍රයන් සහ අවධානය අඩු වීම නිසා අධ්‍යාපන කටයුතු දුර්වල වීමට ඉඩ තිබේ. සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ප්‍රවණතාවයක් තිබේ.

සිංහ ලග්නය

හිතවතුන්ගේ සහය

සිතිවිලිවල අධිවේගී ස්වභාවය සහ එමගින් ඇතිවන පීඩාකාරී ගතිද ඉස්මතු වේ. මේ නිසා පවු‍ලේ සාමාජිකයන් සහ ඇසුරු කරන්නන් අතර අනවශ්‍ය  ගැටලු සහ සිත් රිදීම් ඇතිවේ. ප්‍රධානීන්ගෙන් සහ හිතවතුන්ගෙන් ලැබෙන දයාව අනුකම්පාව නිසා සුපුරුදු ලෙස රැකියා කටයුතු පවත්වාගෙන යාමට හැකිවේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතින අතර අනපේක්ෂිත වියදම්වල ඉහළ යාමත් සිදුවේ. උදාසීන ගති නිසා බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතු අඩපණ වීමට ඉඩ තිබේ. සෙම ආශ්‍රිත රෝග වැලඳීමේ අවස්ථාව වැඩිය.

කන්‍යා ලග්නය

මත ගැටුම්

මානසික පීඩනය, ක්ෂණික කෝපය වැනි තත්ත්වයක් පවතී. මේ ස්වභාවය හේතු කොට ගෙන රැකියා කටයුතුවලද විවිධ ගැටලුකාරී තත්ත්වයන්  උද්ගතවේ. ආදායම් සුපුරුදු තත්ත්වයේ පවතින අතර වියදම්වල ඉහළ යාමක් සිදුවේ. උදාසීන ගති  බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතු අඩපණ වීමේ අවස්ථාව වැඩියි. උදරයේ සහ සෙම ආශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් පවතී.

තුලා ලග්නය

ආර්ථික දියුණුව

බාහිරව කැළඹීම් ඇති කරන සිදුවීම් පැවතුණත් ඒවා සමනය කරගෙන සැනසිලිදායක තත්ත්වයක් ගොඩනගා ගැනීමේ ශක්තිය පවතී. පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග මතභේද සහ ගැටුම් ඇතිවන පරිසරයක් පවතී. රැකියා කටයුතුවලදී හිතවතුන්ගෙන් ලැබෙන නොමඳ සහය නිසා ඒවා සාර්ථක වේ. ආර්ථිකයේ දියුණුවත් ඇති වෙයි. අතිරේක ආදායම් මාර්ග ලැබේ. ඉගෙනීමේ කටයුතු සාර්ථකවේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

වෘශ්චික ලග්නය

හිතවතුන්ගේ අනුග්‍රහය

අධික ධෛර්යය සමගම සිතේ සැනසිලිදායක ශාන්ත ස්වභාවයක්ද ගොඩනැගේ. පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් අතර හොඳ එකමුතු භාවයක් පවතී. රැකියා  කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට හැකිවේ. ඒ සඳහා ප්‍රධානීන්ගෙන් සහ හිතවතුන්ගෙන් හොඳ අනුග්‍රහයන් ලැබේ. ඉගෙනීමේ කටයුතු සඳහා අවධානය අඩුවන තත්ත්වයන් පවතින නිසා සැලකිලිමත් වන්න.

ධනු ලග්නය

රැකියා සාර්ථකවේ

සිතේ පීඩාකාරී ගති සහ නොසන්සුන්තාවය අධික වේ. මේ නිසා පවු‍ලේ සාමාජිකයන් අතර සමගිය බිඳෙන සිදුවීම් ඇති විය හැක.  සුළු පීඩාකාරී තත්ත්වයන් ඇති වුවත් ඒවා යටපත් කර ගෙන සාර්ථකව රැකියා කටයුතුකරගෙන යාමේ අවස්ථාව සැලසේ. ආදායම් වල  වර්ධනයක් සිදුවන අතර අනපේක්ෂිත වියදම්වල ඉහළ යාමක්ද සිදුවේ. බාධක ආශ්‍රයන් හා නොසැලකිලිමත් ස්වභාවය නිසා ඉගෙනීමේ කටයුතු දුර්වල විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

මකර ලග්නය

ඉගෙනීම සාර්ථක වෙයි

සිතේ පීඩාකාරී ගති සහ නොඉවසිලිවන්ත ස්වභාවය අධිකව ඉස්මතු වේ. මෙම මානසික තත්ත්වය නිසා රැකියා කටයුතු  වලදීද කරදරකාරී තත්ත්වයන් ගොඩ නැගේ. සියලු ප්‍රශ්න තුළ ආදායම්වල වැඩි දියුණුවක් සිදුවන අතර ඉහළ තැන්පතුවක් ගොඩනගා ගැනීමටද හැකිවේ. ඉගෙනීමේ කටයුතු සාර්ථකවේ.

සෙම සහ ඌෂ්ණය ආශ්‍රිත රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතී.

කුම්භ ලග්නය

උනන්දුව වැඩිවේ

අධික ධෛර්යය සමගම සිතේ සැනසිලිදායක ශාන්ත ස්වභාවයක්ද පවතී. පවු‍ලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන්ද මේ තත්ත්වය පවත්වා ගෙන යාම සඳහා හොඳ සහයෝගයක් ලැබේ. වෙනදාට වැඩි උනන්දුවකින් හා කාර්යක්ෂමව රැකියා කටයුතුවල නිරත වීමේ හැකියාව ඇතිවේ. අතිරේක ආදායම් සමග ලැබිම්වල ඉහළ යාමක් සිදුවේ. ඇසුරු කරන්නන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවීමේ  ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න. සෙම ආශ්‍රිත රෝග වැලඳීමේ වැඩි ඉඩක් පවතී.

මීන ලග්නය

 ආදායම් ඉහළට

වගකීමෙන් තොරව සිතීම සහ වැඩකටයුතුවල යෙදීම නිසා අනපේක්ෂිත ගැටලු තත්ත්වයන් උදාවේ. මේ අනුව පවු‍ලේ  සාමාජිකයන් සහ හිතවතුන් සමගද අර්බුදකාරී තත්ත්වයන් ඇතිවේ. මේ මානසික ස්වභාවය නිසා රැකියා කටයුතුවලද ගැටලු ඉස්මතුවේ. ආදායම්වල වර්ධනයක් සිදුවෙයි. අතිරේක ආදායම් ලැබේ. ආශ්‍රය කරන්නන් නිසා සහ උනන්දුව අවධානය අඩුවීමෙන් ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවීමට ඉඩ තිබේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයන් පවතී.

ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී - අමරසේන වේගිරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.