lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර ප්‍රාන්ත රජය තීරණය කර ඇත. ප්‍රාන්තය පුරා මේ දිනවල උද්ගත වී ඇති ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් මෙසේ සමාජ ජාල කෙටි කාලයකට තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශිෂ්‍ය උද්ඝෝෂණ සිදුවීමට මූලික හේතුව ඔවුන් සමාජ ජාල හරහා සංවිධානය  වීම යැයි රජය සැක පළකරයි.

 

 

ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන විට ද ලොව පුරා පුවත් මවන්නකු බවට පත් වී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව 39 හැවිරිදි එම්මානුවෙල් ගේ 64 වියැති බ්‍රිජිට් ට්‍රෝග්නෙක්ස් (Brigitte Trogneux) නම් බිරිඳ නිසාය.

මෙම අඹුසැමි යුවල අතර පරතරය වසර 25 ක් වේ. එම්මානුවෙල්ට සිය බිරිඳව මුලින්ම හමුවී ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 15 දීය. ඒ වන විට ඇය එම්මානුවෙල් ගේ ගුරුවරියක ලෙස කටයුතු කර ඇත.

1974 වර්ෂයේ දී බ්‍රිජිට් බැංකු කරුවෙකු සමඟ විවාහ වී ඇති අතර ඇයට එම විවාහයෙන් දරුවන් තිදෙනෙක් සිටිති. බ්‍රිජිට් ගේ එක් දියණියක් එම්මානුවෙල්ගේ පාසල් මිතුරියකි.

එම්මානුවෙල් මැක්‍රෝන් වයස අවුරුදු 17 දී බ්‍රිජිට්ව විවාහකර ගන්නා බවට ඇයට පොරොන්දු වී ඇත. එවිට ‍බ්‍රිජිට් ගේ වයස අවුරුදු 42 කි.  බ්‍රිජිට් ගේ පෙර පැවති විවාහයෙන් දික්කසාද වීමෙන් අනතුරුව 2007 වර්ෂයේ දී මොවුන් දෙදෙනා විවාහ වී තිබේ.

බ්‍රිජ්ට් ට මේ වනවිට දියණිවරුන් තිදෙනෙකු, මුණුපුරු මිණිපිරියන් හත් දෙනෙකු සිටින අතර ඇයගේ පළමු දරුවා එම්මානුවෙල්ට වඩා වසර දෙකකින් වැඩිමහල්වීමද විශේෂත්වයකි.

වනචාරී යුගයෙන් ශිෂ්ටාචාරය වෙත පැමිණි මිනිසා නීති රීති සහ සදාචාර ධර්ම මගින්  මේ වන විට ශිෂ්ටාචාරයේ බොහෝ දුරක් ඉදිරියට ගමන් කර ඇත. එහෙත් කිසියම් පුද්ගලයකු තමන්ගේ මවගේ වයසේ කාන්තාවක හා විවාහ වීම බොහෝ දෙනෙකුට හැගී යන්නේ මිනිසා ශිෂ්ටාචාරයේ  සිට නැවත වනචාරී යුගය වෙත ගමන් කිරීමක් ලෙසය.  එය ශිෂ්ටාචාරය වල් මත් වීමක් ලෙස ද හැදින්විය හැක.

නමුත් ලොව ප්‍රබලතම රාජ්‍යයක නායකයකු ලෙස පත්කර ගැනීමට සිටින පුද්ගලයා මෙබඳු කටයුත්තක නිරත වීම සහ එසේ නිරතවූවකු එහි මහජනතාව විසින්  තම රටේ පාලකයා කර ගැනීමට සිහින දැකීම මිනිස් ශිෂ්ටාචාරයේ අනාගතය සම්බන්ධයෙන් අප ඉදිරියේ “රතු එළි” දල්වන්නකි. 


(එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) සහ  බ්‍රිජිට් ට්‍රෝග්නෙක්ස් (Brigitte Trogneux) පාසලේ දී)





වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන් යටපත් කරලා සමාජය හමුවේ බොරුවට ඉස්මතු වෙන්න දඟලන වගේම ඉස්මතු වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයො ගැනත් අමුතුවෙන් කිව යුතු නැහැනේ:ඇත්තෙන්ම වීරත්වය කියන දේ මිනිස් අපිට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. අනික්තිරිසන් සතුන් අතරේ කොහොම වුණත් මිනිස් අපගේ කලණ මිතුරා වන සුනඛ පරපුරඅතරේත් මිනිස් වීරයන්ට කෙසේවත් දෙවැනි නොවන සුනඛ වීරයන් ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සුනඛ වීරයන්ගේ සැබෑ වීරකම්වලින් සියයට දශම ගණනක් වත් මිනිස් සමාජය හමුවේ ඉස්මතු වෙන්නේ නැති එකයි. මේ අවුරුදු විසි එකක කාලයක් තිස්සේ ඒ විදිහට හැංගිලා තිබුණු අපේ කාලයේ සුනඛ වීරයෙක් ගැන අනුවේදනීය කතාපුවතක්. මේ කතාව අද අපට කියන්නේ බෙන්තොට, හබුරුගල පදිංචි දුම්රිය රියැදුරුකේ.වී.ඩී.යූ. කුමාරසිංහ මහත්තයා. එතුමා ලබපු ඒ අත්දැකීම එතුමාගේ වචනවලින්මකිව්වොත් මෙන්න මෙහෙමයි.

‛‛මට මතක හැටියට ඒ එක් දහස් නවසිය අනූහයේ අවුරුද්ද. ඒ කාලේ මං රාජකාරී කළේ ගාල්ල දුම්රිය ධාවනාගාරයට අනුයුක්තව. ඒකාලේ ගාල්ලෙන් දවල් එකයි කාලට විතර පිටත් වෙලා අළුත්ගම දක්වා ධාවනය වෙනදුම්රියක් තිබුණා. ඔය කියන දවසේ මම තමයි ඒ දුම්රියේ රියැදුරු හැටියට කටයුතුකළේ.’’

ගාල්ලේ ඉඳලා මාතර, අම්බලන්ගොඩ අළුත්ගම වගේ ප්‍රාදේශීය ධාවන කටයුතුවලට ඒ කාලේ හුඟක් වෙලාවට යෙදෙව්වේ එස්. 3 වර්ගයේ පරණ බලවේග දුම්රියදෙකක්. ඒ කියන්නේ පවර් සෙට්වල පෙට්ටි අඩුකරලා හදාගත්තු රේල්වේ සෙට්.

එස් 3 කියන්නේ එක්දහස් නවසිය පනස් නවයේ බටහිර ජර්මනියෙන් ලංකාවට ආයනයනය කරපු බලවේග දුම්රියවලට. සෑහෙන කාලයක් දෙමටගොඩ පී.සී.එස්. ඒ කියන්නේ බලවේග කට්ටල ධාවනාගාරයට අනුබද්ධව අගනුවර ආශ්‍රිත නගරාසන්න සේවයට යොදවපු යොදවලා තිබුණු පවර් සෙට් දෙකක කොටස් තමයි ඔය වෙන කොට ගාල්ලේ ධාවනාගාරයට අනුබද්ධ දකුණු පළාතේ කෙටි ධාවන කටයුතුවලට යොදවලා තිබුණේ. අද වෙනකොට ඒවා සේරම ධාවනයෙන් ඉවත් කරලා.

ඔය කියන පවර් සෙට් එකේ තිබුණේ එන්ජින් මැදිරියයි. එකපෙට්ටියයි, ඩමියයි විතරයි. පවර් සෙට් එකක් දෙපැත්තටම ධාවනය කරන්න පුළුවන්. ඩමිය කියන්නේ පවර් සෙට් එකක එක පැත්තක රියැදුරු සහ සහායක ගමන් කරන කුටිය සහිත කොටස තියන මැදිරියට. නමුත් ඩමියේ එන්ජිමක් නැහැ. පවර් සෙට් එකේ අනෙක් පැත්තේ එන්ජින් බලයෙන් තමයි: ඒ ඩමියේ ඉන්න රියැදුරු දුම්රිය මෙහෙය වන්නේ. ඒ නිසා ඩමිය සහිත මැදිරිය ඉස්සරහට තිබියදී දුම්රිය ධාවනය වෙනකොට දුම්රිය කට්ටලයේ ඉස්සරහ කොටසින් එන්ජින් ශබ්දයක් නැඟෙන්නේ නැහැ. එන්ජින් ශබ්දය නැගෙන්නේ පසුපසින් තියන එන්ජින් කොටසිනුයි.

කොහොම හරි ඔය කියන දවසේමම දුම්රිය මහ ඉඳුරුව දුම්රිය නැවතුමේ නතර කරලා අළුත්ගම පැත්තට එන්න ගමන් ආරම්භ කළා විතරයි. දුම්රිය පාර අයිනේ, වම් පැත්තෙන් ඒ කියන්නේ රියැදුරුඅසුන පැත්තෙන් ඉස්සරහට යන වයස අවුරුදු දහයක දොළහක විතර ගෑනු ළමයෙකුයි වයස අවුරුදු හත අටක විතර පිරිමි ළමයෙකුයි මං දැක්කා. මේ දෙන්නම ඒ අහල පහලම අයකියලයි මට හිතුණේ. ඒ හරියේ පාරේ දකුණු පැත්තේ පන්සලකුත් තියනවා. රේල්පාර අයිනෙන් ඒ දෙන්නාගේ පිටිපස්සෙන් සුදුයි දුඹුරුයි ලොකු බල්ලෙකුත් ගමන්කරමින් හිටියා. ඒ අපේ රටේ හැම තැනකම දකින්න පුළුවන් සාමාන්‍ය බල්ලෙක්.කොහොම හරි දුම්රිය ටිකෙන් ටික ඒ ඉස්සරහ තියන හබක්කල දුම්රිය හරස්පාර කිට්ටුවට එන කොට රේල්පාර අයිනේ යමින් හිටපු අර පිරිමි ළමයා එක පාරටම රේල්පාරට නැගලා යන්න පටන් ගත්තේ නැතැයි. මොකද ඉස්සරහට යමින් ඉන්න මේ ළමයිදෙන්නට පිටිපස්සෙන් එන කෝච්චිය පෙනුණේ නැහැ. ඒ එක්කම මම එක පාරටම හෝන් එකනාද කළත් ඒ වෙලාවේ කෝච්චියේ හෝන් එක වැඩ කළෙත් නෑ, මේ ළමයි දෙන්නා කෝච්චිය නොදැක්කට මොකද පිටිපස්සෙන් ගිය බල්ලා දැක්කා ළඟ ළඟම කොච්චියක් එන බව. එතකොටම මේ සතා මොකද කරන්නේ එක පාරටම රේල්පාරට පැනලා අර පිරිමි ළමයගේ ඇඟේ එල්ලුණා ඒ මාරකය ගැන කියන්න වගේ. නමුත් ඒ ළමයටවත් රේල් පාර අයිනේ ගිය ගෑනු ළමයටවත් ඒ ගැන තේරුමක් නැහැ. දැන් මම හොඳටම දන්නවා මේ ළමයව කෝච්චියේ හැප්පෙන බව. ඒක නතර කරන්න කිසිම ක්‍රමයක් නැති බවත් මට තේරුණා. ඒ හින්දා එන්ජිම ඒ ළමයා ඉන්න තැනට මීටර් දහයක් දොලහක් තිබියදී තත්පරයක් වත් බලන්නේ නැතුව කෝච්චියේ බ්‍රේක් ඔක්කොම ඇප්ලයි කරලා මම තදින්ම ඇස් දෙක වහගත්තා. ඒ බිහිසුණු දර්ශනය බලන්න බැරුව. ඔය අතරේ බල්ලා බුරාගෙන කෝච්චිය ඉස්සරහට දුවගෙන හැටිත් අර ළමයා ගැස්සිලා වගේ කෝච්චිය දිහා බලන හැටිත් මං යාන්තමට වගේ දැක්කා. කොහොම හරි මං බ්රේක් ඇප්ලයි කරපු හින්දා අර ළමයයි බල්ලයි හිටපුතැන පහුකරලා තවත් මීටර් විස්සක් විතර ඉස්සරහට ගිය කෝච්චිය නතර වුණා. දැන් මගේ පපුවත් ඩිග් ඩිග් ගාලා ගැහෙනවා. ඒ හින්දා මම ඩ්‍රයිවින් සීට් එක ළඟ කවුළුවෙන් ඔළුව දාලා එබිලා ආපස්ස බැලුවා, මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට මට පේනවා රේල්පාර අයිනේ අර ගෑනු ළමයා පිරිමි ළමයව තුරුල් කරගෙන හිටගෙන ඉන්නවා. ඒ එක්කම පාර අයිනේ රෙදි පොට්ටනියක් වගේ යමක් තියනවත් මම දැක්කා. ඒතමයි අර බල්ලගෙ සුන් බුන් වෙලා ගිය සිරුර.

මේ සිද්ධිය සියැසින්ම දැක්ක හින්දා මට කිසිම පැකිලීමකින් තොරව කියන්න පුළුවන් ඒ බල්ලා ඒ දරුවා වෙනුවෙන් තමන් ගේ ජීවිතේ පූජා කරපු බව. ඒ බල්ලා එන්ජිම දිහාට බුරාගෙන එනකොට ඒ ළමයා ආපහු හැරුණේ නැත්නම් ඒ ළමයා එතන දීම කෝච්චියේ හැප්පිලා මැරෙනවා ස්ථිරයි. ‛බල්ලා‛ කියන්නේ කිසිම වැදගත්කමක් නැති වචනයක් වුණත් ඒ නමින් පෙනී ඉන්නේ මොන තරම් උතුම් සත්වයෙක් ද කියන එක මට ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම තේරුණේ එදා තමයි.

මේ සත්‍ය කතා ප්‍රවෘත්තියෙන් ඔයාලගේ හදවත් තුළත් කිනම් හෝ සංවේදීතාවයක් සියුම් කම්පනයක් ඇති කළා නම් මිනිස් ජීවිතයක් බේරා ගැනීම උදසාතමන් ගේ ජීවිතය පූජා කළ ඒ තිරිසන් සතාවෙනුවෙන් කරන කළගුණ සැලකීමක් හැටියට මේ කතා ප්‍රවෘත්තිය ඔබේ මිතුරු මිතුරියන් අතරේ Share කරන්න. ඒක ඒ සතාට සැලකීමක් වගේම අපි අපගේ මිනිසත් බවට දක්වන උතුම් උපහාරයක් බවත් ඒකාන්තයෙන්ම කිව යුතුයි.

උපුටා ගැනීම - https://www.facebook.com/ahinsasrilankapage

රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි විසිතුන් වියැති සුප්‍රකට මෝස්තර නිරූපිකා ක්‍රිස්ටිනා මාටලී රූපලාවන්‍ය සැත්කමක් අතරවාරයේදීම මිය ගිය පුවත ලොව පුරා පැතිර ගියා. විසි තුන් වියැති තරුණියක් රූපලාවන්‍ය සැත්කම් සියයකට මුහුණ දීම බැලූ බැල්මටම අසාමාන්‍ය තත්ත්වයක්. එනිසා ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන් ලයින් වි‍ශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා වෙතින් ඒ පිළිබඳව කරුණු විමසා සිටියා.

විසි තුන් වියැති තරුණියක් ප්ලාස්ටික් සැත්කම් සියයකට පෙනී සිටීම බැලූ බැල්මටම අතිශය අසාමාන්‍ය තත්ත්වයක්.

ඔව්; තරුණියගේ වයස සහ පෙනී සිටි රූපලාවන්‍ය සැත්කම් ගණන සලකා බලන කොට මේක රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවක් (Cosmetic surgery addition) වශයෙන් අනුමාන කරන්න පුලුවන්.

යමකු තුළ මේ වගේ ඇබ්බැහියාවක් ඇති වන්නේ ඇයි?

මේකට බොහෝ දුරට තමන්ගේ බාහිර පෙනුම, හැඩය පිළිබඳව ඇති කර ගන්නා නොසෑහීම හේතු‍වන්න පුලුවන්!

ශිරුරේ බාහිර පෙනුම, හැඩය ගැන සෑහීමකට පත් නොවීම අපි ඕනෑම කෙනකු තුළ තිබිය හැකි තත්ත්වයක් නේද?

නමුත් මා කියන්නේ ඒ සාමාන්‍ය තත්ත්වය ගැන නෙවෙයි, තමන් ගේ බාහිර පෙනුමේ, හැඩයේ ඉන්ද්‍රියන් ගේ ප්‍රමාණයන් ගේ හෝ පිහිටීම් වල අඩුවක් ඇතැයි සිත තුළ නිරතුරුවම බලපැවැත්වෙන අසාමාන්‍ය නොසැහීම ගැනයි. මේක Body dysmorphic disorder (BDD) කියා හැඳින්වෙන රෝග තත්ත්වයක්!

මේ රෝගයේ සාමාන්‍ය ලක්ෂණ පැහැදිලි කළොත්?

උදාහරණයක් හැටියට තමන්ගේ නාසය මුහුණේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල හෝ කුඩාය යන වැරදි සිතුවිල්ලක් යමකු තුළ ඇතිවන්න පුලුවන්! ඒ වගේම නාසයේ ඇදයක් ඇතැයි යන වැරදි සිතුවිල්ලකුත් ඇතිවන්න පුලුවන්. නමුත් මේවා තමන්ට මිසක් බාහිර ලෝකයට එතරම් පෙනෙන සහ හැ‍ඟෙන දේවල් නොවෙයි; ඒ වගේම සමහර පිරිමින් තුළ තමන් ගේ ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය සහ කාන්තාවන් තුළ නම් තමන්ගේ පියයුරුවල ප්‍රමාණය ආදිය මුල්කර ගෙන වුණත් මේ නොසෑහීම ඇති වන්න පුලුවන්. ඒ සමඟම තමන් ගේ බාහිර පෙනුම සම්බන්ධ කරුණු කිහිපයක් මුල්කරගෙන වුණත් මේ තත්ත්වය ඇතිවන්න පුලුවන්! ඒ තත්ත්වය හැඳින්වෙන්නේ බහුරූපී ආබාධය (Polymorphic Affection) යනුවෙන්.

 යමෙකු මේ වගේ රෝග තත්ත්වයකින් පසුවන බව අන්‍යයන්ට වටහා ගන්න පුළුවන්ද?

ඔව්, ඒ තැනැත්තා කියන කරන දේවල් මගින් මූලික වශයෙන් ඒ පවුලේ සාමාජිකයන්ට ඒ බව වටහා ගත හැකියි. ඒ තැනැත්තා ඒ කරුණු මුල් කොට එදිනෙදා ජීවිතයේ දී දැඩි මානසික ආතතියකින් සහ කාංසාවකින් පසුවෙනවා. උදාහරණයක් විදිහට තමන් ගේ නාසය, ඇස් හෝ තොල් ප්‍රමාණයට වඩා විශාලය යන වැරදි විශ්වාසයෙන් යුතු අයකු සමාජය හමුවේ පෙනී නොසිට නිවස තුළම හැංඟිලා ඉන්නත් ඒ තත්ත්වය තුළ පුළුවන්! ඔවුන්ගේ පෞරුෂය, පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතා බිඳවැටී අධ්‍යාපනයට රැකියාවට වුවත් බාධා ඇති වන්න පුළුවන්!


යමකු තුළ මේ වගේ රෝග තත්ත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද?

නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නැහැ. යමකුගේ නව යෞවන වියේ ශාරීරික වෙනස් කම් ඇති වීමත් සමඟ ඕනෑම තරුණයකු, තරුණියක තුළ ඒ සම්බන්ධයෙන් හට ගන්නා ස්වභාවික උනන්දුව තුළින් මේ රෝග තත්ත්වයට මං පෑදෙන බව අධ්‍යයන මගින් හෙළිවී තිබෙනවා. සාමාන්‍යයෙන් ජීවිතයේ නව යෞවනයේ දී ශරීර වර්ධනය වන්නේ නිශ්චිත ක්‍රමික රටාවකට නොවෙයි; එකම වයසේ යුවතියන් දෙදෙනෙකු ගත හොත් ඔවුන් ගේ ලැම, උකුළ එකම වේගයකින් වැඩෙන්නේ නැහැ. මේ නිසා සමහරුන් තුළ ඒ සම්බන්ධ ස්වභාවික කුකුසක් ඇතිවන්න පුලුවන්.

 පිරිමි ළමුන් ගේ ලිංගේන්ද්‍රියන් සම්බන්ධ තත්ත්වයත් එයමයි; ඒ නිසා සමහර පිරිමි ළමුන් එම ඉන්ද්‍රියන් තමන් ගේ මිතුරන් ගේ ඉන්ද්‍රියන් සමඟ සංසන්දනය කරන අවස්ථාත් තියනවා; මේක සාමාන්‍ය තත්ත්වයක් වුණත් මේ කුකුස නොසෑහීම දිගටම තිබීම ඉහත සඳහන් රෝග තත්ත්වයට මංපෑදීමක්!

ශරීරයේ පවත්නා යම් යම් අසාමාන්‍යතා ප්ලාස්ටික් සහ රූපලාවන්‍ය සැත්කම් මගින් ප්‍රකෘතිමත් කර ගත හැකි බව ලොවම පිළිගත් සත්‍යයක්. එතකොට මේ රෝගය සහ රූපලාවන්‍ය සැත්කම් අතර පවතින සම්බන්ධය මොකක්ද?

තමන්ගේ ශරීරයේ ඇති කුමන හෝ අඩුපාඩුවක් ප්ලාස්ටික්, රූපලාවන්‍ය සැත්කම් මගින් ප්‍රකෘතිමත් කර ගැනීමට හැකිවීම නූතන විද්‍යා තාක්ෂණයෙන් අපට හිමිවූ වි‍ශිෂ්ට දායාදයක්. නමුත් ඔය කියන රෝග තත්ත්වයෙන් පෙළෙන තැනැත්තා එසේ එක් සැත්කමකින් දෙකකින් සෑහීමකට පත් වන්නේ නැහැ. උදාහරණයක් හැටියට ඒ වගේ සැත්කමකින් තමන් ගේ නාසයේ හැඩය වෙනස් කර ගත් පසුව වුණත් ඒ තැනැත්තාට නාසයේ වෙනත් කුමක් හෝ  අඩුවක් පේන්න පුලුවන්. එහෙම නැත්නම් ශරීරයේ වෙනත් ඉන්ද්‍රියක හෝ අඩුවක් පේන්න පටන් ගන්නවා. එතකොට තවත් රූපලාවන්‍ය සැත්කමකින් ඒ ඉන්ද්‍රිය වෙනස් කර ගන්නා තුරු ඒ තැනැත්තා පසුවන්නේ තදබල මානසික පීඩනයක; ඒ තත්ත්වය යටතේ නැවත නැවතත් රූපලාවන්‍ය සැත්කම්වලට පෙනී සිටීම තමයි රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවේ ලක්ෂණ.

ඔබ කියන ඔය රෝග තත්ත්වය අප රට තුළිනුත් දකින්න පුළුවන්ද?

ඔව්; මේ රෝගයට බඳුන් වූ සැලකිය යුතු පිරිසක් අප රටේත් සිටිනවා; ඔවුන් ගෙන් බහුතරය තරුණ තරුණියන්; මේ රෝගය නිසා අධ්‍යාපනය පවා කඩාකප්පල් කර ගත් තරුණ තරුණියන් සායන වලදී අපට හමුවී තිබෙනවා.

නමුත් ඔවුන් තුළ අර වගේ රූපලාවන්‍ය සැත්කම් උන්මාදයක් නැහැනේ.

ඒකට හේතුව අප රටේ ප්‍රමාණවත් විදිහට රූපලාවන්‍ය සැත්කම් පහසුව නොමැති වීම සහ ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට නොහැකිවීම මිසක් ඔවුන් තුළ එම රෝගය නොමැතිවීම නොවෙයි.

මේ රෝගයට නිශ්චිත මනෝ වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවාද?

ඔව්; මේ වගේ රෝග තත්ත්වයක් හඳුනා ගත් පසු පළමුවෙන්ම කළ යුත්තේ ඒ තැනැත්තා  තුළ ඒ රෝගය නිසා හටගෙන ඇති විශාදය, මානසික ආතතිය, කාන්සාව වගේ ද්විතීක රෝග තත්ත්වයන් සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබා දීමයි. ඒ සමඟම මූලික රෝග තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කොට ඥානක චර්යා චිකිත්සක ප්‍රතිකාර (Cognitive behavioral therapy) මගින් මෙම රෝග තත්ත්වය සුවපත් කළ හැකියි.

සටහන - දමයන්ති ගමගේ

 

 

“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ” යනුවෙන් ඒ කථාව නවීකරණය කළ හැකි සත්‍ය පුවතකි.

වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරින් දෙදෙනකුට ‍ බදුල්ල - අලුගොල්ලේ බස් මාර්ගය අසල බසයක් එනතුරු බලාසිටි සිටි පුද්ගලයෙකු දකින්නට ලැබුණි. ඒ පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහු සතුව තිබූ පොහොර මලු පරික්ෂා කිරීමට යාමේ දී  ඔහු එම මලු අතහැර දමා පළාගොස් ඇත. පසුව අනාවරණය වූයේ බදුල්ල කොහොවිළකඳුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගබඩා ගෙය බිඳ සිවුරු 7ක් සහ අටපිරිකර 3 ක් සොරකම් කරගෙන විකිණීම සඳහා යද්දී පොලිසියට හසුවෙතැයි බියෙන් ඔහු පළා ගිය බවය.

කෙසේ නමුත් මේ හොරබඩු  පොලිසියට ගෙන එන තෙක්ම  විහාරස්ථානයෙන් පැමිණිල්ලක් නොලැබුණ  බවද පොලිසිය කියයි.

විහාරස්ථානයේ ගබඩා ගෙයි පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී මෙම සොරකම ම සිදුකර ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත.  දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බදුල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  බී.යූ.පී. මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

සුලක්ෂ පියතිස්ස බදුල්ල

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම් ප්‍රමාණයක් පාසල් සිසුන් බව පසුගිය දා අනාවරණය විය. ඒ කුරූණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා කළ ප්‍රකාශයකිනි. පසුගිය වසරේ එම ඒකකයට පැමිණි රෝගීන් ගෙන් 1560 දෙනකු නිශ්චය ලෙසම සමාජ රෝග ආසාදිතයන් බව තහවුරු වූ අතර එම පිරිසෙන් සුලු ප්‍රමාණයක් හෝ පාසල් සිසුන් වීම සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් මීට වඩා සංවිභාගශීලී විය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කර ඇත.

අප මෙම ප්‍රවෘත්තිය ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ ‘ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්’ යන මැයෙන් පසුගිය කාලය පුරා ලක්බිම ඔන් ලයින් මගින් අප ඉදිරිපත් කළ ලිපි පෙළ සඳහා “ලිංගිකත්වයක් ඇත්තේ ගම්පහ ටියුෂන් සිසුන්ට විතරද?” යන මැයෙන් යොමුවූ ප්‍රතිචාරයක් මුල් කර ගනිමිනි. ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් විසින් යොමු කර තිබූ එම එම ලිපිය ඉතා සංයමයෙන් යුතුව සකසා තිබීම පිළිබඳව මම පළමුව ඔවුන් වෙත මගේ ගෞරවාදරය පුද කරමි.

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් ගේ එම ලිංගික උප සංස්කෘතිය පිළිබඳ විමසුමකට අප යොමු වූයේ ගම්පහ හිටපු නගාරාධිපති එරංග සේනානායක මහතා කළ සුවිශේෂ අනාවරණයකට අනුවය. ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල්වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජක පෙති වර්ග බහුලව විකිණෙන බවත් ඊට හේතුව ගම්පහ නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ සිසුන් අතරේ ඒවා භාවිතා වීම නිසා බවත් තමන්ට අනාවරණය කර ගත හැකි වූ බව හිටපු නගරාධිපති වරයා කීය.

එමෙන්ම සෑහෙන කාලයක්, ශ්‍රමයක් සේම මුදලක් ද වැය කරමින් අප සිදු කළ මෙම ගවේෂණය සඳහා විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්යවරයකුගේත්, ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය වරයකුගේ උපදේශකත්වය ලබා ගැනීමට ද අපට හැකිවිය. එමෙන්ම මෙම විමර්ශන කටයුතු සඳහා උපාය දූතයන් ලෙස ගම්පහ ටියුෂන් අධ්‍යාපනය ලබා සරසවියට තේරුණු පෙම් යුවලක් යොදා ගැනීමට ද අපට හැකිවිණි. තවද අපගේ මෙම සමීක්ෂණයේ අධීක්ෂණ කටයුතු කරන ලද්දේ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසිනි. මේ සියළු කරුණු අපගේ එම ගවේෂණයේ සාර්ථකත්වයට එක සේ බලපාන්නට ඇත.

එමෙන්ම අපගේ එම අනාවරණය ලක්බිම ඔන් ලයින් මගින් ප්‍රචාරය වීමත් සමඟ තවත් වෙබ් අඩවි කිහිපයක් මගින් මෙම ලිපි පෙළ උපුටා‍ පළ කිරීම නිසා මීට අතිරේක ප්‍රසිද්ධියක් ද ලැබිණි. ඒ පසුබිම යටතේ ගම්පහ ප්‍රදේශවාසීන් ම පවසන අන්දමට ‘මතක ඇති කාලයකින්’ ගම්පහ නගරයේ අවිනීත ලෙස හැසිරෙන තරුණ පෙම්වතුන් පොලිස් භාරයට ගෙන අවවාද කොට මුදා හැරීමට අවස්ථා දෙකකදීම ගම්පහ පොලිසිය කටයුතු කර තිබිණි. ඒ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා ගේ උපදේශකත්වයෙන් සහ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක අබ්දුල් ගෆාර් මහතාගේ  අධීක්ෂණයෙනි.

මෙහි මුලින් සඳහන් ප්‍රවෘත්තිය හා සම්බන්ධ කුරුණෑගල ද ගම්පහ මෙන්ම ශ්‍රී ලංකාවේ නම් දැරූ ටියුෂන් පුරවරයකි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ අගනුවර වුවද මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත් වලින් ද විශාල සිසුන් සංඛ්‍යාවක් නිතිපතා කුරුණෑගලට ඇදී එති. ඒ අනුව ගම්පහ ටියුෂන් අශ්‍රිත ලිංගික උප සංස්කෘතියට අතිශයින් සමාන ලිංගික උප සංස්කෘතියක් කුරුණෑගල ද නිර්මාණය වීමට කිසිදු නොහැකියාවක් නැත. ඒ අනුව ඉහත සඳහන් කළ කුරුණෑගල පාසල් සිසුන් අතර ලිංගික සම්ප්‍රේෂණ රෝග පැතිර යාමට එම ටියුෂන් ලිංගික උප සංස්කෘතිය සැලකිය යුතු අයුරකින් බලපා ඇති බව නිසැකය. එමෙන්ම එම උප සංස්කෘතිය පැන නැඟීමට ඉවල්වන සාධක සියුම් ලෙස විමසා බැලීමේ දී පෙරවරුවේ පාසල් ගොස් යළි පස්වරුවේ නිවස බලා යාම වෙනුවට, ටියුෂන් අධ්‍යාපනය උදෙසා නිවෙසින් බැහැරව සිටීමට සිසුන්ට ලැබෙන අමතර කාල පරාසය අපගේ අවධානයට යොමුකළ යුතුය. විශේෂයෙන් සති අන්ත දිනයන් හි කුරුණෑගල ටියුෂන් අධ්‍යාපනය සඳහා නිවසින් බැහැරවන බොහෝ සිසු සිසුවියන්ට ඕනෑම දෙයක් කර කියා ගත හැකි හෝරා දෙක තුනක නිදහස් කාල සීමාවක් වෙන් කර ගැනීමේ කිසිදු අපහසුවක් පැන නොනගී. පාසල් සිසු සිසුවියන් අතරට ලිංගික සම්ප්‍රේෂණ රෝග වර්ධනය වීමට මෙම තත්ත්වය ද හේතු පාදක වූ බවට සැක නැත.

කුරුණෑගල මෙවන් තත්ත්වයක් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකය මගින් එවැනි අනාවරණයක් සිදු කොට නැත්තේ මන්දැයි යමකුට හැ‍‍ගෙනු ඇත. ඒ ඇතැම් විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ සායනවලට එක් වන රෝගීන් අතරට පාසල් සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එක් නොවීම මත විය හැක. නොඑසේ නම් එසේ පැමිණෙන රෝගීන් ගේ පෞද්ගලික වතගොත පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා නොවීම මතද මෙවන් තත්ත්වයක් ඉස්මතු වීමට පුළුවන.

මෙහි දී අප විශේෂයෙන් සලකා බැලිය යුතු තවත් කරුණක් ද වෙයි. කුරුණෑගල මහ රෝහල යනු ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ශ්‍රී ලංකාවේ සුවිසල් ග්‍රාමීය කලාප රැසක් මධ්‍යයේ පිහිටි ප්‍රධානතම රෝහලකි. එහෙත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මගින් එලෙස විශාල ප්‍රදේශයක් ආවරණය නොකෙරේ. අගනුවරට තරමක් සමීපව පිහිටි  ගම්පහ රෝහලට කිලෝමීටර් කිහිපයක් නොදුරින් උතුරු කොළඹ (රාගම) මහ රෝහල ද පිහිටා ඇත. එමෙන්ම ටියුෂන් අධ්‍යාපනය සඳහා ගම්පහට පැමිණෙන සිසු සිසුවියන් ගෙන් වැඩිපිරිසක් පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන්නවුන්ය. එනිසා හදිසි රෝගාබාධයකදී හෝ අනතුරක දී හැරුණු කොට ඔවුන් ගම්පහ රෝහලින් ප්‍රතිකාර ගැනීමේ සැලකිය යුතු සම්භාවිතාවක් නැත.

ඒ කෙසේ හෝ ටියුෂන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් ගම්පහට හිමි වී ඇති “කීර්ති නාමය” මෙවන් අනාවරණයන් ගෙන් යම් තරමකට හෝ පළුදු විය හැකි බව අපිදු අවංකවම පිළිගනිමු. එහෙත් ඒ ‘හොඳ නම’ තුළින් තමන්හට අත්කර ගත හැකි මුදල්මය වාසි තකා හෝ විවිධ තර්ක ගෙනහැර දක්වමින් සත්‍යය වසන් කරලීම කෙසේවත් අනුමත කළ හැක්කක් නොවේ. අප ඒ බව ලක්බිම ඔන් ලයින් වෙතින් අප වෙත ප්‍රතිචාර දැක්වූ ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් කිහිපපොළ වෙත පවසා සිටිනුයේ ගම්පහ ටියුෂන් සම්බන්ධ ‘හොඳ නම’ සහ තම ‘මුදල්වාසි’නොතකා මෙම ‘තිත්ත ඇත්ත’ වටහා ගැනීමේ සහ ඒ අනුව කටයුතු කිරීමේ වැදගත්කම හුවා දැක්වීමටය. නමුදු ඔවුන් එසේ නොකොට තව දුරටත් නිහඬව සිටිය හොත් ගම්පහ ටියුෂන් සම්බන්ධ මීට වඩා අතිශය ඛේදනීය පුවත් රට පුරා පැතිර යාම වැළැක්වීමට කිසිවකුටත් නොහැකිවනු ඇත.

ප්‍රසංග පෙරේරා - ජා ඇල
 

පෙර ලිපි පෙළ -:

Page 7 of 9

IMAGE

තම රෝගය අමතක කර රෝගියෙකු බේරා ගත් හිත හොඳ දොස්තර

IMAGE 2017 May 28 17:31
  විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින...
Views - 730

මිහිඳු හිමි දෙවනපෑතිස් හමුව සිදුවූයේ සැණකෙළි බිමකදී ද?

IMAGE 2017 May 26 13:18
පොසොන් පුන් පෝ දිනක මිහින්තලා පර්වතය අභියසදී සිදු වූ මිහිඳු හිමි -  දෙවනපෑතිස් රජු හමුව අහඹු...
Views - 733

මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

IMAGE 2017 May 26 11:36
ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි....
Views - 1752

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 11307

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 4730

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 6294

Please publish modules in offcanvas position.