Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90 ක හය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ග‍ලේකන්ද නමැති අඩි 2000 ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත.

පඳුරු සහිත ඝන කැලයක ගල්කුළු හා කටු පඳුරු මතින් ශීඝ්‍ර බෑවුමක් තරණය කොට මෙතරම් උස කඳු මුදුනකට ඇය ගියේ කෙසේ දැයි ගම්වාසීහු විමතියට පත්ව සිටිති.

මෙම මවගේ දූ දරුවන් පස්දෙනකු විවාහපත්ව රජතලාව ප්‍රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්තිය අඩු සිය බාල පුතු සමග මෙම මව නිවසේ සිට ඇත.

දැනට දින දෙකකට පෙර ඇය හිටිහැටියේ නිවසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්ව ප්‍රදේශයේ ඇළ-දොළ, ගංගා, නිවෙස් ආදී සියලු තැන්වල ඇය සොයා ඇත.

පසුව තරුණයන් පිරිසක් මෙම කඳු ප්‍රදේශය අවට විපරම් කළද ඇය සොයා ගැනීමට නොහැකි විය.

තරුණයන් පිරිසක් කඳු මුදුනට යමු යැයි කතා වුවද  මෙම මිත්තනියට එතරම් උස කන්දකට යාම කෙසේවත් කළ නොහැකි බැවින් මුල් අවස්ථාවේ එම යෝජනාව ක්‍රියාත්මක නොවිණි.

නමුත් අවසානයේ  ඇය පිළිබඳව සෙවීමට වෙන තැනක් නොමැති වූ අතර හිමි නමකද ඇතුළු තරුණ කණ්ඩායමක් කඳු මුදුන නැගීමට තීරණය කොට  තිබේ. අවට පරීක්ෂාවෙන් ගමන් කිරීමේදී අතරමග ඇඳ ඇතිරිල්ලක් තිබි හමුවීම නිසා ඔවුන් වඩාත් උනන්දුවෙන් කඳු මුදුනට නැග ඇත.

එවිට එම මිත්තනිය කඳු මුදුනේ ගලක් මත වාඩිවී සිටි අයුරු දැක මොවුන් විස්මයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ ඇත. රාත්‍රී දෙකක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව මෙම මව කඳු මුදුනේ ඝන කැළෑවේ සිටි අතර ඇය වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි. පසුව මෙම විස්මිත ගමන පිළිබඳව එම මිත්තනියගෙන් කළ විමසීමක දී ඇය පවසා සිටියේ ‘ගොයම් හිටවන්න ගියා’ යනුවෙනි.

සාමාන්‍ය නිරෝගී තරුණ අයකුට වුව පහසුවෙන් තරණය කළ නොහැකි මෙම කඳු මුදුන තරණය කිරීමට ඇයට මෙවන් කායික මානසික ශක්තියක් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව කිසිවෙකු තුළ නිශ්චයක් නොමැත.

මෙම මිත්තනිය සොයන මෙහෙයුම සඳහා පුපුරැස්ස ‍පොලීසියේ ස්ථානාධිපති ‍පො.ප. මනෝරංජන් මහතාගේ මෙහෙයවීමෙන් ‍පොලිස් නිලධාරීහුද සහභාගී  වූහ.

එස්. ඩී. රාජනායක - ගම්‍පොළ

 

 

මා දන්නා ත‍්‍රිරෝද රථ රියදුරෙකු තමන්ගේ ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ”ඔබට සතුටුයිද දැන්” යනුවෙන් වැකියක් ප‍්‍රදර්ශය කර තිබුණි. හිටි හැටියේ ඔහුට එවන් අදහසක් පහළ වූයේ මන්දැයි මා විමසූ විට ඔහු මා සමඟ පැවසුවේ මෙවැන්නකි.

”ත‍්‍රීවිලර් එකේ කාටත් පේන තැනක මේ වගේ දෙයක් ප‍්‍රදර්ශනය කරනකොට බලන අයගෙ අවධානය එ් දිහාට යොමු වෙනවා. එතකොට වාහනේට ඇස්වහ කටවහ වදින එක අඩු වෙනවා. මට මේ කතාව කිව්වේ මගෙ යාළුවෙක්. එ් හින්ද මාත් මේ දේ කළා”

අද මාර්ගවල දක්නට ලැබෙන රථවාහන අතුරින් බස් රථ, ලොරි රථ සහ ත‍්‍රිරෝද රථවල පිටුපස ප‍්‍රදර්ශනය කරන නොයෙකුත් වැකි අපට හොඳින් හුරුපුරුදු ය. එහෙත් මෝටර් රථ සහ වෑන් රථවල එවැනි වැකි දක්නට නැති තරම් ය.  

ඉහත සඳහන් කළ ලොරි, බස් සහ ත‍්‍රිරෝද රථ අතරිනුදු මෙම වැකි වැඩිපුරම දැකිය හැක්කේ ත‍්‍රිරෝද රථවල බව කාටත් නොරහසකි. එමෙන්ම එම වැකිවලින් පැවසෙන කරුණුවල සැලකිය යුතු සමාජ සබැඳියාවක් ද තිබේ. එ් එ්වා ද එක්තරා අන්දමක සන්නිවේදන මාධ්‍යයක් බැවිනි.

”මගේ රටට දළදා හිමි සරණයි”, ”මෙත් මල් පිබිදේවා”, ”බුදු සරණයි! දෙවි පිහිටයි!” මේ ආදී ආගමික හා ආගමික නොවන ආශිංසන සහිත වැකි බොහෝ ත‍්‍රිරෝද රථවල සුලබව දක්නට ලැබේ.


ඉහත සඳහන් ආගමික ආශිංසන හැරුණු විට පිරුළු සහ උපදේශන වැකි ද සමහර ත‍්‍රිරෝද රථවල දක්නට ලැබේ. ”ඉවසල ඉවසල බැරිම තැන - එතනයි ඉවසිය යුතුම තැන”, ”දෙවියන් පා තැබීමට අකමැති තැන මෝඩයෝ පිනුම් ගසති”  "සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ" එවන් වැකි කිහිපයකි.

මේ අතර ”ජීවිතේ මල් අම්මා ඉන්න කල්”, ”හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී” වැනි සදාචාරාත්මක පණිවිඩ ද ඇතැම් ත‍්‍රිරෝද රථවල දැකිය හැක.

මේ අතර තවත් ත‍්‍රිරෝද රථවල පොදු සමාජය වෙත හා සමාජයේ ඇතැම් කොටස් වෙත එල්ල වන විවේචන ද දක්නට ලැබේ.  ”මේ කවුරුත් බලන් ඉන්නෙ වරදින තුරු අපිට”, ”ගොළුවන් වුණත් කතා කරයි ඇති දාට - කතා කරන උන් ගොළුවෙයි නැති දාට”, ”දෙයියො දෙනකොට භූතයො රවනවා”, ”අපේ නයි අපිවම කයි” ආදිය එවැනි වැකි කිහිපයකට නිදසුන් ය.

පේ‍්‍රමයෙන් පරාජිත වීම ආදී පෞද්ගලික සංසිද්ධීන් මුල්කොට ගත් සමාජ විරෝධතා වැකි ද ඇතැම් ත‍්‍රිරෝද රථවල දක්නට ලැබේ. ”සල්ලි ගස්වල හැදුණොත් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි”, ”පේ‍්‍රමය අන්ධ මුත් පේ‍්‍රමවන්තයා අන්ධ විය යුතු නැත”, ”ඇය යන්න ගියා මැකිලා” යන්න එවැනි වැකි සඳහා නිදසුන් ය.   


මේ අතර සමාජය පිළිබඳව ඇති සියුම් ද්වේශයක් පළ කරන වැකි ද බොහෝ ත‍්‍රිරෝද රථවල දක්නට පුළුවන. ”ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි” යන්න එවන් එක් වැකියකි. ”ඇස් වහ නෑ - කටවහ නෑ”, ”කෝ පුතේ යාළුවො - සල්ලි තියනකල් විතරයි තාත්තේ”   යනුවෙන් සමහරු තම ත‍්‍රිරෝද රථ පිටුපස ප‍්‍රදර්ශනය කරති. 

මීට අමතරව හුදු හාසයෝත්පාදක වැකි ද ඇතැම් ත‍්‍රිරෝද රථ පිටුපස තිබෙනු දක්නට ලැබේ. ”මල්ලි හරි මල්ලි”, ”බඩුම තමයි”, ” ඕං අපි රූං ගාල ගියා” "මම්මා නෝ පප්පා නෝ" ආදී වැකි එ් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.

සමහර ත‍්‍රිරෝද රථවල සෙසු රියදුරන් සඳහා දෙන පණිවිඩ ද සඳහන් කොට තිබෙනු දක්නට ලැබේ.  ”වද්දන්න එපා ගත්තෙ අමාරුවෙන්”, ”වරදක් කළත් සිතකින් නොවේ”,  ”මා පසුකර යන ඔයාට සම්මා සම්බුදු සරණයි!”, ”පුංචි කමට දඟ කළාට චණ්ඩි නෑ අනේ” ඉන් කිහිපයකි.

මීට අමතරව තම සිත් තුළ කැකෑරෙන භාව ප‍්‍රකාශන ද මෙම වැකි අතර දක්නට ලැබේ. ”අසරණයාට දුකම තමයි”, ”මාවතේ ජීවිතේ”, ”කොහේ ගියත් හවසට ගෙදර” වැනි වැකි අතරේ ” , "දරන්න බෑ මෙවැනි දුකක් දෙයියො දෙන්නෙ නැද්ද යමක්" , "මේ විදිහට නම් ජීවත් වෙලා මොකට ද?” වැනි නිෂේධනාත්මක වැකි ද දක්නට ලැබේ.


තත්ත්වය මෙසේ වුවද අප රටේ ක‍්‍රියාත්මක වන මෝටර් රථ ප‍්‍රවාහන ආඥපනතට අනුව නිෂ්පාදනය කරන ලද කිසිදු රථයක මෝටර් රථ කොමසාරිස්වරයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව මෙබඳු කිසිදු සඳහනක් කිරීම සපුරාම නීති විරෝධීය. මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කළ අවස්ථා තිබේදැයි මම පොලිස් රථවාහන මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ මෙවැන්නකි.

”දවසින් දවසම මේ රටේ පාරවල් හා වාහන වැඩි වෙනවා. නමුත් ඊට සමානව රථ වාහන පොලිසියේ නිලධාරින් වැඩි වෙන්නෙ නෑ. තවමත් මුළු රටේම රථවාහන රාජකාරිවල යෙදෙන්නේ නිලධාරින් දහ දාහක විතර ප‍්‍රමාණයක්. දැනට එ් අයට පැවරිලා තියෙන රාජකාරි අනුව ඔය දේවල් නීති විරෝධී වුණත් ඕවා ගැන හිතන්න වෙලාවක් නෑ. මොකද මීට වඩා බරපතල රාජකාරි  ඕන තරම් තියෙන නිසා”

කෙසේ හෝ කාන්තාවන් කෙරෙහි වූ කිසියම් විරෝධතාවක් සහිත වැකියක් එක් ත‍්‍රිරෝද රථයක පිටුපස තිබී  කියැවීමට මට හැකි විය. බැලූ බැල්මටම කිසියම් අශ්ලීල බවක් පළ කළ ද එයින් පැවසුණේ කතුන් ප්‍රතික්ෂේප කළද මෙලොව පැවැත්ම සඳහා ස්ත‍්‍රී පුරුෂ එක්වීමක අවශ්‍යතාව කිසිසේත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි බව ය. එ් වැකිය වූයේ ”ගෑනුත් එක්ක හරියට කරන්න පුළුවන් එකම දෙයක් විතරයි” යන්න ය.

- ශ‍්‍රියාණි කොඩිතුවක්කු -   {jcomments on}

අනුරාධපුර සුනඛ මිතුරු සංසදය යනු අසරණ සතුන්ගේ හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරී සංවිධානයකි. නීතිඥවරුන්, වෛද්‍යවරුන් වැනි සිවිල් සමාජයේ වගකිව යුතු පුරවැසියන්ගෙන් සැදුම් ලත් මෙම සංවිධානයෙහි සාමාජිකයකු විසින් අපට උපේක්ෂා පිළිබඳ ලබා දුන් මෙම තොරතුරු අනුව අපි ඇය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමු.

සේරටම කලින් කියන්නකො උපේක්ෂාගෙ පවුලෙ තොරතුරු
මගෙ තාත්තා හොඳට වතුපිටි තියන ඉඩම් හිමි වැවිලි කරුවෙක්. ගොඩඉඩම් වගේම කුඹුරු එහෙමත් තියනවා. ඒ වතුපිටි අතරින් ‍පොල් අක්කර ගාණක ලොකුවත්තක් අපිට තියනවා.

කවුද වත්ත බලා කියා ගත්තෙ ?
වත්තේ මුර ගෙයක් තියනවා. ඒකෙ මුර පවුලක් පදිංචි වෙලා හිටියා. එයාලා තමයි වත්ත බලා ගත්තෙ. වත්තෙ බල්ලෙකුත් හිටියා.

මුර පවුල ඇති කරපු බල්ලෙක්ද ?
නෑ. එයා කොහෙ හරි ඉඳල ආපු සතෙක්. හැබැයි මුර පවුල එයාට කන්න බොන්න එහෙම දුන්නා. එයා තමයි වත්ත පුරාම ඇවිද ඇවිද කිසිම මිනිහෙකුට වත්තට ඇතුල් වෙන්නනොදී බලා ගත්තෙ. මං හිතන්නෙ මුර පවුලට ‍ලේසි වුණා ‘ටොමී’ නිසා.

ටොමී ඔයාලටත් හිතවත්ද ?
අපේ තාත්තා සතියකට දවස් දෙක තුනක් ගියාට අපි නම් වත්තට යන්නෙ මාසෙකට හමාරකට සැරයක් තමයි. මොකද අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මායි විතරයි.
හැබැයි එහෙම ගියා වුණත් ටොමී අපිව හොඳට අඳුනනවා. අපිව දැක්කම ටොමිගේ සතුට ඉහිලුම් නැහැ. ඔළුව ටිකක් අත ගෑවම එයාට උන්හිටි තැන් පවා අමතක වෙනවා.

ඊට පස්සෙ මොකද වුණේ ?
අපේ වත්තෙ මුරකාරයා හරියට බොනවා. එයා පහුගිය කාලෙ දවසක පවුලත් එක්ක රණ්ඩු කරලා ගෙදරින් යන්න ගිහින්. ඊට පස්සෙ මුරගෙයි තනියම ඉන්න බෑ කියල මුරකාරයගෙ පවුල ඒගොල්ලන්ගෙ එකම දුවවත් අරගෙන වත්තෙන් යන්න ගිහින් තිබුණා.

ටොමී ?
ටොමීව එයාලා එක්ක ගියේනෑ. ඒ වගේම ටොමී වත්ත දාල ගියෙත් නෑ. එයා ඔය තැන් තැන්වල ගිහින් මොන මොනව හරි හොයාගන කාලා වත්තෙම නතර වෙලා හිටියා. වත්තෙ වැඩ කරන්න එන අය හැරුණම වෙන කිසිම කෙනෙකුට වත්තට ඇතුල් වෙන්න ටොමී ඉඩ දුන්නෙම නෑ. එයාව දන්න කියන අයට කොච්චර හීලෑ වුණත් නාඳුනන අයට එයා හරි නපුරුයි. ඒ නිසා වත්තට කිසි කෙනෙක් ආවෙ නෑ. ටොමී ඒ වත්ත රැක ගත්තේ හරියට තමන්ගේ බූදලයක් වගේ. ඒ කා‍ලේ අපි හිනාවුණත් එක්ක මේකා නම් ඉස්සර කා‍ලේ මේ වත්තේ අයිතිකාරයෙක්ම වෙන්න ඕනේ කියලා.

මුරකාරයෙක් ඕනෑ නෑ එහෙනම් ?
ඒ වුණත් වත්තේ වැඩ කරන්න කවුරු හරි එපායැ. ඒ හින්දා තාත්තා මුරකාරයෙක් හොය හොයා ඉන්නකොට එක මනුස්සයෙක් හම්බුවෙලා.

ඊට පස්සෙ මුර ගෙදර පදිංචි වුණේ ඒ පවුල ?
ඒ පවුලක් නෙමේ. තනි මනුස්සයෙක්. කොහොම හරි ඒ මනුස්සයා වත්තට ආවදා ඉඳලා ටොමීත් එක්ක තරහයි. ටොමීටත් ඒ මිනිහව පෙන්නන්න බෑ. ටොමී එතනදී හැසිරිලා තියෙන්නේ තමන්ගේ වත්තට පිටින් කෙනෙක් ඇවිත් පදිංචි වුණා වගේ. ඒත් ටොමීව දැක්කම මුරකාරයා ටොමීට ගහල එලවනවා. දවසක් ටොමී මුරකාරයව හපලා.

ඉතින්
එදා ඉඳලා මුරකාරයට ඕන වුණේ ටොමීව මරන්න. මේක ආරංචි වුණාම මටයි අම්මටයි නංගීටයි හරිම දුකයි. ඇත්තටම තාත්තත් කැමති වුණේ නෑ අපට මෙච්චර ආදරේ කරන අහිංසක අසරණ ටොමීට මේ වගේ ඉරණමක් අත්කර දෙන්න.

මොකක්ද කළේ ? ටොමීව ඔයාලගෙ ගෙදරට ගත්තෙ නැද්ද ?
ඒකට මායි නංගියි අම්මයි තුන් දෙනාම කැමැත්තෙන් හිටියා. දවසක් අපි තාත්තට කිව්වා ටොමීව ගේමු කියලා.

ඉතින් ?
තාත්තා මට එක පාරයි රැව්වෙ. ඊට පස්සෙ අපි හ්ම් කියන්නෙ නෑ. මොකද අපේ තාත්තට හරියට තරහ යනවා. තරහ ගියාම ‍ලේසි නෑ.

ඉතින් ටොමීට මොකද කළේ ?
ඒ කාලේ අනුරාධපුරේ රුවන්වැලි සෑය ළඟ තිබුණා දොළොස් මහේ දන්සල කියල එකක්. ඒ අවට හරියට බල්ලො ඉන්නවා. දවස ගාණෙම කෑම තියනවනේ කියල අන්තිමට ටොමීව එතනට ගිහින් දාන්න තීරණය කළා. අපට හරිම දුකයි. ඒත් ටොමී දුක් විඳින්නෙ නැතුව එහෙම කාල බීල හරි ඉඳීනේ කියල හිත හදා ගත්තා. දවසක් වාහනේකින් ටොමීව අරන් ගිහින් තාත්තා රුවන්වැලි සෑය ළඟ කාර් පාක් එකේ එයාව තනි කරලා ආවා.

අනේ පව්
කියල වැඩක් නෑ. ඊට ටික කලකට පස්සෙ තමයිආරංචි වුණේ වත්තෙ මුරකාරයාපල් හොරෙක් කියලා. ඒ මිනිහා වත්තෙ තියන ‍පොල්විතරක් නෙමේ හැමදේම හොරෙන් විකුනණවලු. ඒ මදිවට ඒව ගෙනියන්න එක එක මිනිස්සුත් වත්තට එනවලු. ඒත් ටොමී ඒ මිනිස්සුන්ට එන්න දෙන්නෙ නැතිලු. ඒනිසා තමයි ටොමීව මරල දාන්න වුවමනා වෙලා තිබුණෙ. ටොමී ඒ මනුස්සයාව හපපු කතාව අමූලික බොරුවක්. ටොමීට වරද පටවන්න ඒ මනුස්සයාම තමයි කකුල ටිකක් තුවාල කරගෙන තිබුණේ. කිසිම මුරකාරයෙක් නැතුව ටොමී විතරක් තනියම ඉන්න කාලෙදී වත්ත හොඳට ආරක්ෂා වුණා කියල තාත්තා හරියට දුක් වුණා. ටොමී ගැන කිය කියා තාත්තාකිව්වේ වත්තට එන හොරුන්ව හඳුනාගන්න ටොමීට පුදුම ඉවක් තිබුණ කියලා. අන්තිමට තාත්තා තීරණය කළා අනුරාධපුරේට ගිහින් ටොමීව හොයාගෙන එන්න.

ඊට පස්සෙ ?
තාත්තා තවත් එක්කෙනෙක් එක්ක අනුරාධපුරේ ගියා. ඒත් එහෙදී තාත්තට එක පාරමමොළේ නහරයක් පුපුරලා අමාරු වෙලා ඒ ගමන්ම තාත්තව අනුරාධපුර හොස්පිට්ල් එකට ඇතුළත් කරලා. අපි තාත්තාව බලන්න අනුරාධපුරේ හොස්පිට්ල් එකට ගියත් අපට ටොමීව හොයා ගන්න යන්න තරම් කල්පනාවක් තිබුණෙ නෑ. කොහොම හරි ඊට පස්සෙ යන්තම් සනීපවෙලා ගෙදර එක්ක ආවත් තාත්තට අංශබාගෙ. එක පැත්තක් පණ නෑ කතා කරන්නෙත් කටපැත්තකින්. හරියට වචන තේරුණෙත් නෑ මුලදි අපිට.කොහොම හරි තාත්තට අසනීපවෙලා මාසෙකට විතර පස්සෙ තාත්තා අමාරුවෙන් වචන පිට කර කර කියපු කතාව මට නම්තාමත් උහුලන්න බෑ.

ඒ මොකක්ද කිව්වෙ ?
තාත්තා රුවන්වැලි සෑය ළඟට ගිහින් හෝදිසි කර කර ඉන්නකොට අනේ ටොමී කොහේදෝ ඉඳලා වලිගෙ වන වනා තාත්තා ළඟට ඇවිත් තාත්තාගේ කකුල් ලෙව කෑවලු. හැබැයි ඒ වෙනකොට ටොමී දිරලා ගිහින් අඳුනන්න බැරි තරම් විරූපී වෙලාලු. නමුත් තමන්ට කරපු අපරාදෙ ගැන කිසිමතැකීමක් නැතුව ටොමී ඇවිත් තාත්තාගෙ කකුල් ලෙවකනකොට තාත්තට දරා ගන්න බැරිදුකක් ඇවිත්. ඒ නිසා තමයි නහරයක් පුපුරල තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින් තාත්තට ටොමී ගැන කල්පනාවක් නෑනේ. තාත්තා එක්ක ගිය මනුස්සයා තාත්තාව හොස්පිට්ල් එකට අරන් ගිහින් අපට පණිවුඩේ කිව්වා.

දැන් ටොමී කෝ ?
එයාව අපි හොයනවා. දැන් අනුරාධපුරේ දොළොස්මහේ දන්සලක් නෑනේ. ටොමී කොහෙද දන්නෙ නෑ. කවදා හරි හම්බ වුණොත් එයාව අපි ආපහු අරන් එනවා.

එයා මොන පාට සතෙක්ද ?
දුඹුරුයි සුදුයි. ඇත්තටම මේ සංසාරේ පුරාවට ඕනෑම මනුස්සයෙකුට හමු වෙන්න ඕනෙඔය වගේ කල්‍යාණ මිත්‍රයො. ඇත්තටම ගොඩක් මනුස්සයින්ගෙ නැති හොඳ ගතිගුණ මේ සතුන්ගේ තියනව කියලා මට හිතෙනවා. බල්ලන්වයි සමහර මිනිස්සුන්වයි හඳුන්වන ඒනම් දෙක මහා බ්‍රහ්මයාට වැරදීමකින් මාරු වෙලා කියලා මට හිතනවා මේ සමාජය දිහා බලන කොට.

ඉන්දු පෙරේරා{jcomments on}

ජංගම දුරකථනය මගින් බිරිඳට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඒවායේ දැක්වෙන ඉරියව් අනුකරණය කරමින් අඹුසැමියන් ලෙස එක් වීමට අකමැති වූ තරුණ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් මහතා පෙරේදා (15) නියෝග කළේය.

මෙම ඝාතනය සඳහා සෙබළා ගෙනා බවට සැකකරන බෝර 12 පතුරම් තුවක්කුවද අධිකරණ බාරයට පත්කොට තිබේ.

මීඇල්ලෑව, ලබුනෝරුව සහ දඹගොල්ලව, මීමින්නාවල, කහටගස්දිගිලිය යන ලිපිනයන්හී පදිංචි පුදුකුඩුඉරුප්පු  මුලතිව්හි තුන්වන ජාතික ආරක්ෂක බළ මුළු සේනාංකයේ සේවයේ නිරත පී. ඩී. ප්‍රේමසිරි යන 35හැවිරිදි යුද හමුදා සෙබළා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු විවාහ වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදීය.  බිරිඳ සමග පවතින පවුල් ආරවුල් හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇය මරා දැමීමට ඔහු උත්සාහ කොට ඇතැයි කියනු ලැබේ.

ඒ සඳහා භාවිතා කිරීමට සැලසුම් කොට තිබූ මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් ඔහු සන්තකයේ තිබී කහටගස්දිගිලිය ‍පොලීසිය විසින් අධිකරණයට භාරයට පත්කොට තිබේ.  

සැකකරු නිවාඩු ලබා  නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබිම සඳහා තුවක්කුවක් ගෙනවිත් සඟවාගෙන සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කොට ඇත. ඔහු නිවාඩු ලබා පැමිණෙන විට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සඟවා තිබූ බෝර දොළහ  පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් ‍පොලිස් බාරයට ගැනීමට හැකිවී ඇත්තේ ඉන් පසුවය.

සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ.

සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ ගබඩා කර නිවාඩුවට පැමිණි පසු එම දර්ශන අනුගමනය කරන ලෙස බිරිඳට නිතර නිතර බල කොට තිබේ. ඇයද නිරතුරුවම ඊට දැඩි විරෝධය පෑම නිසා පවුල් ආරවුල නිර්මාණය වී තිබෙන බව පොලීසිය අධිකරණයට දැන්වීය.  

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ  විශේෂඥ  මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එයද අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට විනිසුරුවරයා නියෝග කළේය.

කහටගස්දිගිලිය ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රගීත් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස්මත ‍පොලිස් කොස්තාපල් 33265 උපාලි මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟ ඉහළ කෝරළයේ උඩුවැල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසෙහි දහවල් කාලයට වරින් වර අද්භූත කාන්තා රුවක් දක්නට ලැබෙන බවට ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වේ. 
 
මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මැයි 08 වන ඉරිදා ය. 

කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් සමන්විත හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 08 වන ඉරිදා උඩුවැල්ල ප‍්‍රදේශය හරහා අහුපිනිඇල්ලේ ඉහළ කොටසට ගොස් තිබේ. එදින වැසිබර කාලගුණයකින් යුක්ත වූ බැවින් වැඩි පිරිසක් ඇල්ල නැරඹීමට පැමිණ නොසිටියහ. මේ අතර එදින දහවල් 1.00 ට පමණ එම පිරිස ඇල්ලට පහළින් ඇති නැරඹුම් කුටියෙහි සිටිය දී ඔවුන්ට කාන්තාවකගේ විලාප හඬක් ඇසී ඇත. එය කිසියම් කාන්තාවකට සිදු වූ විපතක් හඟවන්නක් බැවින් ඒ පිරිස එම හඬ ඇසුණු දිසාව කෙරෙහි අවධානය යොමුකොට තිබේ. මඳ වේලාවකට පසු එම කණ්ඩායමේ සිටි තරුණියක් සිහිසන් නොමැතිව ඇදවැටී තිබේ. එවිට සියලූ දෙනා එක්ව ඇයට ප‍්‍රථමාධාර ලබා දී ඇති අතර සිහිය ලද ඇය මහත් බියට පත්ව සිටි අතර වහාම එතැනින් ඉවත්ව යා යුතු බව පිරිසට පවසා තිබේ.  
 
ඇගේ ඉල්ලීමට අවනත වෙමින ඒ කණ්ඩායම එම ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් නවතා තිබූ ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී ආපසු ගමන ආරම්භ කොට තිබේ. ඒ අතරමඟ දී ඇය කියා සිටියේ එම විලාප හඬ ඇසීමෙන් පසු ඇල්ලට පහළින් තිබූ අඩි පාරක් දිගේ සුදු පැහැති කාන්තාවකගේ රුවක් තමන් සිටි තැනට එමින් සිටිනු දුටු බව ය. එම පැමිණීම ඇය විස්තර කොට තිබුණේ ‘‘වළාකුළක් පාවෙනවා වගේ ’’ යනුවෙනි. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් හඳුන්වනුයේ යම් යම් පුද්ගලයන්ගේ යටි සිතේ ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නඟින ව්‍යාජ භ‍්‍රාන්ති ( Pseudo hallucination ) ලෙසිනි. 
 
 
එහෙත් මෙම ප‍්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු ලක්බිම ඔන්ලයින් එම දියඇල්ල ආසන්නයේ ඇති උඩුවැල්ල ග‍්‍රාමයේ පදිංචි අහුපිනිඇල්ල සුරැකීමේ පරිසර කමිටුවේ සභාපති ආර්. ජී. රෝහණ රංජන් අබේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. එවිට ඔහු කියා සිටියේ පෙර සඳහන් කළ ආකාරයේ සුදු පැහැති අද්භූත කාන්තාවකගේ රූපයක් එම අහුපිනිඇල්ලේ ඉහළ කොටසේ විවිධ ස්ථානවලින් මතුවීම බොහෝ ගැමියන් නිතර අත්දකින තත්ත්වයක් බව ය. මීට කලකට පෙර තමන් තම බිරිඳ ද සමඟ දහවලක මෙම අහුපිනිඇල්ල ආසන්නයෙන් වැටී ඇති වනගත මංපෙතක් ඔස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක දෙසට පා ගමනින් යන අතර ‘‘අර ඉස්සරහින් යන ගෑණුකෙනා කවුද?’’ යි තම බිරිඳ කිහිප වරක්ම තමාගෙන් ඇසූ බවත් තමන් එවැන්නියක නොදුටුව ද මෙම අද්භූත කාන්තාව පිළිබඳව මීට පෙර අසා තිබූ බැවින් ‘‘ඒ මේ පහළ ගමක ගෑණුකෙනෙක්’’ යැයි පවසා ඉන්පසු ඇගේ අවධානය වෙනතකට යොමු කළ බවත් පැවසීය. 
 
නිමල් රාජපක්ෂ මහතා දුටු තරුණිය සිටි ස්ථානය
 
උඩුවැල්ලේ පදිංචි නිමල් රාජපක්ෂ මහතා ද මෙම අද්භූත කාන්තාව දැක තිබූ අතර ඔහු එම සිද්ධිය ලක්බිම ඔන්ලයින් වෙත කියා සිටියේ මෙලෙසිනි. 

‘‘මීට අවුරුදු කිහිපයකට කලින් මම යාළුවො දෙන්නෙකුත් එක්ක විනෝදෙට මාළු අල්ලන්න ඔය ඇල්ලේ පහළට ගියා. එතකොට මම දැක්කා එක පාරටම ඔය ඇල්ලෙ ගල් පර්වත දෙකක් අස්සෙන් ලස්සන ගෑණු ළමයෙක් මතු වෙනවා. මට ඇස් අදහා ගන්න බැරුව ගියා. මම හිතුවෙ ඒ අතරමං වුණ හරි දිවි නසාගන්න හරි ආපු ගෑණු ළමයෙක් කියල. මම ඒ මොහොතෙම ඒ බව යාලූවන්ට කිව්වා. නමුත් ඒ අය මේ ගෑනු ළමයව දැක්කෙ නෑ. මේ සිද්ධියෙන් අපේ හිත් කලබල වුණු හින්ද අපි ඉක්මනට ඇල්ලෙන් උඩට ඇවිත් අපේ ගමේ හැමෝටම වගේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සෙ ගමේ සෑහෙන පිරිසක් ඇල්ල පහළට ගිහින් ඔය කියන හරියෙ හැම තැනම හෝදිසි කළා. නමුත් ගෑනු ළමයෙක්වත් ගෑනු ළමයෙක්ගෙ මිනියක්වත් හම්බ වුණේ නෑ’’ 

ඇල්ලේ පහළ ඇති නැරඹුම් කුටිය
 
මෙහිදී පසුගිය 08 වන දා මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇයගේ මිතුරන් ඉන් පෙර මෙම ප‍්‍රදේශයේ ගැමියන් අත්දැක තිබූ මෙබඳු අද්භූත සිද්ධියක් ගැන මින් පෙර කිසිදු අවස්ථාවක අසා නොතිබුණු අතර ඔවුන් ඒ ප‍්‍රදේශයේ ගැමියන් දැන හඳුනන්නවුන් නොවීම ද විශේෂත්වයකි.

ඒ අනුව එම තරුණියට වළාකුලක් සේ ද අබේරත්න මහතාගේ බිරිඳට තමන්ට පිටුපා යන කාන්තාවක සේ ද නිමල් රාජපක්ෂ මහතාට රූමත් තරුණියක සේ ද දිස්වූයේ එකම කාන්තා රුවක් ද යන්න නිශ්චය කිරීමට හෝ එම සංසිද්ධින් පිළිබඳ අර්ථ විවරණයක් දීමට අපට නුපුළුවන. කෙසේ හෝ මෙම අද්භූත සිදුවීම පිළිබඳව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩිදුර විමසුම් සිදුවිය යුතු බව අපගේ හැඟීමයි. 
 
ශ‍්‍රියාණි කොඩිතුවක්කු{jcomments on}
 
ඡායාරූප : වෛද්‍ය සුගත් විජේවර්ධන

2005 වසරේ, එවකට වයස අවුරුදු 25ක් වූ සඳමාලි විවාහ වූයේ වසර දෙකක පේ‍්‍රම සම්බන්ධතාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මධුසමය දින රාත‍්‍රියේ හදිසියේම ඇයට කොන්ද ප‍්‍රදේශයේ වේදනාවක් හට ගැනුණි.  එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් වූ බැවින් ඒ පිළිබඳව ඇය කලබල වූයේ හෝ වැඩිදුර සළකා බැලූවේ හෝ නැත. විවාහයෙන් පසු රැකියාවේ සුපුරුදු රාජකාරී කටයුතු සහ ගෙදරදොර වැඩකටයුතු අතර ඇයට මෙම කොන්දේ වේදනාව පිළිබඳව මතකයක් පවා නොතිබිණි. නැවත වරක් ඇයට මේ ආකාරයට කොන්දේ වේදනාවක් හට ගැනුණේ විවාහයෙන් මාසයකට පමණ පසු රාත‍්‍රියක දීය. ඒ තම සහකරු හා යුගයහනේ සබඳතා පවත්වන අතරතුරය. එවරද එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් පමණක් වූයෙන් වැඩිදුර සළකා බැලීමේ අවශ්‍යතාවක් නොතිබිණි. තුන් වන වරට සඳමාලිට මෙම වේදනාව ඇති වුයේ කාර්යාලයේ සේවය කරමින් අතරතුර ය. ඒ මොහොතේ ඇයට පෙර දෙවතාවක් ඇති වී නැති වී ගිය මෙම වේදනාව පිළිබඳව මතක් වුව ද මෙවර එය ඇති වී නැති වී ගිය වේදනාවක් නොවූයෙන් ඒ පිළිබඳව කල්පනා කරන්නට වූවා ය. මේ අවස්ථාවේ කොන්දේ වේදනාව අඩු වූයේ පැය කාලකට පමණ පසුව ය.

මාස දෙකක් තුළ තුන් වතාවක් හටගත් ඇගේ කොන්දේ වේදනාව දරුණු වන්නට පටන් ගත්තේ ඇය පළමුවරට ගැබ් ගැනීමෙන් පසුව ය. දරුවා බිහි කරන තාක් මාස හයක් වැනි කාලයක් තුළ මෙම වේදනාව නොනවත්වාම පැවතුණි. දරු උපතින් පසු මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හමු වූ සඳමාලිට වෛද්‍ය පර්යේෂණ කීපයකට මුහුණ දෙන්නට සිදුවිය. අවසාන වශයෙන් ඇයට දැන ගන්නට ලැබුණේ ඇගේ කොන්දේ වේදනාව ඇති වීමට හේතුව කොඳු නාරටියේ ඇති වූ ක්ෂණික ගැස්සීමක් බව ය. මෙය සුව කළ නොහැකි තත්වයක් බවත්, වියපත් වීමත් සමග වේදනා නාශකවලින් යම් ආකාරයක සුවයක් ලබා ගැනීම විනා නිට්ටාවට සුව කළ නොහැකි තත්වයක් බවත් දැන ගන්නට ලැබුණි.

මෙම රෝගී තත්වය බහුල වශයෙන්ම ඇති වන්නේ කාන්තාවන්ට නොව පිරිමින්ට ය. එයට හේතුව අනුරාගී ක‍්‍රියාවලියේ දී කාන්තාවන්ට වඩා පිරිමින්ගේ කොඳු නාරටිය ප‍්‍රදේශය තරමක ගැස්සීමකට ලක් වන බැවිනි. නමුත් එය කාන්තාවන්ට වුවද ඇති විය හැකි තත්වයකි. සාමාන්‍යයෙන් මෙම තත්වය සහිත පිරිමින් සියයට 7ක් ද කාන්තාවන් සියයට 2ක් ද ලෝකයේ සිටින බව වෛද්‍ය මතයයි. කොඳු නාරටියේ  ඕනෑම ස්ථානයක ඇතිවන වේදනාවන් පළමුව දැනෙන්නේ කොන්ද ප‍්‍රදේශයට ය. නමුත් අනුරාගී හැසිරීම්වලදී සිදුවන හදිසි ගැස්සීම් තත්වයන් නිසා කොන්දේ ඇතිවන වේදනාවන් එකවර ඇති නොවන්නා සේම එය එකවර පිටතට එන්නේ ද නැත. එසේම එකවර සුව වන්නේ ද නැත. මෙය හඳුනාගත් මුල් අවස්ථාවේ ම නිසි ලෙස ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කර ගත හැකි වුව ද බොහෝ දෙනෙකු මූලික අවස්ථාවේ දී ම වෛද්‍ය උපදෙස් සඳහා යොමු නොවේ. එයට හේතුව එය ඇති වී නැති වී යන ආකාරයේ වේදනාවන් බැවින් ඔවුන් ඒ පිළිබඳව වැඩි සැළකිල්ලක් නොදැක්වීමය.

මේ නිසා අනුරාගී හැසිරීමක දී හෝ එවන් හැසිරීමකින් පසුව එකවර ඇති වී නැති වී යන ආකාරයේ කොන්දේ වේදනාවක් ඇති වුවහොත් නැවත එසේ වේදනාවක් ඇති වීමට පෙර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් වියපත් වන විට ඇති වන කොන්දේ අපහසුතාවලින් මිදිය හැකි බව අවධාරණය කළ යුතු වේ.

දුලංජලී මුතුවාඩිගේ{jcomments on}

IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1335

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 843

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 652

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3117

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2720

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3013

Please publish modules in offcanvas position.

X

Right Click

No right click