lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

මෙවර මැයි දින රැස්වීම් සඳහා කොළඹට පැමිණි ජනකාය අතුරින් පුද්ගලයන් දෙදෙනෙකු හදිසි මරණවලට ලක් වී ඇති බව අනාවරණය වේ. නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසෙනුයේ මෙම මරණවලට හේතුව අධික උෂ්ණත්වය දරාගත නොහැකි වීම බවයි.

ඒ කෙසේ හෝ මේ මේ දිනවල පවතින අධික උණුසුම නිසා දවස පුරා අපට තරමක පීඩාවකට ලක්වීමට සිදුව තිබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට බලපාන පරිසර උෂ්ණත්වයන් වෙනස් වුවද ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන සීමිත පිරිස හැරුණු කොට දිවයිනේ වැඩිම පිරිසක් අද දැඩි පීඩාකාරී උණුසුමකට මුහුණ නතුවී සිටිති. එබැවින් මේ සමයේ දී අපට මුහුණ දීමට සිදුවන උෂ්ණත්වය හා සබැඳි රෝග තත්ත්වයන් (Heat related illness) පිළිබඳව වැටහීමක් ලබා ගැනීම වැදගත්ය.

උෂ්ණත්ව සරතැස  (Heat syncope)

මෙය මේ සම්බන්ධයෙන් බහුලවම අත්දැකීමට ලැබෙන තත්ත්වයයි. දැඩි උණුසුම් කාලවලදී ගත වෙහෙසෙන ක්‍රියාවන් හි යෙදීමේ දී ඇතිවන මෙම තත්ත්වය යටතේ අධික වෙහෙස, ක්ලාන්ත ගතිය සාමාන්‍ය ලක්ෂණයන් ලෙස මතුවෙයි. අතීතයේ බොහෝ දුර පාගමන් යන මගීන් මේ තත්ත්වයට බහුල ලෙස මුහුණ දී තිබූ නිසා දෝ මග දෙපස පින්තාලි සහ අම්බලම් තනා තිබිණ. කෙසේ හෝ මෙම තත්ත්වය තුළ ශරීරයේ රුධිර නාලිකා විස්තාරණය වීමක් සිදුවන අතර ජලය පානය, මනා වාතාශ්‍රය ලබා ගැනීම සහ විවේකය තුළින් මෙම තත්ත්වය පහව යනු ඇත.

උෂ්ණත්ව කෙණ්ඩා පෙරැලිය (Heat Cramp and that Exhaustion)

උෂ්ණත්වය යටතේ ශරීරය වෙහෙසකරවීමකදී හටගත හැකි මෙම තත්ත්වයට හේතුව ශරීරයෙන් වැඩිපුර ජලය සහ ලවන පිටවීමයි. සාමාන්‍යයෙන් ශරීරයේ කෙණ්ඩා පෙරලීම දෙපාවලට සීමා වෙතැයි බොහෝ දෙනකු සිතුවද ශරීරයේ ඕනෑම මස් පිඬුවක් ආශ්‍රිතව මෙය සිදුවිය හැක. විශේෂයෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් කෙරෙහි බලපැවැත්විය හැකි මෙම තත්ත්වය යටතේ අධික ලෙස දහඩිය දැමීම, නාඩි වේගය සහ හෘද ස්පන්දනය ඉහළ යාම ක්ලාන්තය, ඔක්කාරයට අමතර ඉහත සඳහන් කළ මස් පිඬු පෙරැලීම ද සිදුවිය හැක. මෙහිදී ද ජලය පානයට අමතරව ලුණු බහුල ආහාර ගැනීමෙන් මෙම තත්ත්වය සමනය කර ගත හැක. මෙහිදී දේහ උෂ්ණත්වය සුළු ප්‍රමාණයකින් ඉහළ යාමද සිදුවිය හැක.

උෂ්ණත්ව ආඝාතය (Heat stroke)

අධික උෂ්ණත්වය නිසා හට ගත හැකි රෝග තත්ත්වයන් අතුරින් වඩාත් බරපතළ තත්ත්වය වනුයේ මෙයයි. මෙහිදී දහඩිය දැමීමක් සිදු නොවන අතර ශරීර උෂ්ණත්වය සැලකිය යුතු අයුරින් ඉහළයාම, ශ්වසනය වේගවත්වීම ආදී කරුණු මත සිහි කල්පනාව අඩුවී රෝගියා සිහි විසඥවීමට වුවද පුළුවන.

එමෙන්ම මෙම තත්ත්වය මොළය, හෘදය ඇතුළු ශරීරයේ සෙසු ඉන්ද්‍රියන්ට කරනු ලබන බලපෑම නිසා රෝගියා මරණයට පවා පත්විය හැකි අතර අවශ්‍ය ප්‍රතිකාර ලබාදී රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යාමෙන් එම අවදානම දුරලිය හැක.

අධික උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වයන්ට පරිසරයේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය සෘව බලපාන අතර එළිමහනේ සේම පතල් ‍පෝරණු ආදී අභ්‍යන්තර ස්ථානයන්හි ශරීරය වෙහෙසා වැඩ කරන්නවුන් හටද මෙම රෝග තත්ත්වය බලපෑ හැක.

නමුදු ඉහත සඳහන් උෂ්ණත්ව තත්ත්වයන් යටතේ කටයුතු කිරීමේ දී පිපාසය අනුව නොව නියමිත ප්‍රමාණයට අනුව ජලය පානය කිරීමෙන් සිරුර තුළ වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීම මගින් මෙම රෝග තත්ත්වයන් අවම කරගත හැක. මෙම ජල ප්‍රමාණය සිරුරේ බර අනුව වෙනස්වන අතර සාමාන්‍ය වැඩිහිටියකු දිනකට වතුර ලීටර් 2 - 2 1/2අතර ප්‍රමාණයක් පානය කිරීම යෝග්‍යය. 

එමෙන්ම මෙම සමයේ ශරීරය වෙහෙසා කරන කටයුතුවලදී වරින්වර විවේක ගැනිමත් පිරිසිදු වාතාශ්‍රය සහිත ස්ථානවල යම් කාලයක් හෝ ගත කිරීමත් ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවන අවස්ථාවලින් පසු ලුණු සහිත ආහාර ගැනීමත් වැදගත්වන අතර ශරීරයේ ගෙල අවට සහ කිහිලි ආදී ප්‍රදේශ සිසිල් වතුරින් තෙමා ගැනීමෙනුත් මෙම රෝග අවදානම පිටුදැකිය හැක.

 

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ හදිසි ප්‍රතිකාර පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍ලේඛකාධිකාරි වෛද්‍ය තුෂාර විදානපතිරණ අවධාරණය කරයි.
 

සටහන දමයන්ති ගමගේ

 

 

 

සුරාජ් නැටුමට, රැඟුමට උපන් හපනෙකි. සුරාජ්ගේ රැඟුම් ගැන රටම දනී. එහෙත් ඔහුගේ නැටුම් ගැන දන්නේ කිහිප දෙනෙක් පමණි. දන්නා අයට සේම නොදන්නා අයට ද සුරාජ් පසුගිය දිනවල හරි හරි නැටුම් පෙන්නුවේය. ඒ තරු තාරකාවන් සහභාගිවන රියැලිටි වැඩසටහනකිනි. ඒ තරගයේ සුරාජ් නටන තරමක් නැටුම් නැටුවේ තාරුකා වන්නිආරච්චි සමගය. තාරුකාද නැටුමට උපන් හපන්නියකි. එබැවින් දෙදෙනාගේ නැටුම්, වේදිකාව සේම ප්‍රේක්ෂක සිතද ආකර්ෂණය කළේය. නර්තනයේ මේ අපූරු ගැළපීම නිසාවෙන්මදෝ පසුගිය දිනවල සුරාජ් හා තාරුකා අතර ඇයි හොඳැයියක් ඇතැයි සමහරු තැන් තැන්වල කුටු කුටු ගෑවෝය. කතාවේ ඇත්ත නැත්ත හරියට දන්නේ සුරාජ් සහ තාරුකා පමණි. ඵල ඇති රුකට ගල් මුල් ගැසීම සාමාන්‍ය දෙයකි. එබැවින් අපි මේ කතා ඇසිය යුත්තේ ඇස් කන් ඇරගෙනය. නමුත් ගින්නක් නොමැතිව දුමක් ද නොනගිනු ඇත. එහෙත් අබුද්දස්ස කා‍ලේ එය ද එසේ විය හැකිය.

ඡායාරූපය - අසන්ත ගමආරච්චි

අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි?
‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි මට ටික කාලෙකට රටින් බැහැරවෙන්න සිදුවෙලා තියෙන්නේ. ජර්මනිය, ප්‍රංශය කියන රටවලටයි නාට්‍ය කණ්ඩායමක් එක්ක මෙදා පාර මම යන්නේ.

ඔබ විටින් විට විදේශගත වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
මගේ කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ කලාව ජාත්‍යන්තරයට ගෙනියන්නයි. අඩුමගානේ ඒ රටවල ඉන්න අපේ මිනිස්සු ටිකටවත් අපේ කලාව ගැන මතක් කර දීමයි අපේ බලා‍පොරොත්තුව.

ඔබේ අඩිපාරේ දිගටම යන්න බැරිවීම ගැන ඔබේ පුත් ‘භානුක’ මීට සතියකට පෙර ‘රිද්ම’ වෙත අදහස් පළකළා. ඇයි ඔහුට ඔබ ගිය මග යන්න බැරිවුණේ?
ඒක පරම්පරාවත් එක්ක සිද්ධ වෙන දෙයක්. අපේ කා‍ලේ තිබුණ නිදහස් පරිසරය අද නැහැ. අද තියෙන වෘත්තීය තත්ත්වයත් එක්ක තරුණයින් කාර්යබහුලයි. පුතා පදිංචිවෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු කරන්නේ කළමනාකරණ ක්‍ෂේත්‍රයේ රැකියාවක්. ඉතින් මම පුතාටත් හැමවෙලාවෙම කියන්නේ තමන් ඉන්නා තැන දිහා බලලා සතුටු වෙනවා මිස කනගාටුවෙන්න එපා කියලයි.

වේදිකා නාට්‍ය හා සිනමාවට සාපේක්ෂව ටෙලිනාට්‍යවල ඔබව දකින්න ලැබෙන්නේ අඩුවෙන්. මොකක්ද ඒකට හේතුව?
දැන් මම ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැතිතරම්. මොකද අද ලංකාවේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ.

අද ටෙලිනාට්‍ය කලාවක් නැහැ කියලා ඔබ ස්ථීරවම කියන්නේ කොහොමද?
අවුරුදු 40ක් පසුකරමින් ක්‍ෂේත්‍රයේ නිරත වෙන කෙනෙක් විදිහට එදා සහ අද අපේ ටෙලිනාට්‍ය කලාවේ ලොකු වෙනසක් මම දකිනවා. අද ටෙලිනාට්‍ය කියන්නේ මුදලට යටවුණු දෙයක්. ඒ අතින් සිනමාව ගැන තරමක් සතුටුවෙන්න පුළුවන්.

ටෙලිනාට්‍ය කලාව පරිහානියට පත්වෙද්දී සිනමාවට දීප්තිමත් අනාගතයක් තියේවි කියලද ඔබ කියන්නේ?
ඔව්. මම හිතනවා. සිනමාව හොඳ බරසාර ගමනක් යනවා කියලා. ඉදිරියේදී විශිෂ්ටගනයේ සිනමා නිර්මාණ අපේ රටේ බිහිවේවි.

එතකොට අද වේදිකා නාට්‍ය කලාවේ තත්ත්වය මොනවගේද?
ඒ කා‍ලේ වේදිකා නාට්‍ය තිබුණේ සමාජ කාර්යයන් සඳහා නමුත් අද වේදිකාව හුදු හිනාවට පමණක් සීමාවෙලා. ඒ විදිහේ නාට්‍ය නරඹලා වේදිකාවෙන් පිටවෙලා යන්නේ හිස් කෙනෙක්. එදා හිටපු වින්දනීය නිර්මාණශීලී ප්‍රේක්ෂකයන් අද නැහැ.

අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඉදිරියේදී ඔබව දැකගන්න පුළුවන් වේවිද?
ඔව්. මම ‘සූරිය කුසුම’ නමින් ටෙලිනාට්‍යයක් මෑතකදී අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව වේදිකා නාට්‍ය 13ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

ඔය අතරේ ඔබේ රංගන කටයුතු පෙළගැහෙන්නේ මොන විදිහටද?
තල මල පිපිලා, ගුරුතරුව, පුත්‍ර සමාගම, හඬ නිහඬ, අන්දරේලා යන වේදිකා නාට්‍යවලට මම දැනට රංගනයෙන් දායක වෙනවා.

මේ කා‍ලේ ඔබ සිනමාව පැත්තටත් වැඩිපුර නැඹුරුවෙලා ඉන්නවා කියලා ආරංචියි?
ඔව්, මම පහුගිය කා‍ලේ චිත්‍රපට පහකට රංගන දායකත්වය ලබාදුන්නා. ඒ සියල්ල ඉදිරි කාලයේදී තිරගත වීමට නියමිතයි.

සමන්මලී නැලිගම

ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය දෙමාපියන්ගේ අඩිපාරේ බැවිනි. එනමුත් රෝහණ විජේවීරගේ දූදරුවන් ගැන වැඩි විස්තරයක් හෙළි නොවූවේ ඔවුන් දිගු කලක් හමුදාවේ රැකවරණය යටතේ සිටි නිසාය. විජේවීරගේ පුතු උවිඳු විජේවීර සිටින්නේ රුසියාවේ වෙල්යාබින්ස්ක්හි දකුණු ඌරුල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමිනි. අපේ ලියුම්කරුට උවිඳු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පසුගිය දිනක හැකි විය. මේ ඔහු උවිඳු සමග කළ සාකච්ඡාවය.

මීට වසර 57කට පෙර රුසියාවේ පැට්රිස් ලුමුම්බා සරසවියේ ශිෂ්‍යත්ව ලැබ ලංකාවෙන් ගිය මුල්ම කණ්ඩායමේ අයෙක් ඔබේ පියා. පියා සේම ඔබත් දැන් අධ්‍යාපනය ලබන්න රුසියාව තෝරා ගත්තේ ඇයි?

මූලිකවම කියන්න ඕනෙ මම සාහිත්‍ය  ‍පොතපතට ඇලුම් කළ කෙනෙක්. විශේෂයෙන්ම අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංග්‍රීසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය ‍පොතපත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් ‍පොතපත කියෙව්වා. ඒ අභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නේ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. ‍පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමගින් කුඩා කල සිටම රුසියානු සාහිත්‍යය කෙරේ මගේ ලොකු ආදරයක් ගොඩනැගී තිබුණා. එම ‍පොතපතෙන් අපි දුටු රුසියානු ජන ජීවිතය හා සමාජය කෙරේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ වගේම රුසියානු යුද  ඉතිහාසය සහ යුද සාහිත්‍යයට මගේ ලොකු ඇල්මක් තිබුණා.  එම ඇල්ම තමයි රුසියානු භාෂාව හැදෑරීමට මා පෙළඹවූයේ. පාසල් අධ්‍යාපන කටයුතුවල අවසාන කාලයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයට මා සම්බන්ධ වෙන්නේ රුසියානු භාෂාව හැදෑරීමට. එහි රුසියානු භාෂාව හදාරා එහිම දිගුවක් ලෙසයි රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා  මා යොමු වන්නේ.

රුසියාවේ අධ්‍යාපනය ලැබිම පිළිබඳව තිබූ  ඔබේ  සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාර වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද?

ඔව්, බොහෝ දෙනෙක් සිටිනවා. පළමුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා  ගුරුතුමිය ලරිසා දව්දෝවා මහත්මිය මම ආදරයෙන්  මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ  ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය ඒ වගේම ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ‍ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.  විශේෂයෙන් මා මතක් කළ යුතුයි මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර  කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.

රුසියාව සමග ඔබට ඓතිහාසික පසුබිමකුත් තිබෙනවා. එවැනි පසුබිමක් තුළ රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකිවීම ගැන ඔබට ඇත්තේ කවර හැඟීමක්ද?

මම කුඩා කල සිටම මම රුසියාවට සියැසින්  ආදරය කළ කෙනෙක්.  ඒ වගේම රුසියානු සාහිත්‍යයට. මෙලෙස රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකි වීමත් එහි ජන ජීවිතය හා කුඩා කල සිටම ආදරය කළ රුසියාව දැක ගැනීමට හැකි වීමත් සම්බන්ධයෙන් ලොකු සතුටක් මට තිබෙනවා. ඔබ කිවූ හැටියට ඇත්ත වශයෙන්ම  එම ඓතිහාසික පසුබිම මගේ පියාගේ  ඒ දේශපාලන හා අධ්‍යාපන පසුබිමත් සමගින් ඇති වූ දෙයක්. විශේෂයෙන්ම ඒ ගැන ලොකු ආඩම්බරයක් මට තියෙනවා. නමුත් බොහෝ දුරට රුසියාව හා එහි ජනතාව ගැන ඇති ආදරය මා තුළ ඇති වන්නේ සාහිත්‍යය  සමගින්. එය  දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක්. නමුත්  රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකිවීමත් එහි ජන ජීවිතයේ සුවඳ විඳීමට හැකිවීමත් ගැන විශේෂයෙන්ම ආඩම්බරයක් හා යහපත් හැඟීමක් මා තුළ තිබෙනවා.

ඔබේ පියා මෙරට පෙරළිකාර චරිතයක් බවට පත් වූ කෙනෙක්. ඔහු 1960 දී එවකට සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවිය බලා ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිස නියෝජනය කළ කෙනෙක්. ඒ ගැන සිහිපත් කළොත්?

ඔව්, මගේ පියා ගැන කතා කරනවානම් මං හිතන්නේ ඔහු ඉතාමත් අඩු වයසකින් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙනවා. වයස අවුරුදු  15 දී පමණ ඔහුට  උසස් පෙළ අවසන් කිරීමට හැකිවෙනවා. ඒ ඔහුගේ විශිෂ්ට දක්ෂතාව මත. ඉතින් ඔහු ලුමුම්බා සරසවියට ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිසේ කෙනෙක්. ඒ සම්බන්ධයෙන් කතා කළහොත්  මං හිතන්නේ රටම ඒ සියලු කාරණා දන්නවා. ඒ ගැන මට ආඩම්බරයක්  තිබෙනවා. දේශපාලනයෙන් වියුක්ත වෙලා තාත්තා ගැන විතරක් කතා කරනවානම් ඉතා අඩු වයසකදී රුසියාවේ අධ්‍යාපනය ලබන්න වරම්  ලබා එහි අධ්‍යාපන කටයුතු ඉතා  සාර්ථක ලෙස දක්ෂ ලෙස නිම කිරීමටත් විෂය හා විෂය  බාහිර කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වීමටත් ඔහුට  හැකි වුණා.  මම ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ලොකු අභිමානයකින්. නමුත් රෝහණ විජේවීරයන්ගේ  පුතා ලෙස මම ඔහු ගැන වැඩිපුර කතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද ඔහු අද රටේ විශාල දේශපාලන චරිතයක්. බොහෝ දුරට එම චරිතයට මම සාධාරණයක් ඉටුකිරීම හෝ ඉටු නොකිරීම හෝ අනවශ්‍ය ලෙස  ඇඟිලි ගැසීමක් නැත්නම් සුදු හුනු ගෑමක් වගේ වෙන්න පුළුවන්. එම නිසා මම හිතනවා දේශපාලන පසුබිම පිළිබඳව කතා නොකොට සිටීම වඩා හොඳයි කියලා. එයට මෙය අවස්ථාව නොවෙයි. නමුත් ශිෂ්‍යයෙක් ලෙස මගේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබිමට ගොස් දැක්වූ   දක්ෂතා අදටත් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අය දන්නවා. අදටත් ඒ පිළිබඳ කතා වෙනවා. ඉතින් ඒ ගැන මං ආඩම්බර වෙනවා.

පියා නැති වෙනවිට ඔබේ වයස කීයද?

පියා නැති වනවිට මට වයස අවුරුදු එකහමාරක් වගේ. මට පියාගේ මුහුණවත් මතක නැහැ. මගේ වැඩිමහල්  සහෝදරියන්ට තමයි පියා පිළිබඳ මතක තිබෙන්නේ.

ඔබේ ළමා කාලය මතක් කළොත් ?

මගේ ළමා වියේ මතකයන් ආරම්භ වන්නේ හමුදා කඳවුරු තුළ. විශේෂයෙන්ම ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර තුළත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළත් මගේ ළමා විය ගෙවී යනවා. පියා පිළිබඳව මට වැඩි මතකයක් නැහැ.

සෝවියට් දේශය ගැන පියාගෙන් ලද බලපෑම කෙබඳුද?

අපි විවිධ කඳවුරුවල ගත කරන විට දේශපාලන වශයෙන් පියාගේ මතකයන් සහ අදහස් පිළිබඳ දැනීමක් ලබා ගැනීමට  අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් එහිදී සාහිත්‍යය හා ‍පොතපත ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි රුසියාව පිළිබඳ හැඟීම් අවදි වන්නේ. නමුත් පසු කාලීනව අපි කොළඹ වැලිසර  නාවික කඳවුරට පැමිණීමත් සමග සහ 2004 කාලයෙන් පසු රටේ දේශපාලන වෙනස්වීම් අනුව විශාල නිදහසක් අපට ලැබුණා. ඉතින් ඒ නිදහසත් සමග ‍පොතපත පරිශීලනයට වගේම පියාගේ දේශපාලන  කටයුතුවලට සම්බන්ධව දේශපාලනය කළ චරිත, පියාට ආදරය කළ චරිත, පියා සමගින් අධ්‍යාපනය හැදෑරූ චරිත හමුවන්න අවස්ථාව උදා වෙනව. ඒ සමග තමයි මගේ පියාගේ බලපෑම් මා වෙතට ලැබෙන්නේ. එය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. නමුත් මම හැම විටම උත්සාහ කරනවා මගේ පියා, පියා සේ දැකීමටත්, ඔහුගේ දේශපාලන කටයුතු සමාජය හා  එම දේශපාලනයේ යෙදෙන පිරිස අතර රඳවා තැබිමටත් . ඉන් වියුක්ත වීමටත්. සෝවියට් දේශය පිළිබඳව මම මේ වනවිට බොහෝ දේ කියවා තිබෙනවා. ඒ වගේම පියාගේ  ජීවන ගමන පිළිබඳවත් .පියාගේ බලපෑම නැතැයි කීවොත් මං හිතන්නේ එය සාධාරණ පිළිතුරක් වෙන්නේ නැහැ. නමුත් මං හිතනවා බොහෝ විට මගේ රුසියානු ගමන තීරණය වන්නේ දේශපාලන කටයුත්තක් හැටියට ‍නෙවෙයි. මගේ පියා අධ්‍යාපනය  අවසන් කරන සමයේ ලෝක සමාජවාදය කඳවුරු දෙකකට  බෙදෙනවා. එවිට මගේ පියා  තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරදියි කියලයි.  එය  ඔහුගේ දේශපාලන ගමන් මග. ඉතින් මට කියන්න  උවමනා වුණේ මගේ රුසියානු අධ්‍යාපන ගමන් මග දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක් බවයි.

පියාගේ පිය සටහන්  ඔස්සේ මතක ආස්වාදයන් සොයා ඔබ පසුගිය වසරේ මොස්කව් හි  ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ  (ලුමුම්බා) අපූරු චාරිකාවක නිරත වෙනවා. ඒ පිළිබඳව විස්තර කිරීමට ඔබ කැමතියිද?

මං හිතන්නේ ඔබ ඔය පැනය මතු කරන්නේ පසුගිය සමයේ සමාජජාලා වබේ අඩවියක පළ කර තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්. පළමු  වසරේ රුසියානු භාෂා අධ්‍යාපනය අවසන් කළ මට මොස්කව්  නුවරට යන්නට අවස්ථාවක් ලැබෙනවා. එම අනඟි අවස්ථාවේ මගේ පියා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා සරසවියට යාමේ භාග්‍යය මට උදාවෙනවා. මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තමයි එම විශ්වවිද්‍යාලයට යන්නේ. එම විශ්වවිද්‍යාලය තුළ පියාගේ ලොකු මතකයක් තිබෙනවා. ඔහු ඉගෙනගත් ස්ථානය දැකීමෙන්  ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. ඉතින් එම ගමනේදී මම සරසවිය ඉදිරිපිට  සිට ගත් ඡායාරූපයක් සමාජ ජාලා වබේ අඩවියක පළ වුණා. එහි මම කෙටි සටහනක් තැබුවා. පියාගේ මතක සටහන් ඔස්සේ ගමන් කළා කියලා.

රුසියාවේ අධ්‍යාපනය අවසන් කළ පසු ඔබගේ ඉදිරි අනාගත බලා‍පොරොත්තු කෙබඳුද?

රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු අනාගත බලා‍පොරොත්තු පිළිබඳ ඔබේ ප්‍රශ්නයට ගොඩක් සංයමයකින් උත්තර දෙන්න ඕනෙ කියලා මං හිතනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලත්. මොකද පවතින  සමාජ දේශපාලන තත්ත්වය තව දුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් මම මේ ආකාරයට උත්තරයක් දෙන්න කැමැතියි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය  ‘තමාට  පෙර රට’ එය හැම විටකම අපේ සිත්වලට කා වැදී තිබෙනවා. ඒ වගේම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම වියයුත්තේ තමාගේ දේශයට, ජනතාවට, යහපත් දෙයක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් මම කැපවීමට ඕනෑම  වෙලාවක සූදානම්. වසර දහතුනක් පුරා මම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ. අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන්, ‘ඉටුකම්’ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීම සඳහායි මා බලා‍පොරොත්තු වන්නේ.

මල්රේණු කස්තුරිරත්න

හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා ගැන මතකාවර්ජනයක යෙදෙන්නේ හිටපු ජනපතිගේ දියණිය වන දුලාංජලී ප්‍රේමදාසය

ජනපතිවරයකුට වඩා  රණසිංහ ප්‍රේමදාස කියන ඔබගේ පියා ගැන දියණියක ලෙස ඔබේ මතකය කොහොමද?
මම කුඩා අවධියේ පටන්ම දැකපු එක දෙයක් තමයි මගේ පියා වැඩ ගොඩකට මැදිවුණු පුද්ගලයෙක් කියන කාරණය. ඔහුට තරම් වැඩ රාජකාරි තිබුණ කෙනෙක් මම අදටත් දැකලා නැහැ. මන්ත්‍රී කෙනෙක්, ඇමැති කෙනෙක්, අගමැති කෙනෙක් ලෙස පමණක් නොවේ ජනාධිපති කෙනෙක් විදියට ඔහු පුදුම කැපවීමකින් තමයි වැඩ කළේ.

මේ වැඩ රාජකාරි මැද  ඔබත්, සජිත් සමග පියෙකු ලෙස ගත කරන්න ඔහුට කාලයක් තිබුණාද?
තාත්තාට ඒ මොන රාජකාරි තිබුණත් අයියටයි මටයි බෙහෙවින් ආදරය කරන්න වෙලාව තිබුණා. ඒ ආදරය කවදාවත් වචනවලට සීමා දෙයක් නොවෙයි. උදාහරණයක් හැටියට පාසල් නිවාඩු කාලය ආවහම තාත්තා අපිව හැම තැනම එක්කගෙන යනවා. යාල බලන්න යනවා. මේ වගේ ලංකාවේ සෑම පළාතකම ඇති වැදගත් තැන් බලන්න අපිව එක්කරගෙන යනවා. ඒ විතරක් නොවෙයි සමාජයට මුහු වෙන්නේ මොන විදියටද කියන කාරණයත් කියලා දුන්නා.

තාත්තාගේ දේශපාලනය ගැන ඔබට තිබෙන මතකය කොයි වගේද?
මට තාත්තගේ දේශපාලනය ගැන මුල්ම මතක සටහන තියෙන්නේ 1977 මැතිවරණයත් එක්කයි.

එතකොට ඔබේ වයස.?
මගේ වයස අවුරුදු හයයි. මැතිවරණ රැලි  එක්ක තාත්තටත් රට වටේම යන්න සිදුවුණා. ඒ ගමන්වලට මාත් අයියාත් අම්මාත් එකතු වෙනවා. මේ රැස්වීම්වල දී  මට මතක එක් දෙයක් තමයි තාත්තගේ කතාව තියෙන්නේ අන්තිමටයි. මේ අතර වේදිකාව ළඟම බෝම්බ පුපුරන වෙලාවල් වගේම වහින වෙලාවලුත් තියෙනවා. ඒ මොකක් වුණත් මිනිස්සු ගෙදර යන්නේ නැහැ තාත්තගේ කතාව ඉවර වෙනකම්. ඉතින් මම ඒ වෙලාවට අම්මට කියන කාරණයක් තමයි අනේ තාත්තට ඉක්මනට කතා කරන්න කියන්න එතකොට අපිට ගෙදර යන්න පුළුවන්නේ කියලා. ඒ වෙලාවට ළඟ ඉන්න අය කියනවා එහෙම බෑ බේබි තාත්තගේ කතාව අහන්න තමයි මිනිස්සු ඉන්නේ. ප්‍රේමදාස මහත්තයා ඉක්මනට කතා කළොත් මිනිස්සු රැස්වීම දාලා යනවානේ කියලා. පස්සේ තමයි මට තේරුණේ මිනිස්සුන්ගේ කතාව ඇත්ත කියලා.

පුංචි කා‍ලේ කරපු දඟ වැඩවලට තාත්තගෙන් මතක හිටින ආකාරයේ දඬුවම්, එහෙම ඔබට ලැබිලා ඇති
තාත්තා කෙනෙක් දරුවෙක්ගේ වැරැද්දකට දඬුවමක් දුන්නාම ඒක මතක තබාගෙන සිටින දෙයක් ‍නෙවෙයිනේ. මගේ තාත්තා රටට ජනාධිපති වුණාට එයා මට මගේ තාත්තා. සමහර වෙලාවට මට ඔය කියනාකාරයේ දෙයක් මතක නැතිව ඇත්තේ මම දඟ වැඩ එදා නොකරපු නිසා වෙන්න ඇති. අපට තාත්තා අවවාද දුන්නට අරම කරන්න මෙහෙම කරන්න මේ විදියට ඉන්න ඕනේ කියලා නියෝග දීලා නැහැ. ගොඩක් දේවල් අපටම අවබෝධ කර ගන්න ඉඩ දුන්නා.

පවුලක් විදියට ඔබ හතර දෙනා අතර පැවැති බැඳීම කොහොමද?
දරුවෝ දෙමාපියෝ කියන ගෞරවය අප දෙපාර්ශ්වය අතර පැවැතුනා. පියාට වැඩ රාජකාරි බොහෝමයක් පැවතියත් ඔහු අපිව තනි කළේ නැහැ. පුළුවන් තරම් අපත් සමග ගත කළා. හැකි හැම වෙලාවකම තාත්තා අපිව ඒ ගැන උනන්දු කළා. ඒ විතරක් නමෛයි අපිව හුරතල් කළා. තාත්තා ගෙදර ඉන්න වෙලාවට නිතරම අපි දෙන්නාම ළඟට අරගෙන අත්දෙකට තුරුලු කර ගන්නවා. වයසින් වැඩෙද්දී මම තාත්තට ගොඩක් ළංවුණා. ඒකට හේතුව තාත්තයි මමයි එක විදියට හිතන අය කියලා තමයි මම නම් හිතන්නේ. තාත්තා නිතරම කිව්වේ මං වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට ප්‍රශ්නයක් නොවන විදියට ඔළුව කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදියට කියලායි.
තාත්තා නැති වෙනකම්ම මං හිටියේ ‍පොඩි බබෙක් වගෙයි. තාත්තා මට කතා කළෙත් බේබි කියලා. දවසේ තුන් වේලම අපි පුළුවන් විදියට එකට කෑම කෑවා. තාත්තා එළවළුයි බතුයි කන්නේ. ‍පොල් සම්බෝලයි, පරිප්පුයි ඔහුට නැතුව බැහැ. තාත්තා කෑම කන්නේ අපිවත් ළඟට අරගෙනයි. ඇත්තටම තාත්තා අනලා කවන බත් කට තරම් රස බත් කටක් අදටත් මම කාලා නැහැ. තාත්තා මිය යන තුරුම අපිව දැක්කේ පුංචි දරුවෝ විදියටයි. බේබි මෙහෙට එන්න කියලා සමහර දවස්වලට පැය බාගයක් විතර මාව තුරුලු කරගෙන ඉන්නවා. ඒ බැඳීම් මතක් වෙද්දී තාත්තා නැතුව අපි මෙතරම් කාලයක් ගත කළා නේද කියලාත් හිතෙනවා.

ඔබගේ පියා ඝාතනය වන විට ඔබ කොහේද හිටියේ..?
තාත්තා මිය ගියා කියන පණිවුඩය ලැබෙන කොට මමයි රොහානුයි (සැමියා) හිටියේ සතියක නිවාඩුවකට එංගලන්තයට ගිහිල්ලයි. මුලින්ම දුරකතනයෙන් මට පණිවුඩය දුන්නේ බෝම්බයක් පිපිරිලා තුවාල වූ  තාත්තාව එස්.ටී.එෆ්. එකෙන් ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා කියලායි. මට කෙහොමත් හිතුණේ නැහැ තාත්තාට මේ වගේ දෙයක් වෙලා ඇති කියලා. මට හිතුණෙම තාත්තාව එස්.ටී.එෆ් එකෙන් අරන් ගියා කියලා විතරයි.

ඊට පස්සේ මොකද වුණේ.?
ඇත්තටම තාත්තගේ මරණයෙන් පස්සේ ඇති වුණ දුක කවදාවත්ම අපේ හිත්වලින් අයින් කරන්න බැහැ. තාත්තා මේ රටට කරපු වැඩ කොටස ජනතාවගේ සිත් තුළ තවමත් තියෙනවා. මට මතකයි තාත්තා මිය යන්න කලින් දවසේ මට කතා කරලා ඇහුවා “බේබි පෙළපාළියේ ඇවිදින්න එනවද කියලා. මට ඒ ගමන යන්න බැරිවුණේ මගේ මහත්තයා රොහාන් තව දවසක් එංගලන්තේ ඉඳලා යමුයි කියලා කිව්ව නිසයි. කොහොමවුණත් මේ තාත්තගේ අන්තිම දවස් ටික කියලා දැනගෙන හිටියා නම් මම ඔහු ළඟින් හෙල වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියා නම්  මම හරි ඔය බෝම්බෙට පනිනවා. මම එදා ආවානම් තාත්තත් එක්කම ඔය ගමන මටත් යන්න වෙනවා.

ඔබේ පියා දේශපාලන දිවියේදී බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්න කෙනෙක්. ඒ අවධියේ ඔහු කටයුතු කළේ කුමනාකාරයකටද?
ඇත්තටම තාත්තගේ ජීවිතේ හැම දෙයක් තුළම අපට ඉගෙන ගන්න පාඩමක් තිබුණා. දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙලා තිබුණත් තාත්තා ඒ ප්‍රශ්නය හමුවේ කලබල වුණේ නැහැ. තාත්තා ඕනම දෙයක් මැදහත් සිතින් විසඳගන්න සමත් පුද්ගලයෙක්. තමන්ගේම අය විරුද්ධකම් කළත් ඔහු නොසැලි ජනතාව වෙනුවෙන් සේවය කළා. ගම්උදාව කරද්දී ඉතාම කඩිසරව දුවලා පැනලා ඔහු ඒ කටයුතු කළා.

තාත්තා අද හිටියා නම් ඔහු ගැන ඔබේ තක්සේරුව කුමක්ද?
රටට හොඳක් කරන්න මිසක් තාත්තට අවශ්‍ය කළේ අපට හම්බ කරලා දෙන්න නොවෙයි. ඔහු සැබෑ දේශපාලනඥයෙක්. ජනතාවාදී නායකයෙක්. තමන්ට මුකුත් නැතුව රටට වැඩකරනවා කියන්නේ ඔහු නියමාකාරයෙන්ම දේශපාලනය කරනවා කියන එකයි. ඔහු හොඳ තාත්තා කෙනෙක්. මගෙයි අයියගෙයි විතරක් නොවෙයි මුළු රටටම ඔහු තාත්තා කෙනෙක් වුණා.

ලසන්ත වීරකුලසූරිය

පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28) යුග දිවියට එළබෙන බව තතුදත් ආරංචි මාර්ග පවසා සිටී.

ඔහු හා අතිනත ගන්නේ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන දී.මු ජයරත්න මහතාගේ දියණියක් වන අතර ඇය මීට පෙර විවාහ වී සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක සමගයි.

Page 6 of 9

IMAGE

තම රෝගය අමතක කර රෝගියෙකු බේරා ගත් හිත හොඳ දොස්තර

IMAGE 2017 May 28 17:31
  විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින...
Views - 730

මිහිඳු හිමි දෙවනපෑතිස් හමුව සිදුවූයේ සැණකෙළි බිමකදී ද?

IMAGE 2017 May 26 13:18
පොසොන් පුන් පෝ දිනක මිහින්තලා පර්වතය අභියසදී සිදු වූ මිහිඳු හිමි -  දෙවනපෑතිස් රජු හමුව අහඹු...
Views - 733

මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

IMAGE 2017 May 26 11:36
ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි....
Views - 1752

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 11307

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 4730

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 6295

Please publish modules in offcanvas position.