Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

පුංචි තිරයේ මහ කලා මංගල්‍යය හෙවත් 22 වන සුමති සම්මාන උළෙල මෙම මස 20 වන දින නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. 2016 වසරේ ප්‍රශස්ත ටෙලි නිර්මාණ සහ කලාකරුවන් ඇගයීමට ලක්කරමින් මෙවර සුමති සම්මාන පිරිනැමේ. ඒ සඳහා නිර්දේශිත වූ නාම ඊයේ (11) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී එළි දැක්වීය.

බොහෝ දුරට අපේ රටේ ඇගයීමට ලක්වන්නේ ජයග්‍රාහකයා පමණයි. නමුත් නිර්දේශවීම කියන්නේම විශාල ජයග්‍රහණයක් වගේම අති විශාල ගෞරවයක්. වසර 22ක් පුරාවටම අපේ කලාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන සුමති සම්මාන උළෙල සඳහා අපේ රටේ කලාකරුවන්ගෙන් ලැබෙන නොමඳ සහයෝගයත් අපි මෙහිදී අගය කරනවා යනුවෙන් සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ සහ සංවිධාන කමිටු සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙම අවස්ථාව අමතමින් පැවැසීය.

සුමති සමූහ ව්‍යාපාරයේ සභාපති ජගත් සුමතිපාල මහතා, අයි.ටී.එන්. රූපවාහිනී ආයතනයේ වැඩසටහන් හා අලෙවි උපදේශක පියදාස රත්නසිංහ මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම හා මාධ්‍ය සාමාන්‍යාධිකාරි හර්ෂ සමරනායක මහතා, මහජන බැංකුවේ අලෙවි සහ පර්යේෂණ සාමාන්‍යාධිකාරී එස්.බි. කුමාරසිංහ මහතා, සුමති සම්මාන උළෙ‍ලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු කලා ශිල්පීන්ද 22 වන සුමති සම්මාන උළෙ‍ලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීමේ මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී ප්‍රධාන අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම ඩයලොග් ආසියාටා සමාගම සහ සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතා අතරත් සහයෝගිතා අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම මහජන බැංකුව සහ සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතා අතරත් සිදුවිණ.

1. හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)

මද්දහන - (ස්වාධීන රූපවාහිනිය)
වන්වේ - (ස්වාධීන රූපවාහිනිය)
තාරා - (ස්වර්ණවාහිනිය)

2. හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

ධර්මාධිකරණයට කැඳවීම් - දයාරත්න රටගෙදර       (ජාතික රූපවාහිනිය)
සැඳෑ සමය - සන්තුස් ලියනගේ (ජාතික රූපවාහිනිය)
පසුතැවිල්ල - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)

3. හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ

සුමිත් රත්නායක - මද්දහන (ස්වාධීන රූපවහිනිය)
ලලිත් රත්නායක - වන් වේ - තනි අතට යන පාර  (ස්වාධීන රූපවාහිනිය)
ආනන්ද අබේනායක - තාරා - (ස්වර්ණවාහිනිය)

4. හොඳම ටෙලි නාට්‍යය නළුවා

මහේන්ද්‍ර පෙරේරා - (හේරත් බණ්ඩා) ගොලු තාත්තා (ස්වර්ණවාහිනිය)
පුබුදු චතුරංග (දොස්තර තේජන සෙනෙවිරත්න) වන්වේ - තනි අතට යන පාර (ස්වාධීන රූපවාහිනිය)
සුමිත් රත්නායක - (සෝමසිරි) මද්දහන  (ස්වාධීන රූපවාහිනිය)

5. හොඳම ටෙලි නාට්‍යය නිළිය

ශලනි තාරකා (නන්දිතා) තාරා (ස්වර්ණවාහිනිය)
මාදනී මල්වත්තගේ - (ඉන්ද්‍රානි) නැට්ටුක්කාරයෝ (ජාතික රූපවාහිනිය)
උමාලි තිලකරත්න (නූරි) බොහීමියානුවා (ස්වර්ණවාහිනිය)

6. හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා

ලක්ෂ්මන් මෙන්ඩිස් - (ජයසුන්දර) මද්දහන (ස්වාධීන රූපවාහිනිය)
සංජීව උපේන්ද්‍ර - (මුගේන්ද්‍රන්) වන් වේ - තනි අතට       යන පාර (ස්වාධීන රූපවාහිනිය)
සරත් කොතලාවල - (විදුහල්පති) ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)

7. හොඳම ටෙලි නාට්‍යය සහය නිළිය

කෞෂල්‍යා ප්‍රනාන්දු - (නන්දිතාගේ මව) තාරා (ස්වර්ණවාහිනිය)
ගයනි ගිසන්තිකා - (නාලනී) මද්දහන (ස්වාධීන රූපවාහිනය)
ජයනි සේනානායක - (කවි අම්මා) මීදුම් අම්මා (ස්වර්ණවාහිනිය)

8. වසරේ නැගී එන ටෙලි නාට්‍යය නළුවා

අමිල සඳරුවන් - (බුවා) බොහීමියානුවා (ස්වර්ණවාහිනිය)
සචිත් අනුත්තර - (කල්ප) බොහීමියානුවා  (ස්වර්ණවාහිනිය)
උදිත අබේරත්න - (ගණකාධිකාරි) නැට්ටුක්කාරයෝ  -  (ජාතික රූපවාහිනිය)

9. වසරේ නැගී එන ටෙලි නාට්‍යය නිළිය

නුවනි වලිමුණි - (බිසෝ මැණිකේ) භව චක්‍ර  (ස්වාධීන රූපවාහිනිය)
ගයත්‍රි රාජපක්ෂ - (සුභාෂිණි) මා ද ඔබම විය (ස්වාධීන රූපවාහිනිය)
වත්සලා රණසිංහ - (චාමි) විභාගය ෆේල් (ස්වර්ණවාහිනිය)

10. හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ

තිසර තුල්වන් - මද්දහන (ස්වාධීන රූපවාහිනය)
සචිත වීරපෙරුම - වන් වේ - තනි අතට යන පාර       (ස්වාධීන රූපවාහිනිය)
ප්‍රභාත් රෝෂණ - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)

11. හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය

ලක්රුවන් ද සේරම් - සික්කා ටීම් (ජාතික රූපවාහිනිය)
අසුන් මල්වත්ත - බොහීමියානුවා (ස්වර්ණවාහිනිය)
ජගත් වීරතුංග - මද්දහන (ස්වාධීන රූපවාහිනිය)

12. හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ

මංජුල අයගම - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)
හේමසිරි ප්‍රනාන්දු - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය)
බන්දුල වීරසේකර - මීදුම් අම්මා (ස්වර්ණවාහිනිය)

13. හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ
භාගේශ්‍රි ෆොන්සේකා - තාරා (ස්වර්ණවාහිනිය)
දර්ශන රුවන් දිසානායක - මද්දහන (ස්වාධීන රූපවාහිනිය)
ගයාන් ගණකධාර - මීදුම් අම්මා (ස්වර්ණවාහිනිය)

14. හොඳම ටෙලි නාට්‍යය තිර රචනය

නාමල් ජයසිංහ - තාරා (ස්වර්ණවාහිනිය)
රසික සුරවීර ආරච්චි - සිල්ලර කාසි  (ජාතික රූපවාහිනිය)
සුමිත් රත්නායක - මද්දහන (ස්වාධීන රූපවාහිනිය)

15. හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය

සුනිල් ආර්. ගමගේ - මාද ඔබම විය(වැල්ලට ඉර එන්න කලින්) (ස්වාධීන රූපවාහිනිය)
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - මීදුම් අම්මා (පින්සාර තොටමුනට බැස) (ස්වර්ණවාහිනිය)
සුමිත් රත්නායක - මද්දහන  (මද්දහනක අස්වැද්දුම වස් වැදුනා)   (ස්වාධීන රූපවාහිනිය)

16. හොඳම ටෙලි නාට්‍යය ගායනය

කෝලිත භානු දිසානායක - ඉගිල යයි  ගිය සැණින් - වන් වේ - තනි අතට  යන පාර (ස්වාධීන රූපවාහිනිය)
අමරසිරි පීරිස් - බිඳීගිය මලානික හඬ   - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)
දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - වැල්ලට ඉර  එන්න කලින් - (මාද ඔබම විය) (ස්වාධීන රූපවාහිනිය)

17. හොඳම ටෙලි නාට්‍යය අංග රචනය (වේෂ නිරූපනය)

නාරද ධනන්ජි තොටගමුව/ විදුර ශානක අබේධීර - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය)
ප්‍රියන්ත සිරිකුමාර - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)
වසන්ත විට්ටච්චි - වන් වේ - තනි  අතට යන පාර (ස්වාධීන රූපවාහිනිය)

18. හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන

ජන අසුන - සමිත් බස්නායක (සිරස)
අලි මිනිස් සංහිඳියාව - ආර්.ඒ. දුෂාන්ත දර්ශන (ස්වාධීන රූපවාහිනිය)
රෙඩ් රිබන් - ප්‍රදීප් විජේකෝන් (ශ්‍රද්ධා රූපවාහිනිය)

19. හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

සිනෙ මාත්‍රා - සිතාරා කළුආරච්චි  (ස්වාධීන රූපවාහිනිය)
ආර්ට් - ඕ.ඒ.ඕෂධ මහේෂ ප්‍රියංකර (ස්වාධීන රූපවාහිනිය)
අරුම පුදුම රෝද හතර - චන්දන  සෙනෙවිරත්න/ නාමල් සිදත් සූරියබණ්ඩාර (ජාතික රූපවාහිනිය)

20. හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන

සිහිනයකි රෑ - මහේෂ් නිශ්ශංක  (ජාතික රූපවාහිනිය)
යොවුන් වසන්තය - රංග ප්‍රේමරත්න/ සුනේත්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය)
ඩෙල් ස්ටූඩියෝ - චින්තක ගමලත්  (දෙරණ රූපවාහිනිය)

21. හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන

ජීව සොබා - පූජිත දිසානායක (ජාතික රූපවාහිනිය)
පුෂ්කරණි (අරම දියවර) - රන්ජීවනි බැද්දෙවිතාන (දෙරණ රූපවාහිනිය)
සොබා දහර කිඹුල්ලු - අනුරාධ දේවප්‍රිය (ජාතික රූපවාහිනිය)

22. හොඳම රූපවාහිනී ළමා වැඩසටහන

 ගමරාළ දිව්‍ය ලෝකේ යයි - අතුල       රන්සිරි ලාල් (ජාතික රූපවාහිනිය)
ටිකිරි සිනා මල් - නුවනප්‍රිය අබේකෝන් (රංගිරි ශ්‍රී ලංකා)
චූටි ටීවී - සංඛ රණතුංග/ චන්දිම       කරුණාතිලක (සිරස රූපවාහිනිය)

23. හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

ළමා විද්‍යාගාරය - තුෂාරි ගමගේ - (ස්වාධීන රූපවාහිනිය)
ජාතික පාසල (පාහියංගල) - නිලූෆා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)
 නැණ මිහිර - දේවිකා තරංගනී කුමාරසිංහ (ජාතික රූපවාහිනිය)

24. හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

ජවයට අගයක් - ඒ.ඩබ්. වරුණ ලක්මාල් (ස්වාධීන රූපවාහිනිය)
ස්‍පෝට්ස් හිට් - මංජුල බස්නායක (ස්වර්ණවාහිනිය)
රන් පෙළහර - එස්.ඒ. කුමාරි මානෙල් (ජාතික රූපවාහිනිය)

25. හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන

ඇය නැති ලොවක් - පුළිඳු මිස්සක එදිරිසිංහ (සිරස රූපවාහිනිය)
සමාජ මෙහෙවර - ජයමිණි ඉ‍ලේපෙරුම (ජාතික රූපවාහිනිය)
සමන්මලීි නැලිගම

ඡායාරූප - මලිත් ගමගේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අංකනය කොට තිබේ. ඒ අනුව කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය අංක 01 වශයෙන්ද, මහනුවර - මාතලේ අංක 02 වශයෙන්ද, කොළඹ කොටුව (රාගම සන්ධිය හරහා) පුත්තලම් මාර්ගය අංක 03 වශයෙන්ද හැඳින්වෙයි. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන උතුරුදිග දුම්රිය මාර්ගය අංකනය කොට ඇත්තේ අංක 04 වශයෙනි. මේ අතර මැදවච්චිය දුම්රිය සන්ධිය හරහා වැටී ගත් කොළඹ තලෙයිමන්නාරම් මාර්ගය අංක 05 ලෙසද, මහව සහ ගල්ඔය සන්ධි හරහා වැටී ඇති කොළඹ - මඩකලපුව සහ කොළඹ - ත්‍රිකුණාමල දුම්රිය මාර්ග අංක 06 සහ 07 ලෙසින්ද හැඳින්වෙයි. කොළඹ සිට මාතර දක්වා දිවෙන දකුණු දිග දුම්රිය මාර්ගය සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් ලැබී ඇති අංකය අංක 08 වන අතර අතීතයේ අවිස්සාවේල්ල සන්ධිය හරහා මරදානේ සිට ඕපනායක සහ යටියන්තොට දක්වා විහිදුණු කැලණිවැලි දුම්රිය මාර්ගයට දී ඇති අංකය අංක 09 වේ.

අතීතයේ අඩි 2 යි අඟල් 6 ක් පළල පටු ආමාන දුම්රිය මඟක් හෙවත් 'පුංචි කෝච්චි පාරක්' ලෙස පැවතුණු මෙය 1993 වසරේ සිට අඩි 5 යි අඟල් 6 ක් පළල වූ පුළුල් ආමාන හෙවත් සාමාන්‍ය දුම්රිය ධාවනය සඳහා අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා කොට ඇත.

කැලණිවැලි සමාජ ගොඩනැගිල්ල

අතීතයේ ඕපනායක සහ යටියන්තොට දක්වා වූ පුංචි කෝච්චි පාරවල් දෙක බෙදෙන මන්සන්ධි දුම්රියපොළ වූයේ අවිස්සාවේල්ලයි. මෙම දුම්රිය මාර්ගයේ 'කැලණිවැලි' යන නම ආවාට ගියාට යොදන ලද්දක් නොවේ ඒ පසුබිමෙහි රසවත් කතාවක් තිබේ. මේ ඒ කතාවයි.

අප රටට දුම්රිය මාර්ග අවශ්‍ය බවට ජනතාව කිසිදා උද්ඝෝෂණය කොට නැත. 1867 දී මහනුවර දක්වා දුම්රිය මඟක් තැනීම සම්බන්ධයෙන් උඩරට ගැමියන් ඇතුළු ජන ප්‍රධානීන් විරුද්ධ වූ බවට නම් මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. කාල් මියුලර් විසින් ලියන ලද 'යකඩ යකා' සහ සරත් ධර්මසිරි විසින් ලියන ලද 'භේරුණ්ඩ පක්ෂියා' වැනි නවකතා මඟින් කොළඹ - මහනුවර දුම්රිය මඟ තැනීම සම්බන්ධයෙන් එවකට පැවැති උඩරට ජනයාගේ ආකල්ප යම් තරමකින් විස්තර කෙරේ.

කැලණි වැලි සමාජයට පිවිසෙන දොරටුව

සැබැවින්ම උඩරට දුම්රිය මාර්ග අවශ්‍ය වූයේ එවක උඩරට පුරා පැතිර තිබූ 'කෝපි වගා අධිරාජ්‍යය' ටය. 1830 - 1850 කාලය තුළ ශ්‍රී ලංකාවේ කෝපි වගාව මෙරට ආර්ථික සංවර්ධනයට ප්‍රබල සහයක් දැක්වූ අතර 1860 වන විට ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලින් ‍හෙක්ටයාර් ලක්‍ෂයක් පමණ කෝපි වගාව සඳහා යොදන ලදී. ඒ අනුව 1860 වන විට ලෝකයේ විශිෂ්ටතම කෝපි නිෂ්පාදකයන් වශයෙන් බ්‍රසීලය හා ඉන්දුනීසියාව සමඟ සම තත්ත්වයක සිටීමට අපට ද හැකිවිය.
සැබැවින්ම අප රටේ උඩරට දුම්රිය මාර්ග පද්ධතිය ආරම්භ වූයේ එම කෝපි අස්වැන්න කොළඹ වරායට ගෙන ඒමට මිස මහජන සේවාවක් පිණිස නොවේ.

මෙම කෝපි වගාව ප්‍රවාහනය කිරීම සඳහා වූ දුම්රිය මඟ 1873 ගම්පොළ දක්වාත් 1874 නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලදී. නාවලපිටිය, දොළොස්බාගේ කඳු පන්තියෙන් මෙපිට කොටස අයත් වන්නේ සබරගමු පළාතට සහ කෑගල්ල දිස්ත්‍රික්කයටයි.කැලණි වැලි සමාජයට පිවිසෙන දොරටුව ඒ වන විට ශ්‍රී ලංකාවේ තේ සහ රබර් වගාවන් ද කෙමෙන් පැතිරෙමින් තිබූ අතර Hemileia Vastatrix නම් වන කෝපි කොළ මළ කෑමේ රෝගය නිසා විකල්ප වගාවන් සෙවීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැඟිණ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා(1883-1890) විසින් ඌව සහ සබරගමු පළාත් නව පළාත් වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර තේ වගාවට අමතරව  සිංකෝනා වගාව මෙරට ව්‍යාප්ත කරවීමේ පුරෝගාමියා වනුයේ ද ඔහුය.

මේ වන විට උඩරට කෝපි වගා කරුවන්ට ඇති ප්‍රවාහන පහසුව සබරගමුවේ කෝපි, තේ සහ රබර් වගා කරුවන්ට නොතිබීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැන නැඟුණි. විශේෂයෙන් මෙම උද්ඝෝෂණයට මුල් වූයේ අවිස්සාවේල්ලේ සිට යටියන්තොට ආදී ප්‍රදේශ මුල් කොට ගත් කැලණි නිම්න වැවිලිකරුවන්ය. ඒ සඳහා කැලණි නිම්න ප්‍රදේශ වලට දුම්රිය මඟක් අවශ්‍ය බවට ඔවුහු හඬ නඟන්නට වූහ. ඒ උඩරට ‍කෝපි වගාව ඉක්මනින් කොළඹ වරායට සේන්දුවීම මත කොට ඔවුන් සමඟ තරඟ කිරීමට තමන් ඇති නොහැකියාව මුල් කර ගනිමිනි. මෙම හඬ නැගීම වඩාත් ප්‍රබල වූයේ 1890 – 1895 අතර  මෙරට ආණ්ඩු කළ ශ්‍රීමත් එලිබෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ සමයේ දීය. මෙම හඬ නැඟීම මුල්කොට කැලණි මිටියාවතේ වැවිලි නිෂ්පාදන අඟනුවරට ගෙන ඒම සඳහා දුම්රිය සේවයක් තිබිය යුතුයි යන හඬ හිරුනොබසින අධිරාජ්‍යයටද  යාන්තමින් ඇසෙමින් තිබුණු අතර ඒ සඳහා  රජය යෝජනා කිහිපයක් කෙරෙහිම අවධානය යොමු කොට තිබිණ.රුවන්වැල්ල හා නාවලපිටිය සම්බන්ධ කෙරෙමින් දුම්රිය මඟක් තැනිය යුතු බව ඉන් පළමු වැන්නය. දෙවැන්න වේයන්ගොඩ හරහා රුවන්වැල්ල දක්වා නව දුම්රිය මාර්ගය සකස් කළ යුතු බවය. තුන්වැනි යෝජනාව වූයේ කොළඹ සිට පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල, රුවන්වැල්ල යන ප්‍රදේශ හරහා දුම්රිය මාර්ගයක් තැනිය යුතු බවය.

පැරණි තුරඟ තරඟ පිට්ටනිය

මේ සඳහා 1894 ඩබ්ලිව්.ඩබ්ලිව්. මිචෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලදී. මේ වන විට කැලණි මිටියාවතේ වැවිලිකරුවෝ සිතාවක කඳු වළල්ලට මැදි වූ අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ 'කැලණි නිම්න සමාජය (Kalani valley Club)'නමින් වැවිලි කරුවන්ගේ සංවිධානයක් පිහිටවාගෙන තිබුණි. කැලණි ගඟ මිටියාවතේ වතු පාලකවරුන්ගෙන් යුත් මෙම සංගමය පිහිටුවා ගන්නා ලද්දේ 1884 ය. ඔවුන්ගේ එම සමාජ ශාලාව මුලදී පොල්අතු සෙවිලි කර තනන ලද්දක් බවත් පසුව එය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වූ බවත් ජන ප්‍රවාද වලින් පැවසේ.

සතියකට වරක් පමණ තමන්ගේ වතු වල සිට අශ්වයන්ගේ පිටින් මෙම කැලණි නිම්න සමාජය වෙතට එන ඉංග්‍රීසි ජාතිකවතු පාලකවරයන් මෙය තම විනෝද පාරාදීසයක් ලෙස යොදා ගත්හ. එහි තුරඟ තරඟ පිටියක් පවා ඉදිකිරීමට තරම් මොවුන්ගේ විනෝදකාමීත්වය ප්‍රබල විය. වතු පාලක ජීවිතයේ ඇති ඒකාකාරීත්වය පිටු දැකීමට මොවුන්ට මෙම කැලණි නිම්න සමාජයේ ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

එහිදී  ඉහත සඳහන් සබරගමුවට දුම්රිය මඟ ගෙන ඒම සම්බන්ධයෙන් පැවැති මිචෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඒ සඳහා යන විය හියදම් ඇස්තමේන්තු කරන ලදී. එහිදී නාවලපිටියේ සිට රුවන්වැල්ල දක්වා අඩි දෙදහසකටත් වඩා බෑවුමක් තරණය කිරීමට යෝජිත දුම්රිය මාර්ගයට සිදුවන අතර ඒ සඳහා භූවිෂමතාව සැකසීම පිණිස පමණක් විශාල මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කරන ලදී.

ඊට අතරව වේයන්ගොඩ සිට රුවන්වැල්ල දක්වා දුම්රිය මඟ තැනීමේ දී බිංගෙවල් සහ පාලම් කිහිපයක් තැනීමට සිදුවන බවටත් එම කමිටුව නිර්දේශ කොට තිබුණි. එබැවින් පහසුම මඟ වූයේ කැලණි ගං මිටියාවතේ උස් බිමක් මුල්කොට මෙම රුවන්වැල්ල ප්‍රදේශයට සමීපවන දුම්රිය මඟක් තැනීමය. එබැවින් 'කැලණි නිම්න සමාජයේ (Kalani valley Club)' වැවිලි කරුවන්ගෙන් ආණ්ඩුකාරවරයාට නිරතුරු බලපෑම් එල්ල වූ අතර කමිටුව එය අඩි 02 අඟල් 06 ක් පළල පටු ආමාන දුම්රිය මඟක් හෙවත් 'පුංචි කෝච්චි පාරක්' විය යුතු යැයි නිර්දේශ කරන ලදී. ඊට හේතු වූයේ සබරගමුවේ වැවිලි නිෂ්පාදන වරාය වෙත ගෙන ඒම සඳහා වේගවත් ගමනක් අවශ්‍ය නොවීම සහ පටු ආමාන දුම්රිය මාර්ගය, එහි එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමත් තරමක් ලාභදායක වීමය. ඒ අනුව 1896 ජූලි මාසයේ දී අදාළ වැය ඇස්තමේන්තුව සකස් කොට 1897 අගෝස්තු මාසයේ දී යටත් විජිත මහලේකම්වරයා වෙත එම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ලදී.මෙසේ ඇස්තමේන්තු කරන මුදල රුපියල් පනස්පන්ලක්ෂ පහළොස්දහස් නවසීය හතලිස් එකකී.එම ඇස්තමේනතුව සකස් කොට තිබුණේ කොළඹ සිට යටියන්තොට දක්වා කොටසටය. ඒ අනුව කැලණි නිම්න සමාජය මේ සම්බන්ධයෙන් දැරූ උත්සාහයට කළ ගුණ සැලකීමක් වශයෙන් එවකට අප රට පාලනය කළ ශ්‍රීමත් ජෝෂප් වෙස්ට් රිජ්වේ (ක්‍රි.ව 1895 – 1903) ආණ්ඩුකාරවරයා විසින් මෙම මාර්ගය 'කැලණි වැලි මාර්ගය' ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 1902 සැප්තැම්බර් 15 වෙනි දින මරදාන සිට අවිස්සාවේල්ල දක්වා එහි 'පුංචි කෝච්චිය' ධාවනය කිරීම අරඹන ලදී. ඒ සමඟම එම මාර්ගය යටියන්තොට දක්වා දීර්ඝ කළ අතර එය 'කැලණි නිම්න (Kalani valley)' දුම්රිය මඟ ලෙස ප්‍රකට විය.

ඇස්තමේන්තු ගත කරන ලද මුදල ඉහත සඳහන් වුවද ඒ සඳහා  රුපියල් විසිහත්දහස් නවසිය තිස් අටක වැඩිපුර මුදලක් වැය වූ බව සදහන්ය.

පැරණි තුරඟ තරඟ අට්ටාලය

ඉන්පසුව 1908 වසරේ දී කුරුවිට දක්වාත්  ඉන්පසු 1916 රත්නපුරේ සිට දෑල දක්වාත්, 1919 යේ දී දෑල සිට ඕපනායක දක්වාත් එය  දීර්ඝ කරන ලදී.

එහෙත් කැලණි ගඟක් පැත්ත පළාතක නොවුවද අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා එම කොටස නම් වූයේ ද කැලණි වැලි දුම්රිය මාර්ගය ලෙසය.

ඒ අනුව අද වන විට මෙම සමස්ත දුම්රිය මාර්ගයම කැලණි වැලි හෙවත් කැලණි නිම්න දුම්රිය මාර්ගය ලෙස හැඳින්වුවද මෙහි සැබෑ කැලණි මිටියාවත් දුම්රිය මාර්ගය වනුයේ කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා දිවෙන පුංචි කෝච්චි පාර පමණි. ඊට හේතුව එම දුම්රිය මගේ අවිස්සාවේල්ලෙන් ඔබ්බෙහි සෑම ස්ථානයක්ම කැලණි ගඟ‍ට කිලෝ මීටර් අතළොස්සකට වඩා දුරින් නොපිහිටීමය. ඒ කෙසේ හෝ මෙම දුම්රිය මාර්ගයට මේ නම යෙදූ 'කැලණි නිම්න සමාජය' (Kalani valley Club)' නම් සමාජශාලාව  තල්දූව මීවිටිගම්මන මාර්ගය අද්දර දී ඔබට දැකබලා ගත හැක. මේ වන විට ද ඉතා සක්‍රීය සමාජ ශාලාවක් ලෙස පැවැතීම විස්මයට මෙන්ම සොම්නසටද කරුණකි.

කැලණි වැලි දුම්රිය මාර්ග‍ය දිගේ සවාරියක් ළඟදීම

සටහන හා ඡායාරූප - තිලක් සේනාසිංහ

එකිනෙකට වෙනස් චරිත තුළ වූ සියුම් ලක්ෂණ මනාලෙස මතුකරමින් වේදිකාව පුංචි තිරය සේම සිනමාව තුළත් ඔහු කළ රංගනයන් විශිෂ්ටය.
මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් විකාශය වන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යය නරඹන සෑම දෙනෙකුම ආනන්දගේ චරිතය පිළිබඳව කතා කරන්නේ ඔහු එම චරිතය තුළ ජීවත්වන නිසාමය. මෙවන් විවිධ චරිත හරහා අප හමුවට එන  ධර්මප්‍රිය ඩයස් නම් මෙම දක්ෂ රංගන ශිල්පියා මෙවර රැජිණ සමග මේ අයුරින් එක් වෙයි.
 
මේ දිනවල ඉහළම ප්‍රතිචාර ලැබෙන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය ගැන කතාකරමින්ම අපි මේ කතාබහ අරඹමු
මේ දවස්වල දෙවැනි ඉනිමේ ආනන්ද කියන චරිතයට බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. එම නාට්‍යය අද වනවිට අංක එකට ඇවිත්. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වගේම පිටපත් රචකයාගේ දායකත්වයත් මෙහිදී අගයනවා. 
 
මේ දිනවල ඔබ දායකවන වෙනත් නිර්මාණ ගැන කතාකළොත්..
“කූඹියෝ” සහ “නිල් අහස යට” ටෙලි නාට්‍ය විකාශය වනවා. “සාදය මාරයි සල්ලි හමාරයි” , “නැතුව බෑ” වේදිකා නාට්‍ය ඉහල ප්‍රතිචාර මැද රට වටා යනවා. ඒ වගේම අශෝක හඳගමගේ. අසංදිමිත්තා. ජගත් මනුවර්ණගේ. මුරුග සන්නිය චිත්‍රපටවලට එක්වුණා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයට ආරාධනා ලැබිල තියෙනවා. 
 
මෙගා ටෙලි නාට්‍යවලදී නිසි අයුරින් පිටපතක් නොලැබෙන බව, කතාවේ අවසානයක් නොදැන ඊට දායක වන්නට වන බව වැනි ගැටලු පිළිබඳ ඇතැමුන් චෝදනා නගද්දී ඔබ එවන් නිර්මාණවලටත් දායක වනවා.
මෙගා නම් හැම අතින්ම මෙගා විය යුතුයි. ශිල්පීය ගෙවීම් පවා මෙගා වියයුතුයි. කොටස් ගණන වැඩි වූ පමණින් මෙගා වෙන්නේ නැහැ. ඒත් අද අපේ රටේ බිහිවන මෙගා ටෙලි නාට්‍ය මෙගා වෙන්නේ නාට්‍යය දීර්ඝ වීම තුළින්. ඒ බව මුලින්ම කිව යුතුයි. ඒ කෙසේ වුවත් කොටස් 600 ක විතර ටෙලි නාට්‍යවලදී කලින්ම සමස්ත පිටපත දෙන්න බැහැ. එය වටහාගත යුතුයි. ඒ වගේම යම් ප්‍රායෝගික හේතු මත සමහර අවස්ථාවලදි පමණක් දර්ශන තලයේදි පිටපතේ සමහර දර්ශන ලියැවෙන අවස්ථා තියෙනවා. විශේෂ හේතු මත කතාවේ අවසානය වෙනස් කරන්නටත් සිදුවිය හැකියි. සිනමා නිර්මාණයක චිත්‍රපටයක එහෙම නැත්නම් සීමිත කොටස් ගණනක් ඇති ටෙලි නාට්‍යයක පවතින තත්ත්වයම කොටස් සිය ගණනක් දීර්ඝ ටෙලි නාට්‍යයකදී බලා‍පොරොත්තු වන්නට බැහැ. ඒත් නළු නිළියන්ට තමන්ගේ චරිතය ගැන කලින්ම දැනුවත් කිරීමක් කරල තියෙන හිංදා  ඒ වැටහීම තුළින් තමන්ගේ චරිතය ගොඩනගාගන්න පුළුවන් විය යුතුයි. පවතින්නට නම් කළයුත්තේ මේ විදියේ ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙන එක. එහෙම බැරිනම් බැන බැන ඉන්න එකේ තේරුමක් නැහැ ඉවත්වීමයි කළයුත්තේ. 
 
හඬකැවූ ටෙලි නාට්‍ය අද වනවිට අපේ රටේ බහුලව විකාශය වනවා. ඒ ගැන විවිධ මති මතාන්තර තියෙනවා. ඔබ මේ ගැන දරන්නේ මොන වගේ අදහසක්ද.. ?
මම විදෙස් ගතවූ මොහොතක හමුවූ කෙනෙක් මට කිව්වා “ඔබට බොහොම හොඳට ඉතාලි කතා කරන්න පුළුවන්නේ ..” කියලා. මම එක ඉතාලි වචනයක්වත් දන්නේ නැහැ.. මේ තැනැත්තා කිවූ කතාව මොකක්ද කියල මම හොයල බැලුවා. “මචං” චිත්‍රපටයේ ඉතාලි බසින් හඬ කැවූ චිත්‍රපටය බලල තමයි එයා ඒ කතාව කියල තියෙන්නේ. ඒ තරමටම ඒ හඬකැවීම් ශිල්පියා මා රඟපෑ චරිතයට සාධාරණය ඉටු කරලා තියෙනවා. බොහෝ විදෙස් රටවල් වෙනත් රටක නිර්මාණයක් තමන්ගේ රටේ පෙන්වන්නේ තමන්ගේ බසින් හඬ කවලා. ඒ රටවල වෘත්තීය හඬකැවීම් ශිල්පීන් ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. මම වසර විස්සක් පුරා හඬ කැවීම් ශිල්පියෙක් විදියට ඉන්න හිංදා මම දන්නවා හඬකැවීම් ශිල්පීන්ට ඇති තත්ත්වය. අනෙක් කාරණය තමයි විදෙස් රටවල් ඒ විදියට තමන්ගේ බසට හරවලා පෙන්වන්නේ තමන්ට වැදගත්වන වටිනා නිර්මාණ. අපේ රටේ හඬ කවලා පෙන්වන්නේ කොයි විදියේ නිර්මාණද කියන එක සිතා බැලිය යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔය කාරණා තුළ.  
 
ඔබ රංගනය තුළ වැඩි තෘප්තියක් ලබන්නේ වේදිකාවෙන්ද ටෙලි නාට්‍ය තුළින්ද එහෙම නැත්නම් සිනමාවෙන්ද.. ?
යන එන හැම තැනකදීම මගේ රංගනයන්ට ප්‍රතිචාර ලැබෙනවා. තවමත් මචං චිත්‍රපටයට ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල දෙවැනි ඉනිමට ලැබෙන ප්‍රතිචාර ඉහලයි. ඒත් ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට මොන තරම් ප්‍රතිචාර ලැබුණත් තවමත් මට වැඩිම ගෞරවයක් ලැබෙන්නේ වේදිකාවෙන්. මම වැඩිම තෘප්තියක් අදටත් ලබන්නේ වේදිකාව තුළින්.
 
ඔබේ රංගන දිවියේ ආරම්භය සිදුවුණෙත් වේදකාවෙන් .. 
ඔව් .. ඒ පාසල් වේදිකාවෙන්. පිළියන්දල මධ්‍ය මහා විදුහ‍ලේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ.උසස්පෙළ පන්තියේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයා වුණේ ප්‍රේමකුමාර් කරුණාරත්න මහතා. එතුමා තමයි මගේ රංගන ජීවිතයට අත්‍පොත් තැබූ මගේ ගුරුවරයා. 
 
ධර්මප්‍රිය ඩයස්ගේ පුද්ගලික තොරතුරු ටිකක් කතා කළොත්. 
මගේ ගම කැස්බෑව. මම කටුවාන ශාස්ත්‍රානන්ද විදුහ‍ලේ ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. මගේ බිරිඳ අනෝජා මිලන්ති අබේරත්න. මගේ ලොකු පුතා ස්වර්ණ ඩයස්ට අවුරුදු  9යි. ‍පොඩි පුතා පවර භාෂන ඩයස්ට අවුරුදු 5යි.  
 
පාසල තුළදී ඔබේ රංගනයට ප්‍රතිචාර ලැබෙනවා ඇති..
ප්‍රතිචාර ලැබෙනවා. ඒත් ඒ ප්‍රතිචාරවලට වැඩිදුර යන්න මම ඉඩ දෙන්නේ නැහැ. එහෙම උනොත් මට මගේ වෘත්තිය පවත්වගෙන යන්න බැරිවෙනවා. පාස‍ලේදී මම නළුවෙක් ‍නෙවෙයි.ගුරුවරයෙක්.
 
වසර ගණනක් පුරා කලාවේ රැඳී සිටි කලාකරුවකු විදියට ඔබට මොනවද හිතෙන්නේ .. 
කිසිම වෘත්තියක නියැලුණු අයෙකුට වයසට ගියාම අනිත් අයගේ පිහිට පතන්නට වෙන්නේ නැහැ. ඒත් අද වියපත් කලාකරුවන්ට ආධාර උපකාර කරන සමිති සමාගම් පවා පවතිනවා. ඉහළින්ම වැජඹුන අයත් අවසාන කාලයේදී අනුන්ගෙන් අතපාන මට්ටමට පැමිණි අවස්ථා අප දකිනවා. එසේ නොවන්නේ ජනප්‍රියත්වයේ ඉහළම තැන ඉන්නකොට මියගිය අයට පමණයි. ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ අවසන් කාලයේදී රජය විසින්ම ඔහුගේ මහල් නිවාසය අසල ගිලන් රථයක් තබා තිබුණා. ඒත් කලාවට ඉහළම මෙහෙයක් කළ අපේ කලාකරුවන්ට ඉන්න ගෙයක්වත් නැති තත්ත්වයට පත්වන අවස්ථා තිබෙනවා. මේ කනගාටුදායක තත්ත්වයට නිසි විසඳුමක් ලබිය යුතුයි. වැඩ කරන කාලයේදී කලාකරුවන්ට නිසි වටිනාකමක් ලැබෙනවා නම් ඒ අය තමන්ගේ ස්ථාවරය හදාගනියි. එවිට වයසට ගියාම ආධාර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
 
ආරියවංශ කුලතිලක 
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි. 
ගමේ ‍පොළොස් ගෙඩිය, පැ‍පොල් ගෙඩිය, කෙසෙල්මුවය, කැකිරි ගෙඩිය, අලු කෙසෙල්, තුඹ කරවිල, පලා කොළ මිටිය ආදි ආහාර වර්ග කීපයක් පමණක් ඉතිරි කරමින් මේ ජානගත ආහාර හා කෘත්‍රිම වස වසංගතය රට පුරා පැතිර ගොස් ඇති අවධියක තවත් මහඟු ඔසු ගුණ පිරි ආහාරයක් පිළිබඳව තොරතුරු මෙවර විමසා බලමු. මේ වැඩි මිලක් වැය නොකර ලබා ගත හැකි ‘චව් චව්’ පිළිබඳවයි. 
 
“චව් චව්” ආහාරයට ගත හැකි ක්‍රම
* මැල්ලුම
* ඇඹුල 
* කිරට
* මිරිසට
* කොස් ඇට සමග
* පරිප්පු සමග
 
හොඳම ගුණදායක එළවළුවක් 
 
සංතෘප්ත මේදය නැති 94%ක්ම ජලය අඩංගු “චව් චව්” ග්රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 16කි. ‍පෝෂණවේදීන්ට 
අනුව “සිරුරේ බර වැඩිවීම පාලනයටත් කොලෙස්ටරෝල් අඩු කිරීමටත් හොඳම එළවළුවකි චව් චව්” රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් හදවත සුවපත්ව තබා ගැනීමටත් ‍පොටෑසියම් බහුල ආහාර පානවලින් මනා සහයක් ලැබේ. “චව් චව්” ග්‍රෑම්  100ක ‍පොටෑසියම් මිලිග්‍රෑම් 155ක් අඩංගු වන බැවින් රුධිර පීඩනය සමනය කර හදවත සුරැකීමට ඉන් ලබාගත හැකි ඔසු ගුණය අසීමිතය. ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමට අනුව දෙහි යුෂ මිශ්‍ර කළ “චව් චව්” යුෂ අඬු කෝප්ප දෙකක් බැගින් දිනපතා උදේ සවස දෙසතියක් බොන්නට දීමෙන් රුධිර පීඩනය මනාව පාලනය වේ. තන්තුවලින් පරිපූර්ණ ආහාරයක් වන “චව් චව්” ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3, 4ක් පමණ අන්තර්ගතවේ. මෙම ප්‍රමාණය මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණය මෙන් 14%කි. මේ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයටත්, බඩවැල්වල හටගන්නා 
පිළිකා අවදානමෙන් මිදිමටත්, මළ බද්ධය හා අර්ශස් රෝග මැඩ පැවැත්වීමටත් “චව් චව්” තරම් අගනා ආහාරයක් නොමැති බව ආසියානු රටවල පාරම්පරික වෙදැදුරන්ගේ මතයයි. 
 
අස්ථිවල නිරෝගී බවටත් කදිමයි
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් අස්ථිවල නිරෝගී බවද සුරැකේ. ඊට බලපාන්නේ “චව් චව්”වල කැල්සියම්, මැග්නීසියම් හා විටමින් බහුලව අන්තර්ගත වීමයි. මේ නිසාම දේශීය කැඩුම් බිඳුම් වෙදැදුරන් අස්ථි බිඳීම්වලදී “අස්ථි මෙලෙක් කර මනා ලෙස පෑහීමට “චව් චව් ඇට” ඖෂධ සඳහා යොදාගනී. 
 
විටමින් වර්ග බහුලයි 
“චව් චව්”වල තයමින් (විටමින් E1), රයිබෝප්ලෙවින් (විටමින් E2), නියැසින් (විටමින් E3), පැන්ටොතෙනික් අම්ලය (විටමින් E5), පිරිටොක්සින් (විටමින් E6) ආදී බි කාණ්ඩයේ විටමින් ‍පෝෂණ බහුලව අඩංගුය. ඊට අමතරව විටමින් C, විටමින් E හා විටමින් K වලින් “චව් චව්” ‍පොහොසත්ය.
 
“චව් චව්” කොළ තම්බා පානය කිරීමෙන් ලැබෙන ගුණ “චව් චව් හා පත්‍රවලින් සාදන කසාය හෝ පානය චව් චව් වැ‍ලේ කොළ තම්බා “තේ” වෙනුවට පානය කළ හැක. ඒ තුළින් සිරුරට ලැබෙන මහඟු ගුණ මෙසේය. 
* අධික රුධිර පීඩනය පාලනය වීම.
* වකුගඩු ගල් දියවීම.
* අධික රුධිර පීඩනයට හා හෘදයාබාධවලට කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, රුධිර නාලවල කැල්සියම් බැඳීමෙන් සිදුවන රුධිර නාල ඝන වීමේ රෝග තත්ත්වය මනාව පාලනයවේ.
 
ගැබිනි මව්වරුන්ටත් ඉතා ගුණදායකයි
 
“චව් චව්” ග්‍රෑම් 100කින් ගැබිනි මවකගේ ෙදෙනික ෆෝ‍ලේට් අවශ්‍යතාවෙන් 25%ක් ලැබෙයි. මේ අනුව ගැබිනි මව්වරුන්ට වෙළෙඳපළේ ඇති ෆෝ‍ලේට් අඩංගු අමතර රසායන ද්‍රව්‍යයන්ගෙන්ද සරු කොට ඇති ප්‍රියමනාප ඇසුරුම්වලින් එන කෘත්‍රිම ඖෂධ වර්ග වෙනුවට “චව් චව්” සතියකට තුන් හතර වතාවක් ආහාරයට ගැනීම මොනතරම් යහපත්ද ?
 
පිළිකා අවදානම වළක්වන්නටත් වයසට යාම පාලනය කරන්නටත් කදිමයි 
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් හා එහි පත්‍ර තේ මෙන් තම්බා බිමෙන් “පිළිකා මැඩලන ශක්තියත්, වයසට යාම පාලනය කරන ශක්තියත්” ලැබේ. ඊට බලපාන ශාක රසායනිකයක් වන Asapigenin luteolin වැනි ෆ්ලෙවර්නොයිඩ් හා ‍පොලි ෆිනේලික ප්‍රතිඔක්සිකාරකයන් “චව් චව්” වල යහමින් අඩංගුය. 
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු අය 
 
හන්දිගත රූමැටික (Rheumatoid Arthritis) රෝගීන්ට “චව් චව්” ‍පොටෑසියම් අධික  ආහාරයක් බැවින් ආහාරයට ගැනීම සුදුසු නොවේ. 
 
රඹුක්කන කීර්ති එස්. කුමාර 
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

බොහෝ ගායක ගායිකාවන් තමන්ගේ ගීත වෙනත් අය ගායනා කරනවාට අකමැති බව ප්‍රසිද්ධ කාරණයක්. අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ එවැනි වාතාවරණයක් තියෙද්දී සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් සංගීත කණ්ඩායම තමන්ගේ ගීත නෛතික වශයෙන්ම වෙනත් අයට පවරා දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ආරංචි වුණා. ඇත්තද ඒ කතාව?
ඔව් ඒක ඇත්තක්. අපි ඔය වෙනත් අයවගේ අපේ ගීත බදාගෙන ඉන්නේ නැහැ.ඒවා දෙන්න දෙන්න අපිට ලැබෙන දේවලුත් වැඩි වෙනවා කියලා මට දැන් තේරිලයි තියෙන්නේ.
 
හැබැයි ඒ ගීත දෙන්නේ නිකම්ම ‍නෙවෙයි. ඒ නිසා ජිප්සීස්ලා ඒ ගීත අලෙවි කරනවා කියලා කීවොත් වඩාත් නිවැරදියි නේද?
අපේ රටේ සමහරුන්ට මේක අමුතු දෙයක් වුණාට පිටරටවල නම් ලෝයල්ටි ගෙවලා මේ විදිහට ගීතවල අයිතිය පවරන  එක ලොකු දෙයක් ‍නෙවෙයි. බිට්ල්ස්ලාගේ කඥඵබඥපඤචර කියන ගීතය දහස් වතාවකට වඩා අලුතෙන් ගායනා වෙලා තියෙනවා. අපිත් ගීත සඳහා අපි ඉල්ලන වටිනාකම ගෙවන අයට ඒවා පාවිච්චි කිරීමේ අයිතිය ලබාදෙනවා.
 
ජිප්සීස්ලා එක ගීතයක අයිතිය පවරන්න කොච්චර මුදලක් බලා‍පොරොත්තු වෙනවාද? 
රුපියල් විසිපන්දාහයි. රුපියල් විසිපන්දාහක් ගෙවලා ඕනෑම කෙනෙකුට අපේ ගීතයක අයිතිය ලබා ගන්න පුළුවන්. 
 
ඒ කියන්නේ රුපියල් විසිපන්දාහක් ගෙව්වාම ඒ ගීතයේ සම්පූර්ණ අයිතියම ඒ මිලදී ගන්නා කෙනාට හිමිවෙනවා?
ගීතය මිලදී ගන්නා කෙනාට එය ප්‍රසංගවලදී ගායනා කරන්න පුළුවන්. අලුතෙන් ගායනා කරලා ගී තැටිවලට ඇතුළත් කරන්නත් පුළුවන්. හැබැයි කැරොකේ සඳහා ඒ ගීත භාවිතා කිරීම තහනම්.
 
ඒ ගීත රිමික්ස් කරලා ගායනා කළොත් ?
ඒකට කමක් නැහැ. කොහොමත් ජිප්සීස්ලා ගායනා කරපු විදිහටම නැතුව ඒවායේ සංගීතය වෙනස් කරලා ගායනා කරන්න කියලා තමයි අපි ඒවා මිලදී ගන්නා අයට කියන්නේ.
 
ජිප්සීස්ලා ගයපු ගීත අතරේ වෙනත් පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වයෙන් නිර්මාණය වු ගීතත් තිබෙන්නට පුළුවන්. ඔවුන්ව අමතක කරලාද එක ගීතයක වටිනාකම රුපියල් 25,000යි කියලා තීරණය කළේ?
කොහෙත්ම නැහැ. සංගීත අධ්‍යක්ෂණය සහ පද රචනය වෙනුවෙන් ගෙවන මුදලුත් එක්ක තමයි අපි එක ගීතයක වටිනාකම රුපියල් 25,000කට නියම කරලා තියෙන්නේ. එහෙම වුණොත් සංගීත අධ්‍යක්ෂවරයාට සහ පද රචකයාට රුපියල් 10,000ගානේ ලැබෙනවා. ජිප්සීස්ලාට එක ගීතයකින් ලැබෙන්නේ රුපියල් 5000යි.
 
මේ විදිහට ගීත අලෙවි කළාම ඉදිරිකාලයේදී ජිප්සීස්ලාට ගායනා කරන්න ගීත නැතිව යාවි නේද?
එහෙම වෙන්නේ නැහැ. මොකද මේ විදිහට අයිතිය පැවැරුවා කියලා ජිප්සීස්ලාගේ අයිතියට කිසිදු හානියක් වෙන්නේ නැහැ. මොකද ඒවා ඉදිරියටත් ජිප්සීස්ලාට ගායනා කරන්න පුළුවන්. ගීත පැවැරුවා කියලා ඒ අයිතිය අපි නැතිකරගන්නේ නැහැ. අනික ඒ ගීත වෙනුවෙන් ඉදිරිකාලයේදී කර්තෘ භාග ගෙවනවානම් ඒවා ලැබෙන්නෙත් ජිප්සීස්ලාටම තමයි.
 
'ෂැඩෝ ස්ටාර්' තරගයට ඉදිරිපත් වූ අනුර පළිහවඩන කියන්නෙත් ඒ විදිහට ජිප්සීස්ලාගෙන් ගීත මිලදී ගත් කෙනෙක්?
ඔව්, ඔහුටත් අපි ගීත 12ක් දුන්නා. ගීත 12ක් මිලදී ගත් නිසා එක ගීතයක් 25000කට අඩුවෙනුයි ඔහුට ගීත දුන්නේ. හැබැයි ඔහුට පවරා දුන් ගීත පවා අපි වෙනත් අයටත් දීලා තියෙනවා.
 
ඒ කියන්නේ ජිප්සීස්ලා එක ගීතයක් බොහෝ දෙනෙකුට අලෙවි කරනවා.
ඔව්, ඒකනේ මම මුලින්ම කිව්වේ රුපියල් විසිපන්දාහක් ගෙවන ඕනෑම කෙනෙකුට අපේ ඕනෑම ගීතයක් මිලදී ගන්න පුළුවන් කියලා.
 
කිෂාන් කනංකෙ
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ජීවිතය දෝලනය වෙන්නේ සතුටයි දුකයි අතර බව ඔබ මේ වන විට වටහාගෙනද ඉන්නේ.
පුංචිම කා‍ලේ ඉඳලාම ජීවිතය පුරාවට සතුටයි දුකයි අපි අත් විඳිනවා. ඒත් දුක කියන්නේ මොකක්ද කියලා මට හරියටම වැටහුණේ විජයගේ හදිසි අභාවයෙන් පස්සේ.
 
කොහොමද ඒ දුකට මුහුණ දුන්නේ? 
අඬලා දුක තුනී කරගන්න පුළුවන් නම් මහ සාගරේ තරම් මම කඳුළු හෙළනවා. ඒත් අඬලා විජය නැති දුක තුනී කරගන්න බැරි බව මම දැන ගත්තා. මරණය දක්වාම මගේ හිතින් ඒ දුක මැකී යන්නේ නැති බවත් මම දන්නවා. අනික විජය මගේ ජීවිතයට ඉතිරි කරලා ගිය දුව, පුතා, මිනිබිරී, බෑණා වෙනුවෙන් මා ජීවත් විය යුතුයි. විජයගේ අඩුව ඒ අය වෙනුවෙන් පිරවිය යුතුයි. 
එහෙම හිතලා හිත හදාගන්න මම අදටත් උත්සාහ කරනවා. ඉස්සර ඉඳන්ම අපි බුදු දහමට නැඹුරු වූ පවුලක්. අටලෝ දහම මේක නේද කියලා හිත හදා ගන්න මම අදටත් හැම වෙලාවෙම උත්සාහ කරනවා. 
 
ගැහැනියක ලෙස එවන් දුකක් ඔබ අත් වින්දත් ෙදෛවය විසින් වෙනත් නිළියකට ලබා නොදෙන වරප්‍රසාද රැසක් ඔබට ලබා දුන්නා. ඒ ගැන සතුටක් නැද්ද? 
අනිවාර්යයෙන්ම සතුටුයි. ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍ය නිළිය වෙලා ඉතිහාසයට එකතුවීමට දෛවය මට අවස්ථාව ලබා දුන්නා. හෙට දවසේ අලුත් අලුත් අය එයි. ඒත් ප්‍රථම ටෙලි නාට්‍යය නිළිය වීමේ වරම උදා වුණේ. දිමුතු මුතු ටෙලි නාට්‍යයේ නන්දා වූ මටයි. මමවත් නොහිතපු වෙලාවක අහම්බෙන් ඒ අවස්ථාව මට හිමි කර දුන් ඩී.බි. නිහාල් සිංහයන්ව මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. 
 
ඔබේ නිළි ජීවිතයේ ස්වර්ණමය යුගයේ විඳි සතුටුදායක මතකයන් යළි සිහිපත් කළොත්? 
පළමු නිළිය වුණා වගේ පළමු ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රිය නිළිය හා හොඳම නිළිය ලෙස සම්මාන මට ලැබුණා. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ කළු හා සුදු ටෙලි නාට්‍යයේ ඔහු හා රඟපාන්න අවස්ථාව ලද එකම ටෙලි නිළිය වුණෙත් මමයි. ඒ වගේම විවිධ ක්‍ෂේත්‍රවල අංක එකට සිටින අය දස දෙනෙකුට සම්මාන දෙන Top ten උළෙලෙහි මටත් සම්මානයක් ලැබුණා. 
 
දේවිකා මිහිරානිගෙ ජීවිතේ වඩාත්ම සතුටු වූ අවස්ථාව මේ අතරින් කුමන අවස්ථාවද? 
ඔය එකක්වත් ‍නෙවෙයි විජය නන්දසිරි හා විවාහ වූ දවස. 
 
ඉන්පසු සතුට වූ අවස්ථා මොනවා දැයි ඇසුවොත් මුලින් කී අවස්ථා අතරින් මතකයට එන්නේ කුමන අවස්ථාවද? 
ඔය එක අවස්ථාවක්වත් ‍නෙවෙයි. දුව ඉපදුණ දා. පුතා ඉපදුන දා. දියණිය විවාහ වූ දා මිනිබිරී උපන්දා, පුතා ගුවන් නියමුවෙකු වූ දා වැනි අවස්ථා තමයි මතකයට එන්නේ. 
 
තරු කිරුළ අතෑරලා නිවසට කොටු වුණේ වැඩි සතුට තියෙන්නේ පෞද්ගලික ජීවිතය තුළ නිසාද? 
ඇත්තටම හේතුව ඒක තමයි. මම රඟපෑමට දෙවැනි තැන දුන්නේ බිරිඳක්, මවක් විදියට ජීවිතයට මුහුණ දෙන්න කැමති නිසා. විජයට කලා ජීවිතය තුළ ඉහළට යන්න හැකි වුණේ මම කරපු ඒ කැප කිරීම හින්දා. 
 
අද ඔබ ජීවිතයේ සතුට සැනසුම අත් විඳින්නේ කොයි විදියටද? 
විජයගේ මරණයෙන් පසු කාලයක් දුව මා සමග හිටියා. මේ දවස්වල ඇයයි මිනිබිරියයි ආයෙම ලංකාවට ඇවිත් ඉන්නවා. දවසම ගෙවෙන්නේ මිනිබිරියගේ කටයුතු වෙනුවෙන්. මගේ නංගිලත් නිතරම යනවා එනවා. අපි නිතරම විජය වෙනුවෙන් පින්කම් කරනවා. ඔය විදියට තමයි අද දවස ගෙවෙන්නේ. ඒ ගෙවී යන හැම දවසකම විජය පිළිබඳ දුක්බර මතකයන් වගේම සතුටු කඳුළුත් අවදි වෙනවා. 
 
ආරියවංශ කුලතිලක
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk
IMAGE

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 3882

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 1766

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1014

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 1045

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 3502

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3987

Please publish modules in offcanvas position.