Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ දෙන පිළිතුර කවුද? “වෙන කවුද ඉතින් ඉස්කෝලෙට අලුතින් ආපු ක්‍රිකට් කෝච් තමයි”. අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිතුර දෙනවාමයි. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලයනල් සඳුන් කියන ක්‍රිකට් පුහුණුකරුවාගේ චරිතය රඟපෑවාට ඔහුගේ ඇත්තම නම රයන් වැන්ඩස්ටේ‍රා්යි.
 
මේ දවස්වල රයන්ට බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා ඇති?
අන්තර්ජාලයේ මුහුණු ‍පොතෙන් වගේම පාරේ යද්දී අතින් අල්ලලා නවත්වාගෙන ප්‍රතිචාර දක්වන රසිකයිනුත් ඉන්නවා. හැබැයි ඒ හැම ප්‍රතිචාරයක්ම ඉතාමත් නරක ප්‍රතිචාර. ඒ වෙලාවට මට ලොකු සතුටක් නම් දැනෙනවා. මගේ රංගනය සාර්ථක හින්දානේ ඒ වගේ නරක ප්‍රතිචාර වුණත් ලැබෙන්නේ.
 
ඒ ප්‍රතිචාර අතර තදින් හිතට වැදුණු අවස්ථාත් ඇති
ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් තිබුණා මම ප්‍රින්සිපල් ඉස්සරහදීම වේවැල අරගෙන අනුහස්ට පහර දෙනවා. ක්‍රිකට් කෝචර් කෙනෙකුට ප්‍රින්සිපල් ඉස්සරහ ඒ විදියට පාසල් ශිෂ්‍යයෙකුට පහර දෙන්න බැහැනේ. ඒක ඇත්තටම මම කළ නීති විරෝධී වැඩක් කියලා හිතාගෙන FB හරහා මට අසීමිත ලෙස බැණ වැදුණු අය හුඟ දෙනෙක් හිටියා.
 
‘දෙවැනි ඉනිම’ තුළින් බොහෝ අයගේ කතාබහට ලක් වුණාට රයන්ට දිගුකාලීන රංගන ඉතිහාසයක් තියෙනවා නේද?
ඔව්, මම රංගනයට පිවිසුනේ 2004දී. මේ වෙද්දී චිත්‍රපට 6ක් සහ ටෙලි නාට්‍ය 39කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඔබ විදෙස් නිර්මාණවලටත් සම්බන්ධ වූ රංගන ශිල්පියෙක් නේද?
මම ‘බොම්බේ වෙල්වට්’ සහ ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටවල රඟපෑවා ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටයේ රඟපෑවේ ජෝන් එබ්‍රහම්ගේ මිතුරෙකුගේ චරිතයක්.
 
වසර 13ක් දෙස් විදෙස් නිර්මාණවලට රංගනයෙන් එක්වුණත් රයන් ඒ ගමන ආවේ බොහොම හෙමින් කියලයි අපිට නම් හිතෙන්නේ ?
ඒ හෙමින් ගමන මම නිහඬවම තවමත් ඉදිරියට යනවා. ඒ ගමනෙදී මම ජනප්‍රියත්වය ගැන හිතලාම නැහැ. කරන දේ හරියට කරන්නයි මම උත්සාහ කරන්නේ. මගේ ආටිකල් එකක් කරලා දෙන්න කියලා මම කවදාවත් කිසිම පත්තරේකට කියලා නැහැ. මම මෙහෙම කිව්වම ඔයා වුණත් පුදුම වෙයි. මේ අවුරුදු 13ට. ‘රිද්ම’ තමයි මගේ තුන්වැනි ආටිකල් එක කරන්නේ. මීට කලින් මගේ ආටිකල් දෙකක් විතරයි පත්තරවල ගිහින් තියෙන්නේ.
 
රයන් රංගනයට පිවිසුණේ කොහොමද?
පුංචි කා‍ලේ ඉඳන් කලාවට ආශාවක් තිබුණත් රංගනයට පැමිණීමේ අදහසක් තිබුණේ නැහැ. ඒක අහඹු සිදුවීමක්. මම නිතර යන එන “කොෆි ෂොප්” එකක් තියෙනවා. බුද්ධික ජයරත්නත් ඔතැනට එනවා. දවසක් බුද්ධික මට කතා කරලා කිව්වා. “මම කාලයක් ඔයාව ස්ටඩි කළා. මම ‘දේදුනු වැස්ස’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකේ රජිව් කියලා චරිතයක් තියෙනවා ඒක රඟපාන්න කැමතිද?” කියලා. ඒ විදියට තමයි මගේ රංගන දිවිය පටන් ගත්තේ. ඇත්තටම නළුවෙක් විදියට මම මෙතැන ඉන්නවා නම් එහි ස්තූතිය හිමි විය යුත්තේ බුද්ධිකටයි.
රයන්ගේ පුද්ගලික විස්තර දැනගන්නත් “රිද්ම” පාඨකයෝ කැමති වෙයි
මම ඉපදුනේ හැදුණේ වැඩුනේ ගල්කිස්සේ. ඉගෙන ගත්තේ ශාන්ත මේරි විදුහ‍ලේ. මම බර්ගර් ජාතිකයෙක් වුණාට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ගෙදර දී විතරයි. ගේට්ටුවෙන් එළියට බැස්ස වෙලාවේ ඉඳන් කතා කරන්නේ සිංහලෙන්. මගේ යාළුවො ඔක්කොම සිංහල, දෙමළ, මුස්ලිම් අය. ඒ හින්දා රඟපාද්දී සිංහල දෙබස් කියන එක ගැටලුවක් නමෛයි. මම මගේම ව්‍යාපාරයක් කරගෙන යන අතර තමයි රඟපාන්නේ.
 
කවද්ද රයන්ගේ තනිකඩ ජීවිතය නිමා කරන්නේ ?
ළඟදීම ඒ දවස උදාවෙයි.
 
ආරියවංශ කුලතිලක

පන්සල් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව මුහුණ දුන්නේ එතරම් සුබ කලදසාවක් නම් නොවේ. එසේ කියන්නේ, පසුගිය දින කිහිපයේ ම එකදිගට පන්සල් සහ ආණ්ඩුව අතර විවිධ මත ගැටුම් පැන නැඟුණ බැවිනි. ඉකුත් දිනෙක ආණ්ඩුවට එවැනි තවත් ගින්නක් පත්තු වූයේ, මේ මත ගැටුම් හෙමින් සීරුවේ විසඳා ගන්නට ඔවුන් උත්සාහ කරමින් සිටිය දීමය. ඒ, ලබන වසරේ වෙසක් ‍පොහොය මැයි මාසයට නොයෙදී, එය අප්‍රේල් මාසයට යෙදී ඇති නිසා ය. 
ලබන වසරේ රජයේ නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, සිසිර ජයකොඩි ප්‍රකාශ කරන ලද්දේ, වෙසක් ‍පොහොය මැයි මාසයට නොයෙදී, එය අප්‍රේල් මාසයට යෙදීම ගැටලුවක් බවය. මේ ආකාරයෙන් වර්තමාන රජය නිවාඩු දින ගැසට් කිරීම පිටුපස රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමක් ඇත්දැයි සැකයක් මතුවන බව මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.
එළඹෙන 2018 වර්ෂයේ රජයේ නිවාඩු දිනයන් සඳහන් කරමින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව වෙසක් ‍පොහොය යෙදී ඇත්තේ, 2018 අප්‍රේල් 29දාය. ඒ වසරේ මැයි මස 29 දා අධි ‍පොසොන් ‍පොහොය යෙදී ඇති අතර, ‍පොසොන් ‍පොහොය ජුනි මස 27 දාට යෙදී ඇත.
වෙසක් ‍පොහොය ලබන වසරේ දී අප්‍රේල් මාසයට යෙදෙන බව මේ තරම් කතාබහකට යොමු වූයේ, ලබන වසරේ රජයේ නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි. එලෙස වෙසක් ‍පොහොය රජයේ නිවාඩුවක් වූ ඉතිහාසය මීට සියවස් දෙකකට පමණ ඈතට දිවයන්නේය. රජ දවසේ පටන් තිබූ ‍පෝය නිවාඩුව යටත් විජිත පාලනයේ දී අහෝසි වී යන්නේ 1770 දී ලන්දේසීන් රට අල්ලා ගැනීමත් සමගිනි. ඒ තහනම ඉංග්‍රීසින් මේ රට අල්ලා ගත් පසුව ද ඉවත් කර ගන්නට සිංහලයාට හැකි වන්නේ නැත. 1884 ජනවාරි 27 දා ඕල්කට්තුමා මදුරාසියේ සිට ලංකාවට පැමිණෙන්නේ මේ අතරේ දීය. ඒ, බෞද්ධ අයිතීන් ආරක්ෂා කර ගනු වස්, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් ඇරඹි “බෞද්ධ ආරක්ෂක කමිටුවේ” රැස්වීමකට සහභාගි වීම සඳහාය. එහිදී ඕල්කට්තුමාගේ කාර්යභාරය වූයේ, ලංකාවේ බෞද්ධයන්ට වී ඇති අසාධාරණය පිළිබඳව එංගලන්තය දැනුම්වත් කිරීම ය. ඒ අනුව බුදුන් වහන්සේගේ ජන්ම දිනය වූ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය යළිත් වරක් නිවාඩු දිනයක් කළ යුතු බව මහරැජිනගේ ආණ්ඩුවට යෝජනා කරන්නේ ඕල්කට්තුමාය. එම යෝජනාව පිළිගත් එංගලන්ත රැජින එම නිවාඩුව යළි ලබා දෙන්නට පියවර ගත්තාය. 1885 මාර්තු 27දා යළි එම නිවාඩුව තීන්දු වන්නේ ඒ අනුවය. එය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්වන්නේ, දිවංගත විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්ගේ පුරෝගාමීත්වයෙනි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පෙන්වා දුන්නේ, ලබන වසරේ වෙසක් ‍පොහොය යෙදී ඇති ආකාරය අනුව, මැයි පළමුවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය සමරන්නට සිදු වී ඇත්තේ ද වෙසක් සතියේ බවය. ඒ තත්ත්වය මත මැයි පෙළපාලි යාමද ගැටලු සහගත වන බව ඔහුගේ අදහස විය.
සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා එලෙස ආණ්ඩුව සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් කතා කළද, ‍පොහොය නිවාඩු දින තීරණය කිරීම ආණ්ඩුවේ කාර්යයක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම්, නීල් ද අල්විස් පවසන්නේය. අප භාවිත කරන දින කැලැන්ඩරයේ නිවාඩු දින ලකුණු කරන්නේ රාජ්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි. නීල් ද අල්විස් මහතා පවසන පරිදි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන්නේ, පවතින වසරේ දෙසැම්බර් 31 දාට යෙදෙන දවස අනුව, ඉදිරි වසරේ දින ගණනය කරමින් සෙනසුරාදා හා ඉරිදා දින රජයේ නිවාඩු දින ලෙස සාමාන්‍ය ආකාරයට සලකුණු කිරීම පමණක් බවය. සෑම වසරකම යෙදෙන “නත්තල් දිනය, නබි නායක දිනය” ආදී වෙනත් දින සෑම වසරකම ස්ථාවරව පවතින අතර වසරින් වසර වෙනස් දිනයන් ලෙස සලකුණු කෙරෙන්නේ ‍පොහොය දිනයන් පමණි. නීල් ද අල්විස් මහතා පවසන පරිදි, ‍පොහොය දිනය තීරණය කරන්නේ, චන්ද්‍රයාගේ හැසිරීම අනුව ගණනය කරමින් නක්ෂත්‍රකරුවන් සහ සංඝයා වහන්සේ විසිනි.
ඒ අනුව චන්ද්‍ර මාසයට අනුගතව ‍පොහෝ දින ගණනය කරන්නේ කෙසේදැයි ගනු වස් අපි මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් ඇසුවෙමු. උන්වහන්සේ පෙන්වා දුන් ආකාරයට චන්ද්‍ර මාසයට අනුව සෑම දින 30ට වරක් පසළොස්වක ‍පොහෝ දිනක් උදා වේ. චන්ද්‍රයාගේ පිහිටිමේ ස්වභාවය අනුව සිංහල චන්ද්‍ර මාස ක්‍රමය සැකසෙයි. ඒ අනුව සෑම මාසයක දීම අව අටවක, අමාවක, පුර අටවක, පුර පසළොස්වක, වශයෙන් ‍පොහොය හතරක් යෙදෙයි. ඒ අනුව සෑම මාසයකටම පසළොස්වක ‍පොහොයක් යෙදෙන අතර, වර්ෂයේ මාස දොළහට ‍පොහොය දොළහක් යෙදෙයි. එහෙත් ඒ සිංහල මාස ක්‍රමයට අනුවය. 
නමුත්, මෙලෙස ගණනය කරන ලද ‍පොහෝ දින සටහන් කෙරෙන්නේ, ඉංග්‍රීසි ක්‍රමයට සැකසුණ දින කැලැන්ඩරයකය. එහි දින පිළිවෙළකට නැත. එක් මසකට දින 30ක් ඇති අතර තවත් මාසයකට දින 31කි. එක් මාසයක ඇත්තේ දින 28ක් පමණි. එබැවින් එවැනි දින දසුනක, සෑම දින තිහකටම වරක් ‍පොහොය දිනයක් සලකුණු කිරීමේ දී, ඇතැම් කාලයක දින තිහක කාලසීමාවක් වැඩි විය හැකි වීම සාමාන්‍ය තත්ත්වයක් බව ඤාණිස්සර හිමියෝ පෙන්වා දෙති. 
එකම වසරක පසළොස්වක ‍පොහොය දහතුනක් යෙදෙන්නේ එවන් වර්ෂයක දීය. උන්වහන්සේ පෙන්වා දෙන පරිදි සාමාන්‍යයෙන් වසර හතරකට වතාවක් මෙම තත්ත්වයට මුහුණ දෙන්නට අපට සිදු වේ. 
එළඹෙන වසරේ දී වෙසක් ‍පොහොය අප්‍රේල් මාසයට යෙදී ඇත්තේ ඒ අනුව බව උන්වහන්සේ පෙන්වා දෙති. උන්වහන්සේ පවසන්නේ එක්දහස් නවසිය පනස් ගණන්වල දීද එලෙස වෙසක් ‍පොහොය අප්‍රේල් මාසයේ දී යෙදී ඇති බවය. එමෙන්ම මෙම ගණනය කිරීම් අනුව, සාමාන්‍යයෙන් වසර දහනවයකට වතාවක්, මෙලෙස වෙසක් ‍පොහොය අප්‍රේල් මාසයට යෙදෙන බව ‍ජ්‍යොතිර්වේදී මතයයි. එක්දහස් අටසිය හතර වසරේ ද වෙසක් ‍පොහොය යෙදී ඇත්තේ අප්‍රේල් මාසයේ දීය.
එබැවින් වෙසක් ‍පොහොය යෙදෙන මාසය අනුව එහි අර්ථයේ කිසිදු වෙනසක් සිදු නොවෙන බව ඤාණිස්සර හිමියෝ පෙන්වා දෙති. ‍පොහොය යෙදෙන මාසය තීරණය වෙන්නේ චන්ද්‍ර මාස ගණනය කිරීම අනුව පමණි. “අනෙක් සෑම විශේෂිත දිනයක් සඳහා ම ස්ථිර දිනයක් තිබුණට ‍පොහොය දින එලෙස ස්ථිර දින බවට පත් කරන්න බැහැ. නිශ්චිත දින ගණනක් නැතිව අපිළිවෙළට ඇති දින දර්ශනයක සෑම මසකම ‍පොහෝ දිනය ස්ථිර දිනයක් ලෙස අපි යොදනවා නම්, ඒක ස්වභාව ධර්මයාට පටහැනිව යාමක්. හඳ පායන දිනය එක ම දිනයක් නොවීම ඒකට හේතුවයි.” පාතේගම ඤාණිස්සර හිමි පෙන්වා දෙන්නේය. 
 
ගයාත්‍රි ගීගනආරච්චි

සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා ගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වී සිටි 24 හැවිරිදි අමිත් ප්‍රියන්ත නම් තරුණයෙකු කොන්ක්‍රීට් වලින් වසා ඇති ප්‍රජා ළිඳකට‍ වැටී මිය යාමේ ශෝචනීය සිද්ධියක් පසුගිය දිනයක වාර්තා විය.

මේ සිද්ධියට අමතරව මෙසේ සමාජයේ සැරිසරන ‘ග්‍රීස් යකුන්’ පිළිබඳ පුවත් කිහිපයක් ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ. පසුගිය මැයි 17 වෙනිදා බත්තරමුල්ලේ දී අලුයම් යාමයේ නිරුවතින් ගමන් ගත් මෙවන් ‘ග්‍රීස් යකෙකු’ සීසීටීවී දර්ශන මගින් පොලිස් අත්අඩංගුවට පත් වුණු අතර ඔහු තලවතුගොඩ හෝටලයක කෝකියෙකු වශයෙන් සේවය කරන මැදිරිගිරිය ප්‍රදේශයේ තරුණයෙකු බව පසුව අනාවරණය විය. මීට සති කිහිපයකට පෙර වැල්ලවාය තානායම අසලදීද මෙවැනි ‘ග්‍රීස් යකෙකු’ අල්ලා ප්‍රදේශ වාසීන් විසින් ගස් බැඳ තිබූ අතර ඔහු බලපිටිය ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා විය.  තවද හොරණ, ‍තලගල, මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ දරුණු පහරකෑමකට ලක් වූ අතර එය ප්‍රදේශවාසීන් තුළ පැවති ‘ග්‍රීස් යකා’ භීතිකාවක් මුල්කොට නිදොස් පුද්ගලයෙකුට සිදු කළ පහරදීමක් බව පසුව අනාවරණය විය.

මෙම සිද්ධීන්ට අමතරව මෙසේ සමාජයේ සැරිසරන ‘ග්‍රීස් යකුන්ට’ බියවීමෙන් මානසික කම්පනයට පත් තරුණියන් කීපදෙනෙකු ද පසුගිය කාලයේ මනෝ වෛද්‍ය සායන වෙත යොමු වූ බවට වාර්තා තිබේ.

මෙම ග්‍රීස් යකා පිළිබඳ භීතිකාව මීට පෙර අවස්ථා ගණනාවකම රට පුරා පැතිරගොස් තිබූ අතර අවසන් වරට මෙම භීතිකාව ආන්දෝලනාත්මක ජාතික මාතෘකාවක් බවට පත් වූයේ 2011 වසරේ දී ය.

ඒ කෙසේ හෝ ග්‍රීස් යකා මුල්කොට ‘සමූහ මායා රෝගී (Mass hysteria)' තත්ත්වයක් යළි ඇති වීමට පෙර මෙම ‘ග්‍රීස් යකාගේ’ අනන්‍යතාව  හඳුනාගැනීම අතිශය වැදගත්ය.

මෙහිදී මෙම ග්‍රීස් යකාගේ භූමිකාව නිරූපනය කෙරෙනුයේ මානසික අර්බුද සහ මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන් බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් අවධාරණය කරයි.

ඔහු පවසන අන්දමට  මෙහිදී ඔවුන් අපේක්ෂා කරනුයේ බොහෝ විට ‘කාන්තාවන් බිය වැද්දීම’ය. ඔවුන් ලිංගික ආශ්වාදයක් ලබනුයේ එමඟිනි. ඒ සම්බන්ධ මානසික රෝග තුනක් විශේෂඥ මනෝවෛද්‍යවරයා මෙසේ විස්තර කරයි.ඉන් ප්‍රධානතම රෝගය වනුයේ ‘ප්‍රදර්ශන කාමුකත්වය (Exhibitionism)යි’ මෙහිදී ඔවුන් බොහෝ විට සිදු කරනුයේ කාන්තාවන් හමුවේ තමන්ගේ ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීමය.  ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කාන්තාවන් සමඟ ලිංගික සබඳතා ගොඩ නගාගැම නොවේ; ඉන් කාන්තාවන් තැති ගන්නා අයුරු දැකීමෙන් මානසික සතුටක්, ලිංගික ආශ්වාදයක් ලැබීමය.

මෙම ‘ග්‍රීස් යකාගේ’ භූමිකාවට පිවිසෙන දෙවන පිරිස වනුයේ දර්ශාස්වාදයෙන් (Voyeurism) පෙළෙන්නවුන්ය. මොවුන් කොටස් 3 කට බෙදා දැක්විය හැක.

ඉන්පළමු කොටස වනුයේ  ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා නැරඹීමෙන් සතුටු වන පිරිසය. සෙසු පිරිස වනුයේ කාන්තාවන්ගේ නිරුවත නැරඹීමෙන් සතුටුවන පිරිසය. තෙවෙනි පිරිස මේ දෙයාකාරයේම දර්ශන දැකීමෙන් සතුටුවන්නෝ වෙති. මොවුහු 'Peeping tom' යන උපහාසාත්මක නමින්ද හැදින්වෙති.
මෙම ‘ග්‍රීස් යකාගේ’ භූමිකාවට එක්වන තෙවන පිරිස වනුයේ කාන්තා ඇඳුම් සොරකම් කරන්නවුන්ය. ‍මොවුන්ගෙන් බොහෝ දෙනෙකු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමට වැඩි ඇල්මක් දක්වන බව පෙනේ. මෙම මානසික‍ රෝගය හැඳින්වෙනුයේ ‘අර්චන කාමය (Fetishism)’ යනුවෙනි. මේ සඳහා ද ඔවුහු රාත්‍රී කාලයන්හිදී මිනිස් ජනාවාස ඇසුරේ සැරිසරති.

මෙහිදී මෙම රෝග ලක්ෂණ යම් යම් පුද්ගලයන් තුළ යම් යම් ප්‍රමාණයන් ගෙන් පැවතිය හැක.  එහෙත්යම් පුද්ගලයකු මෙසේ ග්‍රීස් යකෙකුගේ මට්ටමට පත්වනුයේ එම රෝග ලක්ෂණ වඩාත් උත්සන්න වීමෙන් පසුවය.

දැනට ලොව පුරා සමාජ මනෝ විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කොට ඇති අන්දමට යම්  සමාජයක සමාජ ආර්ථික සංස්කෘතික බිඳ වැටීම් සිදුවන කාලයන් තුළ මෙම මානසික රෝගවල සමාජ නිරූපනයන්ද වැඩිපුර දැක ගැනීමට පුළුවන. ඒ අනුව පසුගිය කාලයේ සමාජයේ මතු වූ ග්‍රීස් යකාගේ භූමිකාව පශ්චාත් යුද සමයේ හටගත් යුද මානසිකත්වය මත පදනම් වූ කිසියම් සමාජ මානසික නිරූපණයක් දැයි වෙනම සොයා බැලිය යුතුය.
මෙහිදී මෙවන් පුද්ගලයන් ‘ග්‍රීස් යකුන්’ වශයෙන් සඳහන් වනුයේ ඔවුන් මෙවන් කටයුතු වලට සම්බන්ධ වීමේ දී තමන්ගේ ශරීරය පුරා ග්‍රීස් නම් වූ ලිහිසි ද්‍රව්‍යය තවරාගෙන පැමිණෙන බැවිනි. ඒ තමන් සිදුකරන සමාජ විරෝධී ක්‍රියාව මත කිසිවෙකුගේ ග්‍රහණයට හසුවුවහොත් ඉන් ලිස්සා පැන යාමට ඇති හැකියාව සලකා ගනිමිනි.

පොදුවේ ‘ග්‍රීස් යකුන්’ ලෙස සැලකුණද කළු ඇඳුම් ඇදගත්, අඩනිරුවතින් හෝ පූර්ණ නිරුවතින් සමාජය හමුවට එන පුද්ගලයෝ ද ඔවුන් අතර වෙති. කෙසේ හෝ මෙවන් ග්‍රීස් යකුන් අමනුෂ්‍යයන් ලෙස හෝ අපරාධ කරුවන් ලෙස හඳුනාගැනීමට වඩා මොවුන් සමාජයේ පොදු අනුකම්පාවට ලක් විය යුතු මානසික රෝගීන් ලෙස හඳුනාගැනීම අතිශය වැදගත් යැයි විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් අවධාරණය කරයි.

 

දමයන්ති ගමගේ

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි

කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කළ ප්‍රකාශය අතිශය ගැටලු සහගත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර මහතා අවධාරණය කරයි.

මෙහිදී මෙම යාචකයන් වර්ගීකරණයට ලක් කරන ලද්දේ කවර ක්‍රමෝපායන් පදනම් කරගනිමින්ද ඒ සඳහා ගත වූ කාල සීමාව කොතෙක්ද, එම සමීක්ෂණය නියාමනය කරන ලද්දේ කවරුන් විසින්ද යන්නද ඉක්මනින් ජනතාවට හෙළිකිරීමේ වගකීම අමාත්‍යාංශය සතු බවද මහාචාර්යවරයා පවසයි.

මෙහිදී සැබෑ යාචකයා සහ වෘත්තීමය යාචකයා යන හැදින්වීම තුළද ගැටළු සහගත තත්ත්වයන් පැන නගින අතර යාචක කණ්ඩායම් මෙහෙයවන අතරමැදියන් සිටින මුත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අමාත්‍යංශ නිවේදනයෙහි එන සැබෑ යාචකයන් සහ වෘත්තීය යාචකයන් කෙරෙහි වෙන් වශයෙන් බලපාන අන්දමද ජනතාව හමුවේ තැබීම අමාත්‍යංශය සතු යුතුකමක් මෙන්ම වගකීමකැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.

කොළඹ නගරයේ සිටින යාචකයන් වශයෙන් හඳුනාගන්නා පුද්ගලයන් ඉවත්කරලීම සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කිසියම් වැඩපිළිවෙලක් සකස්කරන්නේ නම් ඊට පෙර ඒ පුද්ගලයන් පිළිබඳව ඊට වඩා විධිමත් අධ්‍යයන සහ සමීක්ෂණ කළ යුතු බව පෙන්වා දෙන මහාචාර්ය අම‍රසේකර කොළඹ නගරයේ යාචකයන් ඉවත් කිරීම අරමුණුකොට ගත් නොවිධිමත් විමර්ශන පිළිබඳ අසම්පූර්ණ තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කිරීමද බරපතල සදාචාර විරෝධී කටයුත්තකැයි ද පෙන්වා දෙයි. 

එමෙන්ම යාචක වෘත්තියේ යෙදුණද ඔවුන්ද  සමාන අයිතිවාසිකම් හිමි ශ්‍රී ලංකා පුරවැසියන් බව අමාත්‍යංශය මීට වඩා බරපතල ලෙස වටහා ගත යුතු යැයි ඔහු පෙන්වා දෙයි.

එහිදී මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යංශය මගින් සිදුකරන ලදැයි පැවසෙන මෙම සමීක්ෂණයේ මෙතෙක් හෙළි නොවූ කරුණු සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ සියළුම පාර්ශවයන් සමඟම විෂයභාර අමාත්‍යවරයා පූජ්‍ය පක්ෂ්‍ය, සිවිල් ක්‍රියාධරයන්,නීතිවේදීන්, අදාල විෂය ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ මාධ්‍යවේදීන් හමුවේ  සවිස්තරාත්මකව ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු බවය.

එසේ නොකොට කොළඹ නගරයෙන් යාචකයන් ඉවත්කිරීමට  ඇති කඩිනම් අවශ්‍යතාව මත පදනම්ව මෙවැනි නොවිධිමත් තොරතුරු ජනතාව හමුවට ඉදිරිපත් කිරීම රෝගය හරිහැටි නොවිමසා ප්‍රතිකාර නියම කිරීමටත් වඩා අමනෝඥ ක්‍රියාවකැයි ද මහාචාර්යවරයා  කියයි.

එමෙන්ම කොළඹ නගරයේ වෙසෙන යාචකයන් පිළිබඳව ප්‍රධානතම  වගකීමක් ඇති සමාජසේවා අමාත්‍යංශයට පැවරී ඇති මුත් මහනගර සහ බස්නාහාර අමාත්‍යංශය එම සමාජසේවා අමාත්‍යංශය නොතකා කටයුතු කර ඇති බවක්ද පෙනෙන්නට ඇතැයි මහාචාර්ය දයා අමරසේකර කියයි.

 

කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ කඩම්බාවේ සීලරතන හිමියන් ගෙන් ගුප්ත ශාස්ත්‍රය හැදැරූ කිසිවෙකුත් නොමැති බවත් උන් වහන්සේ ඇසුරු කළ හෝ විහාරස්ථානයේ සිටි කිසිවෙකුත් උන්වහන්සේ ගේ ගුප්ත කටයුතු සිදුනොකරන බවත් වත්මන් කොණ්ඩදෙණියේ රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී  පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පවසති.

ගිහි ඥාතීත්වයෙන් කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ මුණුපුරෙකු වන කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පැවිදි ජීවිතයේ දී ද කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ අන්තේවාසික සිසුවෙකු සේ වැඩ සිට ඇත.

අනුරුද්ධ හිමියන් වැඩිදුරටත් සඳහන් කරනුයේ තමන් වහන්සේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත් බව පවසා උන්වහන්සේ ගේ නම 'විකුණමින්' යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත කටයුතු වල යෙදෙන්නවුන් ‘බොරු කාරයන්’ බවය.

සහන් සංකල්ප සිල්වා

අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණි.

ජනාධිපතිතුමා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි.

දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු  මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික  ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු  ලෙස පත්වීම් ලැබ  පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන  මහතාය. ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වි ද යත්  ජයසේන මහතාගේ විවාහයේ දෙවෙනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාමය. තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ සුපුරුදු අතීත ලෙන්ගතුකමය.



ඡායාරූප : සුදත් සිල්වා

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 761

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 1474

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1320

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1300

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1774

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2781

Please publish modules in offcanvas position.