lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් රජයේ තවත් කිහිප දෙනෙකුටත් එරෙහිව කරන ලද හූනියමක් පිළිබඳ පුවතට මේ වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලැබී තිබේ.  බොහෝ මාධ්‍ය මෙම පුවත විවිධාකාරයෙන් 'තළුමරනු' පෙනේ.

මෙම ‘හූනියම’ යනුවෙන් සඳහන් වනුයේ කැබිතිගොල්ලෑවේ සොහොන් බිමක තිබී හමුවූ කුඩා තඹ පතක් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් පමණි. එවැනි ද්‍රව්‍ය කිහිපයක් දුටු සැනින් එය හූනියමක් ලෙස අර්ථ ගන්වන ලද්දේ කවුරුන් විසින්ද? මෙරට ජනමාධ්‍ය විසිනි. එසේ නොමැතිනම් එය කිසිවෙකුටත් කිසිදු වැදගැම්මකට නැති තඹ පතක් පමණි.

සාමාන්‍යයෙන් මානසික රෝගීන්, මානසික අර්බුද වලින් පෙළෙන්නවුන්, ගුප්ත ශාස්ත්‍රවල සරණ යන්න වුන් සේම සමාජය නොමඟ යැවීමට වෙරදරන කපටි කයිරාටිකයන් ද පුද්ගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් මෙබඳු කටයුතු වල නියැලෙන බව නොරහසකි. එබඳු සිදුවීම් මීට පෙර අපි කොතෙකුත් අත්දැක ඇත්තෙමු. ‍

මෙය එක්තරා අන්තගාමී අදහසක් වුවද ‘ප්‍රවෘත්ති අහේනියෙන් පෙළෙන’ ජනමාධ්‍ය ආයතනයකට, මාධ්‍යවේදීයෙකුට වුවද මෙවැනි තඹ තහඩුවකින් ජාතියම ලොමු දැහැගැන්වෙන අන්දමේ ප්‍රවෘත්තියක් මවා ගැනීමට නොහැකියාවක් නැත. නමුත් මෙහිදී එවැන්නක් නම් සිදු නොවූ බව අපගේ පෞද්ගලික අදහසය.

ඒ කෙසේ හෝ අණවින හදිහූනීයම් ලොව පුරා හැඳින්වෙනුයේ කලු අභිචාර (Black Magic) යනුවෙනි. කලු අභිචාර වලින් මිනිසුන්ට විපත් පැමිණවීමට ඇති හැකියාවම ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ සුදු අභිචාර (white Magic) ඔස්සේ මිනිසුන්ට යහපතක් කිරීමට යොදා ගත හැකි බව ලොව පුරා පොදු පිළිගැනීමකි.

ඒ අනුව මෙවැනි කලු අභිචාර ගණයේ හූනියමකට ජනාධිපතිවරයා බලයෙන් පහ කළ හැකිනම් එවැනි සුදු අභිචාර වලින් අලුතෙන් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට ද හැකි විය යුතුය.

මෙවැනි ගුප්ත විශ්වාස මගින් සමාජයේ ගාමක බලය මෙහෙයවෙන බව පිළිගැනෙනුයේ අප නොදියුණු යැයි සලකන ගෝත්‍රික සමාජයන් වල පමණි. එහෙත් පැය කිහිපයක් තුළ මුළු මහත් ජාතියේම අවධානය ‍යොමු කර ගැනීමට සේම ජනාධිපතිවරයාගෙන් පවා අදහසක් ලබා ගැනීමට තරම්  මෙම හූනියම ප්‍රබල වී නම් එමගින් අනියම් ලෙස පැවසෙනුයේ අප සමාජයෙහි මුල්බැස ගත් මෙවන් අන්ධ විශ්වාස ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය ද ඉක්මවා ඉහළ තලයක වැජඹෙන බවය. මෙවන් තත්ත්වයක් තුළ ‘සංවර්ධනය’ පිළිබඳව තවදුරටත් විමසා බැලීම සිහිනෙන් දුටු ඉඩමක ඔප්පු පරීක්ෂා කිරීම සඳහා ඉඩම් කච්චේරියට යාමටත් වඩා විහිළු සහගත වැඩකි.

කිසියම් මානසික රෝගීයෙකු, අඥානයකු, කපටි කයිරාටියෙකු හෝ  එවැනි කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මිනීවලක් මත තබන ලද කුඩා තඹ තහඩුවක් ජාතික මට්ටමේ කැළබීමකට මුල් වූයේ නම් ශ්‍රී ලංකීය ජනසමාජය විනාශ වීමට ඊට වඩා තවත් බරපතල ‘හූනියමක්’ අවශ්‍ය නොවන බව මගේ ඒකායන පිළිගැනීමයි.

මෙම සිද්ධිය මුල්කොට මගේ මතකයට නැගෙන භාරතීය සංස්කෘත සාහිත්‍යයෙහි එන එක්තරා රසවත් කතාවක් තිබේ.

ඒ මෙලෙසිනි.

අතීතයේ එක් රජ කෙනෙක් රාජ්‍යයේ තොරතුරු විමසීම පිණිස රහසින් වීදි සංචාරය කිරීම පුරුද්දක් වශයෙන්  සිදුකළේය. ඒ එක් ගමනක දී රජතුමා කුඩා දරුවන් වැලි බත් උයන තැනකට ගොස් ඔවුන් කරන කියන දේවල් කෙරෙහි විමසිල්ලෙන් පසුවිය. එහි දී එක් දරුවෙකු මෙතෙක් අසා නොපුරුදු අමුතුම වදනක් කියමින් කෑ ගසනු රජතුමාට ඇසිණ. තමන් මින් පෙර එවන් වදනක් අසා නොමැති බැවින් රජතුමා ඒ වචනය මතකයේ තබාගෙන අවුත් රාජසභාවේ පූරෝහිතයාට ඒ බව දැනුම් දුන්නේය.  ඒ එහි අරුත කුමක් දැයි දැනගැනීමය.  එහෙත් ඉන් පැහැදිළි අරුතක් පළ නොවූ බැවින්  ශබ්ද ශාස්ත්‍රානුකූලව ඒ වදන විමසුමට ලක් කළ පුරෝහිත බමුණා එම වචනය මහා ව්‍යසනකාරී එකක් බවත් එය උච්චාරණය කෙරෙන වාරයක් පාසා රාජ්‍යයට මහා විනාශයක් සිදුවන බව රජතුමාට දැනුම් දුන්නේය.

ඉන් පසු ඉන් මහත් සේ තැති ගත් රජතුමා ඒ පිළිබඳව තවදුරටත් විමසීම පිණිස වේදයෙහි පරප්‍රාප්ත බමුණු පිරිසකට භාර කළේය. ඒ සියළුම දෙනාගේ ද  පොදු නිගමනය වූයේ මෙය කිසියම් ශබ්ද ශාස්ත්‍රයේ නිපුන පඬිවරයකු විසින් රජතුමා සහ රාජ්‍යය විනාශ කිරීම පිණිස ගණ පිහිටුවා ප්‍රබන්ධය කරන ලද අතිශය ව්‍යසනකාරී වැකියක් බවය.  කෙසේ හෝ මේ තොරතුර බමුණන් වෙතින් සාමාන්‍ය ජනසමාජය අතරේද පැතිරයන්නට විය..

ඉන්පසු රටෙහි ඇතිවූ සියළු කාලගුණික, දේශගුණික ආදී විපර්යාස  පිළිබඳව පවා  ජනතාව සිතන ලද්දේ ඒ සියල්ල ඉහත සඳහන් ව්‍යසනකාරී වැකිය නිසා සිදුවන දේවල් ලෙසය. අවසානයේ එම ජාතික ව්‍යසනයෙන් රාජ්‍යය බේරා ගත හැකි එකම ක්‍රමය ලෙස බොහෝ දෙනෙකු දැක ඇත්තේ රජතුමා බලයෙන් පහකිරීමය. ඒ අනුව රහස් කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහකෙරුණු රජතුමා අප්‍රකට දිවියකට මුල පිරීය.  ඉන්පසු දිනක ඉහත සඳහන් වීදිය ඔස්සේ ගමන්කරන රජතුමාට නැවතත් එම කෙළිබත් උයන දරු පිරිස  අහම්බෙන් මුණසුණි. එහි සිටි  එම වදන කියූ දරුවා වෙත පි‍විසි රජතුමා දරුවාට එම වදන උගන්වන ලද්දේ කවුරුන් විසින් දැයි විමසූ විට සෙසු දරුවෝ වහා ඉදිරිපත් වී එයට පිළිතුරු දෙන්නට වූහ.

“අපේ මේ මිත්‍රයාට හුඟක් වචන හරියට උච්චාරණය කරන්න බැහැ. ඒකත් ඔහුගේ ඒ නොහැකියාව මත ඔහුට පැටලුණු වචනයක් විතරයි. නමුත් මේ රටේ හිටපු මෝඩ රජා ඒක ඔලුවට අරගෙන රජකමත් නැතිකරගත්තා."

 ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද කැබිතිගොල්ලෑවේ හූනියම මුල්කොට එවන් ඛේදවාචකයකට මුහුණදීමට සිදු නොවේවායි අපි එක සිතින් පතමු.

 

තිලක් සේනාසිංහ

යාල වනෝද්‍යානයේ වාසය කළ තිලක් නම් වූ දළ පූට්ටු ඇතා තවත් ඇතෙකු ගේ ප්‍රහාරයකට ලක්ව ඊයේ (14) සවස මිය ගිය බව දකුණු දිසාව භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකිර්තී මහතා පැවසීය.

ඊයේ (14) සවස ලුණුගම්වෙහෙර  වන වන ජීවී අඩවි කාර්යාලයේ නිළධාරීන් ට තුවාල ලබා සිටි මෙම ඇතා යාල පලටුපාන ප්‍රදේශයේදී හමු වී ඇත.ඉන් අනතුරුව එම නිළධාරීන් තමන් දැනුවත් කළ බවත් තමන් තණමල්විල සිට පලටුපාන ප්‍රදේශයට යන විටත් ඇතා මිය ගොස් සිටි බවත් වෛද්‍ය ධර්මකිර්ති මහතා පැවසීය.

වයස අවුරුදු 51ක් පමණ වූ මෙම ඇතාට පසු ගිය වසර කිහිපය තුළ වරින් වර තුවාල වී තිබුණා. අපි ඒවාට ප්‍රතිකාර කළා. නමුත් පෙරේදා අප දුටුවා ඇතාගේ දකුණු ප්‍රදේශයේ පපුව ආසන්නයේ දරුණු තුවාලයක් තිබුණු බව.එම තුවාලය පපුව ප්‍රදේශයේ ඉල ඇටයක්ද කඩා ගෙන පෙනහැල්ල දක්වා විහිදී තිබුණා. අභ්‍යන්තර ලේ වහනය වීමෙන් මෙම දළ පූට්ටුවා මිය ගොස් තිබුණු බව වෛද්‍ය පරීක්ෂයෙන් අනතුරුව තහවුරු වූ බව වෛද්‍ය ධර්ම කිර්ති මහතා පැවසීය.

වෛද්‍ය ධර්මකිර්ති මහතා වැඩි දුරටත් පැවසුවේ මේ වන විට දළ පුට්ටු ඇතුන් තිදෙනෙකු මෙරට ජීවත් වෙන බවට තහවුරු වී තිබෙන බවයි.ඉන් එක් ඇතෙකු මෙම තිලක් නම් දළ පුට්ටුවා බවද ඔහු පැවසීය.

මෑත කාලය තුල තිලක් නම් දළ පූට්ටු ඇතා යාල පලටුපාන ප්‍රදේශයේ වසය කළ බවපැවසූ වන ජීවී නිළධාරීහු මෙම දළ පුට්ටුවාගේ දළ දෙක සමග හිස යාල වනෝද්‍යානයේ සංරක්ෂණය කරන බවද පැවසූහ.

තංගල්ල චන්ද්‍රසේන ගමගේ

අප හා සේවය කරන තරුණ වෛද්‍යවරියක් දිනක් වෛද්‍ය විවේකාගාරයේ දී මතක හිටින කතාවක් කීවාය. ‘‘ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන කාටවත් හිතට එකඟව වැඩ කරන්න බෑ’’ ඒ මොහොතේ ඇය සිටියේ තම ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලය හා එක්වෙමිනි. ‘‘ඒ මොකද?’’ එතැන සිටි තවත් වෛද්‍යවරියක් ඇසුවාය. 
 
‘‘කවුරුහරි තමන්ගෙ සෙල්ෆියක් ගහගෙන ෆේස්බුක් එකට දැම්මම ඒ පින්තූරෙ කොච්චර කැත වුණත් ‘‘ලස්සනයි, නයිස්’’ වගේ කමෙන්ට්ස් දාන්න වෙනවනේ. මමත් දැන් මේ කරන්නේ එහෙම වැඩක්’’ ඇය සිනාසුනාය. 
 
මතුපිටින් බලන විට සරල සරදමක් සේ පෙනුණු එම වෛද්‍යවරියගේ කතාව ඊට වඩා මඳක් ගැඹුරින් විමසන විට පැහැදිලි මනෝ විද්‍යාත්මක පදනමක් ඇති කියමනක් සේ මට හැඟේ 
 
සෙල්ෆි කලාව අද වන විට විනෝදාංශය යන සීමාව ඉක්මවා මාරක උපද්‍රව ගෙන දෙන බිහිසුණු කර්තව්‍යයක් බවට පත්ව තිබේ. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමෙන් සහ එය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වෙත එක් කිරීමෙන් යමෙකුට අහිංසක සතුටක් භුක්ති විඳිය හැකි බව ඇත්තකි. නමුත් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා සමාජ ජාලවලට එක් කිරීම යමෙකුගේ පෞරුෂ විෂමතාවයන් හුවා දක්වන්නක් බව ඔබ දන්නවා ද? ඒ අනුව යමෙකුගේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන ඔබට ඒ තැනැත්තා ඒ සඳහා සෙල්ෆි ඡායාරූප එක්කොට ඇති ආකාරයෙන් ඔහු තමන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන හෙවත් ආත්මරාගී (Narcissism) පුද්ගලයෙකු ද යන්න පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. 
 
ඇමරිකානු මනෝ වෛද්‍ය සම්මේලනය (APA) නිල වශයෙන් නිවේදනය කොට ඇති පමණ ඉක්මවා සෙල්ෆි ගැනීම සහ ඒවා සමාජ ජාලවලට එක් කිරීම මානසික රෝගයකි. ඔවුහු එම රෝගය අදියර තුනක් වශයෙන් විස්තර කරති. Selsitis යනුවෙන් හඳුන්වන එම රෝගයේ අවස්ථා තුන මෙසේ ය. 
 
1 - මායිම් සීමා අවස්ථාව :  
දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගැනීම හා ඒවා සමාජ ජාලවලට එක් නොකිරීම. 
 
2 -  තීව‍්‍ර අවස්ථාව : 
දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ගැනීම හා ඒවා සමාජ ජාල හා එක් කිරීම. 
 
3 - නිදන්ගත අවස්ථාව : 
තමන්ට පාලනය කරගත නොහැකි ආකාරයට සෙල්ෆි ඡායාරූප ගැනීම සහ ඒවා දිනකට හය වරකට වඩා සමාජ ජාලා වෙබ් අඩවි වෙත එක් කිරීම. 
 
ඒ කෙසේ හෝ හුදු විනෝදාංශයක් වශයෙන් වුව සෙල්ෆියක් ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ අවධානය එක් නිමේෂයක් තුළ හෝ බාහිර පරිසරයෙන් මුළුමනින්ම අත්මිදෙන බැවින් එය ජීවිත අවදානමකට ද හේතුවන බව විශේෂයෙන් සිහි තබා ගැනීම වැදගත් ය. මක්නිසාද ලෝකයේ විනෝදාංශ මුල් කොට ගත් අකල් මරණ අතරින් සෙල්ෆි මරණ (Selfie Death) ලොව ශීඝ‍්‍රයෙන් ඉහළ තැනකට පත්ව ඇති බැවිනි. 
 
වෛද්‍ය සුගත් විජේවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, පේරාදෙණිය

රුහුණු මහා කතරගම දේවාලයේ කපු තනතුර සම්බන්ධයෙන් තම පරපුරට ඇති පාරම්පරික උරුම මුල් කොට නැවත තමන්ට හට එම තනතුර ලබා දෙන මෙන් අධිකරණ ක්‍රියා මාර්ගයකට පිවිස සිටින පත්මසිරි අධිකාරම් මහතාට එම තනතුර බාර දෙන ලෙස නියෝග කරමින් ගල්කිස්ස දිසා අධිකරණය විසින් ලබා දෙන නියෝගය වත්මන් බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතා ක්‍රියාවට නොනැගීම මත ඔහුට පිස්කල් මාර්ගයෙන් එම අධිකරණ නියෝගයට අදාළ ලිපිය බාර දීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් එම ලිපිය බස්නායක නිළමේ වරයා වෙත බාර දීමට පිණිස ඉකුත් 10දා පිස්කල් වරයා එහි ගියද  එම නියෝගය ඇතුළත් ලිපිය බස්නායක නිලමේවරයාගේ කාර්යාලයේ කිසිවකු බාර ගෙන නොමැත.

එබැවින් එම අධිකරණ නියෝගය ඇතුළුත් ලිපිය නීත්‍යානු කූල පදනම යටතේ  බස්නායක නිල කාර්යාලයේ බිත්තියේ අලවා තැබිමට පිස්කල් නිලධාරියා පියවර ගත්තේය.

පත්මසිරි අධිකාරම් මහතා පවසන පරිදි කතරගම දේවාලයේ කපු තනතුර සඳහා තම පරපුරට ඇති පාරම්පරික හිමිකම  වර්තමානයේ අහිමි කොට ඇති බැවින් තම පරපුර වෙත කතරගම දේවාලයේ කපු තනතුර ලබා දෙන ලෙස ඉල්ලා මින් වසර 55ක් පමණ  කාලයක් රන්ජිත් අධිකාරම් පරපුරේ අය නඩු කියා තිබේ.

ඒ අනුව රන්ජිත් අධිකාරම් මහතාට නැවත පාරම්පරික කපු තනතුර ලබා දෙන ලෙස කීප විටක්ම අධිකරණ නියෝග ලබාදෙනු ලැබුවත් මීට පෙර සිටි බස්නායක නිලමේවරුන් කීප දෙනකු විසින්ම එම ඉල්ලීම පැහැර හරින ලදී.

පසුගිය 10වැනි දින කතරගම බස්නායක නිලමේ හමුවීමට අධිකරණ නිලධාරීන් පැමිණියද බස්නායක නිලමේ නිල මැදුරේ නොසිටි අතර එහි රැදීසිටිය වුන්ද අධිකරණ නියෝගය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. අධිකරණ නියෝගය බිත්තියේ අලවා තැබීමට සිදුවූයේ එබැවිනි.

පද්මසිරි අධිකාරම් මහතාගේ පරපුරට කතරගම කපු තනතුර සඳහා ඇති නීත්‍යානූ කූල හිමිකම අධිකරණය මගීන් පවා තහවුරු කොට ඇති පසුබිමක කතරගම බස්නායක නිළමේ වරු කිහිප දෙනෙකුම නීතියට පිටුපා කටයුතු කිරීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබේ.

පොල්ගසකින් ඇද වැටිම නිසා වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබු අඩි පහක පමණ ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  රංජුක උබේසිරි මහතා සමත්ව තිබේ.

සිව්දරු පියෙකු වන මෙහු  පොල් ගසකින් පොල් කඩා යළී පොල් ගසින් බැසිමේදී අඩි තිස්පහක් හතලිහක් පමණ උසකින් ඇදවැටි ඒ අසල තිබු ගිනිසීඩියා වැටක් මටත වැටි තිබේ. එහිදි ඔහුගේ වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරුකරගෙන යන සේ ගිනිසිඩියා උලක් ඇණී තිබේ.
ඉකුත් 12 වැනි දින මෙම සිද්ධිය වි ඇති අතර ඔහු ඇඹ්ලිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කලවේ ඇණී තිබූ ලි උලත් සමග  12 වැනි දින පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට  මාරුකොට එවා තිබේ.

එදින පැය දෙකහමාරක පමණ විස්මිත සැත්කමකින් පසු මෙම ලී කොටය ඉවත් කිරිමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත. මෙම සැත්කම නිසා මෙම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට හැකිවි තිබේ. මෙම අනතුරට මුහුණ පෑවේ  එදිරිගේ පියසිරි  (55) නමැති  අගුණුකොඵපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙකි විස්මිත සැත්කම පිළිබද අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මේසේ කිවේය.

මෙම රෝගියා  මෙම අනතුරට ලක්වුණාට පසු මුලින්ම ඇඹ්ලිපිටිය රෝහලට තමයි ඇතුලත් කරලා තිබුණේ ඒ රෝහලේ වෛද්‍යවරයකු මට කථා කරලා කිවා මෙම රෝගියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවනවා කියා සැත්කම කිරිමට. නහර වලට අනතුරක් වි ඇති බව කිවා.  ඒ නිසා ලි කොටයත් සමග තමයි එව්වේ. පසුව ශල්‍යාගාරයට මෙම රෝගියා අරගෙන සැත්කමකින් එම ලි කොටය ඉවත් කළා.  මුලින්ම පාදයේ රුධිර වහනය නතර කළා. උඩින් තිබු නහරවල ලේ සැපයම නතර කරලා  තුවාලය සම්පුර්ණයෙන් හෝදලා නහර පිළිසකර කරලා තමයි සැත්කමකින් ලි කොටය අයින් කළේ. නමුත් මොහුගේ ප්‍රධාන නහරය බේරිලා තිබුණේ. සැත්කමින් පසු මෙම රෝගයාගේ පාදවල ඇති නහරවල හොදින් රුධිරය ගමන් කරනවා. සුසුම්නාවට හානි වේලාද කියලා බලන්න දැන් එම්.ආර්.අයි පරික්ෂණයක් කරණවා. රෝගියා හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.

 මේ වගේ උලක් ඇණුනු අවස්ථාවක එක ගලවන්නේ නැතිව රෝහලට රැගෙන එන්න ඕන. ගලවන්න ගියහොත් රුධිර වහනය වෙලා ජිවිතය පවා නැති වෙන්න පුළුවන්. යැයිද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කීවේ.

මෙම අනතුරට පත්වූ එදිරිගේ පියසිරි  (55) මෙසේ  කිවේය.

මුදලාලි කෙනෙකුගේ පොල් කැඩුවා එක වත්තක පොල් ගස් 17ක විතර පොල් කැඩුවා. අනෙක් වත්තේ  14ක විතර පොල් කැඩුවා. ඊට පස්සේ   තවත් පොල්ගහකට ගිහින් බහින්න හදන කොට  එක් පොල්පිත්තක් අල්ලා ගත්තා ඒ පොල්පිත්ත ගැලවුණා. මට අනික් පොල්පිත්ත අල්ලා ගන්න බැරිවුණා. මාව ගහෙන් බිමට වැටුණා. වැටේ තිබුනා ගිනිසීඩියා ගහක් ඒක තමයි කකුලේ ඇනිලා තිබුණේ. ගහෙන් ලී කැබැල්ල කපලා වෙන් කරලා  තමයි මාව රෝහලට ගෙනාවේ. පියසිරි කිවේය.

ගාල්ල කමල් විජේහේවා / ජිනේෂ් නානායක්කාර

‘ගැලනිගම’ යන නම මෑතක සිට අතිශය ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හුවමාරු ස්ථානයක් මුල් කර ගනිමිනි. එහෙත් ගැලනිගම මුල් කොටගත් විශිෂ්ට ඵෙතිහාසික සහ පුරා විද්‍යාත්මක උරුමයක් ඒ ආසන්නයේම ඇති බව ඔබ දන්නවාද?

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගොස් ‘ගැලනිගම’ හුවමාරුවෙන් පිටතට පැමිණි විට අවතීර්ණ වන්නේ පානදුර - රත්නපුර මහාමාර්ග‍යටයි. එතැන සිට පානදුර නගරයට ඇත්තේ කිලෝමීටර් හතකි. එදවස ‘රයිගම’ පුරය වූයේ මෙම ‘ගැලනිගම’ මංසන්ධිය අවට ප්‍රදේශයයි. ‘නිකාය සංග්‍රහය’ට අනුව එය එදවස ‘රාජග්‍රාම’ (රජුගේ ගම) ලෙසද හැඳින්විණි. ගැලනිගම මංසන්ධියෙන් රත්නපුර දෙසට මඳක් ගොස් අතුරු මාර්ගයක් ඔස්සේ හැරුණුවිට පතහවත්තේ ‘පුෂ්කරාරාමය’ හමුවේ.

මෑතදී තැනූ මෙම ‘පුෂ්කරාරාම’ විහාර භූමියෙහි අද දවස ද ඉපැරණි රජ මාලිගාවක නටබුන් තිබේ. මෙම රජ මාලිගාවේ නටබුන් පිළිබඳව ඇති පුරාවිද්‍යා සටහනෙහි සඳහන් වන්නේ එය ‘රයිගම් බණ්ඩාර’ රජු වාසය කළ රජ මාලිගාව බවය.

වීදාගම රජමහා විහාරයේ ඉදිරිපිට ඇති වීදාගම මෛත්‍රී හිමියන්ගේ ප්‍රතිමාව

එසේ නමුත් ‘රයිගම’ පුරයෙහි මෙම ස්ථානයෙහි ප්‍රභූ රාජයන් රැසක් වාසය කළ බව අප්‍රකට කරුණකි. ‘රයිගම’ රාජධානිය කොට විසූ ප්‍රභූ රාජයන් අයිතිවන්නේ ‘අලගක්කෝනාර’ පරපුරටය. දැනට පතහවත්ත ‘පුෂ්කරාරාම’ භූමියේ ඉතිරිව ඇති රජ මාලිගාවේ ප්‍රාකාරය අඩි නවයක් පළලින් යුක්තය. එය අක්කර හතරක ඉඩමක් වටා විහිදී ඇත. මෙම ස්ථානයෙහි දැනටත් ඉපැරණි මුරගල්, කැසිකිලි ගල්, කළුගලෙන් තනන ලද වැහි පීළි සහ වෙනත් නටබුන් සමූහයක් දක්නට ඇත.

‘රයිගම’ නගරය වැදගත් වූයේ එම නගරය මගින් පාලනය කෙරුණු විදේශීය වෙළෙඳාම නිසාය. රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමත් සමඟ නිරිතදිගට සංක්‍රමණය වූ සිංහල ජන ප්‍රධානීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්වූයේ විදේශ රටවල් සමඟ කරන ලද වෙළෙඳාම යි. ලංකාවෙන් අපනයනය කරන ලද ද්‍රව්‍යයන් අතර ප්‍රධාන ස්ථානයක් ගත්තේ මුතු, මැණික්, ඇත් දත්, කුළුබඩු ආදියයි. ‘රයිගම’ නගරය පිහිටා ඇති ස්ථානය හරහා විහිදෙන පානදුර - රත්නපුර මාර්ගය ඔස්සේ ‘රයිගම’ නගරය හරහා නිරිතදිග වෙරළෙහි තිබූ පානදුර, බේරුවල වැනි වරාය හා  ‘සබරගමුව’  සම්බන්ධ කෙරින. මෙම තොටුපොළවල් හා වරායයන් පාලනය කළ රජවරු එම හේතුව නිසා ද ධනවත් වූහ. ඔවුහු එම නගරයන් අවට වෙහෙර විහාරද කරවූහ.

වීදාගම ශ්‍රී ඝනානන්‍ද පිරිවෙනේ ඇති පැරණි සඳකඩපහණක්

‘රයිගම’ නගරය අසල තිබූ ප්‍රධානතම විහාරය ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ ය. මෙම ‘වීදාගම ශ්‍රී ඝනානන්‍ද පිරිවෙන’ මූලික කොට වාසය කළේ වීදාගම සංඝ පරම්පරාව යි. වීදාගම සංඝ පරම්පරාවේ සුප්‍රසිද්ධම භික්ෂූන් වහන්සේ  ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය රචනා කළ ‘වීදාගම මහා මෛත්‍රීය’ ස්වාමින් වහන්සේ ය. 

එසේ නමුත් කුරුණෑගල යුගයේ සිට පැවතෙන ඉතිහාසයක් ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ ට ඇත. ක්‍රි.ව 1302 දී කුරුණෑගල රජ බවට පත්වූ ‘සතරවෙනි පරාක්‍රමබාහු’ රජු ‘රත්ගම්පුර’ (රයිගම) සමීපයෙහි ‘විද්දුම ගාම’ යේ (වීදාගම) ශ්‍රී ඝනානන්ද නමින් පිරිවෙනක් හා වෙහෙරක් කරවා, තම ආචාර්ය වූ සොලී රටින් වැඩි මහතෙරුන්ට පූජා කළ බව මහාවංශයෙහි සඳහන් වේ. අතීතයේ අප රටට එල්ල වූ සොලී ආක්‍රමණ සඳහා ඉතිහාසයේ ලැබී ඇති තැන මෙවන් ශාසනික සබඳතා වෙනුවෙන් ලැබී නොමැති වීම කණගාටු දායකය.

මෙම පිරිවෙනින් මහ නා හිමිවරුන් රැසක් බිහි වූ අතර, ක්‍රි.ව 1405 දී මෙහි ආධිපත්‍යය දරන්නට ඇත්තේ ‘මහා මෛත්‍රී හිමි’ ගේ ගුරුදේවයාණන් වූ ‘වීදාගම නා හිමි’ ය.

ඔබත් ඉතිහාසය පිළිබඳව උනන්දුවන්නෙකු නම් පානදුර - රත්නපුර මාර්ගය ට මුහුණලා ‘ගැලනිගම’ මන්සංදිය අසල දී මෙම ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ නැරඹිය හැක. ‘රයිගම’ රජමාලිගාවේ සිට ‘වීදාගම’ පිරිවෙනට ඇත්තේ කිලෝමීටර් තුනක් පමණි. පෘතුගීසි පාලන යුගයේ දී ඔවුන් විසින් මෙම පිරිවෙන මුළුමනින්ම විනාශ කරන ලදී. නමුත් දැනට ඇති නව පිරිවෙන් භූමියෙහි  ඉපැරණි පිරිවෙනෙහි නටබුන් අදටත් දැකගත හැකි ය.

මෙම වීදාගම පිරිවෙන ‘රයිගම’ නගරයේ ප්‍රධානතම භික්ෂු මධ්‍යස්ථානයකි. රාජ්‍ය පාලනය හැසිරවීමට තරම් බලයක් මෙම පිරිවෙනට තිබෙන්නට ඇත. මේ අයුරින් ප්‍රතිරාජයකුත්, යුවරජකුත්,  බිහි කළ හා විශාල නිවෙස්, මංමාවත් සහ වෙහෙර විහාරවලින් පරිපූර්ණ වූ ‘රයිගම’ එදවස අංග සම්පූර්ණ නගරයක් විය.

එහෙත් අද වන විට ඒ පැරණි නගරය අභාවයට ගොසිනි. කෙසේ හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබට ගැළණිගම පිවිසුමෙන් මඳක් ‘හිස පොවා’ බැලිය හැකි නම් තවමත් ශේෂ වී ඇති එම අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ ඔබේ දෙනෙත් හමුවේ මැවී පෙනෙනු ඇත.




පුෂ්කරාරාම විහාර භූමියේ ඇති පැරණි රජමාලිගයේ නටබුන්



පැරණි මාලිගය වටා ඇති කොටු බැම්ම

 

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 576

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1294

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 472

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2043

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2080

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 926

Please publish modules in offcanvas position.