Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇත් දළ සොරුන් මරා දැමූ දළ පූට්ටුවාගෙන් අභය දානය ලද්දෙමු

එය 2016 වසරේ සිංහල අවුරුද්දට ආසන්න දිනයකි. එවක මගේ බිරිඳ අප දෙවන දරුවා ප්‍රසූත කිරීම පිණිස අටමස් ගැබිණියකව සිටියාය. එක්තරා අඳුරු සැන්දෑවක නිවසේ ආහාර පිසීමට කම්මැළි බැවින් අපට ආසන්නතම ගල්ගමුව නගරයට ගොස් ආහාර ගනිමු යැයි බිරිඳ මට යෝජනා කළාය.

ඒ අනුව මම සියඹලන්ගමුවේ පිහිටි අප නිවසේ සිට බිරිඳ සහ එවක එකොළොස් හැවිරිදිව සිටි මගේ  දියණියද කැටුව මා සතු ත්‍රිරෝද රථයෙන් සියඹලෑව පාර ඔස්සේ ගල්ගමුව නගරයට යාමට පිටත් වුණෙමි. අතරමගදී අප හිතවත් අසල්වැසියෙකු ද ගල්ගමුව දෙසට යමින් සිටි බැවින් අපි ඔහුද ත්‍රිරෝද රථයට නංවා ගතිමු.

 සැන්දෑ ඇඳිරියත්, වැසි ඇඳිරියත් එකට සුසංයෝග වූ ඒ සැදෑවේ ත්‍රිරෝද රථය සියඹලාවට හැරෙන තැන පිහිටි වංගුව පසුකරනවාත් සමඟම මගේ ඉදිරි මාර්ගයේ සුදු පැහැති යමක් දිස් විය. එවිට මට දැක ගත හැකි වූයේ මාර්ගයේ අප ඉදිරියට එන දළ සහිත ඇතෙකි. ඒ අපට හොඳින් ‍හුරු පුරුදු දළ පූට්ටුවා නම් සද්දන්තයා බව එක්වරම මට සිහිපත් විය. දැන් දළ පූට්ටුවා පැමිණෙනුයේ කෙලින්ම අපගේ ත්‍රිරෝද රථය ඉලක්ක කරගනිමිනි. ඒ මොහොතේ මට මගේ දියණිය සහ ගැබ්බර බිරිඳ සිහි විය. ඒ අනුව මා හනික ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිවීමට සැරසුණෙමි. ඒ දළ පූට්ටුවා ත්‍රිරෝද රථය අමතක කොට මා පසුපස එළවාවි යන විශ්වාසයෙනි. නමුත් මා රථයෙන් පැන ගත් විගසම මගේ දියණිය ද රථයෙන් පිටතට පැන ගත්තාය. මට එක්වරම දෙවියන් සිහි විය. ඒ අතර මගේ බිරිඳ කෑ ගැසීමට වත් දිරියක් නොමැතිව ත්‍රිරෝද රථය තුළ නිසොල්මන්ව සිටියාය. දළ පූට්ටුවා ක්‍රමයෙන් රථයට සමීපවත්ම අන් කිරීමට කිසිවක් නොහැකි මගේ අසල්වැසියා සහ බිරිඳ ද රථයෙන් බැස ගත්තේ මරණ දඬුවමට නියම වූවන් ලෙසිනි. දැන් අපට සැඟවීමට කිසිම තැනක් නැත. අඩුම ගණනේ අවට සැලකිය යුතු වන රොදක්වත් නැත. එනිසා  අන්ත අසරණ බවට පත් වූ අපි කරකියා ගත හැකි අන් කිසිවක් නොමැතිව ත්‍රිරෝද රථයේ පිටුපසට මුවා වීමු. ඒ අප ඉදිරියට එන දළ පූට්ටුවා ත්‍රිරෝද රථය පපඩමක් සේ පොඩි කර දමා ඊළඟට අප වෙත යොමු වෙතැයි යන මර බියද සිතේ පුරවාගෙනය. එහෙත් තම  සුපුරුදු සන්සුන් ගමනින් ඉදිරියට පැමිණි දළ පූට්ටුවා ත්‍රිරෝද රථය ඉදිරියට විත් මඳක් නිසොල්මන්ව සිට එයට හොඬවැලින් කුඩා කුඩා තට්ටුවක් දමා අප පිළිබඳ කිසිදු තැකීමකින් තොරව නැවත වනය දෙසට හැරුණි.

ඔහුගේ මෙම නික්ම යාම දුටු අපට හැඟුණේ අප සැම මරණයෙන් පිබිදුණු අයුරකි. ඔහු අපට එදා එලෙස අභයදානය නොදෙ‍න්නට මා සේම මගේ දියණිය ගැබ්බර බිරිඳ, මගේ මිතුරා සේම ඒ වන විට මෙලොවට එන්නට සැරසී සිටි ම‍ගේ සිඟිති පුතුගේ ද ජීවිත අහිමි වන්නට ඉඩ තිබිණි.

නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරන වන අලින් වන ඇතුන් ගැන අසා ඇති ඔබ දළ පූට්ටුවාගේ මෙම සුවිශේෂ ගති ගුණ මීට පෙර අසා නොතිබෙන්නට ඇත. නමුත් ඔහු ජීවත් වූ ප්‍රදේශවල ගැමියන් සතුව ඔහු සම්බන්ධ මෙවැනි අත්දැකීම් රැසක් තිබේ. එම උදාර සත්වයා සතු ඒ උතුම් ගුණාංග සිහිපත් කරමින් ඒවාට කෘතවේදීත්වය පළකරනු වස්  මෙම දෙසැම්බර් අට නවය යන දෙදින තුළ එම උතුම් සත්වයා වෙනුවෙන් මතක බණක් කියවා සාංගීක දානයක් දී පිං පැමිණ   වීමට උස්ගල, සියඹලන්ගමුව ගම්වාසීන් වන අප ඇතුළුව සමස්ත ගල්ගමුව ප්‍රදේශවාසීහු මේ දිනවල කැපවී ක්‍රියා කරති. ඒ මින් පසු මෙවැනි බිහිසුණු කෘර සත්ව ඝාතන ඇතුළු වන අපරාධ දුරින් දුරු වේවා ය යන පැතුම පෙරදැරි කරගත් දේව කන්නලව්වක් ද කරමිනි.

ක්‍රිෂාන්ත ප්‍රසාද් නන්දසේන ගල්ගමුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 184

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 247

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 261

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2087

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3497

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9385

Please publish modules in offcanvas position.