Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මියගිය බිලිඳා ආදාහනය කිරීමට යද්දී යළි පණ එයි

විසි හැවිරිදි මවක බිහි කළ නිවුන් දරු දෙදෙනකු හා බැඳුණු අනුවේදනීය සහ අසාමාන්‍ය පුවතක් නිසා මේ දිනවල ඉන්දියාවේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. මෙම ආන්දෝලනයට පසුබිම් වී ඇත්තේ දිල්ලියේ පිහිටි මැක්ස් නැමැති පෞද්ගලික රෝහලක සිදු වූ සිදුවීමකි.
ඉන්දීය මාධ්‍ය හරහා වාර්තා වන අන්දමට පසුගිය 30 වෙනි දින වර්ෂා නැමැති මෙම තරුණ මව ඉහත කී රෝහ‍ලේදී නිවුන් දරුවන් දෙදෙනකු බිහි කර තිබේ.  නමුත් එම දරු දෙදෙනා මියගිය බව වෛද්‍යවරු වර්ෂාටත්, ඇගේ සැමියා වන අශීෂ්ටත් පසුව දැනුම් දී ඇත. ඒ අනුව දරුවන් දෙදෙනාගේ සිරුරු ප්ලාස්ටික් ආවරණයක දමා ඔවුන්ට භාරදීමට රෝහල කටයුතු කර ඇති බව සඳහන් වේ. මහත් සිත් කම්පාවට පත් වූ මව්පියන් දෙදෙනාට වෙන කරන්නට දෙයක් නොවූයෙන් ඔවුහු දරු දෙදෙනාගේ සිරුරු ආදාහනය කිරීමට තීරණය කළහ.  ඒ අනුව පවු‍ලේ උදවිය දරුවන්ගේ සිරුරු දමා තිබූ ආවරණයද ගෙන ආදාහනාගාරයක් කරා ගමන් කරමින් සිටි අතර ඒ අවස්ථාවේ සිදුවී ඇත්තේ කිසිසේත් බලා‍පොරොත්තු නොවිය හැකි ආකාරයේ සිදුවීමකි.  පවු‍ලේ අයෙකුට හදිසියේම ප්ලාස්ටික් ආවරණය තුළ යම් සෙලවීමක් දැකගන්නට ලැබි ඇත. වහාම ආවරණය විවර කර බලද්දී ඔවුන්ට දැකගන්නට ලැබි ඇත්තේ මියගිය බව පැවැසූ දරු දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් පණ පිටින් සිටින අන්දමයි. මෙයින් විස්මයට පත් අශීිෂ් ඇතුළු පිරිස වහාම ඒ අසල පිහිටි වෙනත් රෝහලකට දරුවන්ද සමග ගොස් ඇති අතර පණ පිටින් සිටි ඉහත කී දරුවා ඇතුළත් කරගෙන ප්‍රතිකාර ලබා දීමට එම රෝහල පියවර ගෙන තිබේ. 
බලා‍පොරොත්තු විය හැකි ආකාරයෙන්ම දැන් ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට මෙම සිද්ධිය සමත්ව ඇත.  මේ සම්බන්ධයෙන් සම්පූර්ණ 
පරීක්ෂණයක් කිරීමට අදාළ රෝහල කටයුතු කර ඇති අතර සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරුන් දෙදෙනකු නිවාඩු යැවීමටද ඔවුන් පියවර ගෙන ඇති බව අනාවරණය වෙයි. මේ සම්බන්ධයෙන්, දරු දෙදෙනාගේ පියා  වන 26 හැවිරිදි අශීෂ් ‍පොලීිසියට ද පැමිණිල්ලක් ගොනු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඔහු සඳහන් කර ඇති අන්දමට නොවැම්බර් 27 වෙනි දින වර්ෂා හදිසියේම දැඩි වේදනාකාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඒ අනුව ඇය මුලින්ම ගෙනගොස් ඇත්තේ අසල පිහිටි වෙනත් සාත්තු නිවාසයක් වෙතය. මැක්ස් රෝහල වෙත ඇය යොමු කර ඇත්තේ  එහිදී ඇය පරීක්ෂා කරන ලද වෛද්‍යවරුන්  විසිනි. මැක්ස් රෝහ‍ලේ දී ඔවුන්ට දැනගන්නට ලැබි ඇත්තේ කුස තුළ නිවුන් දරු දෙදෙනකු සිටින බවයි. එමෙන්ම ඔවුන් ජීවත් වීමට ඇති ඉඩ ඉතා අඩු බවද, එය සියයට 10-15ක ප්‍රතිශතයක් බවද වෛද්‍යවරුන් පවසා ඇතැයි සඳහන් වේ. ඒ වනවිට දරු ගැබට සම්පූර්ණ වී තිබි ඇත්තේ මාස හයකට ආසන්න කාලයක් පමණක් වීමද මෙයට බලපාන්නට ඇත. දරුවන් ජීවත් වීමට ඇති ඉඩ වැඩි කිරීම සඳහා ඉන්දියානු රුපියල් 35,000 ක් වන එන්නත් තුනක් ලබා දීමට නිර්දේශ කළ බවද අශීෂ් පවසා ඇත. මෙම එන්නත් ලබා දීමෙන් පසු දරුවන් ජීවත් වීමේ අවස්ථාව සියයට 30ක ප්‍රතිශතයක් දක්වා වැඩි වූ බව ද රෝහලෙන් දැනුම් දී තිබේ. 
කෙසේ හෝ වේවා නොවැම්බර් 29 වෙනි දින රාත්‍රියේ වර්ෂාගෙන් රුධිර වහනයක් සිදුවීමට පටන්ගෙන ඇති හෙයින් ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බව දැනුම් දී ඇතැයි පැවැසේ. එයින් අනතුරුව 30 වෙනි දින උදයේ වර්ෂා ඇගේ පළමු දරුවා ප්‍රසූත කර ඇත. ඔහු මියගොස් සිට නැති බව පැවසෙන අතර ඊට මඳ වේලාවකට පසු බිහි කළ දෙවැනි දරුවා (දියණිය) උපත ලබද්දීම මියගොස් සිට ඇතැයි වාර්තා වෙයි. පළමු දරුවා ද ඒ වනවිට සිටි අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන තුරු රැක ගැනීමේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය වනු ඇතැයි රෝහල සඳහන් කළ බවද අශීෂ් පවසා තිබේ. පවු‍ලේ අය මේ ගැන සාකච්ඡා කරමින් සිටින අතර  එදින දහවල් වනවිට රෝහලෙන් දැනුම් දී ඇත්තේ පළමු දරුවාද මිය ගිය බවයි. දරුවන් දෙදෙනාගේ සිරුරු ප්ලාස්ටික් ආවරණයක බහා පවු‍ලේ උදවියට භාර දී ඇත්තේ එයින් අනතුරුවය.
ආදාහනාගාරය වෙත යමින් සිටින අතරතුර, පළමු දරුවා මියගොස් නැති බව දැනගැනීමෙන් පසු එම දරුවා  ඒ අසල පිහිටි වෙනත් රෝහලකට ඇතුළත් කළ පවු‍ලේ පිරිස අනතුරුව, ඒ වනවිට මියගොස් සිටි බව තහවුරු කර තිබූ, දෙවැනි දියණියගේ සිරුර ආදාහනය කිරීමට කටයුතු කර ඇත.
මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳ ‍පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා ආදිය සිය භාරයට ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇත. මේ අතර වර්ෂාට ලබා දුන් ඉන්දියානු රුපියල් 35,000 ක් වූ බව සඳහන් එන්නත් ද අත්‍යවශ්‍යම වූ ඒවා ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව ඔවුන් සඳහන් කර තිබේ. මේ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලින් පසු අවශ්‍ය වුවහොත් රෝහ‍ලේ බලපත්‍රය අවලංගු කිරීමට වුවද පියවර ගන්නා බව දිල්ලි බලධාරීන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇත.
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 182

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 246

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 260

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2086

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3496

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9384

Please publish modules in offcanvas position.