Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මට කකුලක් විතරයි ඕනේ

ස්ටැනී ද සිල්වා කියන්නේ දශක ගණනාවක් තිස්සේ කලා අධ්‍යක්ෂවරයකු, චිත්‍ර ශිල්පියෙකු සහ රංගන ශිල්පියකු ලෙස  සිය ප්‍රතිභාව පෙන්නුම් කළ කලාකරුවෙක්. නමුත් අද වන විට ඔහුට වෙනදා වගේ දුවලා පැනලා කලා කටයුතුවල නියැළෙන්න හැකියාවක් නැහැ. ඒ ඔහු හදිසියේ රෝගාතුර වීම නිසා. ස්ටැනී ද සිල්වා නමැති කලාකරුවාට ඇත්තටම සිදුවුණේ කුමක්ද කියලා පාඨක ඔබව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව පසුගිය දවසක අපි ඔහුව මුණගැසුණා. 
 
හොඳට හිටපු ඔබ කොහොමද ලෙඩ ඇඳට වැටුණේ ?
ඒක හදිසියේම සිද්ධ වෙච්ච දෙයක්. මියුසික් වීඩියෝවක් සඳහා කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න නුවරඑළිය ප්‍රදේශයට ගිහින් ආපසු එද්දී මම ලෙඩවෙලයි හිටියේ.  මුලින්ම දකුණු කකු‍ලේ ඇතිවුණු පුංචි බිබිලක් පසුව කකුල පුරා පැතිරිලා ගියා. වෛද්‍යවරු කිව්වා කකුල කපන්න වෙනවා කියලා. අන්තිමේදී මගේ කකුල කපා ඉවත් කළා. 
 
කකුල කපා දමනවා හැරෙන්න වෙනත් විකල්පයක් තිබුණේම නැද්ද?
කවුද කැමති තමන්ගේ කකුලක් කපා දමනවාට. ඒ ගැන විමසුවාම වෛද්‍යවරු කිව්වා කකුල ඉවත් නොකළොත් විෂබිජ මගේ හදවත දක්වා පැතිරෙන්න පුළුවන් කියලා. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම ඔවුන්ගේ තීරණයට එකඟ වුණා. 
 
කොහොමද ඒ තරම් දරුණු විෂබිජයක් ඔබේ ශරීරයට ඇතුළු වෙලා තියෙන්නේ?
රෝගී වෙන්න දින කිහිපයකට කලින් මම මගේ මල්ලි කෙනෙකුගේ ටී ෂර්ට් ප්‍රින්ට් කරන ව්‍යාපාරයකට උදව් වෙන්න ගියා. එතනදී තිබුණු ඩයි වර්ගයක් විෂ වීමෙනුයි මේ ආසාදන තත්ත්වය මතු වෙලා තියෙන්නේ. 
 
කකුල ඉවත් කළ පසුව කාලයක් රෝහල්ගත වෙලා ඉඳලයි ඔබ නැවතත් නිවසට එන්නේ?
ඔව්, කකුල කැපුවාට පස්සේ මාසයකට වැඩි කාලයක් මම රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. මීට දින කිහිපයකට කලින් තමයි ආපසු නිවසට ආවේ. දැන්නම් කකු‍ලේ තුවාලය ටිකක් සුවයි. නමුත්, කෘත්‍රිම කකුලක් දමන්න තරම් සුවයක් තවම ලැබිලා නැහැ. 
 
මේ සිදුවීම නිසා ඔබේ ආර්ථිකයට විශාල පහරක් එල්ල වෙන්න ඇති?
අනේ ඔව්, කලාකරුවෝ විදිහට අපි මාසේ අන්තිමේ වැටුපක් ලබා ගන්නා අය නමෛයිනේ. කලා කටයුත්තකට දායක වුණොත් විතරයි අපට මුදලක් ලැබෙන්නේ. අසනීප වුණාට පස්සේ මගේ කලා කටයුතු සියල්ල නතර වුණා. අවුරුදු 40ක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටියත් ඉතිරිකරගත් මුදලකුත් මා ළඟ නැහැ. ඒ නිසා ආර්ථික වශයෙන් මේ වෙනකොට මම විශාල අසීරුතාවකට පත් වෙලයි ඉන්නේ.
 
කවුද දැන් ඔබේ හයියට ළඟින් ඉන්නේ ?
මගේ බිරිඳ තමයි මා ගැන හැමදෙයක්ම සොයා බලන්නේ. මගේ එකම දුව විදේශ ගතවෙලයි ඉන්නේ. දුව රට ඉන්නවා කිව්වාම හුඟක් අය හිතනවා අපට මුදල් යහමින් ඇති කියලා. නමුත් සැබෑ තත්ත්වය ඒක ‍නෙවෙයි. අපි ජීවත් වෙන්නෙත් කුලී නිවසක. කෘත්‍රිම පාදයක් ගන්න හරි කවුරුන් හෝ මට උදව් වෙනවා නම් ඒක ලොකු පිනක්. 
 
කලාකරුවෙක් විදිහට ආපු ගමනේදී ඔබ එකම ක්‍ෂේත්‍රයකටම පමණක් කොටුවී නොසිටි අයෙක් විදිහට හැඳින්වුවොත් හරි නේද?
අ‍පොයි ඔව්. 1979 අවුරුද්දේ රිවිරැස පුවත්පතෙන් තමයි මම චිත්‍ර ශිල්පියෙක් විදිහට ගමන ආරම්භ කළේ. ඊට පස්සේ මම ගොඩක් චිත්‍රකතා පත්තරවලත් සේවය කළා. 2012 වසරෙදි මම චිත්‍ර ප්‍රදර්ශනයකුත් පැවැත්වූවා. කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට ක්‍ෂේත්‍රයට පිවිසුණේ මාලිනි ෆොන්සේකාගේ 'අහිංසා' චිත්‍රපටයෙන්. මගේ දෙවැනි චිත්‍රපටය වූ 'කැඩපතක ඡායා'හි කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ස්වර්ණ සංඛ සම්මාන උළෙ‍ලේදී මට වසරේ හොඳම කලා අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් හිමිවුණා. චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට මම කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.
 
ඒ විතරක් ‍නෙවෙයි ඔබ රංගන ශිල්පියෙක් ?
ඔව්, මම කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ බොහෝ නිර්මාණවලට මම රංගන ශිල්පියෙක් විදිහටත් දායකත්වය සැපයුවා. ස්ටීවන් ස්පිල්බර්ග්ගේ 'ඉන්ඩියානා ජෝන්ස්' චිත්‍රපටයට රංගනයෙන් දායකවීමට ලැබිමත් මගේ රංගන දිවියේ අමතක නොවන අවස්ථාවක්.
 
මේ හදිසි විපත නිසා ඔබේ කලා දිවියත් සදහටම නතර වෙයිද? 
එහෙම වෙන එකක් නෑ. එකතැන ඉඳගෙන හරි මට චිත්‍ර ශිල්පියෙක් විදිහට වැඩකරන්න පුළුවන්. දැනටමත් ඒ වැඩකටයුතු මම පටන් අරගෙනයි තියෙන්නේ.
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 185

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 248

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 261

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2088

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3497

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9385

Please publish modules in offcanvas position.