Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දැරිය සහ සැකකරු අසල්වැසියන් බව ද පොලීසිය කියයි. සිද්ධිය වූ දින දැරිය, සැකකරු සහ තවත් දරුවන් කීප දෙනෙකු හැංගි මුත්තන් සෙල්ලම් කර ඇත. එසේ සෙල්ලම් කරමින් සිටින අතර තුර දැරිය ඇදක් යට සැගවී තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් ඇඳ යටට විත් දැරියට අතවර කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

නමුත් ඒ බව ඇය මුලදී කිසිවෙකුටත් පවසා නැත.

මේ අතර දැරිය අධ්‍යාපන ලබන පාසලේම වෙනත් සිසුවියක්ද පසුගිය දිනක අතවරයට ලක්ව ඇත. ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම සිද්ධිය දැන ගෙන ඇති දැරිය තමන්ට ද සිදුව ඇත්තේ මෙවන් සිද්ධියක් බව වටහා ගෙන එම අතවරය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරියක් දැනුවත් කර තිබේ. එම ගුරුවරිය දැරියගේ මව්පියන් කැදවා මේ බව දැනුම් දීමට කටයුතු කර ඇත. ඒ අතර සිද්ධිය දැන ගෙන ඇති දැරියගේ ඥාතියෙකු මේ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබේ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද දැනුම් දීමක් මත සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - මුගුණුවටවන, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මේ අතර, හලාවත පොලීසියේ නිලධාරීන් පිරිසක් පසුගියදා මුගුණුවටවන - මාලිගාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත් පැන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී එහි සිටි කීප දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. පාසල් දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවාද ඒ අතර සිට තිබේ.

තමාව පරීක්ෂා කළ පොලිස් නිලධාරියා  තමන් ඇඳ සිටි සරම කඩා දැමූ බව පවසමින් සැකකාර සිසුවා පාසල් යාම ප්‍රතික්ෂ්ප කර ඇත. නමුත් පොලිස් නිලධාරියෙකු සැකකාර සිසුවාගේ සරම කඩා දමා නොමැති බවත්, සිසුවා පාසල් යාම ප්‍රතික්ෂේප කර ඇත්තේ දැරියට අතවර කිරීමේ සිද්ධියෙන් පසුව බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව හලාවත පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර සිසුවා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජුඩ් සමන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 168

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1494

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2279

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2214

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 5081

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4673

Please publish modules in offcanvas position.