Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉරාජ්ගේ තාත්තා “ප්‍රීතිරාජ්” පුතා වෙනුවෙන් කට අරියි

ප්‍රීතිරාජ් වීරරත්න කියන්නේ නොම්මර 17 වගේ ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපට හදලා සිංහල සිනමාවේ නමක් දිනාගත් නිෂ්පාදකවරයෙක්. හැබැයි අද වෙද්දී ඔබේ පුතා ඉරාජ් වීරරත්න ඔබට වඩා රටේ ප්‍රසිද්ධයි නේද?
ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඉස්සර හුඟක් අය ඉරාජ්ව හැඳින්වූයේ ප්‍රීතිරාජ්ගේ පුතා ඉරාජ් කියලා. ඒත් දැන් සමහරු මාව හඳුනාගන්නේ ඉරාජ්ගේ තාත්තා විදිහටයි. හැබැයි මා සහ මම කරපු දේවල් ගැන පරණ අය නම් හොඳට දන්නවා.
 
ඉරාජ් එළිදක්වන මියුසික් වීඩියෝ නිසා අද වෙද්දී ඔහුට විවිධ විදිහේ විවේචන එල්ල වෙනවා. ඔබ ඒ ගැන දැනුවත්ද?
ඔව්. මම ආරාධනා කරනවා පුළුවන් නම් ඕනෑම කෙනෙකුට ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල තිබෙන වැරදි දේවල් මොනවද කියලා පෙන්වා දෙන්න කියලා. මම සූදානම් ඒ අයත් එක්ක තර්ක කරන්න.
 
ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල නරක දේවල් නැහැ කියලාද ඔබ ඔය කියන්නේ?
සත්තකින්ම ඔව්.
 
ඔබ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ සියල්ල නරඹලාද ඔය කතාව කියන්නේ ?
ඔව්. මම ඉරාජ්ගේ හැම වීඩියෝවක්ම පාහේ නරඹලා තියෙනවා.
 
ඉරාජ්ගේ මුල් කාලයේ ගීතවලට වඩා පසු කාලීනව නිර්මාණය කළ ගිනියම් රෑ වැනි මියුසික් වීඩියෝවලින් තමයි ඉරාජ් ගැන වෙනස් ප්‍රතිරූපයක් සමාජයේ ඇති වෙන්නට පටන් ගත්තේ?
මොකක්ද ගිනියම් රෑ මියුසික් වීඩියෝ එකේ තියෙන වැරැද්ද? ඒකෙ තියෙන්නේ අසම්මත දෙයක් ‍නෙවෙයිනේ. ඒ වගේ දේවල් ඕනෑතරම් මේ සමාජයේ සිද්ධ වෙනවා.
 
පවු‍ලේ කාටත් එකට ඉඳගෙන නරඹන්න බැරි විදියේ මියුසික් වීඩියෝ හදන නිසා නේද ඉරාජ්ට මේ විදිහේ විවේචන එල්ල වෙන්න පටන් ගෙන තියෙන්නේ?
පවු‍ලේ හැමෝම එකට ඉඳගෙන නරඹන දේවලුත් තියෙනවා. නරඹන්නේ නැති දේවලුත් තියෙනවා. රූපවාහිනියේ සහ සිනමාවේ හැම දේමත් පවු‍ලේ හැමෝම එකට නරඹන්නේ නැහැනේ.
 
නමුත් මියුසික් වීඩියෝවකට අඩ නිරුවත් දර්ශන ඇතුළත් වීම ඒතරම් සුදුසු නැහැ නේද?
අඩනිරුවත් දර්ශන තියෙන්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම නිරුවත් දර්ශන ඉරාජ්ගේ නිර්මාණවල තිබුණේ නැහැනේ. අනික අනවශ්‍ය දර්ශන තිබුණා නම් ඒ වගේ කොටස් විකාශය නොකරන එක මාධ්‍යවල වගකීමක්. මම ඕකට එක උදාහරණයක් කියන්නම්. වසන්ත ඔබේසේකරගේ සම්මානලාභී 'මාරුතය' කියන චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමාවූ එකක් ‍නෙවෙයි. හැබැයි එහි පවු‍ලේ හැමෝටම එකට ඉඳගෙන නරඹන්න බැරි දර්ශනත් තිබුණා. ඒක සම්භාව්‍ය චිත්‍රපටයක්.
 
ඒ කියන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ සම්භාව්‍ය ගණයේ ඒවාද?
නෑ. මම ඒ කතාවට එකඟ නැහැ. සම්භාව්‍ය නිර්මාණයක් නම් අඩ නිරුවත් දර්ශන තිබුණාට කමක් නැහැ, එහෙම නැති නිර්මාණවල එවැනි දර්ශන තියෙන්න බැහැ කියන මතයේ මම නැහැ.
 
අද වෙනකොට ඉරාජ් ගැන රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඔහුගේ 'දැනුණා' කියන අලුත්ම මියුසික් වීඩියෝව නිසයි. ඉරාජ්ගේ පියා විදිහට ඔබට ඒ මියුසික් වීඩියෝව දැනෙන්නේ මොන විදිහටද?
ඔය කියන මියුසික් වීඩියෝව මමත් නැරඹුවා. මට නම් ඒකේ වරදක් පේන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් යූ ටියුබ් එකේ දාලා තියෙන කමෙන්ට්වලිනුත් 99.9ක් විතර තියෙන්නේ ඉරාජ්ට බැණලානේ. මම අහන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝවලට ඔච්චර අකමැති නම් ඇයි ඒවා මේ තරම් බලන්නේ කියලයි. හැමෝම ඒවා නරඹන එක නතර කළොත් ආදායම අඩුවීමෙන් ඉරාජ් උදාසීන වෙලා වෙනත් වෘත්තියක් තෝරාගනීවි.
 
 
ගීතයක් හදලා යූ ටියුබ් එකට දාලා ඒකෙන් මුදල් හම්බ කරගන්නවාට වඩා එහාට ගියපු දෙයක් ඉරාජ් වගේ සංගීතඥයන්ගෙන් ජනතාව බලා‍පොරොත්තු වෙනවා නේද?
ඉරාජ් සමාජයට යමක් දෙන විදියේ ගීතත් කරලා තියෙනවනේ. අනික, සමහරු හිතනවා ඇති ඉරාජ් සල්ලි පස්සේ එළවන කෙනෙක් කියලා. හැබැයි ඉරාජ් මුදල් තණ්හාව තියෙන කෙනෙක් ‍නෙවෙයි. ඉරාජ්ට ඕනෑතරම් සල්ලි තියෙනවා. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට ඉරාජ් පින් අතේ වැඩත් හුඟක් කරනවා.
 
ඉරාජ්ගේ ගීත ගැන මේතරම් කතාබහ වෙන්නේ ඔහු ඒ ගීත මාකට් කරන නිසා කියලයි බොහෝ දෙනා කියන්නේ ?
බොහෝ අය නොදන්නවා වුණාට ඉරාජ්ට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් Accountancy ඩිග්‍රි එකක් තියෙනවා. ඒ ඩිග්‍රි එකේ දැනුම තමයි  ඔහු මාර්කටින්වලදී පාවිච්චි කරන්නේ.
 
ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝව ආචාර්ය වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගෙන හදපු එකක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ?
ආචාර්ය වික්ටර් රත්නායකව මම දන්නේ මට අවුරුදු 14 ඉඳන්. මම ඔහුට කියන්නේ වික්ටර් අයියා කියලා. මම ඔහුව ගොඩක් අගය කරනවා. පසුගිය කා‍ලේ ඔහුගේ දෙවැනි විවාහය නිසා බොහෝ දෙනා ඔහුට විවේචන එල්ල කළා. හැබයි මම කියන්නේ ඔහු කළ දේ හරියි කියලයි. ඔහුගේ කැමැත්ත එය නම් ඊට වඩා අඩු වයසක කාන්තාවක් කසාද බැන්දත් එහි වරදක් මම දකින්නේ නැහැ.
 
ඇත්තටම මේ වීඩියෝව වික්ටර් රත්නායකයන් ගැන හදපු එකක් නේද?
මම ඉරාජ්ගෙන් ඇහුවා මේක වික්ටර් රත්නායකයන් ඉලක්ක කරගෙන හඳපු වීඩියෝ එකක්ද කියලා. ඉරාජ් කිව්වා ඔහු එවැනි දෙයක් අදහස් කළේ නැහැ කියලා. මොකද ඒ මියුසික් වීඩියෝවෙන් කියැවෙන සිදුවීම් අදාළ වන අය ඕනෑතරම් අපේ රටේ ඉන්නවා.
 
වික්ටර් රත්නායකයන්ගේ සුප්‍රකට 'ස' ප්‍රසංගයේ 'ස' සළකුන පවා වීඩියෝවේදී 'ප' ලෙස වෙනස් කර තිබෙන්නේ එයින් කියැවෙන්නේ ඔහු ගැන බව හැඟවෙන්නයි නේද?
'ස' කියන්නේ එකක්, 'ප' කියන්නේ වෙනත් එකක්. මම හිතන්නේ ඒක වික්ටර් රත්නායකගේ කතාව කියලා මුලින්ම දාපු කමෙන්ට් නිසා වෙන්න ඇති මෙවැනි ප්‍රචාරයක් රටේ ගිහින් තියෙන්නේ.
 
ඔබ දකින විදිහට ඒ මියුසික් වීඩියෝවේ වැරැද්දක් ඇත්තේම නැද්ද?
මිනිස්සු ඒක දිහා බලන විදිහෙයි වෙනස තියෙන්නේ. සමහරු කියනවා ඒකෙ පියුමි කෙසෙල් ගෙඩියක් කන දර්ශනය වැරදියි කියලා. ගැබිනි කාන්තාවක් කෙසෙල් ගෙඩියක් කන එකේ ඇති වැරැද්ද මොකක්ද? රට ඉඳි කන එක ගැනත් විවිධ දේවල් කියනවා. රටඉඳිනම් මාත් කනවා. හැබැයි ඕවා දිහා විවිධ අයට විවිධ කෝණවලින් බලලා විවේචන කරන්න පුළුවන්.
 
අපේ රටේ එක්තරා ප්‍රකට පිටපත් රචකයෙක් ඉරාජ්ගේ මව සහ පියා වෙත ලියන විවෘත ලිපියක් ප්‍රසිද්ධ කර තිබුණා. ඉරාජ්ට කුඩා කාලයේදී ත්‍රි‍පෝෂ නොදුන් නිසා අද ඔහුට මෙැවනි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි ඔහු එහි සඳහන් කර තිබුණේ ?
ඒ කා‍ලේ අපි ඔහුට ත්‍රි‍පෝෂවලට වඩා හොඳ කෑම බිම දුන්නා. නැත්නම් කොහොමද ඉරාජ්ට ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් විදියේ නිර්මාණ කරන්න තරම් බුද්ධියක් ලැබෙන්නේ? ඔය කතාව ආරංචි වුණාම මම අපේ නෝනාගෙන් ඇහුවා අපි ඇත්තටම ඉරාජ්ට ත්‍රි‍පෝෂ දුන්නාද කියලා. නෝනා එතකොට කිව්වා ඉරාජ්ට ‍පොඩි කා‍ලේ ත්‍රි‍පෝෂ හදලා දුන්නා, ඒත් එයාව ඒ කා‍ලේ බලාගත්ත කෙනා ඉරාජ්ට ඒවා දුන්නාද දන්නේ නැහැ කියලා. ඉරාජ්ව ‍පොඩි කා‍ලේ බලා ගත්තේ 'දාස' කියලා කෙනෙක්. ඉරාජ් බබාට ඒ කා‍ලේ ත්‍රි‍පෝෂ කැව්වාද කියලා අපි දාසගෙන් ඇහුවාම කිව්වා අනේ නෑ මමයි ඒවා ඔක්කොම කෑවේ කියලා. 
අවුරුදු 74ක් වයස 'දාස' අද හය වැනි කසාදයත් කරගෙනයි ඉන්නේ.
 
මේ වීඩියෝවෙන් කියැවෙන්නේ මගේ තාත්තාගේ කතාවයි කියලා ඉරාජ් කියා තිබූ බවකුත් පසුගිය දිනවල ප්‍රචාරය වුණා නේද?
ඒක ඉරාජ්ගේ නමින් හදපු ව්‍යාජ ගිණුමකින් දාපු කමෙන්ට් එකක්. ඒක ආරංචි වෙලා මම ඉරාජ්ට කිව්වා 'පුතේ මගේ කතාව හදනවා නම් මිනිත්තු තුනකට ‍නෙවෙයි, හොඳට කපලා කොටලා එඩිට් කරලත් පැය 3කවත් මියුසික් වීඩියෝ එකක් විදිහට තමයි කරන්න වෙන්නේ' කියලා.
 
නිළියන් සමග විවිධ සබඳතා ඇතිකරගත් බවට සහ ඔවුන්ට නිවාස මිලදී ගෙන දුන් බවට ඔබ ගැනත් විවිධ ප්‍රචාර පැතිරිලා තියෙනවා නේද?
අනූ ගණන්වල දඟකාර ජීවිතයක් ගත කරන කා‍ලේ සමහර දේවල් වෙන්න ඇති. සමාජයේ කොච්චර අය ඒ වගේ දේවල් කරනවාද? ඒත් ජනප්‍රිය කෙනෙක් කළොත් තමයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ.
 
මෑත කාලයේදීත් ඔබ ගැන එවැනි කටකතා පැතිරුණා?
මා ගැන කටකතා පැතිරුණා කියලා මම බය නැහැ. මේ ජීවත් වෙන ටික කාලයට මට ඕනෑ දේ තමයි මම කරන්නේ. අනෙක මම 100ක් අංගසම්පූර්ණ කෙනෙකුත් ‍නෙවෙයි. චිත්‍රපට හදන කාලෙත් සමහරු මට දිගින් දිගටම මඩ ගැහුවා. ඒත් මම ඒවාට සැලුනේ නැහැ. සැලෙන්නෙත් නැහැ. 
 
කිෂාන් කනංකෙ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 118

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 163

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 250

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1884

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3068

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2104

Please publish modules in offcanvas position.