lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

මම ගුටි කෑවා යැයි කියන කතාව පට්ට් පල් බොරුවක්

සුනිල් පෙරේරා කියන්නේ අමුතුවෙන් අටුවා ටීකා සහිතව හඳුන්වා දිය යුතු කලාකරුවෙක් නමෛයි. ඔහු දශක ගණනාවක් තිස්සේ කණ්ඩායම් සංගීතයේ නොමැකෙන විදිහේ සටහන් තැබු සංගීතඥයෙක්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන කලාකරුවෙක් විදිහටත් ඔහු ප්‍රකටයි. තමන්ගේ එවැනි එක්තරා ප්‍රකාශයක් නිසා සුනිල් පෙරේරාට ප්‍රසංගයකදී පහර කෑමට පවා ලක් වීමට සිදු වූ බවට පුවතක්ද මෑතකදී අන්තර්ජාලය ඔස්සේ පැතිර ගියා.
එහි ඇත්ත නැත්ත ගැන කියන්නයි සුනිල් පෙරේරා මේ විදියට ‘රිද්මට’ කතා කළේ. 
 
සුනිල් පෙරේරා කෙළින් කතා කරන කලාකරුවෙක් විදිහටයි රටේ ප්‍රසිද්ධ. කෙළින් කතා කරන එක අවාසියක් කියලා කවදාවත් ඔබට හිතිලා නැද්ද? 
අ‍පොයි නැහැ. මොකද මම මගේ හෘද සාක්ෂියට අනුව තමයි අදහස් පළ කරන්නේ. 
 
පසුගිය දිනෙක සංගීත ප්‍රසංගයකදී පහරදීමකට ලක්වෙන්න සිදුවුණෙත් හෘද සාක්ෂියට අනුව අදහස් පළ කරන්න ගිහින්ද? 
ඔය කතාව පට්ට පල් බොරුවක්. වත්තල ප්‍රදේශයේ පැවැත්වුණු ප්‍රසංගයකදී මම ගුටි කෑවා කියන පුවත අන්තර්ජාලයේ පැතිර ගිය බොරු කතාවක් විතරයි. 
 
එතකොට එවැනි ප්‍රසංගයකට ඔබ සහභාගි වුණේවත් නැද්ද? 
ඒ ප්‍රසංගයට මම සහභාගි වුණු බව ඇත්ත. ඔය කියන විදිහේ කිසිම පහරදීමක්වත් එදා සිදුවුණේ නැහැ. මම කියන්නේ බොරු නම් මේ ගැන ඇත්ත නැත්ත ප්‍රසංගයේ සංවිධායකවරුන්ගෙන් ඕනෑම කෙනෙකුට අහලා දැන ගන්න පුළුවන්. 
 
මේ විදිහේ අසත්‍ය පුවත් පතුරුවා ඔබට මඩ ගහන්න වුවමනාව තියෙන්නේ කාටද? 
මගේ දේශපාලන මතවලට අකමැති අයට තමයි ඒ ඕනෑකම තියෙන්නේ. 
 
වැරදි පුවත් පළ කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි? 
අනුන් හෙළන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා මියයන්නේ කියලා වික්ටර් රත්නායකයගේ ගීතයකත් තියෙනවනේ. මේ දේවල් කරන අයට කවදා හරි එහි විපාකත් විඳින්න සිද්ධ වේවි. ඒ නිසා ඒකට අමුතුවෙන් වෙහෙසෙන්න වුවමනා නැහැ. 
 
දේශපාලනය ගැන මත පළ කිරීම නිසා ඔබ වටා හිටපු ඇතැම් රසිකයන් ඈත්වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? 
මම කියන්නේ මට දැනෙන දේ. ඒක මම එදා ඉඳන්ම කරපු දෙයක්. කවුරු ඒකට කැමති වුණත් අකමැති වුණත් මට කරන්න දෙයක් නැහැ මම කියන්න තියෙන දේ කෙළින් කියනවා. මගේ කට වහන්න කාටවත් බැහැ. 
 
දේශපාලනය ගැන ඔය තරම් උනන්දුවක් තියෙනවා නම් ඡන්දය ඉල්ලලා දේශපාලනයට පිවිසෙන්න තිබුණා නේද? 
දේශපාලනයට එන්න තරම් දැනුමක් සහ උගත්කමක් මට නැහැ. උගත්කමක් නැති අය දේශපාලනය කරන නිසානේ අද අපේ රටේ දේශපාලනය මේ තරම් පිරිහිලා තියෙන්නේ. 
 
කෙටි කලකින් විසිරී යන සංගීත කණ්ඩායම් අතරේ ජිප්සීස්ලා දශක ගණනාවක් තිස්සේ ස්ථාවරව ඉන්නේ කොහොමද?
විශ්ව ශක්තිය සහ පින්බලය කියන දේවල් මම හුඟක් විශ්වාස කරනවා. ඒක තමයි අපේ සාර්ථකත්වයේ රහස. 
 
ජිප්සීස්ලාට ඉස්සර වගේම දැනුත් යහමින් ප්‍රසංග ලැබෙනවාද? 
අ‍පොයි ඔව්. අපට ලැබෙන දේවල්වලින් අපි සතුටු වෙනවා. කිසිම කදරයක් නැතිව ජීවත් වෙන්න මේ ලැබිලා තියෙන දේවල් හොඳටෝම ඇති. 
 
පෙරේරා පවු‍ලේ අයගේ එකමුතුවෙන් “කුස්සියේ” නමින් වෙනස්ම විදිහේ ගීත වීඩියෝවක් ජිප්සීස්ලා පසුගියදා එළි දැක්වුවා. ඇයි එවැනි ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ? 
ඒ ගීතය මගේ මල්ලි පියල්ගේ අදහසකට අනුවයි නිර්මාණය වුණේ. ජිප්සීස් සංගීත කණ්ඩායම පටන් ගෙන අවුරුදු 47ක් වෙනවා. ඒ කාලය තුළ පවු‍ලේ උදවිය එකතු කරගෙන ගීතයක් එළිදක්වන්න ලැබුණේ පළමු වතාවටයි. 
 
පවු‍ලේ ලොකු පිරිසක් මේ වීඩියෝවට එකතු වුණා නේද? 
ඔව්. ඔක්කොම 45 දෙනෙක් ඒ ගීත වීඩියෝවේ පෙනී සිටිනවා. අපේ අම්මා පවා එහි ඉන්නවා. 
 
මේ වන විට විදේශගත වෙලා සිටින ඔබේ පුතා ගයාන් කොහොමද මේ වැඩේට එක්කාසු වුණේ? 
ජිප්සීස්ලා ළඟදී ඇමෙරිකාවේ ගිය වේලාවේ ගයාන් නැවතිලා සිටින අපාර්ට්මන්ට් එකේදීම තමයි ඔහුගේ කොටස රූගත කළේ. නමුත් නරඹන අයට එහි වෙනසක් තේරෙන්නේ නැහැ. 
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 737

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 843

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3958

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2365

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1585

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 835

Please publish modules in offcanvas position.