Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හූනියම් සැකයකින් මිනී මරලා

අන වින හදි හූනියම් ආදිය පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ ඇත්තේ මහත් භීතියකි. තමන්ට කොඩිවිනයක් කර ඇතැයි විශ්වාස කරන සමහරෙක් එය මුල්කොට ගත් භීතිකාව නිසා නොයෙක් විපත් සිදුකර ගනීති.

එමෙන්ම තමන්ට කොඩිවිනයක් කර ඇතැයි සලකන සමහරෙකු ඒ කොඩිවිනය කළ තැනැත්තා වශයෙන් හඳුනාගන්නා තැනැත්තාට විපත් පැමිණවීමද වරින් වර අසන්නට ලැබේ.

කොඩිවිනයක් කර බිරිඳගෙන් තමා වෙන් කර ඇතැයි යන කලක් සිට පැවැති සැකයක් මත කටාන දෙමංහන්දිය නිවසක් තුළදී පෙරේදා (6දා) දහවල් උදැල්ලකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමංහන්දිය, දිවුලපිටිය පාර, කොහුමෝල වත්තේ අංක 561දරන නිවසේ මුරකරු වශයෙන් සේවය කළ බඩල්කුඹුරේ ස්ථීර පදිංචිකරුවෙකු බව කියන බඩල්කුඹුරේ පුංචි බණ්ඩා නමැති දෙදරු පියෙකි.

වසර කිහිපයක් සිට මොහු මෙම නිවසේ මුරකරු වශයෙන් සේවය කරයි. මෙම මනුෂ්‍ය ඝාතනයේ සැකකරු කලක සිට තම බිරිඳගෙන් වෙන්ව ජීවත් වන්නෙකි. බිරිඳගේ මව හා ඝාතනය වූ අය එක්ව සැකකරු හා බිරිඳව වෙන් කිරීමට සිදු කරන ලද කොඩිවිනයක් නිසා බිරිඳ තමා හැර ගොස් තිබෙන බව මොහු විශ්වාස කර තිබේ.

පසුව එම කොඩිවින අදහස වෛරයකට පෙරලා ගත් සැකකරු මෙම ඝාතනය කර ඇති බවට මූලික ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධියේ සැකකරු ලෙස අංක 34, උතුරු කදිරාන, මල්බෙරිවත්ත, දෙමන්හන්දිය ලිපිනයේ පදිංචි එක් දරු පියෙකු කටාන ‍පොලීසිය  මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නිවසේ කාමරයක් තුළ  සිදුවූ මෙම මිනීමැරුම හා සම්බන්ධ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ආර්.ජී.එන්.කේ. රංකොත් මහත්මිය පෙරේදා (06දා) සවස සිද්ධිය වූ ස්ථානයට පැමිණ මීගමුව දිසා මහ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කටාන ‍පොලීසියට නියෝග කළාය.

මීගමුව ‍පොලිස් අධිකාරී අනුර සේනාරත්න ද සිල්වා මහතාගේ උපදෙස් මත කටාන ‍පොලිස් ස්ථානාධිපති ජගත් තේමිය මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති  උප ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එච්. උදය අශෝක, ‍පොලිස් සැරයන්වරුන් වන 24834ප්‍රියන්ත, 51788නිහාල්, ‍පොලිස් කොස්තාපල් 34112ජිනදාස යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 

රේමන් අ‍පොන්සු

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනා දරා ගන්න පුළුවන්ද?

IMAGE 2017 Sep 26 10:26
අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන්...
Views - 245

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 872

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 1136

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 792

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 7175

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 3348

Please publish modules in offcanvas position.