lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

වික්ටර්ට හරි ගියේ කසාද බැන්දට පස්සෙද? 75පැන්නට පස්සෙද?

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාට මෙරට ගීත ලෝලීන් කෙතරම් ආදරය කරනවාද යන වගට ඔහු දශක කිහිපයක්
පුරා පැවැත් වූ “ස” ප්‍රසංග මාලාවම හොඳම නිදසුනක්. ඇතැම් “ස” ප්‍රසංග නැරඹීමට ඔහුගේ රසික රසිකාවියන් රඟහල්වල දොරටු කඩාගෙන පවා පැමිණි බව ප්‍රසිද්ධ කාරණයක්. කොහොම නමුත් මෑත කාලයේදී වික්ටර් රත්නායක මහතා ගැන බොහෝ දෙනා වැඩිපුර කතා බහ කරන්නට පටන් ගත්තේ ඔහුගේ දෙවැනි විවාහය නිසයි. 
ඒ පිළිබඳ විවිධ අය විවිධ මත පළ කරද්දී තමන්ගේ එම විවාහය සහ ඊට එල්ල වූ විවේචන ගැන කරුණු හෙළි කරමින් වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා දැක්වූ අදහස් ඇතුළත් සම්මුඛ සාකච්ඡාවක් මීට මාස කිහිපයකට අප “රිද්ම” තුළින් ගෙන ආවා. විවාහයෙන් අනතුරුව වික්ටර් රත්නායක මහතාගේ සාර්ථකත්වය තවත් ඉහළ ගොස් ඇති බවටත් ඇතැමුන් මත පළ කරනවා. වික්ටර් රත්නායක මහතාගේ දුක සැප බෙදා ගන්නා ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි ඔවුන්ගේ දිවිය ගැන අලුත් තතු පවසන්නයි මෙලෙස අප සමග කතා බහට එක්වුණේ. 
 
කොහොමද මේ දිනවල ඔබ දෙපළගේ ජීවිතය ගවෛන්නේ? 
අපේ පවුල් ජීවිතය හරිම සතුටින් ගතවෙනවා. 
 
මෑතකදී වික්ටර් රත්නායක මහතා ප්‍රසංග ගණනාවකටම එක් වුණා නේද? 
ඔව්. පසුගිය කාලයේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණා. ප්‍රසංගවලට මහත්තයා සහභාගි වුණා. ලබන 21දා සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදීත් තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. 
 
ඒ ප්‍රසංග අතරේ විදෙස් සංගීත ප්‍රසංගයකුත් තිබුණා නේද? 
අපි පසුගිය මැයි මාසයේදී එංගලන්ත සංචාරයකට සහභාගි වුණා. වික්ටර්, කසුන් කල්හාරත් සමග එක්ව පැවැත්වූ ප්‍රසංගයක් වෙනුවෙනුයි අපි එංගලන්තයට ගියේ. යුග දෙකක ගායකයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් පැවැත්වූ ප්‍රසංගයක් නිසා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක ඒක තමයි විවාහයෙන් පස්සේ අපි දෙදෙනා සහභාගි වුණු පළමු විදෙස් සංචාරය. 
 
හැම කටයුත්තකදීම ඔබ සැමියගේ ළඟින්ම සිටින බව දකින්නට ලැබෙනවා? 
අ‍පොයි ඔව්. හැමදේකටම අපි දෙදෙනාටම තමයි ආරාධනා ලැබෙන්නේ. 
 
වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75න් පසුව බව ඔහුගේ කේන්දරයේ සඳහන් වෙලා තිබෙනවා කියලා ඔබ මීට පෙර පැවැසුවා. අදටත් ඔබ එය විශ්වාස කරනවාද? 
ඔව්. මම ඒ කතාව 100ක්ම විශ්වාස කරනවා. කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඔහුට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් වෙනවාමයි. මහත්තයව සතුටින් තබන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. අපට අවලාද නගපු අයට අපගේ සාර්ථකත්වය ඉවසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ෙදෙවය කාටවත් වෙනස් කරන්න බෑනේ 
 
ඒ කියන්නේ සැමියාගේ ජීවන ගමනට ඔබෙන් විශාල සහයෝගයක් ලැබෙනවා? 
ඔව්. ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ. අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා මහත්තයගේ සංගීත කටයුතුවලටත් මට සහාය වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතරින් වඩාත් හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ. 
 
ඔබ දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් ඒ දිනවල නැගුණු විවිධ චෝදනා සහ විවේචන අද වෙද්දී යටපත් වෙලාද? 
අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයාත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ. 
 
විවිධ විවේචන මධ්‍යයේ වික්ටර් රත්නායක මහතා ඔබේ ජීවන සහකරුවා බවට පත් කරගැනීමට එදා ගත් තීරණය ගැන අද මොනවාද ඔබට හිතෙන්නේ? 
දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයාත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්. 
 
ප්‍රසංගවලට සහභාගි වන අතරේ මේ දිනවල ඔබේ සැමියා අලුත් ගීත නිර්මාණ බිහිකිරීම ගැන දක්වන්නේ මොන විදිහේ අවධානයක්ද? 
වික්ටර් හැමදාමත් නවකයන් කරන හොඳ දේවල්වලට අතහිත දෙන කෙනෙක්. ඉදිරි සතියේදී නවක නිර්මාණ කරුවන් පස් දෙනෙකු අතින් බිහි වුණු අලුත් ගීත පහක් ගායනා කර පටිගත කිරීමට ඔහු සම්බන්ධ වෙනවා. 
 
ඒ අතරේ ගීත ලෝලීන්ට අලුත් අත්දැකීමක් ලබාදීමේ සූදානමකුත් තිබෙන බව ආරංචියි? 
ඔව්. වික්ටර්ගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනස්ම විදිහේ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලබාදෙන්න සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. 
 
කිෂාන් කනංකෙ 
 
ඡායාරූපය - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 434

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1868

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3748

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2723

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3376

Please publish modules in offcanvas position.