lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

ආබාධිත සුනඛයන්ට රෝද කරත්ත දැන් අපේ රටේම

දෙපයින් නැගී සිටීමට නොහැකි වූවන් සඳහා ගමන් බිමන්යාම පිණිස ඇති ‘රෝද පුටුව’ අද අප කිසිවකුටත් අමුත්තක් නොවේ. නමුත් එලෙස පාද සතරින් ගමන් කළ නොහැකි සුනඛයන් සඳහා ද ලොව පුරා  ඊට සමාන රෝද කරත්ත  (Dog Wheel Cart) භාවිතා කෙරේ.

මේ වන විට අප රටේ ද එවැනි සුනඛ රෝද කරත්ත පිළිබඳ යම් නැඹුරුවක් ඇතිවෙමින් පවතී. හදිසි අනතුරු වලින් පසුපස දෙපා වලට හානි සිදුවූ, සැත්කම් මගින් පසුපස දෙපා ඉවත් කළ සහ ඩිස්ටෙම්පර් (Distemper) රෝගය නිසා පසුපස ගාතය අප්‍රාණික වූ සුනඛයන් සඳහා මෙම රෝද කරත්ත ලබා දීමට හාම්පුත්තු කටයුතු කරති.

විදේශ රටවලින් ආනනය කරනු ලබන මෙම රෝද කරත්තයක මිල රුපියල්  50,000/- ඉක්මවන අතර ඉන් 40% ක පමණ මිලකට එවන් සුනඛ රෝද කරත්ත නිපදවා ඇනවුම් මත අලෙවිකරන තරුණයෙක් අපට හමුවිය.

ඔහු මීගමුව කොළඹ පාරේ අංක 160 හි අමිත් පෙරේරාය.

“මම මගේ පියාගේ ප්ලාස්ටික් නිෂ්පාදන ව්‍යාපාරයට සම්බන්ධවෙලා සිටින අතරේ මීට කලකට පෙර එම්බාක් ආයතනයේ අශානි මහත්මිය අප රටේ මෙවැනි කරත්ත නිපදවිය නොහැකි දැයි මගෙන් විමසා සිටියා. ඉන් පසුව මම ඇමරිකාවේ නිෂ්පාදිත එවැනි සුනඛ කරත්තයක් පරික්ෂාකොට එම ප්‍රමිතියේම කරත්තයක් නිෂ්පාදනය කිරීම පිළිබඳ මූලික සැලසුම දියත් කළා. එහිදී අශානි මහත්මිය මට විවිධාකාරයෙන් උදවු කළා.

ඒ අනුව තමයි මම මුල් වරට මේ කටයුත්තට සම්බන්ධ වුණේ. අද වන විට මම එම්බාර්ක් සහ ඇනිමල් එස්ඕඑස් ආයතන වලින් ලැබෙන ඇනවුම් මත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් එවැනි සුනඛ කරත්ත වර්ග දෙකක් හඳුන්වාදී තිබෙනවා.”

සුනඛ කරත්තයක් සෑදීමට පෙර මිනුම් කටයුතු සිදුකරන අයුරු

‘සාමාන්‍යයෙන් මේ සුනඛ කරත්තයක මිල කොපමණද?’ අපි ඔහුගෙන් ඇසුවෙමු.

'මේවා සන්නාහය (Harness) සහිත සුනඛ කරත්ත සහ රහිත සුනඛ කරත්ත වශයෙන් මාදිලි දෙකක් තිබෙනවා. සන්නාහය සහිත සුනඛ කරත්තයක් රුපියල් 18,000/- ටත් ඊට වඩා දියුණු කළ සන්නාහය රහිත සුනඛ කරත්තයක් රුපියල් 20,000/- ටත් මිල කළ හැකියි. මේ සුනඛ කරත්ත නිර්මාණය කිරීමේ දී මා සතාගේ ප්‍රමාණයට අනුවයි එය සැලසුම් කරන්නේ. ඒ වගේම මේ සඳහා යොදන අමුද්‍රව්‍ය වල මිල අධික වීම නිසා අවම නිෂ්පාදන වියදමක් යටතේ මේවා ගැනුම් කරුවන් අතට පත් කිරීමට මම කටයුතු කරනවා.'  අමිත් පෙරේරා පැවසීය.

සන්නාහය සහිත සුනඛ කරත්තයක්

සන්නාහය රහිත සුනඛ කරත්තයක්

‘ඕනෑම කෙනෙකුට ඔබ වෙතින් මේවා මිලදී ගන්නට පුළුවන්ද?’ ඉන්පසුව අපි ඔහුගෙන් ඇසුවෙමු.

'කලින් කරන ඇනවුම් මත සති දෙකකින් මේවා තනා දීමක් තමයි මා බොහෝ විට සිදුකරන්නේ. මේ සඳහා මා ඊමේල් මගින් යවන ආකෘති අනුව සතාගේ මිමි මා වෙත ඉදිරිපත් කළ යුතුයි.' ඔහු කීය.

‘මේ රෝද කරත්ත නිසා සතුන්ට වේදනාවක් හෝ කායික පීඩාවක් ඇතිවිය නොහැකිද?’ අපි ඔහුගෙන් අසා සිටියෙමු.

'මෙය සතුන්ට මහත් පහසුවක් අස්වැසුමක් විනා කිසිම අයුරකින් වේදනාවක් හෝ කායික පීඩාවක් සිදුවන්නක් නොවේ.

සත්ව  අවිහිංසාව සහ සත්ව හිමිකම්  අයිතිවාසිකම් සුරකින ලෝකයේ දියුණු රටවල භාවිතාකිරීම සඳහා නීත්‍යානු කූල අවසරය ලැබූ ආකෘතීන් මත තමයි මා මේවා නිෂ්පාදනය කරන්නේ.

ආබාධිත වූ සතුන්ට මේ රෝද කරත්ත යෙදීමෙන් පසු මල මුත්‍ර බැහැර කිරීම ඇතුළු ජීවිතයේ සුපුරුදු බොහෝ කටයුතු ඒ අයුරින්ම ඉටු කරගන්නට පුළුවන්.' ඔහු කීය.

අමිත් පෙරේරා තවදුරටත් පවසන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය වන වෙනත් මෙබඳු රෝද කරත්ත ඇති බවක් තමන් නොදන්නා බවත් මෙය ශ්‍රී ලංකාවට අලුත් හඳුන්වාදීමක් බවත්ය.

ඒ කෙසේ හෝ අසරණ සුනඛයන් දුකින් මුදවාගැනීම පිණිස ඔහුගෙන් ලැබෙන මෙම දායකත්වය සත්ව ලෝලීන් වන අප කාගේත් විශේෂ පැසසුමට ලක් විය යුතුමය.

අමිත් ගේ දුරකතන අංකය - 0773027652






සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 433

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1867

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3747

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2722

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3376

Please publish modules in offcanvas position.