lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

යක්තොවිල් වලදී ඇදුරන් එතැනම මැරී වැටෙන්න පුළුවන්

අතීතයේ අප ගැමි සමාජයේ යක් තොවිල් වල සොහොන් කුම්භය නම් කොටසක් තිබුණි. එය රාත්‍රී කාලයට සුසාන භූමියක දී සිදු කරන ලද්දකි. මෙහිදී ප්‍රධාන යකැදුරා එහි අලුත් මිනී වළක් මත වැතිර (දපා) ප්‍රකෘති ලොවින් බැහැරට ගොස් මන්ත්‍ර ජප කරන අතරේ ඉඳහිට නිහඬ වූ අවස්ථාද තිබිණ. එවන් ඇතැම් අවස්ථාවල එම යකැදුරා නැවත සිහි ගැන්වීමට සගයන්ට හැකි වන මුත් තවත් අවස්ථාවල ඔවුන් ක්ෂණිකවම මෙලොව හැර ගොස් තිබීම ද දුලබ තත්ත්වයක් නොවිණි.

අතීතයේ මෙම මරණ සම්බන්ධයෙන් අප සමාජයේ සංකල්පීය යකුන් වෙත මෙම 'මිනීමැරුම් චෝදනා' එල්ල වූ බව රහසක් නොවේ. එහෙත් මෙහි විද්‍යාත්මක සත්‍යය අනෙකකි.

මෙබඳු ශාන්ති කර්මවල යෙදෙන ඇදුරන් ඒ කෙරෙහි තබාගන්නා දැඩි විශ්වාසය මත ඔවුන්ගේ ශරීරවල ජෛව රසායනික හෝමෝන ක්‍රියාවලිය ශීඝ්‍ර වෙයි. ශරීරයේ රුධිර ගමනාගමනය, නාඩි වැටීම හෘද ස්පන්දනය පවා මෙහිදී ශීඝ්‍ර ලෙසින් ඉහළ නැංවෙයි. මෙවන් තත්ත්වයක් යටතේ එවැන්නකු හට හෘදයාබාධයක් හෝ මොළයේ ආඝාත තත්ත්වයක් (Stroke)ඇති වීමේ සම්භාවිතාව බොහෝදුරට ඉහළ නැංවෙනු ඇත.  එය හදිසි මරණයකට පහසු ඉඩ ප්‍රස්ථාවකි.

මෙසේ මොළයේ ආඝාතයකට හේතුවන අන්දමින් හදවතේ සිට මොළය දක්වා වේගයෙන් රුධිර ‍පොම්ප කිරීමකදී නාසය ආශ්‍රිතව ඇති අනුනාසික පටක පුපුරා එසේ මරණයට පත් තැනැත්තාගේ නාසයෙන් රුධිර වහනයක් සිදු වීමටද (Nasal mucosal bleeding) ඇතැම් විට  පුළුවන. මිනිහාට යකෙක් ගහලා නාහෙන් කටින් ‍ලේ හලාගෙන මැරිලා වැටිලා හිටියා. යනුවෙන් සමාජයේ කතා පැතිර යනුයේ එබඳු විද්‍යාත්මක තත්ත්වයක් පදනම් කර ගනිමිනි. නමුත් එවන් කිසියම් යකැදුරෙකු එබඳු කායික තත්ත්වයක් ය‍ටතේ හදිසියේ මිය ගිය හොත්  සමාජය හමුවේ ඔහුගේ ගෝල බාලයන්ගේ වටිනාකම කිහිප ගුණයකින් ඉහළ නැංවෙනු ඇත. ඊට හේතුව ඔහු එම මන්ත්‍ර ශාස්ත්‍රයෙහි ප්‍රබලයකු බවත් තමන්ගේ ජීවිතය ගැන පවා නොතකා ප්‍රබල යක්ෂයෙකු හා මුහුණට මුහුණ සටන් කිරීමට ගොස් දිවි පිදූ 'වීරයකු' ලෙසත් ගැමි සමාජය වටහා ගැනීමය.  නමුදු මෙසේ තීව්ර ලෙස කුලු ගැන්වෙන මානසික තත්ත්වයන් ය‍ටතේ එක් වරම මැරී වැටෙනුයේ තමන් දන්නා ශාස්ත්‍රයට අවංක යකැදුරන් බැවින් අද මෙබඳු මැරී වැටීම් වාර්තා වනුයේ ඉතා කලාතුරකිනි.

අප රටේ තත්ත්වය මෙසේ වුවද යකුන් පලවා හැරීමේ දේව මෙහෙයන් හිදී ඊට සම්බන්ධ වන්නවුන් මෙබඳු හදිසි මරණ වලට ලක් වීම් පිළිබඳව ලොව බොහෝ රටවලින් නිරතුරුව වාර්තා වේ. මීට වසර කිහිපයකට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත් යාඤා මෙහෙයක දී කාන්තාවන් දෙදෙනෙකු හදිසි මරණ වලට ලක් වූයේ මෙබදු විද්‍යාත්මක තත්ත්වයක් පදනම් කර ගනිමිනි.

සහන් සංකල්ප සිල්වා

 

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තම රෝගය අමතක කර රෝගියෙකු බේරා ගත් හිත හොඳ දොස්තර

IMAGE 2017 May 28 17:31
  විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින...
Views - 740

මිහිඳු හිමි දෙවනපෑතිස් හමුව සිදුවූයේ සැණකෙළි බිමකදී ද?

IMAGE 2017 May 26 13:18
පොසොන් පුන් පෝ දිනක මිහින්තලා පර්වතය අභියසදී සිදු වූ මිහිඳු හිමි -  දෙවනපෑතිස් රජු හමුව අහඹු...
Views - 735

මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

IMAGE 2017 May 26 11:36
ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි....
Views - 1758

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 11314

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 4734

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 6297

Please publish modules in offcanvas position.