lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

මම ආපහු සැරයක් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ

ජීවිතය ලස්සන කරමු ටෙලි නාට්‍යයේ 'සුදු නංගි' චරිතය රඟපාමින් ටෙලි නාට්‍ය කෂේත්‍රයට එක්වුණු අයෝමී ශානිකා ගැන ඔයගොල්ලො හොඳට දන්නවා. දැන් ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම එක් දරු මවක්.
අයෝමි මේ වෙද්දි ජීවත්වෙන්නේ කොළඹින් සැතපුම් ගණනක් ඈත. ඒ කියන්නේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ චින්තකගේ ගම් පළාතේ.
මම කසාද බැන්දට පස්සේ කොළඹ පළාත අතහැර දාලා නුවරට ආවේ අලුත් ජීවිතයක් පටන් ගන්න තිබුණු වුවමනාව නිසාමයි. ඒ හින්දම මම  රඟපෑමට යොමු වීම පවා සීමාකර ගත්තා. ඊට පස්සේ මගේ අධ්‍යාපන වැඩකටයුතු මෙහෙදීම ඉවර කරගත්තා.  දැන් මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම බබාල නැති අම්මලට තමයි වැඩිපුර ප්‍රතිකාර කරන්නේ..

'රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර ඔබත් මවක් වෙන්න යන බව අපිට දැන ගන්න ලැබුණා.. අපේ ප්‍රශ්නයට ශානිකා මහ හයියෙන් හිනා වුණා.
ඔව්..ඔව්.. ඒක ඇත්ත.. දැන් මම ආපහු සැරයක් අම්ම කෙනෙක් වෙන්න යනවා..ලබන අවුරුද්දේ ජනවාරී මාසේ වෙද්දි ඒ අමුත්තා හෝ අමුත්තිය අපේ ගෙදරට ඒවි. ඇය සතුටින් යුතුව කිව්වා. අයෝමි - චින්තක කැදැල්‍ලේ පළමු දරුවා කොල්ලෙක්.  දැන් එයාගේ වයස අවුරුදු දෙකයි. ඒ දඟකාරයා දැන් අම්ම තාත්තා දෙන්නවම පාලනය කරගෙන ඉන්නේ රණ්ඩු වෙවී චණ්ඩිකම් එහෙම පෙන්නගෙනයි.
දැන් එයාට හැමෝම ආදරෙයිනේ...විශේෂයෙන්ම එයාට අපේ අම්මා පණ වගෙයි.. චින්තකගේ අම්මත් එහෙමයි..අපේ අම්මයි තාත්තයි මාව හොයනවට වඩා හොයන්නේ පුතාව.. කොළඹ තියාගෙන හදන්නත් ඉල්ලනවා..
එක කාලයක් ඒ කියන්නේ අයෝමි විවාහ වෙච්ච කා‍ලේ නම් අම්මා අයෝමි එක්ක හිටියේ එතරම් හිත හොඳකින් නමෛයි. අයෝමි ඒ කා‍ලේ ඒක ගැන ලොකු වේදනාවකින් කතා කළ විදිහ අපිට අද වගේ  මතකයි.
 ඔව්..එහෙම එකක් තිබුණා.. ඒත් දැන් අපේ අම්ම අපි එක්ක හුඟාක් යාළුයි.. ඒ වගේම අපිට ආදරෙයි.. පුතාගේ පින්තූර පත්තරවල දැකල, එයාව බලන්න අපේ අම්මා ලොකු ආසාවකින්  ඉඳල තියෙනවා..

පහුගිය කා‍ලේ ඔබ ටෙලි නාට්‍යවල රඟපෑවේ නැහැ.. එත් මෑතකදී ආපහු සැරයක් රංගනයට යොමු වුණා..?
නිතර කොළඹ වගේම ෂූටිං තියෙන දුර පළාත්වලට යන්න බැරි නිසා බොහෝ නාට්‍ය මට මග හැරුණා.. හැබැයි මහනුවර හා මේ අවට වට පිටාවේ යම් නාට්‍යයක් කෙරුණොත් මම ඒවාට කතා කළාම ගියා.. කොහොම හරි පහුගිය දවස්වල මම සිවගුරුනාදන් අයියගේ වගේම ප්‍රසාද් සමරතුංගගේ ටෙලි නාට්‍යයක වැඩ කළා. ඉදිරියේදී නම් රඟපාන්න බැරි වෙනවා. ඊළඟ එක්කෙනා ගෙදරට එනකම් විවේකීව ඉන්න වෙනවා
අයෝමි කියන්නේ තමන්ගේ ජීවිතේ සතුටට හේතුව ඉතා හොඳ සහකරුවෙක් ජීවිතයට ළඟා වූ නිසා කියලයි.  ඒ නිසාම මැරෙනතුරු ඔහු සමගම සිටින බවත් ඇය කියනවා.
අද කා‍ලේ හුඟාක් තරුණ නළු නිළියන් පුංචි කාලයකින් තමන්ගේ විවාහ ජීවිතේ අසාර්ථක කර ගන්නවා. මේ නිසාම බොහෝ දෙනා නිළියන් හැටියට අපි දිහා බලන්නේ වපර ඇහැකින් කියලා අපි දන්නවා..මම හිතන්නේ අද කා‍ලේ බොහෝ දෙනා තීන්දු තීරණ ගන්නේ ක්ෂණිකව. දුරදිග බලනවා අඩුයි. හදිසි වෙනවත් වැඩියි. කේන්තියත් එහෙමයි.. මේ නිසා තමයි ආරවුල් පවා වැඩි.
කොහොම වුණත් මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අද කා‍ලේ පවුල් ආරවුල හා දික්කසාද වීම් වෙනත් ක්ෂේත්‍රවලත් බහුලව සිදුවෙනවා. නමුත් ඒවා එච්චර ප්‍රසිද්ධ වෙන්නෙවත් වැඩිපුර අය කතා කරන්නේවත් නැත්තේ ඒ අය ප්‍රසිද්ධ චරිත නොවන නිසයි..අපි නළු නිළියෝ හැටියට  හුඟාක් ප්‍රවේශම් විය යුතුයි.  මොකද අපි ගන්න තීන්දු තීරණ ඉක්මනින්ම ජනතාව අතරට යන නිසා..

චින්තක එක්ක ඔබ ගෙවන ජීවිතේ ගැන කිව්වොත්
අපි මිනිස්සු.  පුංචි පුංචි වැරදි අපි අතින් සිදුවෙන්න පුළුවන්. හැබැයි ඒවා සාකච්ඡා කරල ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනෑ.. චින්තකයි, මමයි, දරුවයි හොඳින් ජීවත් වෙනවා.  අපේ පවුල් දෙකේ හැමෝම අපි එක්ක හොඳයි. ඉතිං අපි ජීවිතේ තියෙන තුරු හොඳින් ඉන්න තමයි හිතාගෙන ඉන්නේ..  

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1045

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2557

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1791

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2725

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3747

බඩ වැඩි නිසා කැච් අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා

IMAGE 2017 Jun 20 09:58
ශ්‍රී ලංකාවේ තාමත් භාවිතා කරන්නේ 1960 ගණන්වල ව්‍යායාම බවත්, බඩට කරවන ව්‍යායාම තවමත් 75-80 කාලවල කළ...
Views - 4254

Please publish modules in offcanvas position.