lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

සිරිපා අඩවියේ සැඟවුණු ගල්ලෙන් සොයා මෙහෙයුමක්

ශ්‍රී පාද අඩවියේ වනයෙන් වැසී ගත් ගල්ලෙන් සියයකට අධික සංඛ්‍යාවක් ඇති බවත් මෙතෙක් ඒවායින් සොයාගෙන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් “සබරගමුවට හෙටක්” සංවිධානයේ මාධ්‍ය ලේකම් පරිසරවේදී අසිත ඉන්දික වීරවර්ධන මහතා ලක්බිම ඔන්ලයින් වෙත කියා සිටියේය.

ඔහු මෙසේ පවසා සිටියේ රත්නපුර ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ ඉඳුරුකැලේ රක්ෂිතයට ඉහළින් මහවනය තුළ ඇති මෙතෙක් වනයෙන් වැසී ගත් 250 දෙනෙකුට පමණ සිටිය හැකි ගල්ලෙනක් පිළිබඳව තොරතුරු මුල් වරට අනාවරණය කරමිනි.

බුදු රජාණන් වහන්සේ  ශ්‍රී පාදය පිහිටුවීම පිණිස ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය කළැයි පැවසෙන දිවා ගුහාව ද මෙතෙක් සොයා ගත නොහැකි වී ඇතැයි යන්න අප ජන සමාජයේ පවත්නා විශ්වාසයකි. එමෙන්ම දිවා ගුහාව පිළිබඳව ඉමහත් කුතුහලයක් සහ උනන්දුවක් අදටත් අප ජන සමාජයේ පවතී.

මෙම ගල්ලෙන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසිත ඉන්දික වීරවර්ධන මහතා මෙසේද කීය.

ශ්‍රී පාද අභය භුමියේ ප්‍රමාණය හෙක්ටයාර් 22,379 ක් විතර වෙනවා ඒ කියන්නේ අක්කර 55,299ක්. මේ වපසරිය තුළ මහ වනයෙන් වැසී ගත් සහ කාලාන්තරයක්  තිස්සේ සිදුවූ නාය යාම් සහ පස සෝදා යාම නිසා මුළුමනින් සහ අර්ධ වශයෙන් යටපත් වූ ගල්ලෙන් සෑහෙන සංඛ්‍යාවක් අදටත් මිනිස් අවධානයෙන් තොරව පවතිනවා. මේ සමහරක් ස්බාදහමේ අසිරිමත් දායාද ලෙසින් හඳුන්වන්න පුළුවන්.  නිදසුනක් ලෙස මා ඉහත සඳහන් කළ ගල්ලෙන තුළින් අතීතයේ භූ ගත ගංගාවක් ගලා ගිය බවට තොරතුරු තිබෙනවා. ඒ අනුව මෙතෙක් වනයෙන් වැසී ගත් ගල්ලෙන් සොයා ඒවා සංගණනයකට ලක් කිරීමේ මූලික අදහසක් දැනට අප කණ්ඩායමක් සතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ හිටපු පුරාවිද්‍යා නිලධාරියකු වන ජයන්ත විජේරත්න හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ මෙසේ වනයෙන් වැසී ගත් ගල් ලෙන් රාශියක ඵෙතිහාසික, පූර්ව ඵෙතිහාසික සහ ප්‍රාග් ඵෙතිහාසික මානව නෂ්ටාවශේෂ කොතෙකුත් තිබිය හැකි බවයි.

ලොව විශිෂ්ටතම පුරාවිද්‍යා සොයා ගැනීමක් වන බලංගොඩ මානවයා ගේ පරපුරට අයත් ප්‍රාග් ඵෙතිහාසික මානව නෂ්ටාවශේෂ රාශියක් මෙතෙක් සෙයානොගත් ශ්‍රී පාද අඩවියේ සැඟවුණු ගල්ලෙන් තුළ තිබිය හැකි බව සාධාරණ ලෙස අනුමාන කරන්න පුළුවන්.  සමහර විට ඒවා ලෝකයා විස්මයට පත් කරවන සොයාගැනීම් වෙන්නටත් පුළුවන්.

තත්වය මෙසේ වුවද දැනට මිනිස් වාසය ආසන්නයේ ඇති ඇතැම් ගල්ලෙන් වල වවුල් වසුරු මිශ්‍ර පස් තට්ටු බුලත්, තේ සහ එළවළු බෝග වගාවන් සඳහා පොහොර වශයෙන් මිනිසුන් විසින් ඉවත්කර ගැනීම නිසා ඒවායේ ඇති පුරාවිද්‍යාත්මක සාධක බොහොමයක් ඉවත් වී ඇති බව පවසන රත්නපුර ශ්‍රී පලාබද්දල චන්ද්‍රසෝම බී කලවාන මහතා දැනට වනයෙන් වැසී ගත් ගල්ලෙන් සොයා යාමේ දී ද ඒ සඳහා පුරාවිද්‍යාඥයන් සහ පරිසරවේදීන්ගේ පුරෝගාමීත්වය අත්‍යවශ්‍ය බව පැවසීය.

සබරගමු විශ්ව විද්‍යාලයේ  ප්‍රථම උපකුලපතිව සිටි මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා මේවන විට සබරගමුවේ ගල්ලෙන් යන තේමාව යටතේ පර්යේෂණ කෘතියක් ද සකසමින් ඇති බව දැනගන්නට ඇත.

මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී පාද අඩවියේ වනයෙන් සැඟව ගත් ගල්ලෙන් සොයා පරිසර වේදීන් ගේ සහ පුරාවිද්‍යාඥයන් ගේ එකමුතුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීම සහ ඒවා සංගණනයකට ලක් කිරීම අතිශය  වැදගත් පියවරක් බව පවසන බොහෝ දෙනෙකු කියාසිටිනුයේ එමගින් ශ්‍රී ලංකාවට මෙතෙක් අත්නොවූ ජාත්‍යන්තර කීර්තියක් පවා අත්වීමට ඉඩ ඇති බවය.

තිලක් සේනාසිංහ

 

 

 

Comments  

+1 #1 SASANKA WELIVITA 2017-03-16 15:48
A GOOD CONCEPT..I WOULD LIKE TO JOIN WITH THEM...PLEASE LET ME TO KNOW MORE DETAILS IF THEY ABOUT TO RESEARCH ..
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6553

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3360

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2371

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.