lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

මල්ලී කිසිම දවසක නළුකම ගෙදර ගෙනාවේ නැහැ

විජය කුමාරතුංගයන් කුඩා අවධියේ පටන් ඔබට සමීපව සිටියා. ඒ සොඳුරු ළමාවිය මුලින්ම සිහිපත් කරමුද?
අපේ අක්කා සහ අයියා අපට වඩා හුඟක් වයසින් වැඩියි. නමුත් මමත් මල්ලිත් අතර එතරම් වයස් පරතරයක් තිබුණේ නැහැ. ඒ නිසා වෙන්න ඇති මල්ලි  මට ගොඩක් සමීප වුණා. ලොකු අක්කාට යම් දෙයක් කියන්න අවශ්‍ය වුණත් මල්ලි මට තමයි කියන්නේ ඒක අක්කට  කියන්න කියලා. අපි දෙන්නා හරිම යාළුයි. කිසිම දවසක සෙල්ලම් බඩුවක් බෙදා ගන්නවත් අපි රණ්ඩු වෙලා නැහැ. තියෙන දෙයක් තියෙන හැටියකට බෙදා හදාගෙන හරිම ආදරයෙන් සමගියෙන් සහ කෙළිදෙළෙන් අපි  අපේ ළමා කාලය ගත කළා.

පසු කලෙක ඔබ විවාහ වී දුර බැහැරක පදිංචියට යනවා. ඉන් පසුව නම් අක්කයි මල්ලියි දුරස් වෙන් ඇති නේද?
ඒත් එහෙම වුණේ නැහැ. මම විවාහ වෙලා අනුරාධපුරයේ පදිංචියට යන විටත් මල්ලි පාසල් ශිෂ්‍යයෙක්. සෑම පාසල් නවාඩුවකටම මල්ලි මාව බලන්න අනුරාධපුරයට ආවා. පාසල් නිවාඩු දුන් දිනට පසුදා නොවැරදීම අනුරාධපුරයට එන මල්ලි ආපසු ගමට යන්නේ පාසල් නිවාඩුව අවසන්  වූ විටයි. ඒ ආ විට මාවත් එක්ක ගෙන ලොකු අක්කව බලන්න යන පුරුද්දකුත් එයාට තිබුණා. ‍‍‍ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට පෙනී සිටියාට පසුව කාලයක් මගේ නිවසේත්  නතර වෙලා හිටිය. ඒ කාලයේ පමණක් නොවෙයි ජනප්‍රිය නළුවෙකු සහ දේශපාලනඥයෙකු බවට පත් වූ පසුවවත් ඔහු මගෙන් හෝ පවුලෙන් දුරස් වුණේ නැහැ. මොකද අපි අතර තිබුණේ හරිම ශක්තිමත් සහෝදර බැඳීමක්.

විජය කුමාරතුංග මහතා අතිශය ජනාදරයට හා සම්මානයට පාත්‍ර වූ නළුවෙක් පමණක් නොවෙයි හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයෙන් පවා පිදුම් ලැබූ ගායකයෙක්. ඔහු කුඩා අවධියේ සිටම රංගන හා ගායනය පිළිබඳ යම් නැඹුරුවක් හෝ විශේෂ හැකියාවක් දැක්වූවාද?
කුඩා අවධියේ තබා පාසල් අවධියේදිවත් ඔහු ගායනය හෝ රංගනය පිළිබඳව උනන්දු වූ අයෙක් නොවෙයි. එවකට ඔහු වැඩි නැඹුරුවක් දැක්වූවේ චිත්‍ර කලාවට. ‍‍‍ජ්‍යෙෂ්ඨ විභාගය සඳහා කලා විෂයක් ලෙස තෝරාගෙන තිබුණෙත් චිත්‍ර විෂයයි. මා සිතන්නේ උපතින්ම ඔහු තුළ පිහිටා තිබූ නිසඟ ගායන හා රංගන කුසලතාව සිනමා ආගමනයත් සමග ඉස්මතු වෙන්න ඇති.

බාල වියේ පටන් අක්කත් සමග රහස් කියපු පුරුද්දට සිනමාවට සම්බන්ධ වූවායින් පසුව චිත්‍රපට ලෝකය පිළිබඳවත් රස රහස්  කියන්නට ඇති නේද?
ඇත්තටම මේ කතා කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ. මල්ලි කවදාවත් චිත්‍රපට ලෝකය පිළිබඳව අප සමග කතා බහ කළේ නැහැ. කිසිම දවසක ඔහු නළුකම ගෙදර ගෙනාවේ නැහැ. ඉතා කාර්යය බහුල පුද්ගලයකු වූ මල්ලි අප සමග ගත කරන  කාලය ඔහුට මෙන්ම අපටද ඉතාම වැදගත් වුණා. ඉතින් ඒ වෙලාවට අපි අපි ගැනම තමයි කතා කළේ පවුල සහ දරුවන් පිළිබඳව කතා කරලා අපේ ආදරය බෙදා ගන්නවා හැරෙන්නට කිසි විටෙක සිනමාව පිළිබඳව හෝ අන් කිසිවක් ගැන කතාබහක් පසු කා‍ලේ අප අතරේ ඇති වුණේ නැහැ.

සිනමා නළුවෙකු ලෙස ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහිම වැජඹෙමින් උන් සමයක විජය කුමාරතුංග මහතා විසින් සෘජුවම දේශපාලනයට සම්බන්ධ වීමට ගන්නා ලද තීරණයට ඔබ ඇතුළු පවු‍ලේ සෙසු සාමාජිකයන් එකඟත්වය පළ කළාද?
දුක් විඳින අහිංසක මිනිසුන් කෙරෙහි මල්ලිගෙ සිත තුළ පුදුම විදිහේ කරුණාවක් අනුකම්පාවක් තිබුණා. මල්ලි දේශපාලනයට පිවිසීමට තීරණය කළේ ඒ මිනිසුන් වෙනුවෙන්  යමක් කළ යුතුයි කියන අදහසිනුයි. ඔහු කිසි විටෙකත් වැරදි තීන්දු තීරණ ගන්නා අයෙක් නොවෙයි. එම නිසා මේ තීරණයේදීත් අප ඔහු සමගින් එකඟ වුණා.  

නමුත් එම තීරණය නිසාම ඔහුට ජීවිතයෙනුත් වන්දි ගෙවන්න සිදු වුණා නේද?
මගේ මල්ලිට මෙවන් ඉරණමක් අත්වේවියැයි මා නම් සිහිනෙකින්වත් සිතුවේ නැහැ. ඔහුගේ ජීවිතයට යම් යම් තර්ජන නොතිබුණා නොවෙයි. එසේ වුවත් තමන්ට කිසිවෙකුගෙන් අනතුරක් සිදු වන්නේ නැතැයි කියා ඔහු දැඩිව විශ්වාස කළා.
“මම කවදාවත් කාටවත් වරදක් කරලා නැහැ. ඒ නිසා මට අනතුරක් කරන්න කාටවත් වුවමනාවක් නැහැ” කියලයි ඔහු නිතරම කිව්වේ. ඇත්තටම තමන්ට පුළුවන් හැටියට අනෙක් අයට පිහිට වුණා මිසක මගෙ මල්ලි කිසිම දවස කුරා කුහුඹියෙකුටවත් වරදක් කළ අයෙක් නොවෙයි.  ඉතා පිරිසිදු ච්ෙතනාවෙන්  දේශපාලනයට පිවිසි ඔහු අන්තගාමී පටු දේශපාලන අදහස් උදහස් දැරූවෙකුත් නොවෙයි. ආණ්ඩුවේ හෝ යම් පක්ෂයක ක්‍රියා කලාපය නිවැරදි නම් එයට අකුල් නොහෙළා ඔහු ඊටත් සහයෝගය දුන්නා. ඒ වගේම වරදක් කරන විටත් එම වරද පෙන්වා දෙමින් නිර්භයව නැගී සිටිය.  ජාතීන් අතර සමගිය රැක ගැනීම සඳහා බලය බෙදිය යුතුයි යනුවෙන් ඔහු එදා දැරූ දේශපාලනික මතයත් මේ වන විට පිළිගැනීමට ලක්ව තිබෙනවා. මට සිතා ගන්න බැරි කිසිම දවසක කිසිවෙකුටත් වරදක් නොකළ නිවැරදි දේශපාලන මතයක් දැරූ අවිහිංසාවාදි වැඩ පිළිවෙළක් ගෙන ගිය පුද්ගලයෙකුට මෙවැනි දෙයක් සිද්ධ වුණේ ඇයි කියන එකයි. අදටත් මම ඒ ප්‍රශ්නයට උත්තරයක් සොයනවා.

විජය නැති අඩුව ඔහුගේ සොහොයුරිය ලෙස ඔබට අද දැනෙන්නේ මොන විදිහටද?
මම දැන් වයසයි. ඒ නිසා එදාටත් වඩා අද මට මල්ලිව ඕනෑ. ඒත් අද එයා ජීවතුන් අතර නැහැ. ඔහු නැති දුක, පාළුව, තනිකම මට සෑම මොහොතකම දැනෙනවා. දිවි ඇති තුරාම එය මට දැනේවි.

නිර්මලී කරුණාරත්න

Comments  

+4 #1 සිසිර 2017-02-19 20:59
තිරිසන් කතා ඉවත් කිරිම පිළිබඳව බුද්ධිමත් ලක්බිම පාටකයන්ගෙ ආචාරය ලක්බිමට
Quote
-1 #2 arschfikaa 2017-02-22 12:29
ado sisira,mineemarana jaathiyen pewatha ena
umbawage ekek oyawage ovadan deemata kisima
aythiyak nethi ewunya,enisaa thoge katai [********]i
vahagena,kasippu beela meranna yana anith ekaa
kawda kiyala kalpanaakireeme yediyan, sinhala
cinemaawe hitapu denawaka haamine hera,anith
hema niliyekutama hukaapu ekaa thamai oya
vijaya.mekai eththa.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6547

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3359

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2370

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.