lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

'ලක්බිම' හෙළිදරව්වෙන් බොහෝ උපකාර ලැබුණා

සිය නිසඟ කලා කෞෂල්‍යයෙන් රසික ජනතාව වෙත ගීත නිර්මාණ දහස් ගණනක් තිළිණ කළද, දෛවයේ සරදමක් නිසාදෝ සැඳෑසමය ඉතා අසරණව ගෙවා දමමින් සිටින අයිරින් ද අල්විස් සහ හේම ශ්‍රී ද අල්විස් යුවළ පිළිබඳ මීට සති කිහිපයකට පෙර අප හෙළි කළේ ඔවුන්ගේ කඳුළු කතාවට නිමාවක් තැබිමේ අරමුණෙනි. සැබැවින්ම අපගේ අරමුණ අද වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බව එම කලාකරුවන් දෙපළ සහ ඔවුන්ගේ පවු‍ලේ උදවිය අප වෙත දන්වා සිටියහ.
ඒ සඳහා සැබෑ මනුස්සකම් පිරි මිනිසුන් මේ වනවිට තමන් වටා පවුරක් සේ සෙනෙහසින් රැඳී සිටින බව “ලක්බිමට” ඔවුන් පවසා සිටියේ කළගුණ දත් සැබෑ කලාකරුවන් ලෙසටය.
ගීත දහසකට අධිකව ගැයූ අයිරින් ද අල්විස් සහ ගීත හාර දහසකට වඩා ලියූ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් නම් වූ මෙම කලාකරුවන් දෙපළගේ දෙවන පුතු වන සංජය දසුන් ද අල්විස් මෙසේ අදහස් පළ කළේ සංගීත ක්ෂේත්‍රයේ පවතින ගැටලු ගණනාවක් ගැන ද අනාවරණය කරමිනි.
“මගේ අම්මයි තාත්තයි මේ රටේ ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකර තිබෙන දායකත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම හිටියත්, ආර්ථික වශයෙන් බොහෝ දුක්ඛිත ජීවිතයක් තමයි අපි ගත කළේ. නිර්මාණකරණයෙන් ‍පොහොසතුන් වුණත් ආර්ථිකමය වශයෙන් ගොඩක් පහළ තත්ත්වයක ඔවුන්ට ඉන්න වුණේ අම්මයි තාත්තයි ඇත්තටම කලාව විතරක් මුල් කරගෙන ජීවත් වුණාට  මුදල් පසුපස හඹා ගියේ නැති නිසා කියලයි මට හිතෙන්නේ.
අවුරුදු ගාණක් කුලී ගෙවල්වල අපි ජීවත් වුණා. පසුගිය කාලයේ විවිධ මාධ්‍යවල අම්මා තාත්තා ගැන විස්තර පළ වුණාට පස්සේ පානදුර ප්‍රාදේශීය සභාව මගින් නොමි‍ලේ ඉඩමක් ලැබුණා. පසුව අලුබෝමුල්ල සිංහ සමාජය කුඩා නිවසක් ඉදිකර දුන්නා. ඇත්තටම ඒ අතරේ අම්මයි තාත්තයි ගැන ඉතාම සංවේදී ලිපියක් ලක්බිම පුවත්පතේ සරසි අතිරේකයේ පළ වුණාට පසුව, අපේ රටේත්, වෙනත් රටවලත් පදිංචි ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනකු අම්මාට සහ තාත්තාට උදව් කරන්න ඉදිරිපත් වුණා. අම්මාගේ වියහියදම්වලට තාත්තාගේ ගිණුමට කිසියම් මුදලක් එවන්නට තරම් මිනිස්සු කාරුණික වුණා. ඒ විතරක් නමෛයි ජලය,  විදුලිය පවා ලබා දෙන්න මැදිහත් වුණු පරිත්‍යාගශීලීනුත් මේ අතර සිටිනවා.  ඒ ගැන ලක්බිමට දෙමාපියන් වෙනුවෙන් මම ස්තූති කරනවා.” ඔහු පවසා සිටියේ කෘතවේදීවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පානදුර මූලික රෝහ‍ලේ වෛද්‍යවරයෙකු සමග පැමිණ අම්මාගේ අසනීප තත්ත්වය සුව කිරීමටත්, මාසිකව අවශ්‍ය බෙහෙත් නොමි‍ලේ ලබාදීමටත් ‍පොරොන්දු වුණා.  මේ වනවිටත් භෞත චිකිත්සකවරයෙකු නිවසට පැමිණ අම්මාගේ රෝගී තත්ත්වය ගැන සොයා බලා කටයුතු කරනවා.” දසුන් එලෙසද කියා සිටියේය.
ගීතයක් දෙකක් ලියා දහස් ගණනින් මුදල් උපයන, අනුන් ගැයූ ගීයක් ගයා ලක්ෂ ගණන් උපයන පමණක් නොව එම නිර්මාණ මාකට් කරන පිරිස් අතරේ සුභාවිත ගීත ගැයූ සභා ලියූ මේ දෙපළගේ නිර්මාණවලට අත්ව තිබෙන ඉරණම පිළිබඳවද ඔහු කතා කළේ දැඩි කලකිරීමකින් මෙන්ම ආවේගයකිනි.
“මම පෞද්ගලික ආයතනයක රැකියාව කරන අතර සුපර් සකුරා නමැති මගේම බෑන්ඩ් එකක ප්‍ලේ කරනවා. ඒ අතර පානදුර ගෝල්ඩන් බර්ඩ් නමැති බෑන්ඩ් එකේ ගීත ගයනවා. මගේ අම්මා ගැයූ ගීත අදත් බොහෝදෙනා රස විඳින්නේ එදා වගේම විශාල මිහිරකින්. ඒ බව මම බෑන්ඩ් එකේ ප්‍ලේ කරද්දී දැකලා තියෙනවා. “දෑස පා සිනා කියන රහස තේරුණා - පෙම් ලොවක් දෙපා මු‍ලේ මවා තියා”, “මගේ හද ප්‍රේම දායාදේ - පුදමි ඔබ පාමු‍ලේ සුහදේ”, සෙංකඩගල නගරේ - සඳ රේඛා වැතිරේ”, පෙම් හසරැලි පාලා”, “සීත වන විල් දියේ පිපුණු පියුමක් වගේ” වැනි ගීත විවිධ ගායිකාවන් ගයනවා. යූ ටියුබ්වල ඒවා දාලා තියෙනවා. සමහරුන් ඒ ගීතවලින් දහස් ගණන් උපයනවා. ඒත් ඒ ගීත ගායනා කරපු අම්මා බලන්නවත් ඔවුන් එන්නේ නැහැ. අපේ බෑන්ඩ් එකේ සුප්‍රියා අම්මාගේ සිංදු කියද්දී මම එයා වෙනුවෙන් වාදනය කරනවා. සිංදුව කියලා යන්නම් මචං කියලා මටත් කියලා යනවා එච්චරයි. අම්මගේම නම තියෙන තවත් ගායිකාවක් ඉන්නවා. ඇයගේ වාසගම විතරයි වෙනස්. එයා අම්මාගේ සිංදු කිව්වේ ඇය අයිරින් ද අල්විස් කියලා. තවමත් තැන් තැන්වල කියනවා කියලා තමයි ආරංචි. දවසක් අපේ බෑන්ඩ් එකේ අම්මාගේ නමින් ඒ විදියට සිංදු කියන්න ස්ටේජ් නැග්ගම මම කිව්වා “ඇන්ටි මේ වැඩේ කරන්න එපා. ඒක කැතයි. මගේ අම්මා ඉන්නේ අසනීපයෙන්” කියලා. සමහර මාධ්‍යවල මං ගැනත් විවිධ කතා පැතිරෙනවා. දෙමාපියන්ට සලකනවාද නැද්ද කියලා දන්නේ මම විතරයි.”මේ අතර මෙම කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් සහ ඔවුන්ගේ නිර්මාණ සමාජගත කරමින් ඔවුන්ට නඩත්තු වියදම් වෙනුවෙන් මූල්‍යමය අනුග්‍රහය ලබාදීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත්ව සිටින බව අප සමග කියා සිටියේ හේම ශ්‍රී අල්විස් මහතාය. අපි ඒ පිළිබඳව  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසුවෙමු.“ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් හා ගායිකා අයිරින් ද අල්විස් කියන මෙම කලාකරුවන් දෙපළ අද පත්වෙලා තියෙන ඉරණම ගැන වූ සංවේදී ලිපිය මුලින්ම ලක්බිම පත්තරෙන් අපි කියෙව්වා. පසුව පානදුරේ  වලපනේ පිහිටි ඔවුන්ගේ  කුලී ගෙදරට ගියා. ඔවුන් කිව්වා සිංහ සමාජයෙන් හදා දුන් ගෙදරට මාරු වෙනවා කියලා. මේ කලාකරුවන් අද පත්වී ඇති ශෝකජනක තත්ත්වයෙන් යම් පමණකට හෝ සහනයක් සැලසීමට කළුතර දිස්ත්‍රික් දිරිය පුරවැසි එකතුව තීරණයක් ගත්තා. ඒ අනුව ඔවුන්ගේ අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර හා භෞත චිකිත්සක කටයුතු සඳහා වෛද්‍යවරුන් දෙදෙනකු යොමු කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ඖෂධ සහ ඔවුන්ගේ නඩත්තු වියදම් වෙනුවෙන් යම් මූල්‍යමය අනුග්‍රහයක් ලබාදිය යුතුව තිබෙනවා. ඔවුන් දෙපළගේ නිර්මාණ වර්තමාන පරපුරට සමීප කිරීමට හා මූල්‍ය අනුග්‍රහයක් ලබා ගැනීම වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වීමටත් අප බලා‍පොරොත්තු වෙනවා. හේම ශ්‍රී ද අල්විස් රචිත ගීත ගැයූ ගායක ගායිකාවන්ගේ සහයත් මේ සඳහා විශේෂයෙන්ම වුවමනා වී තිබෙනවා.”
වෛද්‍ය නලින්ද ජයතිස්ස එලෙස සඳහන් කළේ කලාකරුවන් රැක ගැනීම ජාතික වගකීමක් බවද සිහිපත් කරමිනි.

පද්මිණී මාතරගේ

ඡායාරූප - ජනක හෙට්ටිආරච්චි

Comments  

0 #1 jeny.perera 2017-02-16 15:41
laxsa 7marak wage getha 12k gayana karana Amarasiri Piris weni ayatath puluwan meyata dayaka wenna,mokada mey hemoma ekama kala pirisakne apitath puluwan prasangaya naraba eta dayaka wenna onna kalakuruwan wenuwen kala karuwantama hoda Awasthawak.nalinda methidutath sthuthi.
Quote
+1 #2 සිසිර 2017-02-17 00:28
ආධාරයක් කළ හැකි විදියක් සඳහන් කරන්න
Quote
+1 #3 SUPUN 2017-02-17 11:31
Ape rate Kalakaruwo boho pirisak harima arthmarthakami... kisi kenekuge dukedi sapedi balanne ne... Kalakaruwek marunama anthima dawase enawa Sudu andagena, Makup dagena, boruwata.. Awilla media walata dahak boru kiyala duk pennanawa.. apine danne Kalakaruwange hati... tika denai niyama Kalakaruwo wenne
Quote
0 #4 prabath 2017-02-18 18:55
i also got chance to help them and Thanks to LAKBIMA
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6548

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3359

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2370

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.