lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

මුචලින්ද නාගරාජයාගේ පුත්‍ර රත්නයේ ‘පැටිකිරිය’

දැනට වසර ගණනාවක සිට අපේ රටේ බොහෝ දෙනකුට දහම් පණිවිඩයක මුවාවෙන් ලැබෙන මෙම නිර්නාමික ලිපිය මේ වනවිට එක්වරක් හෝ කිහිප වරක් ඔබ අතට පත් වී තිබීමට පුළුවන.

                                                                                   බුදුසසුන බැබලේවා!
                                                                                  සියළු බෞද්ධයන් වෙත දැනුම් දීමයි.

අනුරාධපුර නාග විහාරයේ ගල්ලෙනක් තුළින් විශාල නාගයෙක් මතුවිය. මේ ස්ථානයේ භාවනාවේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලාට මෙසේ කීය. “මේ කියන දේ හොඳින් අසන්න. මම මුචලින්ද නාග රාජයාගේ ප්‍රත්‍ර රත්නය වෙමි. මේ ලෝකයේ කල්ප විනාශය වන තුරුම විමසිල්ලෙන් බලා සිටිමි. බුද්ධාගමට විහිළු කරන අයටත් නිසි දඬුවම් ලබා දෙමි.

තවද මෙම පණිවිඩුය කෙරෙහි භක්තියෙන් යුතුව ප්‍රචාරයට ඉදිරිපත් වන යම් කෙනෙක් සිංහලෙන් ‍හෝ දෙමළෙන් මුද්‍රණය කර බෙදා හැරීමට ඉදිරිපත්වන්නේ නම්, ඔහුට මහත් භෞතික සම්පත් ලබාදෙමි. මෙය අද ප්‍රචාරය වී ඇති සියල්ලටම වඩා ශ්‍රේෂඨ බවත්, බුදුන් කෙරෙහි භක්තියෙන් සිටින සියළු දෙනා ආරක්ෂා කරන බවත් දන්වමි.”
 එම ස්වාමින් වහන්සේ පැන් ස්වල්පයක් ඉස්සවිට නාගයාගේ ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන්ගෙන අතුරුදහන්විය.

මෙය දැනගත් බොම්බායේ පාසල් සිසුවෙකු මෙම ප්‍රතිකාව ඉරා විසිකර දමා පැය 24ක් තුළ දී කළු නාගයකු දෂ්ඨකර මිය ගියේය. මාතලේ දිස්ත්‍රික්කයේ යමෙක් මෙම පත්‍රිකාවෙන් විස්කෝතු ඔතාගෙන ගොස් පුතාට කන්න දී නාසයෙන් ලේ ගලා මිය ගියේය. මහියංගනයේ එල්.කේ.පොඩි අප්පු මහතා විසින් මෙම ප්‍රත්‍රිකා 2000ක් මුද්‍රණය කර බෙදා හැර සති දෙකකින් ලක්‍ෂ දෙකහමාරක වටිනා නිල් මැණිකක් ලැබී ධනවතකු විය.

මෙය විශ්වාස කරගෙන කොළ 500ක් මුද්‍රණය කර බෙදා දුන් ගාල්ලේ දෙවැටේ පදිංචි සුසිල් මහතාට නොසිතූ අන්දමට ඉතා ලස්සන නිවසක් තනා ගැනීමටත් ඔහු‍ගේ වෙළද ව්‍යාපාර දිනෙන් දින දියුණු වීමෙන් ධනවතකු වීමටත් වාසනාව උදා විය. ජම්බුගහපිටියේ ඒ.කේ.අත්තනායකට මෙම කොළය ලැබී දින 07ක් ගෙවී යන තෙක්ම ප්‍රචාරය නොකළ නිසා ඇය පිස්සියක් බවට පත් විය. මෙතෙක් කල් කරගෙන ආ රැකියාවද අහිමි විය.

මෙම පත්‍රිකාව වි‍ශ්වාස කරගෙන මුද්‍රණය කරන අයට තමන් සිතන දේ ඉෂ්ට වේ. දින 10 ක් තුළ ප්‍රතිඵල ලැබේ. තමන්ට මෙම පත්‍රිකාව ලැබී දින 10ක් තුළ මුද්‍රණය කර පත්‍රිකා 20ක් බෙදිය යුතුය. මෙය නතර කන්න එපා. මේ විස්තර පත්‍රයෙන් යහපත සලසා ඔබගේ වාසනාව ගෙන දෙයි.

භාග්‍යවත් ශ්‍රී සම්මා සම්බුදු සරණයි මෙය විශ්වාස කර හිතවතුන් අතර ‍බෙදා දෙන්න.

ස්තුතියි.

කරුණාකර මෙය තේරුම් ගෙන අතින් අත යවන්න.

එමෙන්ම එම පත්‍රිකාවේ සඳහන් ඉහත දැක්වෙන ප්‍රකාශය මත ඇතැම් විට ඔබ බියපත්වන්නට ද ඇත; ඒ අනුව ඉහත දක්වා ඇති පරිදි මෙම පත්‍රිකාවේ පිටපත් විස්සක් බෙදා හරින්නට ද ඇත. එබැවින් මෙම පත්‍රිකාවේ සඳහන් කරුණුවල සත්‍යතාව සහ විශ්වසනීය බව පිළිබඳව විමසා බැලීමට අපි පළමුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.පී.කුලතුංගයන් දුරකථනයෙන් සම්බන්ධකර ගතිමු.

ප්‍රශ්නය; මහාචාර්ය තුමා; අනුරාධපුර නාග විහාරය තියෙන්නේ කොහෙද?

පිළිතුර; අනුරාධපුර නාග විහාරය? අනේ එහෙම එකක් ගැන මම දන්නේ නැහැනේ.

ප්‍රශ්නය; ඒ කියන්නේ එහෙම එක් තියෙන්න පුලුවන්ද?

පිළිතුර; මෙහෙමයි; අනුරාධපුරේ නාග විහාරය කියලා පුරාවිද්‍යා ස්ථානයක් ගැන නම් මම දන්නේ නැහැ. කෝකටත් ඩොක්ට දිසානායක (පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක) ගෙනුත් අහලා බලන්න; කොහොමත් මම නම් ඔය ඔහොම කතාවක් ඇහුවමයි.

ඒ අනුව අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සම්බන්ධ කරගන්නේ මෙම නාග විහාරයේ වංහුං තව දුරටත් දැන ගනු පිණිසයි.

ප්‍රශ්නය; අධ්‍යක්ෂ ජනරාල් තුමා අනුරාධපුරේ නාග විහාරය කියන්නේ කොහෙද?

පිළිතුර; අනුරාධපුරේ එහෙම තැනක් නැහැහේ.

ප්‍රශ්නය; හොඳට කල්පනා කරලා බලන්න; ගල් ලෙන් එහෙම තියන පැරණි විහාරයක්.

පිළිතුර; මට පේන්නේ ඔය මොකක් හරි වැරදි තොරතුරක් මත පදනම් වුණු ප්‍රශ්නයක්; අනුරාධපුරේ නම් ඔය කියන විදිහේ තැනක් නැහැ.

ඉන්පසුව නාග විහාරය පිළිබඳ සෙවීම නවතා අපි මුචලින්ද නාග රාජයාගේ ප්‍රත්‍ර රත්නය පිළිබඳව විමසා බැලීම පිණිස පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්ත විමල හිමිපාණන් දුරකථනයට සම්බන්ධ කරගනිමු.

ප්‍රශ්නය; ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක සාහිත්‍යයේ මුචලින්ද නාග රාජයා ගැන සඳහන් වෙන්නේ කොතැනද?

පිළිතුර; උදාන පාලියේ දෙවන මුචලින්ද වග්ග කියන කොටසේ පළමු සූතුයෙන් ඒ ගැන විස්තර වෙනවා.

ප්‍රශ්නය; එතකොට මුචලින්ද නාග රාජයාගේ පුත්‍ර රත්නය ගැන?

පිළිතුර; ඒ කවුද ඒ?

ප්‍රශ්නය; එහෙම කෙනෙක් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැත්ද?

පිළිතුර; කිසිම තැනක නෑ; සූත්‍රවල තියා සූත්‍ර අටුවාවලවත් නැහැ. ඒක ස්ථිරයි.

ඉන්පසු අපි උන්වහන්සේට ඇසෙන සේ එම පත්‍රිකාව දුරකථනයෙන් කියැවීමු. එවිට උන්වහන්සේ මෙසේ කීහ.

“ඕක දැනට දශක ගාණක් තිස්සේ නුවණ මඳ අය මුලාකරලා ජනතාව අතර දුර්මත වපුරවන්න බටහිර රටවල සමහරු යොදා ගත්තු කුප්‍රකට සන්නිවේදන ක්‍රමයක්; දැනට අවුරුදු ගාණක ඉඳලා ඕක විශ්ව විද්‍යාල ළමයින් අතරටත් ඇවිත් තියනවා; මේක එක්තරා විදිහක මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්; නමුත් මෙතන තියන ලොකුම ඛේදවාචකය තමයි අපේ මහා කාරුණික බුදු රජාණන් වහන්සේ මුල් කරගෙන මනෝ  විද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රමෝපායන් ඔස්සේ සමාජය පුරා මිථ්‍යාව පතුරවන එක; ඒ හින්දා පොදු සමාජ යහපැවැත්ම වෙනුවෙන් මම නම් ඉල්ලා සිටින්නේ ඔය වගේ මිථ්‍යා මත සහිත ලියුමක් දැක්ක හැටියේ කාටවත් නොපෙන්වා ඉරා දමන ලෙසයි. එසේ කී උන්වහන්සේ අවසානයේ මෙසේ ද කීහ. “ මම නම් දැන් අවුරුදු විස්සක් තිහක් තිස්සේ කීප සැරක්ම එහෙම කරලා තියනවා.”

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

Comments  

+15 #1 Mahendra 2017-02-14 20:03
ගරු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය සත්‍යයකි. මින් පෙර මා වෙතද මෙම කොලය ඊමේල් මගින්ද ලැබුණි.
සත්‍ය වූ බවුද්ධයින් වටහා ගත යුතු කරුණු කිහිපයක් මෙහි ඇත. 1. මෙම කොලයේ පරමාර්ථය කෙලෙස් අවුළුවා බුදු දහම ප්‍රචලිත කිරීමයි. 2. අන්ධ භක්තියක් ඇති කිරීමයි. 3. මහා කාරුණික බුදුන් වහන්සේගේ ධර්මය තුළ කොතැනක හෝ මෙවන් බාල ප්‍රචාරණයක් නොමැත. බුද්ධියෙන් වටහා ගත යුතුය. එබැවින් මෙවන් දේ වළකාලීම බොදුණු අපගේ යුතුකමකි. බාල වැඩ මගින් බුද්ධාගමට හානි නොකරන්න.
Quote
+6 #2 saman 2017-02-15 09:41
lankawe inna gobba moda harakunta owa thamai honda.
Quote
+3 #3 jayanthavithana 2017-02-15 10:37
අප තථාගතයන් වහන්සේ ගැන නොවෙනස්වන ශ්‍රද්ධාවක් සහ ධර්මය ගැන ප්‍රාථමික අවබෝදයක්වත් අප තුල තිබිය යුතුයි.නැත්නම් මේ මිත්‍යා දුෂ්ඪී වලට රැවටෙනවා
Quote
-1 #4 siran 2017-02-15 16:19
den meka 2769 varayak balala tiyena nisa niranjan chaminda mahatatat vasiyak weyida balamu
Quote
0 #5 SUPUN 2017-02-17 11:23
Yaksha Peretha agam adahana manussayanta mewa eththa thamai... Bauddagama ekka mewage kisi sambandayak ne...
Quote
+1 #6 m.g.s 2017-02-19 00:21
okata kiyanne damwal bhaktiya kiyala mage waysa 68, api oka danagathhe wayasa13 di pamana oka aawe tapaalen loku boruwak
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 396

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 793

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1240

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 733

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 700

Please publish modules in offcanvas position.