lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණයෙන් ලොව දිනු දිඹුලාගල විශ්වජිත් සිසුවා

ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණයක් නිර්මාණය කළ දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ එම්. යොමාල් විශ්වජිත් සිරිවර්ධන ශිෂ්‍යයා රටවල් 29ක තරගකරුවන් 1000ක් අතරින් ජාත්‍යන්තර රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී ඇත.
 තායිලන්තයේ නව නිපැයුම් කරුවන්ගේ දිනය සමරමින් මේ මස 02 වෙනිදා සිට 06 වෙනිදා දක්වා බැංකොක් නගරයේ පැවැති නව නිපයුම් තරගාවලියේ දී ඔහු මෙම ජාත්‍යන්තර රන් සම්මානය ලබා ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන පෙරේදා (11) පැමිණියේය. 
මම ඉන්නේ ‍පොළොන්නරුව මහවැලි සී කලාපයේ. මේක කෘෂිකාර්මික පළාතක්. සියලු දෙනාම වගේ ගොවිතැන් කරනවා. ගොවියන්ට ලොකුම ගැටලුව තමා ගොවි බිමට කලට වේලාවට ජලය ලබා ගැනීම. මම හදපු ස්වයක්‍රීය ජල සැපයුමෙන් ගොවීන්ගේ ගැටලුවලට ගොඩාක් විසඳුම් තියෙනවා. තමන්ගේ වගා බිමට වතුර රැගෙන යන තැන මේ උපකරණය සවිකරලා තමන්ට ඕනෑම වේලාවක ලෝකේ කොහේ සිට හෝ ජංගම දුරකථනය මගින් ජලය අරින්න, වහන්න පුළුවන්. මේ උපකරණය ගොවි බිමට විතරක් නොවේ ඕනෑම ජල සැපයුම් කාර්යයකට යොදා ගන්න පුළුවන්. සූර්ය ශක්තියෙන් ඕනෑම වේලාවක ක්‍රියාත්මක කර ගත හැකි මේක තමන්ගේ ජංගම දුරකථනයෙන් පාලනය කර ගන්න පුළුවන්. අනික තමා මේ උපකරණයෙන් තමන්ගේ වගා බිමට ජලය එන ඇළේ වතුර තියෙනවාද? නැද්ද? කියලා ලෝකේ කොහේ හිටියත් දැන ගන්න පුළුවන්.
මේ ජල සැපයුම් උපකරණය කවුරුන් හෝ ගලවා උස්සගෙන යන්න හැදුවොත් ඒ විගසම තමාගේ දුරකථනයට කෙටි පණිවිඩයක් එන බව ද නව නිපැයුම් කරු යොමාල් විශ්වජිත් සිසුවා පැවැසීය.
තම ජයග්‍රහණ සඳහා ශක්තිය දුන් විදුහල්පති එදිරිසිංහ මහතා ඇතුළු විද්‍යාලයීය ගුරුවරුන් ශ්‍රී ලංකා නව නිපයුම් කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ් එදිරිසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය මහත් ගෞරවයෙන් යොමාල් සිහිපත් කර සිටියේය.





මනම්පිටිය - නිමල් ජයරත්න

Comments  

+6 #1 hemanthi 2017-02-14 13:43
Puthe oyata manussakama rekagena thawa thawath idiriyata yanna shakthiya dahiriya labewa. Obavani daruwan ratakata wasanawak.
Quote
0 #2 Angoda 2017-02-17 06:24
Oya rate thawath inna epa. wenath ratakata panaganna margayak hoyaganna.dakshayinta vina karana rataka anagathayak nena. Loku tanwala inna matilokko Daksha udaviyata ihalata ennatiyena avastha kramanukulawa walakwanawa.Sigiri Gala harapu evun nidahas
kara .evunata obata nikan agayeemkawath naha neda.
Quote
0 #3 Dhanushka 2017-02-17 16:36
Jaya wewa!
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.