lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

අමරසිරි පීරිස්ට සංවිධායකයන්ගෙන් වංචාවක්

උන්මාද  සඳ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ ගීත ගායනය සඳහා ආරාධනා කර සංවිධායකයන් ‍පොරොන්දු වූ රුපියල් හත් ලක්ෂ පනස්දහසක මුදල ගෙවීම පැහැර හැරී බව කියමින් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයට මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඊයේ (11) රාත්‍රියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයට සංවිධායකයින් ‍පොරොන්දු වී ගිවිසගත් ආකාරයට රුපියල් 750000 මුදල නොගෙවීම හේතුවෙන් ඒ මහතා අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණි.
පැමිණිල්ල සමග වහාම ක්‍රියාත්මක වූ ‍පොලීසිය එම ප්‍රසංගය සංවිධානය කළ තරුණ කාන්තාවක ඇතුළු කිහිපදෙනෙකු අනුරාධපුර නගරයේ පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටියදී ‍පොලීසියට කැඳවා ආරවුල විසඳීමට කටයුතු කර තිබුණු අතර සංවිධායකයින් අමරසිරි පීරිස් මහතාට ගෙවිය යුතු මුදල ගෙවීමට ‍පොරොන්දු වී තිබුණි.
අමරසිරි පීරිස් මහතා සහභාගි වූ ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත් රැගත් රසිකයන් පිරිස  විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට පැමිණ සිටි අතර සංවිධායකයින් එහි නොපැමිණියත් රසිකයන් වෙනුවෙන් ගීත හයක් ගායනා කිරීමට ඒ මහතා කටයුතු කළේය. සිය රසිකයන් වෙනුවෙන් ගීත ගායනා කළ අමරසිරි පීරිස් මහතා ‘මෙම අනුරාධපුරයට දෙතුන් වතාවක් සංගීත ප්‍රසංගවලට ආවා. නමුත් මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ නැහැ’ යනුවෙන් පවසා ‍පොරොන්දු මුදල නොගෙවීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට ගොස් පැමිණිලි ඉදිරිපත් කළේය.
ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ගෙන්වා ඔහුට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් උන්මාද සඳ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය සංවිධානය කළ අසංගි චන්දිමා විජේසූරිය මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය. “මම එතුමාට අගෞරවයක් වන වචනයක්වත් කියන්න කැමැති නෑ. අනුරාධපුර නගරයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් තමයි ප්‍රසංගය කඩාකප්පල් කළේ. මට විවිධ තර්ජනත් ආවා. මම ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකතුමාට ලිඛිතව දැන්වීම් කරා. අමරසිරි පීරිස් මහතා මා සමග  ඇති වූ අමනාපයක් හේතුවෙන් සංගීත ප්‍රසංගයට සහභාගි නොවී ඊයේ (11) සවස පහට අනුරාධපුරයෙන් යනවා කිව්වා.
ඒ නිසා මම ආරාධිත අමුත්තන් ඇතුළු සියලුම රසිකයින්ට දැන් වුවා ප්‍රසංගය අවලංගුයි කියලා. ඒ වගේම ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නත් එපා කියලත් කිවුවා. නමුත්  සවස හතට විතර ඒ මහතා විද්‍යාලයට ඇවිල්ලා සින්දු  කියලා. ඇයි අවලංගු කරපු ප්‍රසංගයකට සහභාගි වුණේ. නමුත් එතුමාව මමයි අනුරාධපුරයට ගෙන් වූයේ ‍පොරොන්දු මුදල් දෙනවා. අනුරාධපුර නගරයෙන් ප්‍රවේශපත්‍ර 44ක් අලෙවි වී තිබුණා. ඒ මුදලුත් මම රසිකයන්ට නැවත ලබා දෙනවා” යැයි ඇය පැවැසුවාය.
අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එම්.එස්.කුමාරසේන මහතා ඇතුළු පිරිසක් පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

Comments  

-2 #1 සිසිර 2017-02-13 19:33
7500000/6=125000????????එක් ගිතයකට එක්ලක්ෂ විසිපන්දාහයි ,,,,අනෙ ඔබ තුමා වත් දුප්පත් අපෙන් (රජයේන් )ආධාර නිවාසගන්න එපා
Quote
0 #2 jayasri 2017-02-14 08:46
awalangu kala kiyala ethumata dannuwe nadda? pissu manussayo
Quote
+5 #3 Luckyl 2017-02-15 15:37
Good News for Income tax dept.Take immediate action.Lucky
Quote
+4 #4 siran 2017-02-15 16:22
gana hari serayi neda? sivil niladariyek masa 15 k wath wedata yanna ona
Quote
+2 #5 jeny.perera 2017-02-16 15:30
meywage mudalak ??? budu Ammo meyala inne rasikayo sanasanada?herat ateeck hedenawane.deyyane.incom tax kese wethath hith suwapath karana minissuda mey. kiyalai hithanna one.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.