lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

නීතිඥ සහය නැතිව පොලිස් නඩුවෙන් දිනූ ත්‍රීවිලර් රියදුරු

ගම්‍පොළ ‍පොලීසිය ඉදිරිපත් කළ චෝදනා දෙකට එරෙහිව වසර තුනකට ආසන්න කාලයක් නීතිඥ සහයක් නොලබා තනිවම ගම්‍පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කියූ ත්‍රිරෝද රථ රියැදුරෙකු එම චෝදනා දෙකෙන්ම නිදොස් වී ඇත.
ගම්‍පොළ මහේස්ත්‍රාත්වරු දෙදෙනකු ඉදිරියේ මෙම නඩුව විභාග වී ඇති අතර ඒ අනුව හිටපු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාගෙන්  පසු නඩුව විභාග කළ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය මෙම සැකකරු මෙසේ නිදහස් කොට ඇත.
බීමත්ව රිය පැදවීම හා ‍පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා දෙකට එරෙහිව මෙසේ නීතිඥ සහය නොලබා නඩු කියා ඇත්තේ ගම්‍පොළ  ඇත්ගාල කොළනියේ පදිංචි විදාන පතිරණලාගේ නුවන් තුසිත කුමාර නොහොත් “මාර්කට් එකේ ලාරා” නමින් ප්‍රසිද්ධ තැනැත්තාය.
ගම්‍පොළ මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස එවකට සිටි චන්ද්‍රා ජයවීර මහතාගේ උපදෙස් මත රථවාහන  අංශ ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් 2014.04.20 දින සිංහාපිටිය ප්‍රදේශයේ රථවාහන  වැරදි ගනිමින් සිටි නිලධාරීන් නුවන් තුසිත කුමාර යන අය ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී මොහුට බිමත්ව රිය පදවන බවට චෝදනා එල්ල කොට ඇති අතර තමා මත්පැන් බි නොමැති බව පවසා තර්ක කළ නිසා රාජකාරියට බාධා කළ බවටද චෝදනා කරමින් ‍පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිව් වතාවක් බැලුනයක් පිම්බිමට දී පසුව ‍පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර මහතා වෙත ඉදිරිපත් කොට සිර මැදිරියට දැමූ බව මොහු අධිකරණයේදී පවසා සිටින ලදී.
නීතිඥ සහය ලබා නොගනිමින් හරස් ප්‍රශ්න අසා ඇති චූදිතකරු නඩුව අවසන් අදියරට පැමිණෙන අවස්ථාවේ ‍පොලීසියේ සාක්ෂිකරු රථවාහන නිලධාරියාගෙන් අසා ඇත්තේ.
“සාක්ෂිකරු කියා සිටියා හැමදේම මතක නැහැ කියා. ඒත් අද වන විටත් මගේ කටේ අරක්කු සුවඳ දැනුණ එක මතකයි.” යන්නය.
තවත් අවස්ථාවක චූදිතකරු අසා ඇත්තේ තමා වෛද්‍යවරයෙකු ළඟට යොමු කරන්න කීවත් එය ඉටු නොවුණ බවයි.
කෙසේ නමුත් මේ පිළිබඳව තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කොට ඇත්තේ ස්වසන පරීක්ෂණ තලයේ මත්පැන් භාවිත කළ පුද්ගලයෙකුගේ රුධිරය මිලි ලීටර් 100 මධ්‍යසාර ග්‍රෑම් 0.08 තිබිය යුතු බවයි. නමුත් මොහුගේ පැ. එක දරණ සහතිකයේ සඳහන් කර ඇති ආකාරයට මොහුගේ මධ්‍යසාර ප්‍රමාණය 0.08 ක් ලෙස සඳහන්ව තිබිම හා ‍පොලිස් නිලධාරියාගේ මෙම පරීක්ෂණ අවිධිමත් ලෙස කිරීම යන කරුණු අනාවරණය වීමෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොකර ඇති බවයි.
එමෙන්ම මෙම නිලධාරීන් විසින් තමාගේ බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුවද විවිධාකාර නියෝග දෙමින් පීඩාකාරී අන්දමින් තමා හා කටයුතු කළ බවට ලැබි ඇති සාක්ෂි හා චූදිත තැනැත්තා වුවමනාවෙන් රාජකාරියට බාධා කළ අයෙකු වශයෙන් චෝදනාවට ලක් කළ හැකි පුද්ගලයෙකු බවට තීරණය කළ නොහැකි වූයෙන් දෙවන චෝදනාවෙන්ද ඔහු නිදොස් කොට නිදහස් කර ඇත.

එස්. ඩී. රාජනායක - ගම්‍පොළ /අනුර දිසානායක - නාවලපිටිය

Comments  

+27 #1 Pradeep 2017-02-03 13:59
well done ! Hats off gentlemen....
Quote
+17 #2 jayantha 2017-02-03 14:18
naruma polis. mamanam meka karapu ayawa masa hayakatawath padi rahithawa wada thahanam karanawa.
Quote
+10 #3 ආලෙෂ් 2017-02-04 05:03
good job
Quote
+9 #4 dinu 2017-02-05 15:48
නීතිඥ සහය නැතිව පොලිස් නඩුවෙන් දිනූ ත්‍රීවිලර් රියදුරු
ඔබ ගැන සතුටුයි
Quote
-5 #5 Arjuna 2017-02-05 16:53
මාර වීරයෙක් නේ. බීලා ගිහින් අහින්සක මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුනනම් ප්‍රතිචාර බලන්න තිබුනා. ඇල්කොහොල් 0.08 කියන්නෙ රිය පැදවීමට උපරිම තිබිය හැකි උපරිම අගයනෙ. මේ අනුවන මිනිහ වාහනය පදවන්න පටන් ගන්නකොට අගය 0.08 ට වැඩිවිය යුතුයි නේද.
Quote
-7 #6 Arjuna 2017-02-05 16:53
මාර වීරයෙක් නේ. බීලා ගිහින් අහින්සක මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුනනම් ප්‍රතිචාර බලන්න තිබුනා. ඇල්කොහොල් 0.08 කියන්නෙ රිය පැදවීමට උපරිම තිබිය හැකි උපරිම අගයනෙ. මේ අනුවන මිනිහ වාහනය පදවන්න පටන් ගන්නකොට අගය 0.08 ට වැඩිවිය යුතුයි නේද.
Quote
+2 #7 pakas 2017-02-08 21:30
Quoting Arjuna:
මාර වීරයෙක් නේ. බීලා ගිහින් අහින්සක මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුනනම් ප්‍රතිචාර බලන්න තිබුනා. ඇල්කොහොල් 0.08 කියන්නෙ රිය පැදවීමට උපරිම තිබිය හැකි උපරිම අගයනෙ. මේ අනුවන මිනිහ වාහනය පදවන්න පටන් ගන්නකොට අගය 0.08 ට වැඩිවිය යුතුයි නේද.

ane gono
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3488

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2137

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4362

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3732

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4136

Please publish modules in offcanvas position.