lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

රුපියල් කෝටියක් සමග අහුලාගත් බෑගය අයිතිකරුට භාරදුන් ඇල්ල හත්වංගුවේ විජේසේකර

දිනය පසුගිය ඉරිදාය. මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ පියතිස්ස රූනගේ ව්‍යාපාරික කටයුත්තක් පිණිස මාතර නිවසින් පිටත් වූයේ උදෑසනිනි. ඔහුගේ ගමනාන්තය වනුයේ නුවර එළියයි. කවදත් හුරුපුරුදු සිය කැබ්රියෙන් ගමන පිටත්වූ පියතිස්සට ඇල්ල වැල්ලවාය ප්‍රදේශයට පැමිණෙත්ම සිය රථයේ වෙනසක් දැනෙන්නට විය. වෙනදා පහසුවෙන් තරණය කරන කන්ද මෙදින කැබ්රියට මහා අභියෝගයක් වූ සේය. බොනට්ටුව ඉදිරියෙන් දුම් නගින්නට වූ බැවින් රථයේ උෂ්ණත්වය නැගී ඇති බව වටහා ගන්නට පියතිස්සට හැකි විය. එබැවින් ඔහු වහාම රථය මාර්ගය අයිනට කර නතර කර ඉන් බැසගත්තේය.
පියතිස්ස රූනගේ මේ ගමන පිටත්වන විට බෑගයක්ද රැගෙන ආවේය. එහි රුපියල් කෝටියකට අධික මුදලක් තිබූ අතර, ඊට අමතරව වැදගත් ලියකියවිලි චෙක්පත් ද එහි විය.
ඒ සියල්ල මෙන්ම පියතිස්ස ආරක්ෂාවට රැගෙන යන පිස්තෝලය සහ එහි පතරොම් 25ක් පමණද බෑගයේ විය.
රථයේ ආපදාව පිළිබඳව විමසන්නට පියතිස්ස රූනගේ බිමට බසින්නේ වැඩි ආරක්ෂාවට මුදල් සහිත බෑගයද රැගෙනය. සුළු වේලාවක් තුළ රථය යථා තත්ත්වයට පත් කරගන්නට ඔහු සමත් විය. එහෙත් ඒ කටයුතු අතර තමන් අත වූ බෑගය මාර්ගය අසල ගල්‍පොත්තක තබන්නට ඔහුට සිදු විය. රථය සාදාගත් ඔහු යළි එයට ගොඩවී ගමන් ඇරඹූ අතර ගල උඩ තිබූ මුදල් බෑගය රැගෙන යෑම ඔහුට අමතක විය. තමුන් යන ගමනේ කල්පනාවෙන් ගිය ඔහුට එක්වරම යාබද අසුන දෙස බැලූ අවස්ථාවක එහි තිබූ බෑගය නොමැති බව දැකගත හැකි විය. හේ සැණින් රථයේ තිරිංග තද කර නවතා ගත්තේය. කොතෙක් කලබල වුවද හැකිතාක් සන්සුන්ව කල්පනා කළ ඔහුට මුදල් සහිත බෑගය බිම තිබූ බව සිහිවන්නට මඳ වේලාවක් ගත විය.
ඒ වන විට රථය කුඹල්වෙල ප්‍රදේශයට පැමිණ තිබුණි. ඉඩකඩ ඇති පළමු තැනින්ම කැබ්රිය හරවාගත් රූනගේ විදුලිවේගයෙන් ආපසු යන්නට විය.
රූනගේ සිය කැබ් රථය ආපදාවලට ලක් වූ රාවණා ඇල්ල ප්‍රදේශයට හැකි වේගයෙන් පැමිණියේය. රථය අලුත්වැඩියා කළ ස්ථානයේ රථය නතර කළ ඔහු සැණින් ඉන් ඉවතට පැනගත්තේය. තමුන් ගමන් මල්ල තැබූ ස්ථානයේ එය නැති බව දුටු ඔහුට ගිනි පත්තු විය.
අවට පිරික්සා බැලුවද බෑගයේ ලකුණක්වත් දැකගන්නට නැත. ලක්ෂ සිය ගණනක ආශාව ඒ මොහොතේම හිතෙන් බැහැර කරන්නට රූනගේ හිත හදාගත්තේය. ඒ සමගම ඔහුට බෑගයේ තිබූ තම ගිනි අවිය සහ පතරොම් 25 සිහියට ආවේය. මුදල් පාඩුව විඳ දරා ගැනීම වෙනම දෙයකි. චෙක්පත් ආදිය මුදල් කරගැනීම බැංකුවලට කතාකර නවතාගත හැකිය. එහෙත් එහි වූ ගිනිඅවිය එලෙස අමතක කර දැමිය හැකි නොවේ. තමාගේ නමට නිකුත් කර ඇති  ගිනි අවිය නාඳුනන පුද්ගලයකු අතට පත් වීම කොතරම් භයානකදැයි රූනගේට සිහි විය. එබැවින් ඔහු තමාට සිදුවූ මූල්‍ය පාඩුව නොව ගිනි අවිය අස්ථාන ගතවීමෙන් සිදු විය හැකි අගතිය සිතා  පිම්මේ ඇල්ල ‍පොලීසියට රථය පැදවූයේය.
රූනගේ සිය බෑගය පිළිබඳ පැමිණිල්ල ‍පොලීසියට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇල්ල ‍පොලිස් ස්ථානාධිපති එල්.සී.එන්. කරුණාරත්න රාජකාරි කටයුත්තකට බැහැර ගොසිනි. ‍පොලිස් නිලධාරීන් වහාම ගමන් කථනවලින් ස්ථානාධිපතිවරයා කොහේදැයි සොයා බැලූ අතර ඒ වනවිටත් ඔහු සිටියේ රාවණා ඇල්ල ආසන්නයේය.
බෑගය අමතකව ගිය වේලාව සහ රූනගේ යළි පැමිණි වේලාව සලකා බැලූ ‍පොලිස් ස්ථානාධිපතිවරයාට මෙය ඉතා සුළු මොහොතකින් සිදුව ඇති දෙයක් බව වටහාගත හැකි විය. එමෙන්ම බෑගය ගත් තැනැත්තා පාගමනින් මාර්ගයේ ගිය අයෙකු බවද ඔහු වටහා ගත්තේය. මන්ද යත් වාහනයක ගිය කෙනෙකුට බෑගය තිබූ තැන එක වරම දැකගත නොහැකි බැවිනි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඇල්ල ‍පොලීසිය ප්‍රදේශයේ ගමන් ගත් පුද්ගලයන් පිළිබඳ සිය බුද්ධි නිලධාරීන් යොදවා සොයා බලන්නට විය. රූනගේ පවසන ආකාරයේ බෑගයක් රැගෙන ඇල්ල හත්වංගුව ප්‍රදේශයේ විජේසේකර නමැත්තා සිය නිවස දෙසට ගිය බව ඒ අනුව සොයාගන්නට ‍පොලිස් නිලධාරීන්ට හැකි විය.
ඊළඟ ඇසිල්‍ලේ ඇල්ල ‍පොලිස් නිලධාරීන් හත්වංගුවේ ඩී.එම්. විජේසේකර සොයාගත්තේය. ‍පොලිස් ස්ථානාධිපතිවරයාට තමා අහුලාගත් බෑගය ඩී.එම්. විජේසේකර එම අවස්ථාවේම ‍පොලීසියට භාර දෙන ලදී. ඔහු එම බෑගය රැගෙන ආවේ අයිතිකරු සොයා භාරදීමට බව ඒ අවස්ථාවේ පවසා ඇත. සත්‍ය වශයෙන්ම විජේසේකර මහතා බෑගය සඟවන්නට තබා විවෘත කරන්නටවත් උත්සාහ කර නැත. ඔහු වංක ච්ෙතනාවෙන් බෑගය ගෙන ආවේ නම් එහි මුදල් ගෙන බෑගය ඉවතලන්නට හැකියාව තිබුණි.
බෑගය භාරගත් රූනගේ මහතා එය විවෘත කර කිසිත් අඩු නැති බව සනාථ කළ අතර විජේසේකර මහතාගේ අවංකභාවය අගයන්නට ත්‍යාගයක් පවා ප්‍රදානය කළ බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. සුළු මුදලකට පවා වංචා කරන මෙවන් කාලයක විජේසේකර වැන්නවුන් සමාජයට දෙන්නේ මහඟු ආදර්ශයක් නොවන්නේද..?

සුලක්ෂ පියතිස්ස

Comments  

+21 #1 Dishantha 2017-01-23 01:35
kindly send mr. wijesekera's contact number I want to send him a small gift.
Quote
-7 #2 sam 2017-01-23 09:33
hey, are gave him anything? if not ur mother fucker
Quote
+5 #3 arschfikaa 2017-01-23 19:18
meyaa sinhala minihek nisaa begaya newatha
aran dunnaa,muslim mudalaalikenekuge ekaknam,mun aaya denneth netha,minihawath
marala rawana ellatama visikkorala etha.
Quote
+4 #4 father of arschfikaa 2017-01-23 20:03
To my bastard son arschfikaa - Your mother was a very kind woman. She was kind to all the Muslim men but I was the only Sinhala man she loved. When she was married I had this affair but then, when you were born, I realized that you may by my illegitimate kid. Although you were raised as a Muslim, remember you are a Sinhalese. Don't be an extremist Jihadi. Don't hate Sinihalese. Your mother's true love was me, a Sinhalese.
Quote
+4 #5 sumith 2017-01-24 14:20
aththatama agaya kala youthui mewan minisun sitima sathutk
Quote
-3 #6 Amila 2017-01-26 09:09
Ella Hath Wanguwe Vijedasa Modaya
Quote
+3 #7 Fern 2017-02-06 02:19
Niyama minihk
Quote
0 #8 Fern 2017-02-06 02:19
Ele
Quote
0 #9 Janatha anura 2017-02-13 21:54
meya harima kammali malla gedar gihin thibba budiya gaththa etharam kammali
Quote
0 #10 wijesekara 2017-02-15 21:26
tgahgi epoo malla lihala balanna bari una nova man hithuwe nikam mallak vithara kiyala man harakek nove mahansiyata ninda giya polosiyen ava kehel mal malla mama apahu dunna
Quote
0 #11 wijesekara 2017-02-15 21:28
chah mage kammali kamaka mahatha malla athatama hamba velath lihala balanna bari una
Quote
0 #12 jeny.perera 2017-02-16 15:12
hoda kriyawak eth kelinma polysiyata dunnanm etath wada hoda kriyawak aithi karayai polysiyai gedaratama enakam hitiya ekai warada.miniha baya wenna athi.pitholeta.tikak thiyala balan ennawa kiyala hithannath athi ,kamak ne aye nethiuna kenatama dunnane,
Quote
0 #13 Sophie 2017-02-22 16:40
You guys are so rude....accept what he did.......you guys are just jealous and guilty about it.....showoffs.....
Quote
0 #14 Sophie 2017-02-22 16:51
If you think this is funny....it's not....cause if someone stole your bag of money.....you would expect them to steal all your belongings.....yes???? GUYS!!!! How are we going to go higher if we are people who are corrupted and lame like you????
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 401

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 801

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1247

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 734

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 703

Please publish modules in offcanvas position.