lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස සිය උපාධි සහතිකය ලබා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධි ප්‍රධානෝත්සවයේදීය.
මොහු මේ වන විට සිය දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්ද ඉදිරිපත් කර ඇත.
බි.ඒ. ලක්මිණී බමුණුසිංහ නම් මෙම රැඳවූවා ශ්‍රී ලංකා ‍පොලීසියේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ නියුතුව සිටි 2012 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ලියාපදිංචිව  ඇත.  මොහුට මරණීය දණ්ඩනය නියම කෙරුණ නඩුවට අදාළව බන්ධනාගාරගතවන විටත් පළමු වර්ෂයට අදාළ විභාග සම්පූර්ණ කර සිට ඇත. බන්ධනාගාරගත වීමෙන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය ඇතිව මොහුට දෙවන වසරේ හා තුන්වන වසරේ දේශනවලට සහභාගි වීමේ අවස්ථාව සලසා ඇති අතර සිරකුටිය තුළදී තනිවම අධ්‍යයන කටයුතුවල නිරතව උපාධිය සමත්වී ඇත.
උපාධි ප්‍රදානොත්සවය පැවැත්වෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් දැනුම්දීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගේ මැදිහත්වීමෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව අද දිනයේ පැවැත්වෙන උපාධි ප්‍රධානෝත්සවයට සහභාගි වීමේ අවස්ථාව මෙම රැඳවූවාට උදාකර දී ඇත.
බන්ධනාගාරගත වීම සමස්ත ජීවිතයේම කඩාවැටීමක් නොවන බව මෙමගින් පැහැදිලි කෙරෙන බවත් රැඳවූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැකි අයුරින් දායක වන බවත් වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායන මහතා සඳහන් කරයි.

රන්මලී සෝමසිරි

Comments  

0 #1 arschfikaa 2017-01-23 18:56
me mineemaruwaage photo eka thaama ei mema
pituwen ayinkeruwe neththe?moowa ellalaa den
ivarada?bohoma santhosai.
Quote
0 #2 Wanghung 2017-01-24 06:28
habayi mineemaru penumak eyata thibenawa.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 6547

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1068

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 3359

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2370

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2817

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3966

Please publish modules in offcanvas position.