lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ විපස්සි හිමි

දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි. සතවර්ෂ 26 වැනි දීර්ඝකාලයකට පෙර ආරම්භ වූ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට අතිශය හේතුවන සංඝරත්නයේ ප්‍රාරම්භක අවස්ථාව සාමණේර අවධියයි. එහිලා බෞද්ධ ජනතා විඥානයේ ‍ලේ මස් නහර ඇට, ඇට මිදුලු දක්වා කා වැදී ඇති භික්ෂුන් වහන්සේ විෂයෙහි අතිශය ගෞරවනීය පූජනීය වන්දනීය භාවය පරපුරෙන් පරපුරට අඛණ්ඩව මේ දක්වා පවතියි. එකී ඓතිහාසික ලාංකේය ජන විඥානයේ කිදා බැසගත් පූජනීය චරිතය පටු වපසරියක සිට උඩින් පල්ලෙන් අතගා සමස්තය උපහාසයට ලක් කිරීමක් සිඳු ටෙලිනාට්‍යයෙන් සිදුවෙයි. මෙය සාහසික ක්‍රියාවක් වශයෙන් අප හඳුන්වන්නේ සාහිත්‍ය මූලධර්මයන්හි උගන්වන විරෝධී කාව්‍ය දෝෂය මත පිහිටාය. සිඳු එංගලන්තයේ උපන් දරුවෙක් ඔහු ලංකාවට පැමිණි මොහොතේ පැහැර ගනියි. පැහැරගත් අය ඔහු රැගෙන යන්නේ රජරට ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයකටය.
ගැමි අපූරු සංස්කෘතියකට  නෑකම් කියන මේ ප්‍රදේශයේ පිහිටි පන්සලක වෙසෙන සාමණේර භික්ෂුව ඔහුට හමුවෙයි. මේ ඔස්සේ  මෙම ටෙලිනාට්‍ය විකාශය වේ. මේ පිළිබඳව පුවත් පතක පළ වූ ලිපියක ‘ ලොකු හාමුදුරුවන්ගේ දර දඬු පාලනය මත වැඩෙන ‍පොඩි හාමුදුරුවන්ගේ තනි නොතනියට සිටින්නේ ඇබිත්ත, මාමාත්. සරණ නම් වූ පුසාත් පමණයි. සරණ සමග කෙළි දෙලෙන් පසුවන ‍පොඩි හාමුදුරුවන්ට සිඳු මුණ ගැසෙන්නේ අහම්බෙනි’ යනුවෙන් සඳහන් වෙයි. මේ හැඳින්වීම සමග භික්ෂු චරිතයට මරු පහරක් ගසන අයුරු ටෙලි නාට්‍යයෙන් පෙනෙයි.
මෙහි තේමා ගීය රචනා කරන්නේද නිෂ්පාදන ජනක සිරිවර්ධනයි. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා යටතේ ශික්ෂණය ලබන සාමණේර භික්ෂුවක් පිළිබඳ මෙම කලාකරුවා බලන්නේ අතිශය පටු මාවතක සිටය. එය නිදසුනක් වශයෙන් ‘දෙන්නා දෙතැනක තියා ගෙන පවන් හලනවද අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද’ පෙන්වා දිය හැක. ළමයෙක් පැවිදි වූ විට ගුරු හාමුදුරුවරු ආදරයෙන් කරුණාවෙන් ආරක්ෂා කරති. ඇතැම් අවස්ථාවකදී දක්වන දුර්වලතාව සමස්ත භික්ෂු ශාසනය කෙරෙහි විවරණය කිරීම සාවද්‍යය. සරලව පැවැසුවොත් අපවත් වු ස්වාමින්වහන්සේලා නොව  නූතනයේ වැඩ සිටිනා විශිෂ්ට සේවාවක යෙදෙන ස්වාමීන්වහන්සේලා කීප නමක් වුවද  සිතා උන්වහන්සේලාගේ කුඩා අවධිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් මේ බව පැහැදිලිය. දරුවන් දෙස හෙලනා දෘෂ්ටියෙන් සාමණේර චරිතය විවරණය කිරීම වැරදිය. සෝරත චරිතය  රඟ දක්වන  දරුවා ලවා ශාසන විනාශයේ අපචාර ක්‍රියාවක යෙදීම සාධාරණදැයි මේ ටෙලිනාට්‍ය නිෂ්පාදකයන්ගෙන් විමසිය යුතුය. හුදෙක් මෙම ටෙලිනාට්‍යයේදී සිදු වන්නේ දරුවා අපචාරයේ යෙදවීමකි.

(සංවාදයට විවෘතයි)

Comments  

+1 #1 tikiri banda 2017-01-20 23:14
මලී 1,මලී 2 "ආත්තම්මා",මලී 3 "සිදූ" කියන්නේ ලංකාවේ බිහි වුන අති දැවැන්ත ටෙලි නිර්මාණයන් 3 නක්.නිර්මාණකරු වන තිලින බොරලැස්ස කියන්නේ සුපිරිම නිර්මාණ කරුවෙක්.විශාල දැනුම් සම්බාරයක් තිබෙන කෙනෙකුට පමණයි මෙවැනි නිර්මාණ කරන්න පුළුවන්.ඒ වගේම "වේද නෝනගේ" චරිතය,"මලීගේ" චරිතය සුපිරියටම කරනවා.දෙරණට ගොඩක් ඉස්තුත්යි මෙවැනි නිර්මාණ සදහා දායකත්වය ලබා දීම ගැන..එත් මේ මලී කොටස් බොහොමයක් පිටරටවල ඉන්න අපිට බලන්න විදිහක් නැහැ.මලී ටෙලි නාට්ය තුලින් අපේ මනස නැවත අපේ ගම්බද පරිසරයට රැගෙන යනවා.මෙවැනි නිර්මාණ කවදාවත් පරණ වෙන්නේ නැහැ.අපේ අනාගත දරුවන්ටත් බලන්න මේ කොටස් සියල්ලම "යු ටියුබ්" එකට දාන්න. මලී ටෙලි නිර්මාණය (Remastered) කරලා අලුත් පිටපතක් වශයෙන් අනාගතයට බාර කරන්න කැප වුනTV Derana සියලුම දෙනාට ගොඩාක් ඉස්තුති වන්ත වෙනවා. “අත්තම්මා” මුල කොටස් ටික බලන්න විදිහක් නැහැ.තියෙනවනම්(Remastered) කරලා අලුත් පිටපතක් වශයෙන් අනාගතයට බාර කරන්න.පින් සිද්ද වෙනවා.
Quote
-2 #2 amarasiri priyankara 2017-01-22 20:22
මාධ්‍ය ලියන මොංගල් කතා විචාර බුද්ධියක් නැත.ඒ වගේම මෙය ලියා ඇති මාධ්‍යය වේදියා ගැන කිසිම නමක් නැත.
මේ වාගේම සතුන් ව ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වලට චරිත පනපොවන බොළඳ කතාද ලියැවී ඇත.
//එසේම,''සිදු නාට්‍යයේ සරණගේ චරිතය රඟපෑමක් ද මවා පෑමක් ද ?'' යන්නෙන් ලියා ආදේශ කොට ඇති පුහු විචාරය ද මේ හා සමානය.//
Quote
0 #3 සඳරුවන් 2017-01-24 10:55
නාට්‍යයක එන චරිතයක් පිලිබඳ මෙවැනි විචාර කරන සමාජයක් පිලිබඳ ගෞරවයත් සමඟ පිළිකුලක් ඇතිවේ. ගෞරවයක් ඇති වෙන්නේ නාට්‍යක් පිළිබඳව හෝ විචාරයක් කිරීමට කුරුන් හෝ උත්සාහ ගැනීමයි. පිළිකුල වන්නේ සමාජයේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් පිලිබඳ හෝ ප්‍රකාශ පිලිබඳ හෝ මෙවැනි විචාරයක් කිරීමට භික්ෂුන් වහන්සේලාට හෝ බෞද්ධ අපිට නොහැකි වීමයි. මෙවැනි චරිතයකින් භික්ෂුන්ට වන අපචාරයට පෙර භික්ෂුන් විසින් කරන යම් සමජවිරෝදී සහ අපචාරයන් පිලිබඳ සොයා බලා කටයුතු කල යුතු ය. එය භික්ෂුන් වහන්සේලාටම අයිති කාරණයක් බැවින් ඒ පිලිබඳ මිට වඩා කතා කල යුතු නැත. කෙසේ වෙතත් සියලු දෙවි මිනිසුන් වෙනුවෙන් සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් බුදු හිමි දෙසු දහම අද නිකායන්ට බෙදී ඇති ආකාරය ගැන ඇත්තේ පිළිකුලකි. කුලයන් වෙනුවෙන් ගහ මමරා ගන්නා හිමිවරු ද අද සමාජයේ සිටිති. මෙවැනි දෙ දැක දැක අස්, කන් පියා සිටින බොහෝ දෙනා (භික්ෂුන් වහන්සේලා ඇතුළුව) සාසනය අපචාරයේ යොදවා හමාරය. බුදු දහම රැක ගන්න අවංකව භික්ෂු ශාසනය ගැන සිතා සංගායනාවක් පවත්වා යථාර්ථ ලෝකයේ බුදු සසුනේ ආරක්ෂාවත් භික්ෂුන්ගේ ගරුත්වයත් ස්ථාපිත කලයුතුය.
Quote
+3 #4 Ekanayaka 2017-01-24 20:36
u ටෙලි නාට්‍ය තුලින් ලබන ආස්වාදය වගේම ආදර්ශය උතුම් ඉතා මත් කුඩා වියේදී පවිදිබවට පත්වෙන පොඩි හිමිවරුන්ගේ ආකල්ප සහ හැසිරීම් අපි දැක ඇති අතර අත්විදීමට ද ලැබුණි මෙම චරිතය තුලින් කිසිම අගෞරවයක් හෝ අපහාසයක් වී නැත ඉදිරියේදී සෝරත හිමියන් කරන සේවය හා නායක හිමියන් ගේ කැපවී ම අගනේය, බොරු මාද්‍ය සන්දර්සන නැවත හරි දෙය අගයන්න පුරුදු පුහුණු වීම අගනේය, මීට වැඩ හබ ජීවිතයේ පොඩි හිමිවරු නායක හිමිවරු කරන නිගවන් මීට වැඩ වැඩිබව හිතනන
Quote
+4 #5 Asantha 2017-01-25 21:35
ඉංදියානු මෙගා ටෙලිනාට්‍ය නැරබිමෙදී නම් සිදු වන්නේ දරුවා අපචාරයේ යෙදවීමකියි නිවැරදිව කිවහැකියි.
පුදුමය නම් මෙම ලියුම් කරැට ඒ බව නොපෙනීමයි.
මෙය ලිවිමට මා ප්‍රමාද සංවාදයට විවෘත වුවත් මෙවැනි අනුවනයින් හට පිලිතුරැ දීමද පල රහිත යැයි හැගුන නිසයි.
Quote
+3 #6 dasun 2017-01-25 23:14
Ane ithin pansalwala sidda wena eththa dewal natyaka pennant bane. podi laminwa mahana karawala pansal wala tiyenge lingika katayuthu walata yoda ganna eka tama ada lankawe godakma wenne
Quote
-1 #7 supun 2017-01-30 12:33
Ada kale hema kathawakatama Bikshun wahansela athulu karala Shasanaya kanawa....
karunakarala meka nawaththanna....
Quote
0 #8 jeny.perera 2017-02-16 15:48
mehi kisi waradak penne ne ethama sanwegi podi hamuduruwo hemogema wage daruwange sith pawa suwapath wena hari weradi penna dena punchi namak wagei katath penne harima adarshamath rate hamuduruwaru karana nuu guna weda diha baladdi mehema nayaka hamuduru namak wapara asin mey nattya diha beleema sudusu ne mage hegeemai mey,
Quote
0 #9 nilu 2017-02-18 05:54
me hamuduruwane, kiyawanna deyak nathnm kata wahagena inna. soratha hamudurwo karanne kathawakata ragapemak witharayi. siwura dagena inna kotiyak sanwara seelaya rakinna awa ape smahara hamuduruwaru sasanayata, ape agamata karana akapa dewal nawaththala hitiya nam thama hoda. hamuduruwanta irisiyawak athiwunada me podi hamuduruwo mulu rate nwa mulu lokayema adarayata pathwela thiyenawata.
Quote
0 #10 Shehani 2017-02-18 21:02
Excellent film. Thank you. The truth is shown.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

පුංචි දියණියගේ ජීවිතය බේරා ගන්න මහ මග ටිකට් විකුණන...

IMAGE 2017 Feb 20 15:58
පුංචි තෙසංගා මේ වෙද්දී ඉන්නේ දැඩි ජීවිත අවදානම් තත්ත්වයක. ඇගේ අහිංසක සුරතල් ජීවිතය රැඳිල...
Views - 1372

සුදුසු කෙනෙක් ලැබුණොත් බඳිනවා - රන්ජන්

IMAGE 2017 Feb 20 09:45
අද වන විට අප රටේ ප්‍රබලතම දේශපාලන භූමිකාවක් ද හොබවන ජනකාන්ත නළු රන්ජන් රාමනායක මනාලයකු...
Views - 4934

නැගණිය සිනමාවට ගේන්න නිෂ්පාදිකාවක් වීමට සැරසෙන...

IMAGE 2017 Feb 19 21:53
තම නැගණිය ඉසබෙල් බොලිවුඩ් තරුවක් කිරීමට බලා‍පොරොත්තුවෙන් සිටින සුපිරි නිළි කැට්‍රිනා...
Views - 1722

ඇමැති කාර්යාලයේ බිත්තියේ තිබූ චිත්‍රය නිසා චිත්‍රපටයේ...

IMAGE 2017 Feb 19 21:46
අතීතයේ මෙරට නිපද වූ සූරයා වර්ගයේ චිත්‍රපට අතර සූරයන්ගෙත් සූරයා එදත් සූරයා, අදත් සූරයා, සූරයා...
Views - 1931

අපි දෙන්නා ගැන අනාගතය තීරණයක් ගනීවි

IMAGE 2017 Feb 19 15:03
එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ, අතුල, සමිතා, යුවළගේ දියණිය කවීන්ද්‍යා අධිකාරීත් නුවන්...
Views - 4911

වඩාත්ම දුක් වූ දවස මාධ්‍යයට කියන්න බැහැ

IMAGE 2017 Feb 19 14:47
සතුටයි දුකයි කියන හැඟීම් උපේක්ෂා නිර්වචනය කරන්නේ කෙසේද? කෙටියෙන් නිර්වචනය කරන්න අමාරුයි. අපේ...
Views - 2342

Please publish modules in offcanvas position.